පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දන ගැස්වූ බව කියන ගුරුවරියගේ නිවස අසලට සෙනසුරාදා රාත්‍රී යතුරුපැදි වල පැමිණි පිරිසක් නළා හඬවා, කෑගසා ගිය බව කියමින් එම ගුරුවරිය අද උදෑසන නවගත්තේගම පොලිසියට නැවත පැමිණිලි කළාය.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ලංකා ඉතිහාසයේ දේශපාලනඥයකු ගුරුවරියක දන ගැස්වූ පළමු අවස්ථාව මෙය බවයි.
සමස්ත අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණයට ලක්වීමත්, ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් පාසල් පරිපාලන කටයුතුවලට ඇගිලි ගැසීමත් මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ද, මේ තත්ත්වය තුල පාසල් පරිපාලනය දේශපාලකයන් අතට ගෙන ඇතැයි ද, මෙය බරපතල තත්ත්වයක් බව ද ස්ටාලින් මහතා කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සාධාර පරීක්ෂණයක් කර වැරදිකළ අයට නිසි දඩුවම් ලබා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ උතුම් රටට ගිය කලක්. (ත)
පේනවා නේ අශ්චර්යට යන ගමන කොපමණ රසවත්ද කියල? ඡන්දෙ දීපු අපි හැමෝටම හොඳ හොඳ තෑගි මේ ය අරන් ඇවිල්ල. මඩුවලිගෙන් ගහන්න ඕන. දෙවියනි පෙනී පෙනී අයි තවමත් නිහඬ? (ත)
මෙම සිද්ධ්ය ඇත්ත නම්,මම එය හෙලා දකිමි. (ත)
අනේ ඇත්තට මෝටර් බය්සිකල් වල හුලන් ඇරලා මේ ටික අල්ලලා ගස් බදින්න පිරිමියෙක් හිටියේ නැද්ද. ? (ත)
මේ වගේ දේවල් කරන අයට හොඳ දඩුවමක් දෙන්න ඕන. (ත)
ඔය වෘත්තීය සංගමය සැබෑ උවමනාවකින් ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටිනවානම් මෙම සිද්ධියෙන් දෙශපාලන වාසි නොගෙන වහාම මෙම දේශපාලකයාට එරෙහිව සාපරාදී අපහාසයට විශාල වන්දියක් ඉල්ලා (කෝටි දෙකක් පමණ ) නඩුවක් ගොනු කරන්න. අසාධාරණයට ලක් වූ ගුරුතුමියට ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා ආරක්ශාව සපයන්න. (ත)
මෙවැනි සිද්දි නතර කල හැක්කේ ඇති ගරු ජනාදිපතිතුමාට පමණයි. එතුමා ඉක්මනින්ම මේ ගැන තීරණයක් ගනීවි. (ත)
මෙයාව දේශපාලනයෙන් අයින් කරලා දැම්මොත් ඔය කියන හෙන්චයියෝ කවුරුත් ඔහු සමග ඉන්නේ නෑ. අද පක්ෂවල සවිය මොවුන් වගේ අයයි. ඒක නිසා අයින් කරන එකක් නෑ. (ත)
දේශපාලකයන්ට කතිරය ගැහුවේ රට පාලනය කරන්නනේ. ඉතින් ගුරුවරියක් දන ගැස්සුවේ එයාට හොද පාඩමක් කියා දීලා හොද පුරවැසියෙක් කරන්න වෙන්න ඇති. (ත)
මේවා බාර කවුදෝ ඇමති කෙනෙකුත් ඉන්නවා නේද මේ සම්බන්ධව කටයුතු කල හැකි. (ත)
බත් පැකට්එකට වැඩ කරන අය ඔය කෑගහන්නේ, සැලෙන්න එපා විසදුම උසාවියට බාරදෙන්න, රුපියල් ලක්ෂ පනහක වන්න්දියක් ඉල්ලන්න,සත්‍ය ජයගනී...(ත)
පොඩි වාසියකට තමන්ගේ පවුල වුණත් විකුණන අය දැන් ඉන්නේ. මේ වැඩ පෙන්නලා ගිහින් තියෙන්නෙත් එහෙම කට්ටියක්ද දන්නේ නෑ. (ත)
ස්ටාලින් මහත්තයෝ , දේශපාලනඥයා මේ දනගේසුවේ ගුරුවරිය නොවෙයි. අධ්‍යාපනයයි.
