IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘දේදුන්නේ’ සටන්වලට මැදිවුණු, ‘‘භාග්‍යා මිස්’’

1   

දේදුන්න ලස්සනයි. ඒත් අල්ලන්න නම් බැහැ. හැබැයි ඒ දේදුන්න උඩට වෙලා සිටින මේ පුංචි සුරංගනාවිය නම් අපට හැබැහින් දැකගන්න පුළුවනි. ඇය තමයි රුචිනි ටනාෂා හතරසිංහ. මේ සුන්දර ටනාෂා ගැන බොහෝ දෙනා දන්නෙ දැන්වීම් හා විලාසිතා නිරූපණ ශිල්පිනියක ලෙසයි. ඊට අමතරව දෙරණ ‘‘මියුසික් බොක්ස්’’ නිවේදනයෙන් හැඩ කරන්නත් එකතු වෙනවා. දේදුන්න සහ මෙයා අතර ඇති සම්බන්ධය කුමක්ද? රූපවාහිණි තිරයෙන් අපට හමුවන මේ සුන්දරිය සමඟ සුන්දර කතා බහකට එක්වෙමු.

DSC_7741
button ‘ටනාෂා’ ඔබගෙ පුද්ගලික විස්තරයකින් මේ හමුව පටන් ගනිමු නේද?
මගේ වයස අවුරුදු 20යි. ඉගෙන ගත්තෙ කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයෙන්. පවුලේ මමයි, අම්මයි-තාත්තයි, නංගිලා තුන්දෙනයි.


button ඇයි ‘‘ෆෝ සිස්ටර්ස්’’ කියලා කියන්නෙ?
මමයි - නංගිලා තුන්දෙනයි නිසයි.


button නංගිලා මොනවද කරන්නෙ?
ඒ අය ඉගෙන ගන්නවා. ඒ වගේම සංගීතය හදාරනවා.


button ඒ කියන්නෙ සහෝදරියෝ එකතුවෙලා ‘‘ෆෝ සිස්ටර්ස්’’ නමින් සංගීත කණ්ඩායමක් පටන් ගන්නද හදන්නෙ?
මම හැර අනෙක් තුන්දෙනාට තමයි සංගීතය පුළුවන්. ඒ නිසා ෆෝ සිස්ටර්ස් වෙන එකක් නැහැ. ඒ තුන්දෙනා නම් සංගීතයෙන් ඉදිරියට යාවි.


buttonදේදුන්න සහ ඔබ අතර ඇති සම්බන්ධය මොකක්ද?
ඒ මම රඟපෑමට එක්වූ අලූත්ම චිත‍්‍රපටයයි. එහි රොෂාන් රණවන එක්ක ප‍්‍රධාන චරිතය රඟපානවා. එය සටන් ජවනිකාවලින් පිරුණු ත‍්‍රාසජනක චිත‍්‍රපටියක්.


button ටනාෂා ගැන වැඩිදෙනා කතා කරන්න පටන් ගත්තෙ?
ගැහැණු කෙනෙක් විදියට සෑම දෙයක්ම පුළුවන් කියන තේමාව යටතේ වටිනාකම ගැන කියාදෙන අනගි දැන්වීමට පෙනී සිටිය නිසයි.


button මේ දිනවල ‘‘මගේ වෙලා’’ ගීතය නිසාත් ඔබ ගැන තාරුණ්‍ය වැඩිපුර කතා වෙනවා නේද?
ෂිහාන් ගයන අලූත්ම ගීතය එයයි. එහි විෂුවල්ස්වලට (රූප ජවනිකා) පෙනී සිටින්නෙ මමයි. ඊටත් අමතරව රොෂාන් ප‍්‍රනාන්දුගෙ ‘‘හඬවන්නට මේ තරම්’’ ගීතයෙහි විෂුවල්ස්වලටත් පෙනී සිටින නිසා ගොඩාක් අය ඒ ගැනත් කතා වෙනවා. දැන් අලූත්ම මියුසික් වීඩියෝව වන්නෙ ප‍්‍රමෝද් හේරත්ගෙ ‘‘දෑසේ ඡුායා’’ ගීතයයි.


button ‘‘ටනාෂා’’ ඔබට ඒ නම දැම්මෙ?
අපේ අම්මාගෙ නම ‘‘ආශා’’ ඉතින් මම පවුලේ ලොක්කී හැටියට ‘‘ටනාෂා’’ වුණා.


