නවගත්තේගම පාසල් ගුරුවරියක දණ ගැස්වූ බව කියන ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රීට එරෙහිව ඇගේ ස්වාමියා නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම ගුරුවරියගේ නිවස අසළ ඡන්ද රැස්වීමකදී තර්ජනය කළැයි ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.
නවගත්තේගම පාසල් ගුරුවරියක දණ ගැස්වූ බව කියන ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රීට එරෙහිව ඇගේ ස්වාමියා නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම ගුරුවරියගේ නිවස අසළ ඡන්ද රැස්වීමකදී තර්ජනය කළැයි ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුතුමියට සාදාරණයක් ඉටුවෙන පාටක් නැහැ. අපේ ගුරු සංගමය එකතු වෙලා මෙයට හොද තීරණයක් ගන්න.(නදී)
රට කොහාටද යන්නේ? (නදී)
මේ වගේ දේශපාලුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුය. (නදී)
මෙයාට නාම යෝජනා බාරදෙන්න ඉඩදීලා කලේ වරදක්. නැවත මෙයාට ඡන්දයක් දීම මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයටම කරන අගෞරවයක්. ඔබේ වටින ඡන්දය රටේ අභාග්‍යයකට කරුණක් කරගන්න එපා. එම ශාපය ඔබට ඔබේ දරුවන්ට බලපෑ හැකිය! (නි)
ගුරුතුමියට මාරුවක් දීල මන්ත්‍රීතුමාට නාමයෝජනා දීලා සාදාරණය ඉෂ්ට කලා. ප්‍රශ්නේ විසදුනා.(නදී)
මෙයාට යන්න ලෝකයක් තියෙයිද ?(නදී)
මම මේ කියන්නේ ගුරුතුමියගේ මහත්තයට. දුරකතනය ලගටම වෙලා ඉන්න, සාධාරනය ඉටුකරනවා කියල එන ඊලග ඇමතුම ඔයාට. (නදී)
නවගත්තේගම කියන්නේ ගොඩක් දුෂ්කර ප්‍රදේශයක්.මේ මිනිස්සු සුළු සුළු වාසි වලට රැවටිලා ජන්ද දෙනවා.ඇත්තම කියනවා නම් මෙයාටත් ජන්දේ දෙන්න ඕනෑ තරම් මිනිස්සු නවගත්තේගම ඉන්නවා. (නි)
අප්පමාදෝ අමතපදන් කියලා බුදුන් දේශනා කලෙත් ඔය නිසයි. හෙට අනිද්දට තවත් නාඩගමක් නටනවාමයි අපේක්ෂකත්වය ලැබුනොත්. නොලැබී මෙහෙම නම් ලැබුනාම කොහොම තියේවිද. (නි)
ලබන මැතිවරණයේදීත් මේ වගේ අය දිනවීමට දේශපාලන පක්ෂ වලට වහල් වූ ඡන්ද දායකයනට හැකි වේවා! රජයේ ප්‍රධානතම ඇමතිවරයෙක් විසින් 'වරදක් කලහොත් රජයේ සේවකයෙකුට නම් දඩුවම් කළ හැකි බවත්, එහෙත් ඡන්ද බලයක් ඇති දුෂකයන්ට දඩුවම් කළ නොහැකි බවත්' ප්‍රකාශ කර තිබුනා මතකයි (නි)
සෙන්සා, අනවශ්‍ය කතා කියන්න එපා (නි)
මෙයා දිනනවා මයි. ඒ නිසා ගුරුතුමිය රට ගැන හිතලා වැඩක් නැහැ.ඔබතුමිය පිටරටින් හරි ආරක්ෂාව ඉල්ලන්න. වෙන කරන්න දෙයක් නැහැ. (නි)
