IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දැන් හොඳ නළුවො මනින්නෙ කළු කලිසමෙන්

2016-08-26-ent-35

දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලාංකික කලා කෙත පෝෂණය කරමින් රංගන ශිල්පියකු ලෙස සුවිශේෂී දස්කම් ප්‍රකට කළ කංචන කොඩිතුවක්කු මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන "අඳුරු සෙවණැලි" ටෙලිනාට්‍යයේ ගෝකුලගේ චරිතය හරහා ප්‍රේක්ෂක ජනාදරයට පත්ව සිටී.

සැප්තැම්බර් මස 3 වැනිදා සිට ස්වාධීන රූපවාහිනී ඔස්සේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම 8.30ට විකාශය වීමට නියමිත කැලුම් පාලිත මහීරත්නගේ "දේවිය සුගලා" ටෙලි නිර්මාණයේද කංචන තවත් සුවිශේෂී රංගනයක් හරහා ප්‍රේක්ෂක හමුවට පැමිණෙනු ඇත.

 

වසර 22කට පෙර රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔබට අද ටෙලිනාට්‍ය පිළිබඳව මොනවද දැනෙන්නෙ?

මගේ පෞද්ගලික විශ්වාසයට අනුව අපේ රටට අද අවශ්‍ය ටෙලිනාට්‍ය නෙවෙයි. ප්‍රිසන් බ්‍රේක් වැනි ටෙලි මාලා අපට කරන්න බැරි ඇයි. අපි ඒ ටෙලිමාලාවල 1, 2, 3, 4, නරඹන්නෙ මොනතරම් ආසාවෙන්ද? උද්යෝගයෙන්ද? අපි මෙහෙ කරන්නෙ මොනවහරි බොරු ටිකක් ගොතලා කොටස් 100ක් හදලා නාලිකාවක් අල්ලලා විකාශය කරන එක.

 

ඔබ ටෙලිනාට්‍ය තෝරාගන්නේ එවැනි පැතිකඩ ගැනත් හොයලා බලලද?

ඇත්තටම එහෙම කරන්නවෙලා තියෙනවා. අපි මේ ක්ෂේත්‍රයට එන්නෙ හොඳ නිර්මාණවේදියො මේ ක්ෂේත්‍රය ගැන කලකිරී ඔවුන්ගේ අවසාන නිර්මාණ කිහිපය හදන අවධියක. මේ වකවානුවෙ තමයි නරක අධ්‍යක්ෂකවරු වැඩ පෙන්නන්න පටන් ගත්තු කාලෙ. මම ඒ දෙවර්ගයෙම ස්වභාවයන් දැකලා තියෙනවා. අත්දැකලා තියෙනවා. ඒ කාලෙ හොඳ අධ්‍යක්ෂකවරු දවසකට සීන් 2ක් හෝ 3ක් ලස්සනට නිර්මාණය කරන්න වෙහෙසෙනවා. ඒත් අද අධ්‍යක්ෂකවරු දවසකට කොටස් එකහමාරක්වත් කරන්න උත්සාහ කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට අද අපි දකින්නෙ එකම විදිහෙ ආදර කතා - ඒවායෙ නම් විතරයි වෙනස්, ආකෘතිය එකමයි. අද අලුත් පරපුරේ බොහොමයක් නළු නිළියො උත්සාහ ගන්නෙ තමන් තමන්ගෙ දෙබස් ටික කටපාඩම් කරගෙන කොහොම හරි කියලා දාන්නයි. චරිතයේ ස්වභාවය ගැනවත්, අංග චලනය ගැනවත්, කටහඬ හැසිරවීම ගැනවත් දැනගන්න ඒ අයට අවශ්‍ය නැහැ. ඉස්සරහට මෙහෙම ගියොත් අපට ටෙලිනාට්‍ය කර්මාන්තයක් නැත්තටම නැති වෙයි.

 

ඔබ "දේවිය සුගලා" වැනි ටෙලිනාට්‍ය නිර්මාණයක් බාරගන්නෙ මෙවැනි අර්බුදකාරී වකවානුවක?

