(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොරොත්තු ලේඛනයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙලක්ෂ තිස් අටදහස් හයසිය හතළිස් දෙනෙකුට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2000 මාසික දීමනාව ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (04) පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඉදිරි අයවැයෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන බවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හාර ලක්ෂ දහසය දහසකට වැඩි සංඛ්‍යාවක් එම දීමනාව දැනට ලබන බවත් ඇය සඳහන් කළාය.
දීමනාවෙන් රුපියල් 100 ක මුදලක් රඳවා තබා ගන්නේ වැඩිහිටි නිවාසවල අඩු පාඩු සම්පූර්ණ කිරීමට බව රාජ්‍ය අමාත්‍යවරියගේ ආරාධනයෙන් මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා කීවේය.
වැඩිහිටි ජාතික සංවිධාන එකමුතුවේ ඉල්ලීම මත එම මුදල රඳවා තබා ගැනීමට මීට ඉහතදී තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙටු පුරවැසියන් තවත් ලක්ෂ 2කට රුපියල් දෙදහසේ මාසික දීමනාව
කස්සප Wednesday, 04 August 2021 12:49 PM
ත්‍රීරෝද රථයක ගිහින් බෙහෙත් ටික ගත්තම ඒකෙන් බාගයක් අහවරයි. ඉතුරු 1000 න් මාසයක් ජීවත්වීමට පුළුවන්ද? අරුම පුදුම විදිහට වැඩිහිටියන්ට සලකන රටක් මේක දැන්
ramya Friday, 06 August 2021 12:07 PM
මේ වයසක අයගෙන් ගොඩක් දෙනෙක්ට එයාලාගේ දරුවන් හරි, වෙන එයාලාව බලන නෑදෑයන් ඉන්න අය හරි හරියට සලකනවා නම් ඒ අයට රජයේ දීමනා එනතුරු බලන් ඉන්න ඕනෑ නැහැ නේද? දරුවන් හෝ වෙන කවුරුත් නැති අයට නම් රජයේ පිළිසරණ අවශ්‍යයි. ඒ වුණාට ඔබ සිතන විදිහට හැම දෙයම රජයෙන් නිකම් දෙනකම් සිටිමයි මෙතන වැරැද්ද... අපි දන්නා තැනක දරුවන් හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම රැකියා කරනවා. දුවලා දෙන්නෙක්ම අවිවාහකයි රැකියා කරනවා. ඉන් එක් දුවෙක් රජයේ රැකියාවක් කරලා සෑහෙන හොඳ වැටුපක් ගන්නවා මූලික පඩිය රුපියල් 50000 කට වැඩියි. ඒ ගෙදර තාත්තා මිය ගියේ 2020 වසරේදී. ඒ වනතුරුම තාත්තා දෙටු පුරවැසි දීමනාව ගත්තා. ඒ ගෙදරට ඇත්තම කියනවා නම් ඒ දීමනාව අවශ්‍ය නැහැ. ඒ වුණත් දන්නා කෙනෙකුගේ මාර්ගයෙන් හදාගෙන... ඒ තාත්තාගේ සහෝදරියක් ඉන්නවා. සැමියා මියගොස් ආදායමක් නැහැ. අනික් සහෝදරියක් සහ ඥාති පුතුන්, දියණියන් දෙතුන් දෙනෙක්ගේ උදව්වෙන් ජීවත්වෙන්නේ. එයාට අදවත් ඔය දීමනාව නැහැ. ග්‍රාම නිලධාරිනියට එයාව සුදුසු මදි. ඒ වගේම අර සල්ලි තිබෙන සහෝදරයාගේ ගෙදරින් මුකුත් උදව් නැහැ. ඒ නිසා රජයට විතරක් බැනලා හරි නැහැ. ඕවා හොර පාරෙන් ගන්නා අය නිසා තමයි නියම දුප්පතුන්ට තට්ටු වෙන්නේ...