එදා සමෘද්ධි නිලධාරියව ගස් බැඳපු පුද්ගලයට දඩුවමක් දුන්නනම් ආයේ ඕවා වෙන්නේ නැහැනේ. (ත)
ඔය දේශපාලකයෝ පාසල් ගිය අය නෙමේනේ. ඒක නිසා එයාලා ගුරුවරුන්ගේ අගය දන්නේ නැහැ.(නදී)
මන්ත්‍රී ගේ මකුණෝ කනවා ඇති ගණන් ගන්න එපා. අපායට යන පාර ආරම්භ වෙන තැන. (නදී)
මම හිතන්නේ ගුරු තුමියට පළාත ඇත හැර යන්න වනවා . නැතිනම් තව පාරක් වැඳලා සමාව අරන් නඩුව ඉවත් කර ගන්න සිදු වෙනවා . නිදහස කියල දෙයක් අහිංසක ජනතාවට විඳින්න නැහැ මේවගේ මන්ත්‍රීවරුන් නිසා. අපේ ඡන්දෙන් ගොස් අපිටම ගසන මන්ත්‍රීවරුන්. (ත)
රට වැසියනි, මේ දේශපාලකයා දන ගැස්සුවේ රටට දැයට ලක් පුතුන් බිහි කරන මාතාවක්. මෙවන් අය සහ සහචරයන්ට හොඳ දඩුවමක් දෙන්න ඕන. (ත)
ගෙදර බල්ල පාරේ යන මිනිස්සු කනවනම් ගෙදෙර මිනිහ වගකියන්න ඕනේ. ආණ්ඩුවේත් දේශපාලනඡයෝ වැරදි කරනවානම් ඉහළ කට්ටිය වග කියන්න ඕනෑ. (ත)
ජනාධිපති තුමාටත් මේවා පෙන්නේ නැද්ද ? අපේ බල සේනාවන් මේවට විරුද්ධ නැද්ද ? කවුරුද මොවුන්ට විරුද්ධව කෑ ගසන්නේ . අපේ රටට ගිය කලක් .මේ වගේ රටක උපදින්න අවාසනවක්ම කරලා ඇති අපි. (ත)
තව ටික දවසකින් කියාවි ගුරුවරිය දන ගැස්සුවා නොවෙයි ...ඇය දන ගහ ගත්තා කියල .......අනේ ලංකාවට උන දෙයක් .. (ත)
මේකද මේ ප්‍රජාතන්ත්‍රවාදයයි නිදහස් අධ්‍යාපනයයි කියන්නේ.. අනේ ඇත්තටම පාසලක් හරියට පරිපාලනය කරන්න බැරි විදුහලපතිලා ඉන්නකොට මේවා සිදුවෙනවා.. මේ මන්ත්‍රීලව පාරවල් වල ඉනි වැටවල් වලට හිටවලත් පලක් නැතිවෙයි (ත)
පළාත් සභා ඉවත් කරලා, ප්‍රාදේශීය දේශපාලක මැරයන්ගෙන් රට බේරා ගන්න පුළුවන් කෙනෙකුට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! නැත්නම් මෙයාලා පාර්ලිමේන්තුවට ගිහින් රටේ ඉතිරි හරියත් ඉවර කරයි. (ත)
මේ යන්නේ කොයි පාරේ ......(ත)
මන්ත්‍රී ඇතුළු පිරිස සැප්තැම්බරයේ ගෙදර යැවිය හැකියි. (ත)
වගකිවයුත්තන්ට ආවඩා ආවඩා ආයු බොහෝ වේවා! (නි)
ජනාධිපතිතුමනි, මේ පිළිබඳ සොයා බලා නැවත මෙවැනි දේ නොවෙන්නට දඩුවම් පමුණුවන්න. (ත)
ඊළඟ සැරේ දේශපාලනේට පෙර පාසල් ළමයින් යවන්න. වැඩක් නොකලත් කාටවත් හිරිහැරයක් නැහැ. (ත)
නිදාසිටින සඟ, වේද ,ගුරු ,ගොවි ,කම්කරු අවදි වීමට කාලයයි මේ . (ත)
කොදු ඇට නැති ජනතාවක් ඉන්නතකල් මේ වගේ දේවල් අසන්නට සිදුවේ .ගුරුතුමියනි බිය නොවන්න . (ත)
පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වෙලා ඔහොම වැඩ කරනවානම් ජනාධිපති කෙනෙක් වුණොත් ලංකාවම දනගස්වාවි. ගුරුවරු කියන්නේ දෙවිවරු කියල අපේ දෙමව්පියෝ කියන්නේ. හොදම දඩුවම තමයි ගුරුවරිය විසින් මන්ත්‍රීවරයාව දනගස්වන එත. (ත)
අනේ ගුරුතුමියනි, වේවැල් කසායක් දෙන්න තිබුනනේ (ත)
ඉන්දියන් සාගරයේ මුතු ඇටය අමුතු ඇටයක් වෙලා හුඟක් කල්. මේවා අහන්න ලැබෙන එකත් කරුමයක්. මෙහෙම දේවල් වෙනවා දකින්නෙත් දැන් තමයි. තව ඉස්සරහට වෙන දේවල් ගැන හිතන්නත් බයයි. (නදී)
අපේ රටේ අධ්‍යාපනයට ඇමැති කෙනෙක් නැද්ද? (ත)
දන ගස්සන කන් අනෙක් ගුරුවරු විදුහල්පතිනිය අහක බලන් හිටියද ? අනෙකාට වෙන අසාදාරණයේදී හඩ නොනගන නිද්‍රාශීලී සමාජයක අපි ඉන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න සැවොම එකතු නොවුනොත් අනාගතය අදුරුයි.(නදී)
අපි බලා සිටිමු ලංකාවේ වැදගත් දේශපාලකයෙක් ඉන්නවාද කියලා. මේයට සාධාරණය ඉටු කිරීමට වැලැක්වීමට කටයුතු කරන අයට එරෙහිවීමට. මට ඉර හද සේ විශ්වාසයි අපගේ අතිගරු ජනාධිපතිතුමා මෙවැනි දෙයට කැමැති නැති බව. බලන්නකෝ වැරදි කරුවන්ට වෙන දේ.(නදී)
මේ වගේ නුගත් මිනිස්සු දේශපාලනයට යවන මිනිසුන්ට මේවා හොඳ පාඩම්. රට හැම අතින්ම විනාස වෙන්නෙ මේ වගේ මෝඩයෝ දේශපාලනයට යවන නිසා. වෘත්තීය සමිති ප්‍රකාශ නිකුත් කරාවි, හෙලා දකීවි. තව ටික දවසකින් කියාවී ඇප මත නිදහස් කියලා. ඔයිට වඩා දෙයක් වෙන්නෙ නෑ. තමන්ගේ වෘත්තියේ ගෞරවය රැකගන්න එකතු වෙලා ශක්තිමත්ව නැගී සිටින්න කොන්දක් නැත්නම්, මේ වගේ මෝඩයෝ ඉස්සරහ බලු වෙන්න වෙනවා. (නදී)
බලව්, ආස්චර්යයේ අරුමය. භික්ෂුන් දේශපාලකයන්ට දන නමස්කාර කර ආචාර්ය නම්බුනාම පුදන රටක්, බලයෙන්, උඩඟු කමින් නිතිය අතට ගත් දේශපාලකයන් සිසුන් ඉදිරියේ ගුරුවරුන් දන ගස්වන රටක්. මේ සියල්ල සාධාරණියකරණය කර කතා කරන ආගමික අනුගාමිකයන් සිටින රටක්.(නදී)
මේ උගත් මන්ත්‍රී වරුන්ට ඡන්දෙ දුන්නේ කව්ද? (ත)
ජනාධිපතිතුමනි, මේ වගේ අය තියාගත්තොත් ඔබතුමාගේ නමත් කනවා. ඒ නිසා හැකි ඉක්මනට මේවට විසදුම් දෙන්න. එක්කෙනෙක් ගස් බදිනවා. තව කෙනෙක් දන ගස්සනවා. තව ටික දවසකින් තව කෙනෙක් මොනවා කරයිද දන්නේ නෑ. (ත)
රටේ අධ්‍යාපන ඇමති ඉන්නේ රටට මිනිස්සු හිනස්ස වන්න විතරද මේ වගේ ප්‍රශ්න වලදි කතා කරන්න බැරිද? (ත)
