IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘දෙපැත්තම එකයි : රටට වැඩක් නෑ‘

එකමුතුවී රට ඉදිරියට ගෙන යාමේ ඉදිරි වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැතැයිද ආණ්ඩු පක්ෂය හා විපක්ෂය පමණක් නොව සෙසු දේශපාලන පක්ෂද එකිනෙකාට චෝදනා කරගැනීම හැර රටේ සංවර්ධනයට අතහිත දෙන බවක් නොපෙනේ යැයිද ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයික වන තමරා කුනනායකම් මහත්මිය කියන්නීය.

තමරා කුනනායකම් මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධවී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියක ලෙසත්, , බ්‍රසීලය, කියුබාව හා වතිකානුව  වැනි රටවල තානාපති ලෙසත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇති වෘත්තීන් රැසක නියැලුණු අතර විදේශ විශ්ව විද්‍යාලයන්හි දේශන සඳහා කථිකාචාර්යවරියක ලෙසත් සහභාගී වූවාය. ජර්මනියේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ලෙසද ඇය කටයුතු කළාය. තමරා කුනනායකම් මහත්මිය නැවත ශ්‍රී ලංකාවට පැමිණ මෙරට පදිංචිවී සිටින්නීය.

තමා කොටි හිතවාදිනියක බව කියමින් රූපවාහිනී වැඩසටහනකදී විදේශ ඇමැති මංගල සමරවීර අපහාසාත්මක අයුරින් චෝදනා කළ බව තමරා කුනනායකම් මහත්මිය සඳහන් කළාය.

2015 මාර්තු 17 වැනිදා ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩසටහනේදී සමරවීර මහතා මෙසේ කියා ඇතැයි කියන ඇය එසැණ සමග පැවසූයේ තමාට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා නීතිවේදිනී අරුනෝදිනී සෙන්දුප්පෙරුම මහත්මිය මගින් මංගල සමරවීරට ලියුමක් යවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මංගල සමරවීර මහතාගෙන් දින 10ක් තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය කීවාය.

තමා කිසිලෙසකින් හෝ කොටි සංවිධානයට පක්ෂපාතීව කටයුතු නොකළ තමා ඉන් දැඩි අපහසුතාවයට පත්වූ බවත් ඇය කියන්නීය.

තමාට කොටි නියෝජිතවරියක ලෙස චෝදනා කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ශ්‍රී ලංකාවේ දකුණේ වැසියන්ගේ දරිද්‍රතාවය, විවිධ ආර්ථික අපහසුතා, සංවර්ධනය ගැන කථා කිරීම හේතුවෙන් තමාට කොටි ත්‍රස්තවාදීන්ගෙන් මරණීය තර්ජන පවා එල්ලවූ බවත් කුනනායකම් මහත්මිය සඳහන් කළාය.

අසූව දශකයේදී තමා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටියදී තම නිවසට පවා පැමිණ කොටි සාමාජිකයින් නිවසේ යතුරු සිදුරේ ගම්පටයක් අලවා තිබිණැයිද එහි තේරුම කොටි සංවිධානය විවේචනය කිරීමෙන් වැළකී සිටිය යුතුයැයිද එසේ නොකළහොත් මරා දමන බව යැයිද ඇය පැවසුවාය.

තමා විදේශ අමාත්‍යංශයේ තානාපතිවරියක ලෙස රටට හිතවත්ව පක්ෂපාතීව වැඩ කළා මිස කිසිම දේශපාලනඥයකුට කඩේ නොගිය බවද ඇය කියන්නීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කීර්තිමත් මහ ලේකම්වරයකු වූ කොෆී අනන් ඉගෙනගත් ජිනීවා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තමා විදේශ කටයුතු සම්බන්ධයෙන් ලත් අත්දැකීම් හා දැනුම් සම්භාරය හේතුවෙන් තනතුරු හිමිවූ බවත් සඳහන් කළාය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු නව රජය මගින් තමාව නැවත ශ්‍රී ලංකාවට කැඳවූ බවත් ඇය කීවාය.

