ක්‍රිස්ටොපර් ක්‍රිස් (21) ඇමෙරිකාවේ මන්ද මානසික තරුණයෙකි. කලක පටන් ඔහුට අධික දත් කැක්කුමක් තිබිණි. පසුගියදා ඔහු ඉන්දියානාපොලිස් නුවර පෞද්ගලික දත් රෝහලකට යනුයේ තම රිදුම් දෙන දත් තුනක් ගලවා ගැනීමටය.
ක්‍රිස්ටොපර්ගේ මව දුරකතනයෙන් වෛද්‍යවරයාට තම පුතුගේ අවශ්‍යතාව දන්වා තිබිණි.
ක්‍රිස්ටොපර්ගේ වාරය එළඹුණු පසු ඔහු දත් ගලවා ගැනිම සදහා ඇතුළු විය. පැයකට පසු කටින් ලේ පෙරෙමින් හැඩූ කදුලින් එළියට එන ක්‍රිස්ටොපර් ගැන කියනුයේ ඔහුට පසු වාරය ලබාගෙන සිටි ශේනා කොර්තේස්ය.
‘මම ගොඩක් බය වුණා. මේ තරුණයාගේ කටේ එක දතක් වත් තිබුනේ නැහැ. මමත් දත් ගෑලවීම පසෙක දාලා ගෙදර ගියා.‘
ක්‍රිස්ටොපර්ගෙ කටෙ දත් සියල්ලම ගැලවූ වෛද්‍ය මධ්‍යස්ථානය ගැන තවතවත් තොරතුරු අනාවරණය කරන්න ෆොක්ස් නිවුස් ආයතනය ඉදිරිපත් වුණා. මෙම ආයතනට ඇවිත් දත් ගලවාගත් කිහිප දෙනෙකුටම මෙවැනිම අනතුරු සිදුවෙලා තිබෙන බව ෆොක්ස් නිවුස් ආයතනය කියයි. රිදුම් දෙන උඩු ඈන්දේ දතක් ගලවා ගැනිමට ගිය රෝස් හිල්ට සිදුවී ඇත්තේද යටි ඇන්දේ දත් තුනක් නැතිව ගෙදර ඒමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් දන්ත මුක්ත දත් බෙහෙත් පාවිච්චියට ගනිමු. (නි)
ක්‍රිස්ටෝපර් නෙමේ මානසික රෝගියා දොස්තර (නි)
ලංකාවෙත් ඕක වෙනවා පොලිස් මහත්මයකුට ගලකින් දමලා ගැහුවා නම් (නි)
මොනවා කරන්නද? අද කවුරුත් දත් ගලවනවනේ. (නි)
ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ කොහෙත් ඉන්නවා අදක්ෂ දොස්තරවරු. වෙනසකට තිබෙන්නේ බටහිර රටවල ඒ පිලිබධව නීති මගින් කටුතු කරන්න පුළුවන් වීම. නමුත් ලංකාවේ එහෙම කරන්න ගියොත් දොස්ටර මාෆියාව වැඩ වර්ජනය කර දවසකට ලෙඩ්ඩු 10 වත් මරා දමාවී. (නි)
මට පුළුවන් ඕනෑනම් එක දතක් දාලා දෙන්න (නි)
මම හිතන්නේ ඔය හොද දතුත් වෙන අයගේ කටවල් වල සවි කරලා සල්ලි කරනවා ඇති නේද ? (නි)
අද කාලේ මිනිස්සුන්ට බාගෙට පිස්සු. දත් වල වටිනාකමක් නොදන්නා මේ වගේ මිනිස්සු ?? (නි)
කොස්වත්ත එහෙම කියන්න ඒපා ඔයා කොස් කාල කාල ඔයාගේ දත් නරක් කරගත්තාට කොප්පර හන්දිෙය් දත් දොස්තර පලිද? මමත් ඒ දොස්තර ලගට ගිහින් තියෙනවා. ඔයා පෙන්නුව දත් තමයි ඒ දොස්තර ගලවලා තියෙන්නේ එහෙනම්.(නදී)
දැන් ඉතින් මේ මනුෂ්‍යයා දත්නැතුව බත් කන්නේ කෙසේද? (නි)
ලෙඩා වගේම, අනිත් දොස්තරලගේත් අවාසනාව... (නි)
පව් අසරණ කොල්ලා.දැන් කන්නේ කොහොමද? (නි)
දැක්කම හිනහත් යනවා . කොහොම වුණත් වැරදි වැඩක් කරලා තියෙන්නේ. පව් අසරණයා. (නි)
ඇමෙරිකාවේ විතරක් නෙමේයි . අපේ රටෙත් මේ වගේ තැන් ඕනාතරම් ඇති. ටිකක් හොයල බලන්න වෙයි.(නදී)
කලකට පෙර මිගොමුවෙත්(කොප්පර හන්දිය ) හිටියා දත් දොස්තර කෙනෙක්. අපරාදේ මිනිහා මගේ හොද දත් 2ක් ගලෝලා දැම්මා. මුන් දොස්තර නෙමෙයි සත්තු.(නදී)
ගාල්ලේ පෞද්ගලික රෝහලක ඉන්නවා දොස්තර කෙනෙක්. මනුස්සකම එලියට. සල්ලි ඇතුලට. ඒ වුනාට පොඩ්ඩ වරදින්න බැහැ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑ දෙයක් කරන්න ලැහැස්තියි. මම ලබපු අත්දැකීමක් ලිව්වේ. (නි)
කටිටියම සල්ලි එකතුකරලා බොරු දත් කුට්ටමක් අරන් දෙමු.(නදී)
මාතරත් හිටියා අතපය කපන දොස්තර කෙනෙක්.(නදී)
මෙහෙත් ඉන්නවා සල්ලිදීල පුද්ගලික මධ්‍යස්තනයකට ගියත් ඔහොම වැඩකරන අය.(නදී)
මානව හිමිකම් උල්ලංගනය වීමක් නොවෙයිද?(නදී)
තරුණයාට බාගෙට පිස්සු, දත් දොස්තරට හොඳටම පිස්සු. (නි)