දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත්වීම පිලිබදව තමා බෙහෙවින් සතුටුවන බව වයඹ පළාත් හිටපු මහ ඇමැති අතුල විජේසිංහ මහතා එසෑණට පෑවසීය.
දේශපාලනයේ හා රටේ ජනප්‍රිය තරුවක් වන දයාසිරි ජයසේකර මහතා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් වයඹ පළාත් සහාවට ඉදිරිපත් වීම අභියෝගයක් නොවේදැයි එසෑණ කළ විමසුමට පිළිතුරු දුන් හිටපු මහ ඇමතිවරයා මෙසේ කීය.
‘කාටවත් තාම මහ ඇමැති මමයි කියලා කියන්න බැහැ. ඒක තිරණය කරන්නේ පළාතේ ජනතාව. හැබැයි ඇතැම් මාධ්‍ය අපි අතර ගැටුමක් ඇති කරන්න උත්සහා කරනවා. උඩින් ආපු පැෂුට් කාරයන් නෙමෙයි මමයි මේ පාරත් මහ ඈමති වෙන්නේ කියලා මාධ්‍ය වැරදි පුවතක් පළ කළා. ඒක මා කියපු දෙයක් විකෘර්ති කිරීමක් පමණයි. හැකිනම් ලංකාදිප එසැණින් එක නිවැරදි කරන්න. දැන් අපි එකම පක්ෂයෙන් තරගෙට ඉදිරිපත් වී ඉන්න සහොදරයෝ. බලමු කවුද දිනුම් කණුව ගාවට යන්නේ කියලා. පෑවසීය.
දැන් අපි සහෝදරයෝ
දයාසිරි ගැන හිටපු මහ ඇමැති කියයි
චමින්ද මඩවල
දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත්වීම පිලිබදව තමා බෙහෙවින් සතුටුවන බව වයඹ පළාත් හිටපු මහ ඇමැති අතුල විජේසිංහ මහතා එසෑණට පෑවසීය.
දේශපාලනයේ හා රටේ ජනප්‍රිය තරුවක් වන දයාසිරි ජයසේකර මහතා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් වයඹ පළාත් සහාවට ඉදිරිපත් වීම අභියෝගයක් නොවේදැයි එසෑණ කළ විමසුමට පිළිතුරු දුන් හිටපු මහ ඇමතිවරයා මෙසේ කීය.
‘කාටවත් තාම මහ ඇමැති මමයි කියලා කියන්න බැහැ. ඒක තිරණය කරන්නේ පළාතේ ජනතාව. හැබැයි ඇතැම් මාධ්‍ය අපි අතර ගැටුමක් ඇති කරන්න උත්සහා කරනවා. උඩින් ආපු පැෂුට් කාරයන් නෙමෙයි මමයි මේ පාරත් මහ ඈමති වෙන්නේ කියලා මාධ්‍ය වැරදි පුවතක් පළ කළා. ඒක මා කියපු දෙයක් විකෘර්ති කිරීමක් පමණයි. හැකිනම් ලංකාදිප එසැණින් එක නිවැරදි කරන්න. දැන් අපි එකම පක්ෂයෙන් තරගෙට ඉදිරිපත් වී ඉන්න සහොදරයෝ. බලමු කවුද දිනුම් කණුව ගාවට යන්නේ කියලා. පෑවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ඇමතිතුමනි, රනිල් මහත්තයව සහෝදර කමට ගන්න බැරිද.(ස)
කපන්න බැරි ඇත ඉඹින්න ඕන කියල කියමනක් තියනවා නේද... කඩන්න බැරි මිදී ඇඹුල් නේද .... අනාගතය ගැන දැන්මම දැනිලා වගේ. (නි)
අහෝ දයාසිරි! (නදී)
වයඹ ජනයාට හොද පාඩමක් උගන්වන්න ඔබට අවස්ථාව.(නදී)
ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම තැනම ඕක තමයි තත්වය. ලංකාවේ පක්ෂ මාරු කල පලවෙනි කෙනා දයාසිරි නෙවෙයි. අන්තිම කෙනත් දයාසිරි නෙවෙයි. 2001 දී එහෙනම් කට්ටියක් ගිහින් රනිල්ගේ දෙඅත් සවිමත් කලේ. ඕව ඔහොම තමයි. ගණන් ගත යුතු දේවල් නෙවෙයි. අපේ දේවල් අපි බලාගමු. දේශපාලනය වැඩක් නැහැ. අපි හම්බ කලොත් විතරයි ජීවත් වෙන්න පුළුවන්. ඔය කව්රුත් ගෙනැල්ලා දෙන්නේ නැහැ.(නදී)
මේ ජන්ද අපේක්ෂකන්යට පිස්සුද ??? නැත්නම් මේවා කියවන අපිට පිස්සුද ??????