ඔව්, දේවිය සුගලා බාරගෙන වැඩ කරන්න මට හේතු ගොඩාක් තිබුණා. එකක් ඒකෙ අධ්‍යක්ෂකවරයා කැලුම් පාලිත මහීරත්න. සිනමා රංගනයේ මගේ මුල්ම සරසවි සම්මානය ලැබුණෙ ඔහුගේ "නිලම්බරේ" චිත්‍රපටයේ රංගනයට. ඔහුගේ පිළිවෙළ හා වැඩ කිරීමේ ක්‍රමවත් බවට අපි කවුරැත් කැමතියි. ඒ වගේම තමයි ඒකෙ රඟපාන නළු නිළියො. මේක ඉතිහාසයේ ලොකු පරිච්ඡේදයක් සටහන් කළ වීර කාන්තාවකගේ චරිතයක් අළලා නිර්මාණය වූ එකක්. ඇත්තටම සුගලා දේවිය චරිතය අපි කියවලා විතරනෙ තියෙන්නෙ. විනෝදාස්වාදයට වඩා එහා ගිය අධ්‍යාපනික වටිනාකමක් මේකෙ අන්තර්ගතවෙලා තියෙනවා. අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක්නෙ අපි ඉතිහාසය නොදන්න එක. මම මේකෙ රඟපාන්නෙ පරාක්‍රමබාහුගේ චරිතය. හොඳ වැඩ, ගුණාත්මක නිර්මාණ කරන අය නැතුව නෙවෙයි?

හොඳ වැඩ කරන්න වෙහෙසෙන, කැපවෙන අධ්‍යක්ෂකවරැ නිෂ්පාදකවරැ, නිෂ්පාදන ආයතන නැතුව නෙවෙයි. ඒත් බහුතරයක් අර ගණයට වැටිලා ඉන්නෙ. හදිසියේ රෑපගතකිරීමක් අතරතුර අපේ සීන් එක ගැන අපටම යම් අවිශ්වාසයක් තිබුණොත් අපට අද දෙවැනි ටේක් ඉල්ලන්න බැරි තරමට මේ ක්ෂේත්‍රය වේගවත් වෙලා තියෙන්නෙ.

ගුණාත්මකභාවයට වඩා මුල් තැන දෙන්නෙ ප්‍රමාණාත්මකභාවයට. දැන් අපට චරිතයක් දෙනවා. ඒත් ඒ චරිතයේ පසුබිමවත් කියන්නෙ නැහැ. දැන් කරන්නෙ පිටපත දීලා කියනවා ඔයාට අහවල් චරිතෙ තියෙන්නෙ, අහවල් දවසෙ අහවල් තැන ෂූටිං - දවසට කීයක් අය කරනවද කියලා.

 

ඉස්සර වගේ හොඳ නළුවො අද බිහිනොවන්නෙ ඒ කාරණය නිසාද?

හොඳ නළුවෙක් කියලා මනින මිම්මක් තියෙනවද කියලා මම දන්නෙ නැහැ. ඒත් බොහෝ වෙලාවට නළුවෙකුගේ ප්‍රතිභාව මතුවෙන්නෙ ඔහු ජීවය දෙන චරිත හරහා.

ඉස්සර අපිව චරිතෙකට තෝරගන්න ක්‍රමවේදයක් තිබුණා. මුලින්ම කෝල් කරලා කියනවා මෙහෙම අපි වැඩක් කරනවා, හම්බවෙලා කතා කරමුද කියලා. මුණගැහිලා අතට තිර පිටපත දීලා කියනවා, අහවල් කාලෙ ෂූටිං පටන් ගන්නවා, මේක කියවලා ඔයාගෙ චරිතෙ ගැන මොනවද හිතන්නෙ කියලා කියන්න, කැමතිනම් අපි ඊට පස්සෙ ගණන් හිලව් කතා කරමු කියලා. මේ ගනුදෙනුව හරි ලස්සනට සිද්ධ වුණා.

දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්. ඉස්සෙල්ලම කෝල් කරලා අහනවා. "අයියෙ ඔයාට කළු කලිසමක් තියෙනවද? කළු සපත්තු ජෝඩුවක් තියෙනවද? ටයි තුනකුයි, සුදු කමිසෙකුයි, පාට කමිස 2ක් තියෙනවද* කියලා. මම ඔක්කොටොම ඔව් කිව්වොත් කියනවා "අයියෙ එහෙනම් වැඩක් තියෙනවා කරමුද?" කියලා. ඔන්න ඒ ටික තිබ්බොත් මට හොඳ නළුවෙක් වෙන්න පුළුවන්. තුට්ටු දෙකේ ගණන්වලට මම එකඟ නම්, මම මාර නළුවෙක් වෙනවා. "අයියා අහවල් තැන ෂූටිං තියෙන්නෙ. අයියගෙ වාහනේ එන්න පුළුවන්ද?" ඒකටත් මම හා කිව්වොත් මම මාර හොඳ නළුවෙක් වෙනවා.