මැනික් සහ රාහුල ලංකාවේ නෙවේ වගේ ඉන්නේ. බබාල වගේ කතා කරන්නේ.(නදී)
අනේ ඔය මන්ත්‍රී ස්කෝලේ ගිහින් නැහැ නේද?(නදී)
කම්මලේ නිදාගන්නා බල්ලාට අකුණත් මහා හඩක් නොවන සේ ලාංකික සමාජයට ද මෙම සිද්ධ්ය තවත් එක් සුළු සිදුවීමක් විය හැකියි .නමුත් රටේ සදාචාරය ඉදිරියේ මෙය සුළුපටු නොවේ. දැනටමත් සිද්ධිය යටපත් කිරීමට අවශ්‍ය මුලික ක්‍රියාකාරකම් අදාල මන්ත්‍රීවරයාගේ සහචරයින් ආරම්භ කර තිබේ. ගුරුවරියට වැඳ සමාව ගැනීමෙන් හෝ මුදලක් ගෙවීමෙන් ගුරු වෘත්තියටම සිදුවූ අපහාසය මැකිය නොහැක. රටේ පාලනයට සම්බන්ද මේ පුද්ගලයා මේ තනතුරට නුසුදුසු පුද්ගලයෙකු සේ සලකා තනතුරින් පහකිරීම අනාගත පරපුරට දෙන පුර්ව ආදර්ශයක් යැයි මගේ හැඟීමයි. නමුත් එය රටේ දේශපාලනයට හා පක්ෂ නායකත්වයට ඇති වගකීමකි. රටේ යහපාලනයේ වෙනසක් කිරීමට නම් වඩා ප්‍රායෝගික වන්නේ ඉහල සිට පහලට නොව පහල සිට ඉහලට එය ක්‍රියාත්මක කිරීමෙන් බව ද මාගේ විශ්වාසයි.(නදී)
කට්ටිය ප්‍රතිචාර දාන්නේ හරියට මේ දේවල් මේ වගේ වෙන්නේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ආවට පස්සේ වගේ. අපිට 88/89 අමතක නේ.. අනික් පැත්තේ කටිටය ආණ්ඩු කළ කාලවල් අමතක නැහැ. වැරදීකාරයට දඩුවම් දෙන්න කියලා ඉල්ලනවා මිසක් හැම වරදම ආණ්ඩුව පිටින් දාන්නේ ගුරුතුම්මීටම් ආදරේට වෙන්න ඇති.(නදී)
කව්ද මේවට වගකියන්නේ? (ත)
සමහර දේශපාලඥයන් කල මැර ක්‍රියා වලට බලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකළ වැරැද්දේ අනිසි ප්‍රතිඵලය් අපිට දැන් මේ අත් දකින්නට ලැබිල තියෙන්නේ. දැන් ඒ දේශපාලන මැර ක්‍රියාවන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා අපේ රටේ.(නදී)
දේශපාලකයෝ වැරදියි. ඔවුන් හැම දේටම බලය පාවිච්චි කරනවා. ලංකාවේ පසෙල් වලත් ඕනැවට වඩා නීති. ගවුම උසට ඇදල නම් මොන වැරැද්දක් කලත් කමක් නැහැ. ඔය ගුරුවරියෝ පිටරට ආවම එයාලත් අදින්නේ කොහොමද කියලා දන්නේ පිටරටවල ඉන්න අය විතරයි.(නදී)
ජනාධිපතිතුමනි, රජය අවතක්සේරුවට වැටිලා. ඔබ රටට කළ උතුම් මෙහෙය වල්බිහිවීගෙන යනවා. ඔබගේ පක්ෂයේ ඉන්න සමහරක් අය නිසා. දෑස් පිසදා බලන්න රට දිහා. මේ නරුමයන්ව රටටම පේන්න කනෙන් ඇද මහ මුහුදට විසිකරන්න.(නදී)
ස්ටාලින් මහත්තයෝ, දේශපාලනඥයා මේ දනගේසුවේ ගුරුවරිය නොවෙයි. අධ්‍යාපනයයි.(ත)