හිටපු මහා ඇමතිතුමා, සුළු නිවැරදි කිරීමක්. මහා ඇමති කවුද කියලා තීරණය කරන්නේ රටේ ජනාධිපතිවරයා. (දී)
මම දන්න කාලෙක ඉඳලා කුරුණෑගලට ප්‍රභල දේශපාලකයින් හිටියේ බොහොම අඩුවෙන්. ඩී. බී. වෙලගෙදර, සරත් වෙලගෙදර, නාවින්න පුද්ගලයින් ලෙස හොඳ උනත්, දේශපාලනිකව ප්‍රභල උනේ නැහැ. ජොන්ස්ටන්, දයාසිරි දෙදෙනා එකතුවෙන් කුරුණෑගලට ජාතික නායකකත්වක් ඇති වීමයි අපේ බලපොරොත්තුව. (දී)
අපේ රනිල් මහ්ටයට චන්ද දිනන්ද ඕන නැහැ . අපි විකල්ප පක්ෂයක් සොයා ගත යුතුයි චන්ද දයකයිනි ඔබේ බුද්ධියට නිගා කරන්න එපා (දී)
දයාසිරි මන්ත්‍රීවරයා එදා පාර්ලිමේන්තුවේදී කළ කතාව නිකං මොකක්ද වගේ. පාර්ලිමේන්තුවත් එ.ජා.පයේ කෟත්‍යාධිකාරී මණ්ඩලයක් වුනාවත්දෝයි මට නිකං සැකයක් හිතුනා. (දී)
ජනතාවට තරුනොපෙන්නා ඉදිරියට යන්න.දයාසිරිට දිගාසීරි (දී)
ඊලග මනාප ලැයිස්තුවේ ඉන්න වාසනාවන්ත මිනිහෙක්.(නදී)
එහෙනම් ඔය සහෝදරයෝ දෙන්නත් එකතුවෙලා පුලුවන්නම් බඩුමිල , විදුලිබිල , පැට්‍රොල් තව ටිකක් වැඩි කරලා අපිව තව ටිකාක් කන්න.(නදී)
උඩින් සහෝදරයෝ යටින් ගේම නේද ?ඕකනේ අද යථාර්තය. (අ)
වාන්ග මචන් වාන්ග....අපේ නංගී අරන් පෝන්ග.... (නි)
දයාසිරි හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එක්සත් ජාතික පක්ෂයට ගියා. දැන් ආපසු අවා සාමාන්‍ය දෙයක්...ඔහුට හොඳ දේශපාලන උණක් තියනවා.සමාජයට වැඩක් කරවී.නමුත් විනය ගරුක ගුණාංගය දියුණු කරගත යුතුමි.නැත්නම් දේශපාලන ජීවිතය සාර්ථක කරගන්න අමාරුයි දයාසිරි මල්ලි ඔයාට සුබ අනාගතයක් (අ)
දයාසිරි යනවා කියල ආරංචි උන වෙලේ සිට යන දවස දක්වාත් ගියාට පසුවත් පිළිවලින් මට මතක් වූ ප්‍රස්ථා පිරිළු කීපයක් ඔබේ දැනගැනීමට ලියා එවමි. 'පනින්න පෙර සිතා බලන්න.' 'ඉක්මන් කොටයි'. 'අන්තෝ ජටා බහි ජටා.' 'තන්හාය ජායති සෝකෝ' , යන යකා කොරහත් බිඳ ගෙන ගියාලු.' 'කොකාගේ සුද පේන්නේ ඌ ඉගිලෙනකොටලු'. 'අත්තෙන් අත්තට පනින කුරුල්ලා බිමට වැටෙනකොට චොහොර කුරුල්ලා'. මේ වගේ ජනතාව රවටන කෙලෙහි ගුණ නොදත්තුන්ට "අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ" කියල අන්තිමේදී කියන්න උනොත් පුදුම වෙන්න ඕන නැහැ. (අ)
