පළාත් පාලන ආයතන අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණින් ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අල්ලස් කොමිසම තීරණය කැර ඇති බව එහි කොමසාරිස් ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පවසයි.
පළාත් පාලන ආයතන අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණින් ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අල්ලස් කොමිසම තීරණය කැර ඇති බව එහි කොමසාරිස් ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලන ආයතන අක්‍රමිකතා පිටුපස සිටින නිලධාරීන් ගෙදර යවන්න (දිල්)
මාතර බස් නැවතුම් පොළ අසල පදික මාර්ගය සම්පුර්ණයෙන්ම වසා ගෙන කඩයක්. මහ රෝහල අසල පාර පුරා කඩල කරත්ත. බස් නැවතුම් පොළට ඇතුළු වෙන්න බැහැ. වෙළෙන්දො පාර අවහිර කරගෙන. මේවා දිහා නොදැක්කා වගේ බලධාරින් ඉන්නවා කියන්නෙ එක්කො මුදලින් අල්ලස් නැතිනම් ජන්ද අල්ලස් කියලා තමයි අපිට හිතෙන්නෙ. (ස)
ප්‍රාදේශීය සභාවක සභාපති, පළාත් සභාවට තරග කරන නිසා, වසර පුරා වියදම් කිරීමට වෙන් කළ මුදල්, තමා තනතුරෙන් ඉවත් වීමට පෙර එකී මුදල් සියල්ල වියදම් කිරීම නිසා පළාත් පාලන ආයතනයේ ඉදිරි කටයුතු කරගෙන යාමට මුදල් නැතිවීම වැනි දේවලුත් මෙමගින් සොයා බැලුවොත් නරකද..? (අ)
මේකට වැඩමුළු තියල තව තවත් ජාතික ධනය විනාශ කළ යුතු නැහැ. අක්‍රමිකතා එසේත් නැත්නම් අල්ලස් ගැනීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කලා නම් මේ නොපනත් කම් අඩු කරගත හැකිවාක් මෙන්ම ජනතා සේවය ඉෂ්ඨ කර ගැන්මටත් ඉන් මග පෑදෙනු ඇත.! (ස)
අදහස හොඳ උනත් ක්‍රියාත්මක කිරීමේදී මොනවද වෙන්නේ කියලා අපි කවුරුත් දන්නවා. (නදී)
බලු වලිගය කිසි දාක ඇද අරින්න බැහැ.(නදී)
රට හදනවා නම් ප්‍රාදේශීය සභා වල ඉන්න අයගේ සැබෑ අරමුණ හොයාගන්න වෙනවා. රටට ,ගහකොළට අවංකවම ආදරය කරන අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අවම උසස් පෙළවත් සමත් අයගෙන් වගකිවයුතු ආයතන පිරවිය යුතුයි (නි)