මේනික.නින්දෙන් හීනයක්වත් දැකලද නැගිට්ටේ? (ත)
මානව හිමිකම් කාර්යාල ලංකාවේ එපා කියපු අය ඉන්න රටකනේ අපි ඉන්නේ. (ත)
ඒකනේ වීරවංස මහතා කියන්නේ පළාත් සභා විසුරවන්න කියල. ඔය මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ හිටියනම් ඕව කරන්නේ නැහැ. (ත)
අයි බැරි මේ කියන ළමයාව ඉස්කෝලෙන් අස්කරලා වෙන පාසලකට දන්න? එක්කෝ මේ මන්ත්‍රීතුමා මේ ගුරුවරියට දණගහල වැඳලා සමාව ගත යුතුයි. නැත්නම් මන්මන්ත්‍රී ඉල්ලා අස් විය යුතුයි. ඉක්කෝ හිරේ යා යුතුයි. (ත)
පෙරේරා මැති තුමෝ ,අපට අවශ්‍ය වන්නේ අතීතයේ සිදුවූ අයහපත් දේ අනාගතයේදී ත් සිදු නොවීමටයි. ඔබගේ හිස මත පැළඳ සිටින වර්ණවත් තොප්පියත්, දෙනෙතේ පැළදගෙන තිබෙන පාට කන්නාඩියත් ගලවා දමන්න. එවිට හර්දසාක්ෂිය තුලින් හිතන, සැබෑ දෙනෙතින් දකින සැබෑ ලෝකය ඔබට දිස්වේවි.(නදී)
මම හිතන්නේ කළ යුතු හොදම දේ පළාත් දේශපාලනඥයා පත් කළ මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තුවට ගැනීමයි. ඔහු ඇමැතිවරයෙක් වීමට හොදට සුදුසුකම් ඇති බව ඔප්පු කර තිබේ. (ත)
ගුරුතුමියට පොලිස් ආරක්ෂාව දෙන්න වෙයි වගේ. (ත)
මේක කරපු කෙනා කොටුව දුම්රිපොළ ඉදිරිපිට දන ගස්වලා තියන්න ඕන. ජනපතිතුමනි රජය අපකීර්තිමත් කරන මෙයාලා පන්නන්න. (ත)
රාහුල, දැන්වත් කඩේ යන එක නතර කරන්න. නායකයින්ගෙ වැරදි පූර්වාදර්ශ නිසයි මෙහෙම දේවල් සිදුවෙන්නෙ. (ත)
මානව හිමිකන් නඩුවක් දාන්න ජිනිවා. සමහර කට්ටිය කෑ ගහයි රටේ ප්‍රශ්න එළියට ගෙනියනවා කියලා. ගනන් ගන්න එපා. මොකෝ අපේ රටේ හරක් මස් කෑල්ලට පාරවල් ගානේ ජල්ලි ඇල්ලුවට මෙහෙම දෙකට කොන්ද තියන අය නැහැ. (ත)
මේක රටක්ද? කෝලම් මඩුවක්ද? අපි තරම් ලොකු සංස්කෘතියකට උරුමකම් කියන අය මේ ලෝවෙත් න මේ ලොවෙත් නැහැ කියන ප්‍රබුද්ධයන්ගෙනුයි අහන්නේ? (ත)
මේ බලු වැඩ නතර නොකලොත් ලබන පාර අපේ ඡන්දෙ ලොක්කට දෙන්නේ නෑ.(නදී)
පෙරේරා වගේ බඩ ගෝස්තර වාදීන්ට මේ පවතින දේශපාලන සහ සමාජ ක්‍රමය වාසී සහගත විය හැක. එහෙත් රටට සහ සමාජයට ආර්ථිකයට තර්ජනයකි. අවැඩකි, විපත්තියකි. රටක් ගැන හිතන්න.(නදී)
හෙළ බොදු අප බුදු දහමේ මුල වන හේතු පල නීතිය ගැන හිතන්න. වහාම පළාත් සබා නැති කරමු. (නි)
මේ රටේ ඉපදීමත් කරුමයක් වගේ මේක අපේ සදාචාරයට කරපු පහරක් , ගුරුවරියට පමණක් නොව මටත් ගැසුව වගේ මට දෙනෙන්නේ . (ත)