ගුරුතුමියනි, ඔබට සාදාරණයක් ඉටුවෙන පාටක් නැහැ. ඔබට යම් විපතක් කළොත් ඒ දේ කළාට පස්සේ බලලා වැඩක් නැහැ. ඒ නිසා ඔය ප්‍රදේශයෙන් ඉක්මනින් ඈත් වුනොත් හොදයි. (නදී)
උපාලි ඔයාගේ කතාව හරියටම හරි.(නදී)
උපාලි, මනා අවබෝදයක් ඇති පුද්ගලයෙකි ඔබ (නි)
නවගත්තේගම නෙවෙයි මුළු ලංකාවේම ඉන්නේ එකම වගේ කට්ටිය. නැත්නම් ඔය වගේ අය කොහොමද පත්වෙන්නේ. දන්නවනේ අපේ චන්ඩි ඇමැතිලාගේ හැටි. හා හා ඔහොම යමු හැබැයි ඉතින් කවදාවත් ගොඩ එන්න බැහැ. මේ වගේ අය නිසා. (නි)
ගුරුතුමියට තියෙන්නේ මාව දණ ගැස්සුවෙ නැහැ කියලා පොඩ්ඩක් කියලා බලන්න (නි)
සෙන්සා වගේ අය ඉන්නකම් ආසියාවේ විකාර කරන අයට හරි ෂෝක් (නි)
රජය රට කොටින්ගෙන් බේරාගෙන ලබාගත් ප්‍රසාදය ,මෙවන් සිද්ධි නිසා පරිහානියට යෑමක් වනු ඇත (නි)
පුදුම රටක් කියන්නේ නඩුවක විත්තිකරු වී ඉන්න කෙනෙකුව රාජ්‍ය සේවයේ යොදවන්න හදනවනේ.(නදී)
මම නවගත්තේගමට නුදුරුව ඉන්නේ. මෙම මන්ත්‍රී අනිවාර්යයෙන් දිනනවා. හැබැයි ඒකට වරද ගමේ අයගෙ නෙමෙයි. (නි)
දේශපාලනයේදී සියල්ල සමානයි (නි)
ජනතාවට තියෙන්නේ , මෙයා ඡන්දෙ ඉල්ලන්න රැස්වීම් වලට එනකොට බුවලු වලින් තළලා එලවන්න. එතකොට සද්ද නැතිව ඉදියි. කොහාටවත් ඡන්දෙ ඉල්ලන්න යන්නෙ නැතිවෙයි බයට. කුරුණෑගලට ආවොත් නම් ඒ ටික වෙනවා ජනතාවගෙන් (නි)
රණවිරුවෝ දිවිපුදා කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට මැර දේශපාලකයන්ගේ ත්‍රස්තවාදයට ක්‍රම ක්‍රමයෙන් යට වෙමින් පවතී (නි)
මට නම් කැරකිල්ල වගෙයි. අනේ ගුරුතුමියනි, ඔබ වහාම මේ දේශයෙන් පිටවන්න. (නි)
ඕනෑම දෙයක් සාදාරනීකරනය කරන දම්මික පෙරේරා මොකද මේකට අදහස් දාලා නැත්තේ. (නි)
ගුරුවරිය නොවේ සමාජයය දණ ගැසුවේ මොහු ඉදිරියේ (නි)
මේ නවගත්තේගම මිනිසුන්ගේ වැරදි නොවෙයි. වරද කාගේද කියලා අපි දන්නවා (නි)
ඇසළ, කීයක් ඔට්ටුද මෙයා ඉහලින්ම දිනනවට? නවගත්තේගම ඉන්නේ කොහොම අයද කියලා ඔන්න එදාට පෙනෙයි. මල්ලි, මේක ලංකාව. (නි)
මේවට හේතුව අපේ මිනිස්සුන්ගේ මෝඩකම. එයාලා ඡන්දේ දෙන්නේ පුද්ගලික වාසි බලලා පමණයි (නි)
දැක්ක නේද මේ මන්ත්‍රීතුමා උසාවි ආවෙත් පිරිත් නුල් ගැටගහගෙන (නි)