දයසිරිය පරදවමු මෙයාගේ කිසි විනයක් නැති පුද්ගලයෙක් ,අතුල මැතිතුමනි ඔබය මෙවරත් මහා ඇමති (අ)
ජනතාව මේ දෙපැත්තේම දේශපාලකයින් ප්‍රතික්ෂේප කරාවි. අලුත් පක්ෂයකට හෝ නැතිනම් ඡන්ද වර්ජනය කළ යුතු කාලය ඇවිත්.(නදී)
කටක් ඇරලා කියනවානේ සහෝදර ප්‍රේමය ගැන (නි)
දයාසිරි ලණුවක් ගිල්ලාදෝ කියලාත් හිතෙනවා (නි)
ඉස්සරහට තව අයත් පනියි කියලා හිතනවා (නි)
ඔය සැම දෙනාම පැන්නේ ජනාදිපතිතුමගේ දෑත් ශක්තිමත් කරන්න විතරයි නේද? තව 225ක් ආවත් මදි වගේ නේද? (නදී)
මිදී කොහොම ද තිත්ත ? නරි කියයි ද ? ඇත්ත. ඕවා බයිලා.දයාසිරි ආණ්ඩුව ගිය සන්තෝෂයට ළඟදීම ගෑස් මිල වැඩි වෙනවා කියන්නේ. (අ)
තවත් ගෙම්බෙක් විතරයි. ගන්න දෙයක් නැහැ.කතා කරලා වැඩක් නැහැ.(අ)
මෙහෙම යනකොට රජය ශක්තිමත් වෙනවා. ජනතාවට බදු බර වැඩි කරනවා. දයාසිරි හොයාගෙන ගියා කියන ප්‍රජාතන්ත්‍රවාදය කොහොම වුනත් එයාට සිකුරටම වෙන මොනවාහරි නම් හම්බ වේවි (නි)
ඔය සහෝදරත්වය හැම පක්ෂයකම අයට පෙන්වා බල ලෝබි දේශපාලනය අතහැර එකම මන්ත්‍රීවරයෙකු හෝ වැඩියෙන් ගත්ත පක්ෂයට පළමු තැනදී , ජාතිවාදීන්ට පාලකයන් නැටවීමේ හැකියාව නැතිකරන්නකෝ. එදාට අනාගතයේදීත් ඔබේ මී මුනුබුරට හෝ මිනිබිරියන්ට දේශපාලනය කිරීමට සිංහල ජාතිය ඉතිරි වේවි. මෙයා විපක්ෂයේ සිටියා නම් ඔබගේ සිංහල සහෝදරයෙක් නෙවෙයිද. (නි)
අයියා මල්ලී වාගේ අයියා මල්ලී... (නි)
මීට වඩා දේශපාලන තරු රටේ හිටියා. මට නම් මොවුන් තරු නෙමෙයි (නි)
ආ එහෙනම් ඉතින් කමක් නැහැ (නි)
යහපතක්ම සිදුවේවා! වැඩිවැඩියෙන් චන්ද ටික ලැබේවා! අනේ වාසනාවන් (නි)
කොහොමද අප්පේ මේ එක රැයෙන් දයාසිරි සහෝදරයා වුනේ? (නි)
මෙයලා හොදයි මොන්ටිසෝරි යවන්න මොකද මෙයල පොඩි ළමයි වගේ කතාකරන්නේ.අද කියන දේ නොවේ හෙට කියන්නේ.(අ)
