වරෙන්තුකරුවකු වන ධනූන තිලකරත්නට රැකවරණය දුන්නැයි ඔහුගේ මිත්තනිය එලන් විමලා තිලකරත්නට (85) එරෙහිව පවරා ඇති නඩුවේ විත්ති වාචක නොගෙනම ඇය මුදා හරින්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගෙන් ඉල්ලා සිටියහ.
ඔවුන් පැවසුවේ ඇය වැරදිකාරියක් කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බවයි.
එලන් විමලා තිලකරත්න නඩුවෙන් මුදා හරිනවාද නැද්ද යන්න තීරණය කිරීම ලබන 24 වැනිදාට කල් තැබිණි.
ධනූන තිලකරත්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගර, නිවැරදි නම් එය ඔප්පු කල යුතුවන්නේ දැන්ය, ලබන ආත්මය තුල නොව ,(අ)
මිනි මරුවොත් ලස්සනට බේරිලා එන්න රට ශ්‍රීලංකාව. ලජ්ජා නැති ජාතියක්, (අ)
බන්දුල පෙරේරා කියන විදියට නීතිය ඉදිරියට ගොස් නිදොස් බව පෙන්විය හැකි නීතියක් අද රටේ තියනවද?එහෙම තියනවා නම් සමහර අයට රජ සැප විදින්න පුලුවන්ද ? ස්වාධීන කොමිසන් සභා ඕනෑ වෙන්නේ මේවට තමයි (දී)
ලංකාවේ නීතියක් කියලා එකක් තියනවද? (දී)
මේ රට යන විදියට ජෙනරාල්තුමාට ආයෙත් රට බේරගන්න යන්න වෙයි වගේ. (දී)
ආච්චි අම්මා උසාවියෙන් නිදහස් කරන්න ඉස්සර නිදහස් වෙයිද දන්නේ නෑ.(නදී)
මේ අසාධාරණය නොතේරේද? පන්දම් ඇල්ලුවා ඇති. අපිට නම් පුන්නක්කු බොන්න බැහැ. හරි වැඩේට හරි කියනවා, වැරදි වැඩේට වැරදි කියනවා. (දී)
අනේ ආච්චි අම්මට වද දෙන්න එපා. බන පදයක් අහලා හිත සතුටින් ඉන්න ඉඩ දෙන්න. ලොකු පිනක්. (දී)
පුද්ගලික පලිගැනීම් කරන අයට නම් මේ ආත්මය තුලම ප්‍රතිපල ලැබේවී. කාලය විසදන කොටස එයි. (දී)
මෙතුමා ඒ දවස්වල කිව්වේ කවදාවත් දේශපාලනේ කරන්නේ නැහැ කියලයි. අනේ මන්දා ඕවා (දී)
සත්‍යය කවදා හෝ ජය ගන්නවා. ඒක සත්‍යයක් .නමුත් වර්ථමානයේ ලංකාවේ පවතින දේශපාලන වාතාවරණය හා නිතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව සත්‍ය ජයගන්නවා යැයි පැවසීමත් සැක සහිත දෙයක්(දී)
පලි ගැනීමක් එස්.එෆ් ට වරදක් කියන්ඩ බැහැ.(නදී)
වාස්ගේ පුතාටත් මේ විදියට කරයිද දන්නේ නැහැනේ.(නදී)
ෆොන්සේකා මුලදී නම් කීවේ හමුදාපති වුනාට ඉන්න ගෙයක් දොරක්වත් නැහැ කියලා නේද? අනේ මන්ද මේවා ඇහුවා කියල මට බනීද දන්නේ නැහැ.(නදී)
