මාතර කතරගම පාරේ දික්වැල්ලේ අධික වාහන තදබදයක් පවතී කතරගම පැත්තට යාමටවත් කතරගම සිට මාතර දෙසට ඒමටවත් නොහැකිව පැය දෙකක් තිස්සේ හිරවී සිටින බව රජයේ නිලධරයෙක් දුරකථනයෙන් කීවේය. වැව්රුකන්නල පන්සලේ පෙරහැර ත් බතීගම විහාරස්ථානයේ පෙරහැරත් වීථි සංචාරය කිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම අතරමඟ තුන්වන ලෝකයේ ආශ්චර්යය! (නි)
මීට වඩා මේ ගැන දැනුවත්ව කටයුතු කරන්න තිබුණා (නි)
මේ විධියේ පෙරහැරවල් මාළාවක් පන්නිපිටියේ ප්‍රසිද්ධ පන්සලකින් කරනවා. හරියටම රස්සාවල් කරලා මිනිස්සු ගෙදර යන වෙලාවට පාර වහගෙන. මිනිස්සුන්ට කරදර වෙන විධියට ආගමික දේවල් නොකරන්න බලනවා නම් ඒක ආගමට කරන ගෞරවයක් නේද? (ස)
අනුන්ට හිරිහැර කරලා කරන මේ වගේ පෙරහැර වලින් ලැබෙන පින මොකක්ද කියල අපිට කියල දෙන්න පුළුවනි නම්! (ස)
මෙවන් කටයුතු සංවිධානය කිරීමේදී විශේෂයෙන්ම මාර්ග අවහිරතා ගැන සැළකිළිමත් වියයුතුයි (නි)
කෙනෙක් ගමනක් යන්න එළියට බහින්නේ පැය දෙක තුනක් එක තැන වාහන වල හිරවෙලා ඉන්න නෙමෙයි. අලියෙක් ගැහුවත්,අලි ගෙවල් වලට පැන්නත්,කුඹුරට වතුර නැති වුණත්, අතුරු පාරේ වළවල් තිබුනත් ආදී මෙකි නොකී බොහෝ සිදුවීම් වලදී කට්ටිය දඩුවම් දෙන්නේ මහා මාර්ගය භාවිත කරන මගී ජනතාවට.මේ කටයුතු සංවිධානය කරන්නන් හිතාමතා කටයුතු කළොත් වඩා සුදුසුයි කියලා හිතනවා (නි)
පෙර වතාවල අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන වැඩ කරනවා නම් කරදර අඩුකරගන්න පුලුවන්. පෙරහරත් කරලා කාටවත් කරදරයක් නොවෙන්නත් වගබලාගන්න ඕනෑ (නි)
මෙහි වරද රථවාහන පොලිසියේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
පෙරහරක් කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. හැබැයි ඒ කාර්යය නිවැරදිව සංවිධානය කළ යුතුයි (නි)
බත්තරමුල්ල, මාලබේ පැත්තේ ඉඳලා කොටුවට හැමදාම උදේට වැඩට යන්න වුණා නම් මේ අයට තේරෙයි තියෙන අමාරුව (නි)
මිනිස්සු රස්තියාදු නොකර මේ කාර්යය කළා නම් නේද හොඳ (නි)
මේක පෙරහැරේ වරදක් නොවේ. පොලීසිය හා සංවිධායක මණඩලය මෙය තවත් හොඳින් සැළසුම් කළ යුතුයි. (ස)
මේක අවුරුද්දේ එක සැරයක් නිසා ඉවසමුකෝ. නමුත් කඩවත සිට කිරිබත්ගොඩ දක්වා හැම දාම තිබෙන වාහන තද බදය කාට කියන්නද? එම දුර රෑට හෝ දවල් ට එන්න පැය දෙකක් වත් යනවා. (ස)
ජනතාවට හිරිහැර වන ලෙස පවත්වන මෙවැනි පෙරහැරකින් කිසිදා යහපතක් සිදු නොවේ, ජනතාව බුදු දහමින් ඈත් කරන මෙවැනි ක්‍රියා ගැන තවදුරටක් සිතා බලන්න. (ස)
ආගමට ඇති භක්තියයි එම නිසා මිනිස්සුන්ට හිරිහැර කිරිමයි හරියට වටහා ගැනීමට අපෙ මිනිස්සුන්ට තවම නොහැකි වී ඇත. සමහර පන්සල් පින් කම් කරන්නෙ අර දේශපාලකයන් රැස්විම් තියනවා වගේ අනුන්ට කරදර කිරිමටයි. මේ දිනවල දන්සැල් දැක්කාම සමහරු ජිවිතේට කැමක් නොදැකපු අය වගේ, පාර මැද වාහනය දාලා පාරට දුවන්නේ. මෙවායින් අපේ නිර්මල බුදු දහමට අගෞරවයක් මිසක් සෙතක් නම් සිදු නොවේ. (ස)
වැඩක සැලසුමක් නැති වුනාම ලැබෙන ප්‍රතිඵලය ඹ්ක තමයි.(ස)
පෙරහරත් කල යුතුයි. ඒත් පැය ගණන් වාහනවල ඉඳගෙන ඉන්න එකත් පහසු නැහැ. අඩු ගානේ පාරේ එක පැත්තකින් හරි වාහන කාණ්ඩ වශයෙන් යවන්න පිළිවෙලක් හදන්න.හදිසි රෝගීන්,කුඩා දරුවන්, වයසක උදවිය මේ වාහන වල ඇති. එම පිරිසගේ අපහසුව ගැනත් හිතන්න. (අ)
ඔතන හදිසි ගමන් යන කීදෙනෙක් ඇද්ද? (නි)
නමුත් ඔවුන් මේ කැපවීම කරන්නේ පෙරහැරක් වෙනුවෙන් නිසා ඉවසාගෙන සිටින්න යැයි මම ඉල්ලා සිටිනවා (නි)