IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


“දෙනවයි කියලා දුන්නේ නෑ“

අබාධිත සෙබළු අද (03) සිව්වැනි දිනටත් කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණය කරති.පොරොන්දු වූ පරිදි රජය තම ඉල්ලීම ඉටු නොකරන බව ඔවුහු කියති.

“අපි දේශපාලනය කරනවායැයි හංවඩු ගහනවා.අපිට එහෙම දේශපාලනයක් නැහැ.නමුත් අප සමග සටනට එක් වන ලෙස හිටපු ජනපතිට,හිටපු ආරක්ෂක ලේකම්ට,බොදු බල සේනාවට සහ රාවණා බලයට ආරාධනා කර තිබෙනවා“යැයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලකාය කියයි.

මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ මාධ්‍ය හමුවකදී පැවසුයේ ඔවුනට දුබලතා විශ්‍රාමතා වැටුප සහ මුලික වැටුප සම්පුර්ණයෙන්ම ගෙවීමට ජනපති තීරණය කර ඇති බවයි. ඇතැමුන් දේශපාලන උවමනාවට කටයුතු කරන බවත් අබාධිත සෙබළුන් ඇතැමෙකු උදේට වෑන් වලින් ගෙනත් දමා හවසට රැගෙන යන බවත් ඔහු කීවේය.

1 2  4 5 6  8



අදහස් (0)

“දෙනවයි කියලා දුන්නේ නෑ“

ඇසළ Friday, 04 November 2016 02:55 AM

ගිය ආණ්ඩුවෙන් මේ විරුවන්ට දෙන දීමනා සියල්ල සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබුනා. නමුත් නව රජය යටතේ ඒ සේරම යටගියා. මිටවැඩිය ලොකු නැද්ද දියවන්නාවේ 225 ට කෝටි ගණන් වල සැප වාහන, මිලියන ගණන් ගෙවන්න වහලා තියන්න කඩේ ගිය අයගේ බිල්ඩින් කුලියට ගන්න, විදේශ සංචාර, වැඩක් නැති අමාත්‍යංශ පිහිටුවන්න කෝටි ගණන් වියදම් කිරීම. ඉවසලා කැප කරන්න ඡන්දයක් එනතුරු. (නි)

:       0       0

මනෝජ් Friday, 04 November 2016 02:56 AM

ධනුක වැනි අය සිටින රටක ජීවිතය පූජාකර රටක් රැකීමට හමුදාවක් අවශ්‍ය නැත. තම අත් පා අහිමි කරගනිමින් රට රැක ගත් යුධ විරුවන් තමන්ට ජීවත්වීම වෙනුවෙන් තමන්ට හිමි මුදලක් ඉල්ලා සිටිනවිට එයට දේශපාලනය ඈඳා ඔවුන්ව අවතක්සේරුකොට පහත් කරන අය ගැන ඇත්තේ කළකිරීමකි. (නි)

:       0       0

ඉන්දි Friday, 04 November 2016 02:58 AM

මේ මිනිස්සු 2009 ඉඳල මේ තරම් කලක් නිහඬව ඉඳල දැන් එලියට ඇවිත් කරන වැඩේනම් දේශපාලනයට සම්බන්දයි කියල හිතෙනවා. මේවා ජොයින්ට් ඔපොසිෂන් එකේ සපෝර්ට් එකෙන් කෙරෙන්නේ. කල්පනාවෙන් බලන්න. ඇයි කලින් ආණ්ඩුව තීන කාලේ නිහඬව හිටලා දැන් එලියට බැස්සේ.(අ)

:       0       0

සිරා Friday, 04 November 2016 03:10 AM

ඔබලට වෙඩි තියල මරන්න ඕනෑ. ඔබලගේ අතපය නැති කරන් අපිට යුද්ධය දිනා දුන් නිසා අපිට නිදහස කියල එකක් ලැබුන. එක නිසා අපිට දැන් ඔබලගෙන් වැඩක් නැහැ. අපිට දැන් ඕනෑ දෙයක් කරන ඉන්න පුළුවන්. අපිට දැන් බයක් නැහැ, උබලගෙන් වැඩකුත් නැහැ. (අ)

