දකුණු පාදයේ මස්පිඩුවක ඇතිවූ ආබාදයක් නිසා ඉන්දීය කි‍්‍රකට් නායක මහේන්ද‍්‍ර සිං දෝනිට බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත් වෙන තුන්කොන් තරගාවලියේ ඉතිරි තරග වලට සහභාගි විය නොහැකි බව වාර්තා වෙ.
මෙම ආබාධය නිසා ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර අද (2 වැනිදා) පැවැත්වෙන තරගයට දෝනි කී‍්‍රඩා නොකරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පරාද වුනාම යන්නේ කෝලිගේ නම (දී)
ද්‍රෝනි කියන්නේ ලෝකේ ඉන්න හොදම වගේම නිහතමානීම නායකයා බව අපි පිළිගන්න ඕනෑ (නි)
දෝනි අවතාරයක් වගෙයි. ඒ තරම් කට්ටිය එයාට බයයි (නි)
දෝනි නැතුව ඉන්දියානු පිල නන්නත්තාරයි (නි)
හොද ක්‍රීඩකයෙක් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (අ)
දෝනි අවස්ථාවාදියෙක්. (අ)
දෝනි නිහතමානී ක්‍රීඩකයෙක්. අපේ කොල්ලෝ වැඩ කාරයෝ. ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දී මේ පුංචි රට ඉහල තලයක ඉන්නේ (ත)
අද මැච් එක පැරදුනොත් නම් මම අයෙ මැච් නොබලන්න හිත හදාගෙන ඉන්නේ (දී)
මහේන්ද්ර සිං දෝනි කියන්නේ ක්‍රිකට් ලෝක ශුරතා දෙකක් දිනපු නායකයෙක්. ක්‍රීඩාවේදී ඔහු දක්වන පුද්ගලික දක්ෂතාවය, සහ සෙසු ක්‍රීඩකයන් මනාව කළමණාකරණය කිරීම ඔහුගේ විශිෂ්ට නායකත්ව ගුණාංගයන්ය. ඔහුට සුබ පතමු. (දී)
ඇයි සමීරට වස්තියක්වත් කරගන්න හිතිලද දන්නේ නෑ කියල ? (අ)
බඩ පිරෙන්න කෑමක් තමා . අපිනම් කලින්ම නිදී (අ)
ජය නියතයි, අපේ කොල්ලෝ දක්ෂයි.(නදී)
අහමඩ්, කරදරයකදී නියමයි කියන මිනිස්සු නෙමෙයි. මිනිස්සු මරලා කිරිබත් කාපු අයත් ඉන්නවා.(නදී)
ඉවසීම සහ අවබෝදය මේ අයගේ බිංදුවයි. ලංකාව කියන්නේ තවමත් ඉහල පෙලේ කණ්ඩායමක්. ඉන්දියාවට පරදින්නේ ලංකාව විතරක් නොවෙයි ලෝකේ ඔක්කොම කණ්ඩායම් පරදිනවා. ඒකය් ඒ අය ලෝක සූරයෝ වෙන්නේ. ඉස්සර ඕස්ට්‍රේලියාවට ඔය තත්වය තිබුනා. ලංකාවේ කණ්ඩායම බොහෝ අවස්ථාවල අවසන් පුර්ව හෝ අවසන් තරගය දක්වා තරග කරන කණ්ඩායමක්. පුංචි ජනගහනයක් ඉන්න රටකින් මේ වගේ දක්ෂ කණ්ඩායමක් බිහි වෙලා තියෙන එක ගැන මේ අය සැනසෙන්න දන්නෙම නැහැ. එන්ගලන්තය ලෝකේ අංක එකේ කණ්ඩායම. ඒ අයව පරාද කලා කියන එක ලේසි නැහැ. ඒ කණ්ඩායම ගැන ඔය විදිහට කතා කරන්න ලජ්ජා වෙන්න ඕනෑ (දී)
දෝනි නැහැයි කියලා නැහැ අපි පරිස්සම් වෙන්න ඕනේ
ජය වේවා ශ්‍රී ලංකාවට (අ)
අර ඇට වර්ගය දාලා වරුනට සම්බාරු ටිකක් දෙමුද? (දී)
මනුස්සයෙකුගේ කරදරයකදී නියමයි කියන්න තරම් පහත් මිනිස්සු මේ රටේ ඉන්නවානේ. ලැජ්ජා නැතිව කියන හැටි විතරක්. ඇයි දෝනි හිටියොත් ලකාවට දිනන්න බැරිද?(නදී)
නියමයි නේ (දී)
දැන්නම් ක්‍රිකට් මෙලෝ රහක් නැහැ (දී)
අනේ තවමත් ක්‍රිකට් බලන අය ලංකාවේ ඉන්නවද?(නදී)
ඔය බොරු. පැරදෙන්න යනකොට ඔය වගේ ලෙඩ එනවා. ගණන් ගන්න එපා දෝනි. නැත්නම් දිනපු කප් එකෙන් වැඩක් නැති වෙනවා නේ. (දී)
අපෝ අපේ කොල්ලන්ට ඇඟට ලේ ටිකක් උනල ඇති අද. (අ)
පහන් කියන්නේ මහා අඳුරු කතානේ. ටිකක් මොලේ පාවිච්චි කරලා මහත්තයෙක් වගේ කතාකරන්න පුරුදු වෙන්නකෝ (දී) .
චාමර, හරියටම හරි ඔයාගේ කතාව (දී)
අපේ කට්ටිය නම් ටෙස්ට් ලෝක කුසලානෙට පුරුදු වෙනවා මේ දවස් වල .... (නි)
හරියටම හරි. අපේ කට්ටිය දැන් ටෙස්ට් මැච් ගහනවා වගේ තමා ගහන්නේ (නි)
දෝනි වාසනාවන්ත නායකයෙක්. ඔහුට ඉක්මන් සුව! (නි)
කෝලිට ජාපාල ඇට ටිකක් දාලා සම්බාරු එක්ක තෝසේ දුන්නා නම් ගොඩ (නි)
අද අපි දිනන මැච් එකට දෝනි නැතුව වැඩක් නැහැ. අද හිටියත් අපේ කට්ටිය ඉන්දියාවට ගහනවා ගහනවාමයි. ජය වේවා මගේ ශ්‍රී ලංකාවට! (නි)