ඔය වගේ අය ඔය වගේ තැන් වලට යවනකොට ඔහෝම වෙනවා තාමයි. ජනතාව දැන ගන්න ඕනේ බෝනස් එකේන් ඔය තැනට ඇවිල්ලා ඔය විදියට නටන උඩ පනින මේයාලව ඇපත් නැතිවම ගෙදර යවන්න. මතක තියා ගනිල්ලා වයඹ මිනිසුනේ එන සැප්තැමිබරය ඔය අයට එය තේරුම් කර දිමට උඔලාට ලැබෙන අවස්තාවයි.(නදී)
ළමයාගේ පියා මෙම මන්ත්‍රී විය නොහැක, තම දරුවාට ආදරය ඇති පියෙක් නම් ගුරුතුමිය පැසසිය යුතුය.(නදී)
නදීකා, ඔයා මොන වගේ මනුෂ්‍යයෙක්ද?කවදාවත් පාසල් ගිහින් නැද්ද? (නි)
අද හෙට ගුරුවරිය පොලිසියට ගිහින් , තමා විහින් දන ගහගත් බවත්,මන්ත්‍රීතුමා ඉස්කෝලේ පැත්තටවත් අවේ නැති බව කියයිද මන්දා.(අ)
අසාධාරණයට විරුද්ධව හඬ නැගීම බොහෝ දෙනාට එපා වෙලා. මොකද හඬක් නැගුවට වැඩක් නැහැ. අනික බොහෝ සාමාන්‍ය ජනතාව බල පුළුවන් කාරයන්ගෙන් පීඩා විඳීමට කැමතියි. එයට විරුද්ධ වෙනවට අකැමැතියි. යකඩ සපත්තුවට පෑගිලාම ඉන්නයි ඕනේ. අනේ ඉතින් අපි කෑගහලා අපේ උගුර ලේ රහ වෙන එක විතරයි වෙන්නේ? සමහරු හිතනවා අපේ ඔලුව නරක් වෙලා ඒවාට විරුද්දව කෑගහනවා කියලා. අනේ ඉතින් කාට කියන්නද? (නදී)
ගුරුවරියට පොලිසියේ ආරක්ෂාව දෙන්න (අ)
ගුරුවරියට පොලිසියේ ආරක්ෂාව දෙන්න.(නදී)
ගුරුවරියට පොලිසියේ ආරක්ෂාව දෙන්න.(නදී)
රට ජාතිය සදාචාරය වනසන මේ යුද්දය අවසන් කරන්න කෙනෙක් නැහැනේ.(නදී)
එම ශිෂ්‍යාවට එරෙහිව විනය පරික්ෂනයක් කරන්න.(නදී)
පාසැලේ අනෙක් ගුරුවරුන් එම ශිෂ්‍යාවට උගන්වන එක නවත්වන්නයි තියෙන්නේ.(නදී)
රටේ ඇතැම් දේශපාලනඥයන් කරන වැරදි වැඩ දැක දැකත් ඉහල දේශපාලන නායකත්වය විසින් ලිහිල් ප්‍රත්‍රපත්තියක් අනුගමනය කිරීමේන් ලැබූ පූර්වාදර්ශ තමා ඔය සිද්ධිය හා ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙ වැඩවලින් පේන්නේ.(නදී)
චින්තනය කියන එක බොහොම බලගතු බෙහෙතක්. මෙයා නියම ගානට වැඩියෙන් ඒක පාවිච්චි කරලා වෙන්න ඇති. පොඩ්ඩක් හරි වැඩියෙන් ශරීර ගත වුනොත් ඔලුව ඉදිමෙනවා. මී හරකෙක් වගේ වැඩ කරන්න හිතෙනවා. දැන් පිස්සු.(නදී)
මෙම ප්‍රවුර්තියෙන් ගම්‍ය වන්නේ රටේ නීතිය තවමත් දෝලනය වන්නේ දෙසපාලකයන් අතේ කියා නොවේද?(නදී)
ලංකාවේ මිනිස්සු කන්නේ පිදුරුද මන්දා? (නි)
ඉස්සරහට මේ චින්තනය යටතේ හාමුදුරුවන්ටත් දන ගහන්න වේවිද මන්දා? (නදී) ..