වර්තමානයේ දේශපාලනඥයින් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිනවා හැරෙන්නට එකමුතුවී රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් කටයුතු නොකරන බවත් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමේ හැකියාව ඇති බුද්ධිමතුන්, වෘත්තිකයන් ඒකරාශී කරගෙන තනි තනි පුද්ගලයා වශයෙන් නොව සාමූහිකව දේශපාලන තීන්දු තීරණගෙන රට ඉදිරියට ගෙන යාමටත් දුප්පත් ලාංකික ජනතාව නගා සිටුවීමටත් කටයුතු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

වත්මන් දේශපාලනඥයින් කෙරෙහි කළකිරීමක් ඇති බවත් ඇය කීවාය.

 



අදහස් (0)

‘දෙපැත්තම එකයි : රටට වැඩක් නෑ‘

දුල්මි Thursday, 13 August 2015 08:43 AM

හැම පක්ෂයේම අඩු වැඩි වශයෙන් හොඳ නරක තිබෙනවා. ඔක්කොම වැඩක් නැහැ කියලා කාටවත් ඡන්දය නොදී රට කැකිල්ලේ රජ්ජුරුවන්ට භාර දෙන්න කියලාද මේ නෝනා කියන්නේ ? (බ)

:       0       0

සුගත් Thursday, 13 August 2015 08:48 AM

මෙතුමියගේ කතාව ඇත්ත (නි)

:       0       0

සිසිර Thursday, 13 August 2015 06:21 AM

එකපාරටම ඇයි දන්නෙ නැහැ මෙහෙම හිතුනේ? (නි)

:       0       0

කමල් Thursday, 13 August 2015 06:34 AM

බලන්නකෝ ඒකෙත් හැටි නේද? (නි)

:       0       0

පෙරේරා Thursday, 13 August 2015 06:45 AM

කතාව සම්පූර්ණ ඇත්ත කියලා වැටහෙනවා ලංකාවේ විනිමය අනුපාතිකය දිහා බැලුවහම. 1960දි ඇමෙරිකන් ඩොලර් එකක් රුපියල් 4.60ක්. අද එය රුපියල් 133යි. මේ ප්‍රධාන පක්ෂ දෙක තට්ටු මාරු ක්‍රමයට ලංකාවේ ආර්ථිකය අගාධයට යවනකොට අනිත් පක්ෂ කිසිම වැඩකට ඇති දෙයක් කරලා නැහැ මේ තත්වෙන් රට ගොඩගන්න. (නි)

:       0       0

රමේෂ් Thursday, 13 August 2015 06:50 AM

මේ කතාව ඇත්ත (නි)

:       0       0

නිහාල් Thursday, 13 August 2015 07:21 AM

ඒ කියන්නේ මංගල මෙතුමියට වැඩිය උගත්ද? (ම)

:       0       0

දුමින්ද Thursday, 13 August 2015 07:32 AM

කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පැරද වීම හැර රටට දැනෙන කිසිම ජයක් 30 වසක් තුළ ලබා නැත (ම)

:       0       0

අනුර Thursday, 13 August 2015 07:38 AM

රටක දේශපාලන පක්ෂ තොරා ගැනීම රටේ ජනතාවගේ ප්‍රශනයක් වන අතර එය හොඳ හෝ නරක බව තීරණය කල යුත්තේද ජනතාව පමණි (ම)

:       0       0

සෑම් Thursday, 13 August 2015 08:09 AM

මම මෙතුමියගේ අදහස් වලට එකඟයි. අපේ මිනිස්සු ජාතිවාදී විදියට ප්‍රශ්න දිහා බලන නිසා දේශපාලකයන් එ්ක එයාලගේ වාසියට හරවා ගන්නවා. (නදී)

:       0       0

සම්පත් Thursday, 13 August 2015 08:33 AM

මංගලට එන්තරවාසි හැමෝම යවනවා මෙයා සල්ලි දෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2229 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 189 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 222 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 559 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 325 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


මහනුවර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 432 0

අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14648 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 120 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site