රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් කීවේය.
නිදහස් උත්සවය ද වර්ජනය කරන බව හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුවේ මර්දනය නවතන තුරු මේ තීරණය ක්‍රියාත්මක කරන බව ද ඔහු කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ! (නි)
මේ කට්ටිය නැතුව කිසිම රාජ්‍ය උත්සවයක් කරන්න බැරි නිසා එහෙනම් සියළුම රාජ්‍ය උත්සව අවලංගු කරයි. (ර)
ඒ කියන්නේ මේගොල්ල නැති නිදහස් උත්සවය අවලංගු කරාවි....? (ර)
බයවෙන්න එපා... (ර)
නියමයිනේ! (නි)
අනේ ලොකු සේවයක් මේ උතුමාණන්ලා කරන්න යන්නේ. එයාලගේ පැට්‍රල්, ගමන් වියදම්, සංග්‍රහ වියදම්, බටා, අර වියදම්, මේ වියදම් කියලා අපේ සාක්කුවට තට්ටු වෙන එකත් ටිකක් අඩුවේවි. ලොකු සේවයක් මහත්තයෝ (නි)
මේගොල්ලෝ කියන්නේ මිලියන ගණන් වියදම් කරන්න පුළුවන් වුණාට කමක් නැහැ, ලබාගත්තට කමක් නැහැ, ඒ ගැන හොයන්න එපා කියලද? (නි)
යහපාලනයට පාඩමක් උගන්වන්න තව මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? (නි)
මේ ගොල්ලෝ පාර්ලිමේන්තුවට ආවේ නම් ජනපතිගේ ප්‍රධානත්වයෙන් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මනාප වලින්. පුලුවන්නම් ඉදිරි මැතිවරණ වලදී තනිව තරඟකර ජය අරගෙන පෙන්වන්න. (නි)
අනේ! දැන් මොකද කරන්නේ? (නි)
නියමයි. කියලා කරගන්න බැරි දෙයක් (නි)
නොඑන එකම තමා හොඳ (නි)
ඒ කියන්නේ ජනතා මුදලින් පින් පඩි ගන්නවා කියන එකද? මොකද උතසව වලට යන්නෙත් නැත්නම් වෙන කරන දෙයක් නැහැනේ (නි)
අනේ වාසනාවන්! (නි)
කට්ටියගේ මුහුණු ටික බලන්නකෝ.... (නි)
එක ඇත්ත, කොටියා ගහන කාලේ කොටියට බයවෙලාවත් මේ විදියට අපේ නිදහස් උත්සවය පවත්වලා නෑ. (ර)
හොඳට බලාගන්න අපේ කාලයේ සමාජවාදියෝ ටික කා වෙනුවෙන්ද කියලා. දුකේ බැහැ. (නි)
ජනතා මුදල් මංකොල්ල කා, ජනතාව නොමඟ යැවීමට කරන උත්සාහයක තරම! (නි)
අම්මෝ! මේගොල්ලන්ගේ මුහුණු වල තිබෙන පින් පාට. මෙතුමන්ලා නොගියොත් උත්සවය පාලුවට ගිහින් අඳුරුවෙලා තියෙයි නේද (නි)
ඕක තමයි අපි අතීතය වර්ණනා කර කර, කුළල් කා ගනිමින් දීන ජාතියක් විදියට ලෝකයේ හිඟමනේ යන්නේ. කවුද රටක නිදහස් දිනය වර්ජනය කරන්නේ? (නි)
මේ අය නැති තරමට හොඳයි. (නි)
තව ටික කලකින් විපක්ෂයේ සන්ධි එකින් එක ගැළවෙන අයුරු දැකගන්න පුලුවන්වෙයි අපිට (නි)
යන්නෙත් ඉතින් තමන් වෙනුවෙන්ද? රට වෙනුවෙන්ද? (නි)
මම නම් අපේ නිදහස් උත්සවය පවත්වන්නේ ජනවාරි 8 වෙනිදායි. (නි)
නීතියක් රීතියක් තිබෙන රටක නම් ඒකාබද්ධ විපක්ෂයේ අය නෙමෙයි මේ කට්ටියේ ඉන්න ඕනෑ. (නි)
අනේ පව්! ඒකෙනුත් කීයක්හරි ඉතුරුවෙයිනේ (නි)
රෝහිනී කියන දේ සහතික ඇත්ත. "ජනතාව වශයෙන් අප ඉල්ලා සිටින්නේ නිල රථ හා ආරක්‍ෂක නිලධාරීන් ඇතුලුව වැටුප් ද නොගෙන, පාර්ලිමේන්තුවේ දෙන ආහාරද වර්ජනය කරන ලෙසයි. මීට අමතරව ජනතාව වශයෙන් අපි ඉල්ලා සිටිනවා ඉන්ධන සහනය, වාහන පර්මිට්ද වර්ජනය කරන මෙන් (නි)