දෙයියනේ මේ අපි කොහෙද යන්නේ. අපි ඉන්නේ අමෙරිකාවේ හැමදාම රට දිහා බලාගෙන ඉන්නවා. මේ මන්ත්‍රීගේ තාත්තා හරිම සැර ගුරුවරයෙක්. එයා දැන් නැහැ. අපිට ඉගැන්නුවා නමුත් තමන්ගේ ළමයට උගන්නලා නැහැ වගේ.(නදී)
අනේ මන්දා, ලංකාවේ දැන් දැන් සිද්ධ වෙන දේවල් බැලුවාම තව ඉස්සරහට මේ රට සැනසිල්ලේ ජීවත් වෙන්න බැරි රටක් බවට පත් වේවි. මෙවැනි තත්වයන් උඩ උගතුන් රට හැර යාම වැලැක්විය නොහැක.(නදී)
දිසානායක, සුදත් මහත්තයලට ඕන දේ අපිට හොදට පේනවා. මගේ හර්ද සාක්ෂියට කලින් ඔයාලගේ පපු වලට තට්ටු කරලා බලන්න. දකින පාටවල් මොන පාටද කියලා. 88/89 ගුරුවරුන්ගේ ඔලු කටු කුඩු කරපු අය අද ගුරුවරු වෙනුවෙන් අඩන කොට අපිටත් ඇඩෙනවා. මේ දේශපාලන ක්‍රමය අනුමත කරනවා නෙමෙයි. හැම දේම වෙන්න පටන්ගත්තේ මේ කාලේ කියලා දාපු ප්‍රතිචාර දකින කොට අපිටත් තරහා යනවා.(නදී)
මෙයාගේ දුව වැරදි පාරක ගිය දාට තේරෙයි කරපු වරදේ බරපතලකම. ඒත් එදාට ගොඩාක් පරක්කු වැඩියි. (නි)
ඔය සරසවි වලින් යන අයව හොදට පුහුණු කරලා ළමයින්ට හොද නරක කියලා දෙන්න දාන්න. ඒ වගේම දේශපාලනය කරන අයට චන්දෙ දෙන්නත් දෙපාරක් හිතන්න. ඔය දෙගොල්ලොම දැන් එකයි. වැඩි වෙනසක් නැහැ. ගුරුවරු වැඩ වර්ජනය කරනවා. දේශපාලකයො රට කනවා (නි)
මේවාට නම් උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)
වරදේ බරපතලකම තේරෙයි. එක්කෝ මේ මන්ත්‍රී මේ ගුරුවරියට දණගහල වැඳලා සමාව ගත යුතුයි. නැත්නම් මේ මන්ත්‍රී ඉල්ලා අස් විය යුතුයි. එක්කෝ හිරේ යා යුතුයි. මේ වැඩ නතර නොකලොත් ලබන පාර අපේ ඡන්දෙ දෙන්නේ නෑ.(නදී)
මේ රටේ රජ වෙලා තියෙන්නේ දේශපාලන පාදඩයන් බව හැම අතින්ම පෙනෙනවා. මෙය නැවත්වීමට සියලුම සාමකාමී පුරවැසියන් සිහි බුද්දියෙන් යුතුව ඡන්දය දිය යුතුයි.(නදී)
එකම පිළියමයි තියෙන්නේ. මෙයාව පළාත් සභාවෙන් සහ මන්ත්‍රී කමෙන් එලවනකම් ලංකාවේ සිටින සියලුම ගුරුවරු වැඩවර්ජනය කල යුතුයි. පක්ෂ බේදයක් නැතුව. නීතිය දැන් වැඩක් නැහැ මහජන නීතිය තමයි ක්‍රියා කරලා පෙන්නන අවශ්‍ය මෙයාලා පස්සෙන් යන අනිත් අයටත් තේරෙන්න.(නදී)
දැන් අපි මේ ආණ්ඩුවට හැදෙන්න දුන්නු ඉඩ හොදටම ඇති.(නදී).