button අම්මා වැඩිපුරම ආදරේ ඔයාටලූ නේද? යන-යන තැන පස්සෙන්ම ඉන්නවලූ නේද?
මට තවම අවුරුදු 20යි. ගිය අවුරුද්දෙ තමයි උසස් පෙළට මුහුණදීලා පාසල් අධ්‍යාපනයට සමුදුන්නෙ. දැන් විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියට ලැහැස්ති වෙනවා. කලා අංශයේ වැඩවලට යද්දී අම්මා හැමදේටම මා එක්ක එනවා. අපි හතරදෙනා බලාගන්නෙ හරිම පරිස්සමට. අපිත් අම්මාට ගොඩාක්ම ආදරෙයි.


buttonඔයා දඟයිද?
අපෝ නැහැ.


buttonඑහෙනං නංගිලා එක්ක රන්ඩු වෙනවා කියන්නෙ?
ඒත් නැහැ.

DSC_7799
button එහෙනං කොහොම කෙනෙක්ද?
මගේ පාඩුවෙ මගෙ වැඩ ටික ඉවර වුණාම එතැන රැඳෙන්නෙ නැතිව ඉක්මණටම ගෙදර එනවා. පාඩුවෙ ඉන්න කෙනෙක් කිව්වොත් හරි.


button උසස් පෙළට මොනවද කළේ ?
මගේ අරමුණ තිබුණෙ වෛද්‍යවරියක් වීමටයි. අඩු තරමින් දේශීය වෛද්‍යවරියක් හෝ වීමේ අරමුණ තිබුණා. ඒ නිසා ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කළේ. නමුත් දැන් ඒ අරමුණ වෙනස් වෙලා.


button දැන් අරමුණ මොකක්ද?
ජනමාධ්‍ය අංශයෙන් ඉදිරියට යාමයි. දැන් මම රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කරන්නෙත් හරිම සතුටකින්.


button රඟපෑමයි - මාධ්‍යයයි දෙකම තෝරා ගත්තෙ?
මුලින්ම රඟපෑව ‘‘තිමිරගිර’’ විකාශය වුණා. එහි මම රඟපෑවේ ‘‘භාග්‍යා මිස්’’ ලෙසයි. මම හිතන්නෙ රඟපෑම සහ මාධ්‍ය දෙකම සමබරව කරගෙන යන්න පුළුවනි.


button ඇයි ටනාෂාට කලාවට එන්න හිතුණෙ.?
රූපලාවන්‍ය ශිල්පිනී නිලූකා කොඩිකාර අපේ අම්මගෙ යාළුවෙක්. දවසක් ‘‘මාව’’ එයාගෙ බ‍්‍රයිඞ්ල් ෂෝ එකකට සහභාගි කරවන්න පුළුවන්ද අහලා. එදා ඒකට පෙනී සිටියා. ඊට පස්සෙ නයන උජිත් අයියා නිසා ‘‘දැන්වීම්වලට’’ පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ විදියට තමයි කලා ලෝකයේ ගමන ආවේ.


button ඔයා උපන්න දවසේ ඉඳලාම දැන්වීම්වලට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණලූ නේද?
මම ඉපදුනාම රෝසමලක් වගේ කියලා අම්මාට ගොඩාක් අය කිව්වලූ. කොහොමහරි අවුරුදු එකහමාරෙදි මාව ලක්ස්පේ‍්‍ර දැන්වීමට අරගෙන. ඊට පස්සෙ කැලැන්ඩර්වලටත් අරගෙන.


button තාත්තා කැමති වුනාද මේ රෝසමල මේ විදියට කලාවට එනවට?
ප‍්‍රශ්නයක් නැහැ. තාත්තා විදේශයක රැකියාව කරන්නෙ. අපේ සෑම දෙයකටම තාත්තාගේ ආශිර්වාදය ලැබෙනවා. අම්මා ආශා තුෂාරි තමයි අපේ හෙවනැල්ල. කොහේ ගියත්-මොනවා කළත් හොඳ දේ කිරීම තමයි අපේ අරමුණ.


sadun-gamage



අදහස් (0)

‘දේදුන්නේ’ සටන්වලට මැදිවුණු, ‘‘භාග්‍යා මිස්’’

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 9 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 13 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 35 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 50 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 101 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 121 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site