බලමුකෝ ඔය සහෝදරකම ඉදිරියටත් පවතීද කියලා (නි)
හරි දැන් පටන්ගමු මෝඩයෝ කව්ද කියල හොයා ගන්න.! (අ)
කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනවද තලගොයා කරගන්නවද (අ)
එතකොට සහෝදරයෝ දෙන්නට අපේ නෑදෑකම මොකක්ද. ඒක කිවොත් විතරයි මගේ චන්දෙ හම්බ වෙන්නේ.(අ)
අතුල මල්ලි නිකම් බය වෙලා වගේ නේද කතා කරන්නේ.කොහොමත් දයාසිරි එනව මහා ඇමැති කමට (අ)
දළුපත පොරුනුවේ අතුල අයිලට දෙන උත්තරදෙයන්නකෝ දයාසිරි දෙපත් නයෙක් ද දන්නේ නෑ (අ)
මැරෙනකන් මහා ඇමති වෙන්න කැමති නැද්ද? (අ)
පෘතුගිසිකාරයෝ කරපු ලොකුම කැත වැඩේ තමයි, ලංකාවට"බයිලා" හදුන්වාදීම. (නි)
අන්න හරි විජේසිංහ මහත්තයා. (නි)
එතකොට සහෝදරයන්ට ඡන්දෙ දෙන අපිට තිබෙන නෑකම මොකක්ද? අපේ අගය මොකක්ද? (නි)
ඇත්තමද ? (අ)
හැමෝම හිතන් ඉන්නේ දයාසිරි ජයසේකර ආණ්ඩුවට එකතු වුන ගමන් දුප්පත් අපිට සහන සලස්වයි කියලා. තව ටික දිනකින් ආයෙත් බඩු මිල ඉහළ යාවි. අනේ අපි වගේ මෝඩයෝ! කාට කියන්නද මේ පලහිලව්ව? (නි)
නැතුව නැතුව... (නි)
අපි බලන් ඉන්නවා වයඹ ජනතාවගේ බුද්ධි මට්ටම. (නි)
හේරත්, මේ පැතිමාරුව තියනකල් ඡන්දදායකයට කිසිම වටිනාකමක් අගයක් නැහැ (නි)
වයඹ ජනතාවනි, ඔන්න ඔයාලට අවස්ථාවක් තියනවා මොලේ පාවිච්චි කරන්න. කොකා ඉගිල්ලෙනකොටලුනේ උගේ සුද පෙනෙන්නේ. දැන් නියම මිනිහා කවුද කියලා රටම දැනගත්තානේ. (නි)
අපි ජායාට අපිට ජයා විතරයි (නි)
හරියටම හරි කිව්වා. හැබැයි පරහකට තියෙන්නේ ඔය වගේ සහෝදරයන්ට අපේ ගමේ අය නම් කියන්නේ වෙන නමක්. (නි)
මිනිපෙ, ඔබ ලස්සනට කියල තියෙනවා. එවැනි ප්‍රතිචාර හරි ප්‍රියජනකයි. ගුණරත්න, ඔබ හරි. මෙයා බයවෙලා කියවන බව ඕනෑ කෙනෙකුට පේනවා. (නි)
නමුත් මොවුන් ජනතාවට කොකා පෙන්නුවා (නි)
මේ සැරේ මම චන්දය දෙන්නේ රයිගමයටද ?ගම්පලයටද? අනේ ඡන්දදායකයන්න්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
ආ...මේ .අර ඇමති තුමා දෙමලෙන් කිව්වා කියන සින්දුවේ සිංහල කෑල්ල නේ මේ.... "වාන්ග මචන් වාන්ග" (නි)