ඔබගේ නිල නිවාස සහ වාහන පර්මිට්, ඉන්ධන සහනය , පාර්ලිමේන්තුවේ ලැබෙන රජ බොජුන් හා සමාන ආහාර වේල, අවුරුදු 5 ක් පාර්ලිමේන්තු සිට ජීවිත කාලයටම ලැබෙන විශ්‍රාම වැටුප සහ වෙනත් දහසකුත් එකක් වරප්‍රසාදද වර්නජය කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. (නි)
අවුරුදු 5 ක් පාර්ලිමේන්තු ඇවිල්ලා ජීවිත කාලය පුරාම විශ්‍රාම වැටුප් ගන්නවා. අනේ පුළුවන් නම් ඒකත් වර්ජනය කරන්නකෝ. මේ දුප්පත් ජනතාවට ගෙවන්න තියෙන බදු ටිකක්හරි අඩුවෙයි. (නි)
ලොකු දෙයක්! ඒකෙන් වෙන්නේ ඔක්කොම රාජ්‍ය උත්සව අවලංගු වෙන එකයි. මහජන මුදල් ගොඩක් ඉතුරු වෙනවා ඒකෙන් (නි)
ෂා නියමයිනේ! (නි)
ජන්ද දායකයොත් වර්ජනේද? (ම)
හා හා හා , කාටද රිදුනේ? කවුරු නොගියත් ජනතාවට කිසිම පාඩුවක් නැහැ (නි)
හොඳ දෙයක්. බොරුව හැමදාම රජවෙන්නේ නැහැ (නි)
කොච්චර හොඳද? (නි)
මම නම් කොහොමත් එන්නේ නැහැ. (නි)
අපිත් නිදහස් උත්සවය වර්ජනය කරමු (නි)
ලොකු දෙයක්. පාර්ලිමේන්තුවත් වර්ජනය කරලා ගෙදර ඉන්නකෝ. (නි)
හොද තීරණයක්,මේක සාරියටයි,සාටකෙටයි,සිවුරටයි එක එක හැදී වලින් බෙදන පුදුම යහපාලනයක් (ම)
කරපු වැරදි හොයනවා කියන්නේ මර්දනයද ??? මේක දේශපාලකයන්ට පමණක් සීමාවූ දෙයක්ද. (ම)
ඇත්ත වශයෙන්ම සමහරුන්ට හිතට එකඟව නිදහස් උත්සවයට යන්න බැහැ. (නි)
මහත්තයෝ, හොරු මර්දනය කරන එක ඔයාලට ප්‍රශ්නයක්ද? (නි)
අනේ අපොයි! අපිට පාඩුවෙයි (නි)
අනේ එහෙනම් ජාතික උත්සවය නතර කරයි. (නි)
වැටුපත් වර්ජනය කරන්නකෝ (නි)
නිදහස් උත්සවය කියන්නේ ජාතික වැදගත්කමක් ඇති උත්සවයක් මිසක් පක්ෂ දේශපාලනයට අදාළ දෙයක් නොවේ . (ම)
නිදහස් උත්සවය දවසට බලමුකෝ (නි)
දැන් ඔයාලා නැතුව කරන්න බැරිවේවි. (නි)
අපේ රටට නිදහස ලබාදීපු නියම නායකයන් අපිට මතකයි. ඉතින් කොහොමද නිදහසක් සමරන්නේ මේ වගේ රටේ බේද බින්න ඇතිවෙලා පළිගැනීම් සිද්ධවෙද්දී? අපිත් මේ පාර නිදහස් දිනයක් සමරන්නේ නැහැ. (නි)
ආණ්ඩුවේ මර්දනය නවත්වනවා කියන්නේ මොකක්ද? (නි)
ඇති වෙලා තියන තත්වය හැමෝගෙම මුණු වලින් පේනවා නේද ? (ර)
දූෂිතයන්ට නඩු දාන එක පලිගැනීමක්ද? (ර)
මේ අය වර්ජනය කලා කියලා උත්සව නවතී. (ර)
මේ ගොල්ලෝ අවා කියලත් ඉතින් වැඩි වෙනසකුත් නැහැනේ. (ර)
නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලද ඔයගොල්ලෝ වර්ජනය කරන්නේ. ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද? (ර)
නේන තරමටම හොඳයි. (ර)
මේ කියන උත්සව වලට ආවත් , නාවත් ඒක ජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි . ජනතාවට මීට වඩා දැවෙන ප්‍රශ්න තියෙනවා විසදා ගන්න . (ර)
ඔබතුමාලා නිදහස් උත්සවය වර්ජනය කලාට කාටවත් පාඩුවක් වෙන් නැහැ. (ර)
පිට කොන්දක් නැති අය ඉදිරියේ ඔබතුමන්ලා කොන්ද කෙළින් තීරණ ගන්න. ඔබතුමන්ලට ජය වේවා...!! (ර)
ජනතාව වශයෙන් අප ඉල්ලා සිටින්නේ නිල රථ හා ආරක්‍ෂක නිලධාරීන් ඇතුලුව වැටුප් ද නොගෙන , පාර්ලිමේන්තුවේ දෙන ආහාරද වර්ජනය කරන ලෙසයි. (ර)