එතෙන්ට ගියාට පස්සෙ පිඟානට බෙදලා දෙන ඕනම දෙයක් පේමන්ට් එකේ හරි, ගහක් යට හරි වාඩිවෙලා කෑවොත් ඔන්න මම මාරම හොඳ නළුවෙක් වෙනවා.

මට මෙහෙම කරන්න බෑ, මට වෙනම තැනක් දෙන්න, ඇඳුම් ටික මට ඕගොල්ලො හොයලා දෙන්න කියලා කිව්වොත් ඔන්න මම එපාම කරපු නළුවෙක් වෙනවා.

දැන් හොඳ නළුවො මනින්නෙ කළු කලිසමෙන්. ඉස්සර තමයි දක්ෂතාවය අනුව හොඳ නළුවො මනින්නෙ. ඒ නිසා දැන් හොඳ නළුවො හොයාගන්න නෑ, මොකද හොඳ නළුවෙක් වැඩ කරන්න හම්බවෙන්නෙ නෑනෙ.

උදාහරණයක් හැටියට රොෂාන් රවීන්ද්‍රට නැත්නම් බිමල් ජයකොඩිට වඩාත්ම ගැළපෙන චරිතයක් තිබුණට වැඩක් නෑ, ඒ දෙන්නට කළු කලිසම් දෙකක් නැත්තං. ඔය වගේ බාල දේවල් නිසා තමයි අද ටෙලිනාට්‍ය කර්මාන්තය කඩා වැටිලා තියෙන්නෙ.

අනික අද පරම්පරාවෙ බොහෝ කලා ශිල්පීන් ශිල්පිනියන් මාධ්‍යයත් එක්ක ගනුදෙනු කරන්න දන්නෙ නැහැ. අපේ පැවැත්මට උදව් කරන මාධ්‍යයට අපි ගරැ කළ යුතුයි. එවැනි මූලික මිනිස් ගුණධර්ම නැතුව අපට ඉදිරියට යන්න බැහැ. ඒ වගේම තමයි අපේ රසික රසිකාවියනුත් එක්ක තියෙන සුහදතාවයත් අපේ ඉදිරි ගමනට ඉතාම වටිනා සාධකයක්. අපේ ප්‍රේක්ෂකයින් බුද්ධිමත් පිරිසක් කියලා අපි නිතරම සිහිතබා ගත යුතු කාරණයක්. කොරියානු, ඉන්දියානු ටෙලිනාට්‍ය මෙහෙ ඕනතරම් පෙන්නනවා - ඒත් ඒවට විරැද්ධ වෙන්නවත් අපට හයියක් නෑ, මොකද අපි හොඳ ඒවා කරලා නෑනෙ. අනිත් එක අපි අතර එකමුතුකමක් නැහැ. එහෙම අපි කෑලිවලට කැඩිලා පොඩියට ඉන්න කල් පිටින් එන බලවේගවලට අපිව යට කරගෙන යන්න ලේසියි.

අපි දකින්නෙ හරි කෙටි දුරක්. පටු දේශපාලන අරමුණු නිසාත් අපේ කර්මාන්තය පාවලා දෙනවා. අපි තවම රජයට බලකරලා නැහැනෙ, මේක කර්මාන්තයක් හැටියට පිළිගන්න කියලා. විනිවිද පෙනෙන ජාතික ටෙලිනාට්‍ය ප්‍රතිපත්තියක් අපට අත්‍යවශ්‍යයි. අපට නැතිවුණත්, ඊළඟ පරපුරටවත් අපි ඒක දායාද කළ යුතුයි.

 

රමේෂ් උවයිස්

 



අදහස් (0)

දැන් හොඳ නළුවො මනින්නෙ කළු කලිසමෙන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 175 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 118 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1712 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 704 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1655 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1303 2

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site