ඇල්පිටිය අවට අඩු ආදායම් ලාභින්ට ගෙවල් සාදා දෙන බව කියා රුපියල් හැටලක්ෂයක් වංචා කළැයි කියන අයකු ඇල්පිටිය පිණිකහනේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ගෙවල් නැති අයගේ සංවිධානයක් පිහිටුවා එහි සාමාජිකත්වය වෙනුවෙන් රුපියල් විසිදහස දක්වා මුදල් අය කැර ඇතැයිද දැනට පැමිණිලි දහයක් ලැබී ඇතැයිද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතාව කොල්ල කන අපතයෝ තමයි දැන් ඉහල ඉදන් පහලටම ඉන්නේ. (ස)
දුප්පත් මිනිසුන්ගෙන් සොරාකන තරමට මේ මිනිසුන් පහත් තත්ත්වයකට පත්වෙලා තිබෙන හැටි. (නි)
නම හෙළිකර ඡායා රූපයක් පල කරන්න .අනෙත් අයවත් පරෙස්සම් වෙයිනේ එතකොට. (ස)
ඇයි මේ එක හොරෙක්ගෙවත් නම ගම ෆොටෝස් නැත්තේ. ඒවා ඔක්කොම හංගනවා ඕක තමා වෙලා තින්නේ. බලු වැඩ කරන අය ආරක්ෂා කරනවා හොද වැඩ කරන අයට ලෙඩ දානවා.(නදී)
මේකා නම් තිරිසනෙක්.... (ස)
හොරු, බොරු, වංචාකාරයෝ නැති ලංකාවක් කවදා දකින්න පුලුවන්ද? මියගිය, පොටෝ එකේ ඉන්න, ඉපදෙන්න ඉන්න විතරයි තවම ඔය වැරදි කරන්නෙ නැත්තෙ. (ස)
වැරදි කරන්නවුන්ගේ නම සහ ඡායාරුප පළ කිරීම, ඉදිරියට වැරදි කරන්නවුන් අඩු කර ගැනීමට මෙන්ම එම පුද්ගලයාම නැවත වැරදි වැඩ නොකිරීමටද හේතුවක් වේ. කරුණාකර නම හෝ පළ කරන්න. (නි)
මට නම් මෙයා මේක කලේ කොහොමද කියල හිතාගන්න බැහැ. දේශපාලුවෙකුට සම්බන්ධ කෙනෙක් නම් එයාව විශ්වාස කරන්න ගැමියෝ පෙළඹෙනවා කිව්වැකි. නිකම්ම නිකම් මිනිහෙක් නම් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එයාට 20000 ක් දෙනවද? මිනිස්සු ඒ තරම් ලේසියෙන් රැවටෙනවද? අනේ මන්දා.(නදී)
මෙවැනි වැඩ කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)