IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දීපිකාගේ ලස්සනට මම කැමතියි

2016-05-24-ent-57

ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩවදින ධනංජි තාරුකා මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇති නවපරපුරේ රංගන ශිල්පිනියකි. දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "ස්ටාර් සිටි" රියැලිටි තරගාවලියේ "රොක් එන්ජල්ස්" කණ්ඩායමේ සාමාජිකාවක ලෙසද කටයුතු කරන ඇය, රංගන ශිල්පිනියකට අමතරව නර්තන ශිල්පිනියක ලෙසද සිය හැකියාවන් ඉදිරිපත් කරමින් සිටියි. ධනංජි පිළිබඳව නිතර රසික අවධානයද යොමුවන නිසාම මෙවර "සාරවිට" තරු කතාබහට අපි ධනංජිව සම්බන්ධ කරගත්තෙමු. එහෙත්, මාධ්‍යය නිතරම විමසන ප්‍රශ්නවලට වඩා තරමක් වෙනස් ආරක ප්‍රශ්න කිහිපයක් අපි ඇයට යොමු කළෙමු.

 

2016-05-24-ent-61විවේකයෙන් ඉන්න කොට ඔබ වඩාත් කැමති?

නිදාගන්න. රූපගත කිරීම් නැති දවස්වල මම ගොඩක් වෙලාවට කරන්නෙ නිදාගන්න එක තමයි. එකදිගට වැඩ කරලා මනස වෙහෙස වෙලා තියෙන කොට නිදාගන්න එක ගොඩක් මනසට සැහැල්ලුවක් කියලා මම හිතනවා. ඊට අමතරව ගීත අහන්නත් චිත්‍රපට නරඹන්නත් මම විවේකයෙන් ඉන්න කොට ගොඩක් කැමතියි.

 

මෑතකදී අහපු හොඳම ගීතය?

උමාරියා හා අමරදේව ශූරීන් ගායනා කරන "හන්තානේ සිහිනය" සහ සඳුන් පෙරේරා කියන "ආයෙත් වරක්" ගීතවලට ගොඩක් කැමතියි.

 

බලපු හොඳම චිත්‍රපටය?

මෑතකදී බලපු හොඳම චිත්‍රපටය තමයි මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය ෂාරුක් ඛාන්ගේ "ෆෑන්" චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ෂාරුක්ගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ජනප්‍රිය තරුවක් වටා ගේතුණු කතා තේමාවක් නිසා මේ චිත්‍රපටය නරඹන්නත් මම ගොඩක් උනන්දු වුණා.

 

උදේ, දවල් හා රාත්‍රී කෑම කෑම ගනිද්දී එකතු කරගන්න කැමති විශේෂ ආහාර තියෙනවාද?

උදේට ගොඩක් වෙලාවට බත්, ඉඳි ආප්ප වගේ දේවල් තමයි කෑමට ගන්නේ. ඒ අතරට මම කැමතියි කඩල, කව්පි හා මුං ඇට වගේ දෙයක් එකතු කරගන්න. දහවල් ආහාරයට ගොඩක් වෙලාවට ගෙදර කට්ටියම ආහාරයට ගන්නේ බත්. ෆ්‍රයිඩ් රයිස්, බුරියානි වගේ රසකාරක යොදා හදන කෑම කන්නේ නැහැ. අම්මා ඒවා අපිට තහනම් කරලා තියෙන්නේ. දහවල් ආහාරයට බත් එක්ක කොස්, පොළොස් වගේ දෙයක් එකතු කරගන්න කැමතියි. රාත්‍රී ආහාරයට ගොඩක් වෙලාවට මම ගන්නේ සැහැල්ලු ආහාර. පාන්, පිට්ටු, ආප්ප වගේ දේවල් කන්න කැමතියි.

 

සිරුරේ හැඩය පවත්වා ගෙන යන්න මොනවද විශේෂ දේවල් කරන්නේ?

එහෙම විශේෂ දෙයක් නම් කරන්නේ නැහැ. මම ව්‍යායාම කරන්නේ නැහැ. ආහාර පාලනය කරන්නේ නැහැ. පාසල් යන කාලේ නම් මම ටිකක් මහතයි. මම නිදහසේ ඉන්න වෙලාවට නර්තනයේ යෙදෙනවා. බොහෝවිට මගේ සිරුර හැඩ වෙන්න ඒක හේතුවක් වෙන්න ඇති කියලා හිතනවා.

 

ධනංජි ලස්සනයි කියලා ඔයා හිතන්නේ?

මම හිතන්නේ මගේ මුහුණ ලස්සනයි. ඒ නිසා අද මම රංගන ශිල්පිනියක විදිහට අද මේ ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඇත්තටම, මම දකින විදිහට මගේ සිරුරේ අවයවවලට වඩා මගේ හදවත ලස්සනයි. ඒ නිසා තමයි මම ලස්සන වීමටත් හේතුව කියලා හිතනවා.

 

ගෙදර කට්ටියත් එක්ක නිදහසේ යන්න කැමති කොහෙද?

නුවරඑළිය හා කතරගම වගේ යන්න කැමතියි.

 

දෙවියෝ ඔයාට වරමක් දුන්නොත්?

මේ දවස්වල නම් දෙවියෝ වරමක් දුන්නොත් මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ වර්ෂාව අඩු වෙලා යන්න කියලා. මේ වර්ෂාවෙන් අපේ ජනතාවට ගොඩක් හානි සිද්ධ වුණා. සමහරක් අයගේ ජීවිත පවා නැති වුණා. දැනටත් බොහෝ දෙනෙක් අවතැන් වෙලා ඉන්නවා. වර්ෂාව නැති වුණොත් ඔවුන්ට නැවතත් තමන් ගෙවල්වලට යන්න පුළුවන්. සුපුරුදු ජීවිතයට යොමු වෙන්න පුළුවන්.

 

ඔයාට ඉන්න හොඳම යාළුවෝ කවුද?

පාසල් යාළුවෝ තවමත් මට ඉන්නවා. කලා ක්ෂේත්‍රයේ කට්ටියට වැඩිය ඔවුන් මට තවමත් ගොඩක් හිතවත්. කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුත් මගේ හොඳම යාළුවෝ විදිහට ඉන්නවා. නම් වශයෙන් කියනවා නම් නිරෝෂා තලගල, රුක්ෂානා දිසානායක, නිපුනිකා හේවාමද්දුම තමයි ඒ.

 

හොලිවුඩ්, බොලිවුඩ් සිනමාවලින් ඔබ වඩාත්ම කැමති?

දිපීකා පදුකෝන්ට. දිපීකාගේ ලස්සනට වගේම රංගන හැකියාවටත් මම ගොඩක් කැමතියි. ඇය පසුගිය අවුරුද්දේ රංගනයෙන් දායක වූණ "පීකූ" වගේම "බාජිරාඕ මස්තානි" චිත්‍රපටය මම කිහිප වරක්ම නැරඹුවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ධනංජිගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-05-24-ent-60
2016-05-24-ent-58
2016-05-24-ent-56
2016-05-24-ent-55
2016-05-24-ent-54

 



අදහස් (0)

දීපිකාගේ ලස්සනට මම කැමතියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 815 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 286 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1524 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2723 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 222 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1551 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site