ගරු ජනාධිපතිතුමණි,ඔබ රටට ලබාදුන් දේ බොහෝ වටින්නේය.රටට ලබා දෙන්නට ඇති දෑත් ඉතා වටින්නේය.නමුත් ඔබ මිත්‍ර ප්‍රතිරූපකයින්ගෙන් ඈත්විය යුත්තේය. ප්‍රමාදය පසුතැවිල්ලට මුල බව අප සිහියේ තබාගත යුතුය.ඔබගේ සෘජු බව අපිට රටක් වටිනවා. (නි)
මේවා තව දුරටත් සිද්ධ වෙන්නේ ඇයි? මෙයා ආපහු දිනුවොත් මේ ගුරුතුමී ඇතුළු මුළු පවුලටම රට හැර යන්නට වනවා හැර වෙනත් විකල්පයක් තිබේද? (නි)
නුසුදුස්සන් ළං කර ගැනීමෙන් වළකිමු (නි)
වැදගත් මිනිස්සුන්ට පමණක් නාම යෝජනා දෙන්න. බලන්න,දැන් ලංකාවේ මිනිස්සුන්ට ලංකාව එපාවෙලා. රට යන අත හොද නැහැ. බුද්ධි ගලනය වෙන්නේ මේ වගේ දේවල් නිසයි. උගත් මිනිහට තැනක් නැහැ. (නි)
පුළුවන් අය ජීවත් වෙන්න පුළුවන් රටකට යන්න කියලයි මම නම් කියන්නේ (නි)
උපාලි, මමත් ඕක හිතුවා. මට නම් කාගේ කාගේත් බුද්ධි මට්ටම තේරෙනවා (නි)
සිරිලංකානේ අනාගතය සාර්ථක තව දුරටත් සනාථ වේ. (නි)
ඡන්දෙ දිනලා අපි හැමෝවම දණගස්සයිද? (නි)
නවගත්තේගම ඉන්නේ මොන වගේ මිනිස්සුද? මෙයාටයි පස්සෙන් යන අයටයි හොද පාඩමක් උගන්වන්න තියෙන්නේ. තව ඡන්දෙ ඉල්ලන්නත් එනවා... (නි)
උපාලි, ඔයාගේ අදහස හරියටම හරි (නි)
නාමයෝජනා ලැබෙන්න ඉස්සර ඔහොම නම් නාම යෝජනා ලැබුනොත් ගුරුවරියට ගම රට දාලා යන්න වෙන්නේ. කෝ මේ සංගම් වල කට්ටිය? (නි)
අරුමුගම්,මම නිකම්ම අදහස් දානවා නෙමෙයි. ලංකාවේ එන්න බොහොමයක් අපරාධකරුවන්, පහත් පුද්ගලයින් පිරිත් නුල් 100 යක් විතර බැදගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ බෝධිසත්වයෝ වගේ (නි)
ගුරු මෑණියනි,හැකි ඉක්මනින් මේ දේශයෙන් පිටවෙලා අපේ රට මෙවැන්නන්ගෙන් නිදහස් කරගෙන, සාමකාමී වුන දවසකට නැවත පැමිණෙන්න. (නි)
සෙන්සා,හීනයක්වත් දැකලා දොඩවනවද මන්දා. (නි)
ඇයි මෙහෙම වෙන්නේ? කාගේ පැවැත්ම උදෙසාද?.(නදී)
මේ යන චිදියට ඉස්සරහට තව කාට කාට දණ ගහන්න සිද්ද වෙයිද දන්නෙ නැහැ (නි)
ප්‍රජාතන්ත්‍රවාදී රටක සුදු, කළුවිය හැකියි. කළු, සුදුවිය හැකියි. ඔළු ගෙඩි ටික ගණන් කරනවා මිසක් ඔළුව ඇතුලේ තිබෙන්නේ කුමක්දැයි සොයන්නට ප්‍රජාතන්ත්‍රයට වේලාවක් නැත මිතුරනි.(නදී)
ජනාධිපති කිව්වානේ සාදාරනය ඉටුකරනවා කියලා. එතුමා මෙයාට නොමිනේෂන් දේවිද? නවගත්තේගම අය මෙයාට ඡන්දය දේවිද?(නදී)
සැමියාටත් කෝල් එකක් දෙයිද බලමුකෝ.(නදී)
මොහු නැවත ඡන්දය ඉල්ලුවහොත් එයට විරුද්ද විය යුතුය. සියලුම ගුරුවරුන් එකතු උනොත් විශාල පෙරලියක් කල හැකිය.(නදී)
හරක් ගස් බැන්දම වගාවට පනින්න බැහැ.(නදී)