යහපාලන ආණ්ඩුවේ ගමනට දොස් කියන, විවේචනය කරන සියලු දෙනාම කාලයත් සමග අපේ ගමනට එකතු කර ගෙන ඉතිහාසයේ කිසි දිනෙක නොවූ සංවර්ධනයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරේ දී අද පැවසීය.
සුබ පැතීමට ආ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යවේදීන් අමතමින් වික්‍රමසිංහ මහතා කීවේ යහපාලනය උදා වී වසරක් පමණක් බවයි.
‘‘වසරක මේ කාලය ඇතුළත දී රටට නිදහස ලබා දීමට අපට හැකියාව ලැබුණා. විධායක බලතල අඩු කරන්නැයි පළමු වරට රටේ ජනාධිපතිවරයකු එකඟතාව පළ කළා. එමෙන්ම මැතිවරණ කොමසාරිස්ට පූර්ණ බලතල ලබා දී නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නට අපට හැකි වුණා.
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු ප්‍රධාන පක්ෂ දෙක එක් වී ජාතික ආණ්ඩුවක් ඇති කළා. ඒ අනුව ජාත්‍යන්තරයෙන් අප රටට එල්ල වූ මානව හිමිකම් ප්‍රශ්න ජය ගැනීමටත් අපට හැකියාව ලැබුණා.
ජාත්‍යන්තරය සමග අත්වැල් බැදගෙන මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මූලික පියවර අප රජය විසින් ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර පළාතේ සිට ත්‍රිකුණාමලයටත්, හම්බන්තොට සිට යාපනයටත් එම දියුණුව අත් කර දීම අපේ අපේක්ෂාවයි. එම දියුණුව ඇති කිරීම සඳහා මෙරට සියලුම ජනතාවට අප සමග අත්වැල් බැඳගන්නැයි ආරාධනා කරනවා. සියලු රට වැසියන්ට නව වසර වෙනුවෙන් සුබ පතනවා.‘









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල කිව්වෙ පැවති රජයට වඩා 3න් ගුණයකින් සංවර්ධනය කරවන කියලයි ඒත් ගෙවුන අවුරුද්ද රටේ දියුණුව පසුපසට ගිය බව ඕන කෙනකුට තේරෙන ඇත්තක් (බ)
තව අවුරුද්දයි පොඩ්ඩක් ඉවසන්න.අපි සුබවාදීව බලමු මහත්වරුනි. (ර)
ඔය කියන ප්‍රතිලාබ දකින හොඳ හීනයක් කියලනම් පේනවා හොදට නිදාගන්න නැගිටින්න එපා (බ)
සංවර්ධනයේ ප්‍රතිලාභ වසරකින් දෙකකින් අත්දකින්න ලැබෙන්නේ නැහැ. අනික සංවර්ධන ඉලක්ක ළගා කරගන්න අපි තාම කිසියම් කැපකීරීමක් කළ යුතුයි.(ම)
ජනතාවගේ පිනට ලෝක වෙළඳපොළේ තෙල් මිළ ලෙල්ලටම බැස්සා. නැත්නම් බලාගන්න තිබුණා යහපාලනයේ රඟ. (ම)
බටහිරයන්ට රට පාවාදීල ලබන සංවර්දනය වැඩක් නැත. (ම)
ලංකාවේ මිනිසුන් කවදත් සැහීමකට පත්වෙන ජන කොටසක් නොවන නිසා ලංකාව තවමත් එකතැන. ලංකාවේ දේශපාලනය හැද ගැසී ඇත්තේ ජන්දදායකයාගේ අවශ්‍යතාවය සදහා පමණි.(ම)
උපාදිධාරීන්ට ආණ්ඩුව රැකියා දීම අනිවාර්ය නොවේ ! වැඩි පඩි - අඩු බඩු මිල, සම අයිතිවාසිකම්- මේවා කොහෙද තියෙන්නේ? (ම)
හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ. (ර)
තවමත් කරපු දෙයක් නැහැ. මිනිස්සු බලාගෙන ඉන්නේ මේ මොකද වෙන්නේ කියලා. (ර)
ටිකක් පරක්කු වුනාට රනිල් මහත්තය යමක් කරාවි කියල අපි හිතනවා, හොර බොරු නැති මනුස්සයනේ, ඕනේ නැති උද්ගෝෂණ කාරයෝ වැඩක් කරන්න දෙන්නේත් නැ, ගහෙන් ගෙඩි එනවා වගේ රටක් සංවර්ධනය කරන්නත් බැනේ, අපි බලමු හොඳ දෙයක් වේවි රටට (බ)
මීට වඩා යමක් බලාපොරොත්තු උනා. (ර)
දුෂාන් වැරදි හොයන්නාට මොනවා කළත් වැරදියි. අලුත් ආණ්ඩුව ආව ගමන්ම සමහර ඒවා අඩුකළා. ඇයි ඉස්සල්ලා අය නොකළේ (බ)
වැඩක් කරද්දි කියනවා මේවා නෙවෙයි දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති ඕනෙ කියලා.එහෙම හදන්න හදද්දි අහනවා කෝ වැඩ කියලා. (ස)
චමල්, ලාබෙට තෙල් ගහන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල හොඳටම අඩු වුන නිසා. ඒක ලංකාවේ ආණ්ඩුව කල දෙයක් නොවෙයි. (ස)
ඔබතුමාලගේ සංවර්ධනය ඔබතුමාලගේ හැකියාව ගැන සාමාන්‍ය ජනතාව දැන් හොදින් අවබෝධ කරගෙන ඉන්නේ. (ස)
පොඩ්ඩක් ඉවසලා වෙන්නකෝ. තාම මාස කීයද. අඩුම ගානේ ලාබෙට තෙල් ගහන එක ගැනවත් සතුටු වෙන්නකෝ. (ර)
කොහෙත්ම සෑහීමකට පත්වෙන්න බැරි වසරක්. මීට වඩා ගොඩක් දේවල් ජනතාව බලපොරොතතු උනා. දැන්වත් වැඩක් කරලා පෙන්නන්න නැත්තම් ජනතාව තීන්දුවක් ගනී. (ර)
උපාධීදාරින්ට රැකියාවක් දෙන්න බැරි ආණ්ඩුවකින් රනිල් මහත්තයෝ සංවර්ධන බලාපොරොත්තු තියා ගන්නේ කොහොමද? (ම)
මේ අවුරුද්දට ජනතා යහපත වෙනුවෙන් කරපු දෙයක් කියන්න. ශ්‍රී ලංකා, යූ එන් පී ඔක්කොම කලකිරිලා ඉන්නේ. ජනමත විචාරණයක් තිබ්බොත් පෙනේවි. (ර)
කතාව දෝලාවෙන් ගමන පයින් (ම)
ආපු දවසේ ඉදලම ඕවනේ කිව්වේ. අපිට ඕන ක්‍රියාවෙන්.(ම)