බන්දුල පෙරේරා, නදී ඔයාලා දෙන්නා ලංකාවෙද නැත්නම් ඒරොප්පෙද ජීවත් වෙන්නෙ. මේ රට කාපු සහ කන එවුන්ට කියන්න තියෙන වචන රට බේරගත්ත, තුන් වතාවක් වෙඩි සහ බෝම්බ ප්‍රහාර වලට ලක්වුණ එතුමට කියන්න එපා.(අ)
ආච්චට නිදහස අරන් දීලා, බෑනව රහස් පොලිසියට බාර දීලා පොන්සේකා මහත්තයෝ රට හදන්න. හූනා කිඹුල්ලු වෙනවා, කිඹුල්ලු හුනා වෙනවා.(නදී)
අනේ මන්දා මේ අවු 85 ක මනුස්සයෙක් නේද ? කැතයි හොඳේ , හොඳ වෙලාවට කොත්මලේ කිරි අම්මයි , එළාර රජුරුවොයි නැත්තේ. නැත්නම් එළාර රජුරුවෝ දෙකක් නැහැ නඩු දානවා කොත්මලේ කිරි අම්මා දුටු ගැමුණු කුමාරයට කන්න බොන්න දීලා රැකවරණය දුන්නා කියලා. මේවා අහලා පන පලයන් පෙරේදා කීවලු.(නදී)
ඔබ ඔබේ බෑනා ඉදිරිපත් කරලා ඔබේ සාදාරණත්වය ඔප්පු කරන්න. එහෙම ඔබ නොකරන්නේ එසේ කිරීමට බැරීකමක්වත් තියෙනවද? (දී)
ඔය අත්තම්මා ලඟත් තියෙන්න ඇත්තේ හැම අම්මා කෙනෙක්ම ළඟ තියෙන දරු සෙනෙහසම තමයි. මානුෂික පැත්තට නීතියේ ඉඩක් නැද්ද? (දී)
ඔබ නිවැරදි නම් ඔබේ නිවැරදිකම ඔබට කවදාක හෝ ඔප්පු කරන්න හැකිවේවි (දී)
අවුරුදු 85ක් වෙන අම්මා කෙනෙක්ට කරන දෙයක්ද මේ? මම නම් එකග නැහැ (දී)
ඇගේ වයස ගැන අනුකම්පා කළ යුතුයි (දී)
පොන්සේකා මහත්තයෝ, වංචාවට දුෂනයට යහපාලනයට හඩ නගන ඔබතුමා, ඔබතුමාගේ නමට ලොකු කැළලක් වෙලා තියෙන මේ බෑනගෙ ප්‍රශ්නේ විසදන්න උත්සාහයක් නොගන්න එක අපිට ප්‍රශ්නයක්. මෙයාව ඉදිරිපත් කරලා ඔය තියෙන චෝදනාවලට නිවරදිකරු කියලා උසාවියෙන් ඔප්පු කරවලා ඔබ තුමත් හොරෙක් කියල කියන කට්ටියට නිසි පිළිතුරු දෙන්නකෝ. මට තියෙන අනිත් ප්‍රස්නේ තමයි ඔබ තුමාගේ දුවලා දෙන්න ඇමෙරිකාවෙ ඉගෙන ගත්තේ ආණ්ඩුවේ සල්ලි වලින් කියල සමහරු කියනවා. මමනම් හිතන්නේ නැහැ ඔය මොන ලොක්කගේ දරුවෙකුටවත් පිට රට ඉගෙන ගන්න ආණ්ඩුවේ සල්ලි දෙනවා ඇති කියලා. දුන්නත් ඔබතුමා කියන කරන විදියට තමන්ගේ දරුවන් සදහා අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් වියදම් ආවරණය කරයි කියලා අපිට හිතන්න බැහැ. ඔබ තුමාට ලැබුණු පඩිය මදිද මේ වගේ තව හතරක් පිටරට යවල උගන්නන්න. මොකද තව පිය උරුමෙන් මව් උරුමෙන් අනෝමා නෝනගෙන් ආපු දේපල පොඩි කන්දරාවක් තියෙනවද. මේ කට කතා හදන මිනිස්සුන්ගේ කටවල් වලට පනුවෝ දන්නා ඕන..අම්මපල්ලා.(නදී)