IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දඩ වැඩි වෙයි

(අංජුල මහික වීරරත්න)

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ  දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස 2023-11-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය  ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.



අදහස් (4)

දඩ වැඩි වෙයි

අරවින්ද මොනරවිල Tuesday, 16 July 2024 03:58 PM

ඡන්දයට විදුලිය, ඉන්ධන හා ගෑස් මිල අඩු කරලා ඒකෙන් ආර්ථිකයට වෙන අවාසිය වහගන්න දඩ මුදල් වැඩි කරන්න උත්සාහ කරන බවක් තමයි පෙනෙන්නේ. ඊට වැඩිය එහා ගිය ආර්ථික දැක්මක් හො වැඩපිළිවෙලක් රනිල් රාජපක්ෂ බංකොලොත් ආණ්ඩුවට නැහැ.

:       0       0

මුදළිහාමි Tuesday, 16 July 2024 04:21 PM

ඔය පනත් හදනකොට මුදලේ අගය වෙනස්වීම අනුව දඩමුදල් වැඩිවෙන ආකාරයට හැදුවා නම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ. ඒ නිසා දැන්වත් වරින්වර සංශෝධන ඇතිකිරීමට අවශ්‍ය නොවන ආකාරයට නීති කෙටුම්පත් කළොත් ඉතාමත් හොඳයි... සත්‍ය තත්වයක් නොවුණත් උදාහරණයක් හැටියට ගතහොත් සිළුමිණ පත්‍රය ආරම්භ කාලයේ රුපියල් 3000/= අඩුවෙන් කාරයක් ගන්න හැකියාව තිබිලා තියෙනවා.. ඉතින් ඒ කාලයේ රුපියල් 50/= දඩයක් වුණත් ලොකු මුදලක් තමයි පනතේ නියමිත දඩය රුපියල් 50/= කියලා දැන් කාලයේ නියම කළොත් ගැලපීමක් නැහැ.. ඒ නිසා තමයි මුදල් වටිනාකම වෙනස්වීම අනුව දඩයක් නියම කරන්න හැකියාව ඇතිවෙන ආකාරයට පනත සංශෝධනය වෙනවා නම් හොඳයි කියන්නේ...

:       0       0

Kamal Koyrala Tuesday, 16 July 2024 05:10 PM

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත පමණක් නොවේ සියලුම දඩ මුදල් වැඩි කළ යුතුයි

:       0       0

kotiya Thursday, 18 July 2024 12:04 AM

මොණරවිල වැනි මෝඩ මුදළිහාමි වැනි අය සිටින බව දකින්නට හැකිවීම සැබවින්ම භාග්‍යකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3783 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2768 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3551 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3255 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 722 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1409 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36123 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24135 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site