:       0       0

පෙරේරා Thursday, 03 November 2016 12:16 PM

හැබැයි ආණ්ඩුවටයි ලැජ්ජා. මොකද මේ හරහා විදේශිකයෝ එහාට මෙහාට යනවා. මොනවාහරි කරන්න (නි)

:       0       0

වෙල්ගම Friday, 04 November 2016 03:49 AM

මේ වෙනුවෙන් වචනයක් කතා කරන්න එකම සිවිල් වැසියෙක් වත් නැති එක ගැන අපි මීට වඩා දුක් වෙන්න ඕන. දේශපාලුවෝ ගැන නම් කතා කරන්න දෙයක් නෑ නේ කොහොමත්. (අ)

:       0       0

අජිත් Friday, 04 November 2016 04:51 AM

රට වෙනුවෙන් යුද වැදුණු මේ රණවිරුවන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප හැකි ඉක්මනින් ලැබෙන්න සලස්වන්න. (ම)

:       0       0

කසුන් Thursday, 03 November 2016 01:01 PM

කව්රු කරත් මේවා නම් සහගහන අපරාධ !! (හේ)

:       0       0

දිලුම් Friday, 04 November 2016 06:20 AM

මේ මිනිස්සුත් අඹු දරුවන් ඉන්න අප්පච්චිලා. ඒ මිනිස්සු ආබාධිත වුණේ අපේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් මොනවත් නොකරන ඇමතිලාට කෝටි ප්‍රකෝටි ගණන් ගෙවන්න මුදල් ඇමතියටයි රාජ්‍ය ඇමතියටයි සල්ලි තියනවා ඒත් මේ මිනිස්සු දිහා ඇස් ඇරල බලන්න ඒ අයට බෑ. (අ)

:       0       0

වික්‍රම Friday, 04 November 2016 07:09 AM

රණවිරුවන්ගේම වැරැද්ද තමා මේ! මේ වගේ අය බෝම්බ වලින් එලොව යන්න නොදී යුද්දේ දිනුව එක! (ම)

:       0       0

ධම්ම Thursday, 03 November 2016 03:54 PM

ඇමතිතුමා, ජනපතිතුමා තීරණ ගත්තාට මාසේ අන්තිමට මේ රණවිරුවන්ගේ අතට මුදල් ලැබෙන්නේ නැත්නම් ඒ තීරණයෙන් වැඩක් තියෙනවාද. කරුණාකර මොවුන්ගේ අතට විශ්‍රාම වැටුප ලැබෙන්න සලස්වන්න.(හේ)

:       0       0

රූපවතී Thursday, 03 November 2016 06:42 PM

මේ මිනිසුන්ට ඒ දීමනා ලැබෙනවානම් මේ විදියට අවුවේ තපින්න ඕනෑ නැහැ. මේ මිනිසුන් අැඟේ අවයව අහිමි කරගත්තේ ඔබ අපි හැමෝටම රටේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පුදා තම රැකියාව කළ පාපයටයි. ඒවාට කළගුණ තමයි රටක් හැටියට ඔය අවුවේ තපින්න දීලා තියෙන්නේ (නි)

:       0       0

සුසන්ත Thursday, 03 November 2016 08:45 PM

රට වෙනුවෙන් යුද වැදුණු විරුවන් මහමඟට ඇදදමමින් රටට එරෙහි වූ ත්‍රස්තයින්ට වන්දි පුදන අය ගැනයි අපිට තරහා (නි)

:       0       0

අනිල් Thursday, 03 November 2016 08:46 PM

එතකොට දුම්රියපොළ ඉස්සරහා රෑටත් බිම නිදාගෙන ඉන්නේ? කියන බොරු වලින්ම පේනවා මේ ප්‍රශ්නය විසඳන්න රජයට තියන ඕනෑකමේ තරම. (නි)

:       0       0

ධනුක Thursday, 03 November 2016 11:57 PM

මේ කතාකරන්නෙත් සෙබළුන්ගේ පිහිටෙන් දිනූ යුද්ධය පෙන්වා ඡන්ද ගත් අයම නේද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 981 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2013 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1056 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 350 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1574 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1106 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site