මේ වගේ අයව බලයට පත් නොකරමු. ජනතාවගේ අයිතිවාසිකම් රකිමු !! (නි)
මේවා ට මොකද්ද දෙන දඩුවම (දී)
කියන්න වදන් නැහැ මේවට (නි)
මෙම ගුරු මහත්මියගේ ආරක්ෂාව ගැන රජය දැඩි අවධානයක් යොමු කලොත් හොදයි. නැත්තම් පරක්ක වැඩි වෙයි.අපේ රටේ හොරෙක් මංකොල්ලකාරයෙක්,ස්ත්‍රි දූෂකයෙක්,මිනී මරුවෙක්,ළමා අපචාර කාරයෙක්,අල්ලස් දූෂිතයෙක්,කුඩුකාරයෙක් ඇල්ලුවොත් දේශපාලනය ගෑවෙනවාමයි. මේ විනාශය වගකිවයුත්තන්ට නොපෙනී තියෙන්න බැහැ. (නි)
බල්ලෝ බුරන්නේ නැතුව කුංචනාද කරන්නද ඉස්කෝල හාමිනේ, ගණන් ගන්න එපා. ටික දවසයි ඇරිලා යයි.(නදී)
ජනාධිපතිතුමනි, ලංකාව නම් දැන් හොදටම සවුත්තු වෙලා. සෝමාලියාව වගේ. මෙහෙට මැද පෙරදිග නීති ගෙන එන්න. අපරාධ කරුවන්ට නිසි දඩුවම් දෙන්න (නි)
ගුරුවරුන් අතරත් නොගැළපෙන අය ඉන්නවා. තමන්ගෙන් ඉගෙනුම ලබන දරුවන් අපයෝජන කරන, දුෂණය කරන, මේ ලගදි පත්තරේ තිබුණු විදියට ලමයි ගණිකා වෘත්තියේ යොදවන ගුරුවරියෝ වගේ විෂම චරිත.දේශපාලනය කරන්නන් අතරත් ඒ වගේ අය ඉන්නවා.සර්ව සාදාරන සමාජයක් මේ ලෝකේ තිබුනෙත් නැහැ. ඇති වෙන්නෙත් නැහැ. එහෙම වෙන්න නම් හැම මිනිහාටම එකම හිතක් තියෙන්න ඕනෑ. (නි)
මෙලෙම අපේ මවුබිම විනාශ කිරීමට ඉඩදී අපි නිහඩව සිටීම වැදු මව කව්රුන් හෝ දුෂණය කිරීම අනුමත කිරීමට සාමානයි. රණවිරුවෝ මේ රට නිදහස් කලේ දේශපාලකයන්ට රිසි දේ කරන්න නෙමෙයි (නි)
දැන් එයා හිරේදී දණ ගහගෙනද දන්නෙ නැහැ ඉන්නේ (නි)
අහෝ කද ඇති හිස නැති දේශපාලනඥයිනේ!, (නි)
දැන් ඔය බලාගෙන තියෙන්නේ හොඳට. අපේ ගුරුතුමීට රස්සාවෙන් අස්වෙන්න වුනේ නැත්නම් ලොකු දෙයක්. (නි)
හරිනම් මන්ත්‍රීව පාරමැද දණ ගස්සන්න ඕනෑ (අ)