අවිස්සාවේල්ලේ හෝටලයකදී දුම් වැටියක් බොමින් සිටි අයකුගේ පහර කෑමට ලක් වීමෙන් හංවැල්ල පොලීසියේ කොස්තාපල්වරයෙක් තුවාල ලබා රොහල් ගතකරනු ලැබීය.
හෝටලය ඇතුලේ දුම් බීම නිතී විරෝධි ක්‍රියාවක් බව එම පුද්ගලයාට පැවසීමත් සමග කොස්තාපල්ට පහර දී ඇත. ඔහුගේ නාසයට තුවාල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ රාළහාමි?(නදී)
නුවන් ඔය වගන්තිය තියෙන්නේ පොලිස් ආඥා පණතේද? තමන්ට කැමති දෙයක් නීතියක් රීතියක් ලෙස අර්ථ දක්වා බෙදාහරින්නට ඕනෑම කෙනෙක්ට පුලුවන්. ඔබතුමා කියන විදියේ වගන්තියක් කොහෙවත් නැහැ, ඒත් එය හුදෙක් හිතළුවක් මිස නීතියක් වන්නේ නැහැ. ඔබ ඔය සදහන් කර ඇත්තේත් එවැන්නක්. රාජකාරියකට පිටත් කර හැරීමේදී දෙදෙනකු පිටත් කර හරින්නේ නීතියකට අනුව නොවේ, රාජකාරිය සදහා පිටත්ව යන නිළධාරීන්ගේ ආරක්ෂාව පදනම් කරගෙනයි. පොලිස් නිළධාරියෙක් තම නිවසේ සිට රාජකාරි ස්ථානය දක්වා ගමන් කරන අවස්ථාවක වුවද තමන් ඉදිරියේ සාමය කඩ වීමක් සිදු වන්නේ නම් ක්‍රියාත්මක විය හැකියි. එසේම ඔහු නිවාඩු ලබාගෙන සිටින අවස්ථාවක වුවද මේ බලය ඔහු සතුයි. නමුත් ගිනිඅවි, දෙපාර්ථමේන්තු වාහන පාවිච්චියේදී විශේෂ අවසරයක් නොමැති නම් අනිවාර්යෙන්ම නිළඇදුමින් සැරසී සිටිය යුතුයි. (නි)
හොදම වැඩේ.මේ ආණ්ඩුවට දුම්වැටි නවත්තන්න බැරිද? (නි)
තනි පොලිස් නිලධාරියකුට රාජකාරි කිරීමට නීතියෙන් අවසර නැත. අවම වශයෙන් දෙදෙනෙක් වත් සිටිය යුතු වගේම නිල ඇඳුමින් සිටිය යුතුයි. ඒ වගේම තම වසමේද විය යුතුයි. මෙය හුදෙක් ඉල්ලාගෙන කෑමකි. හංවැල්ල බස් නැවතුමේ සිගරට් බොන බස් කොන්දොස්තරලාට හා රියදුරන්ට ඔවුන් නීතිය ක්‍රියත්මක කරන්නේ නෑත අවිස්සවෙල්ල බලන්න යයි.(නදී)
දුම් බොන කට්ටියට පොඩි තැනක් හරි දෙන්න ඕනි .....(අ)
දැන් කොහොමත් පොලිසිය බල්ලා මාක් වෙලා ඉවරයි. දැක්කේ නැත්ද විමල්ගේ මහපාරේ පුරුදු බෙර වාදනයට විරුද්ධ උන පොලිස් උසස් නිලයන්ටයි , පොඩ්ඩාට පවා බැනලා විමල්ගේ ගෝතයෝ සලකපු ආකාරය.(නදී)
රාළහාමි ජරාව ගන්න හෝටලේට ගියාද දන්නේ නැහැ.(නදී)
අනුර පනාගොඩ, කොටන කුකුලට සීමාවල් නැහැ. ගමේ රාලහාමි කෙනෙකුට ගැහුවට සතුටුයි වගේ නේද ? (නි)
රාළහාමි මොන පොලිසියේ වුනත් නියම විදිහට රාජකාරිය, රාජකාරියටත් වඩා සමාජ යුතුකමක්, ඉටු කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ ගැන ඔහුට ප්‍රසංශා කලයුතුයි. උපුල් කියනවා වගේ අර ගනන්කාරයාගේ කකුලක් ගලවලා අතට දුන්න නම් හරි. (නි)
ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම නතර කළ යුතුයි.දඩ නියම කළහම නතර වෙයි. (දී)
රටම දැන් හිරගෙයක් වෙලා.. ඔවයේ ප්‍රතිපල එන්න ගනී (අ)
ඉතාමත් හොදයි. රාලහාමි ඒකෙනුත් ගානක් බලාපොරොත්තු වෙන්න ඇති (නි)
උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්න කාලේ මමත් බස්රියේ දුම් පානය කරන්නන්ට සද්දේ දාලා දුම් පානය නවත්වලා තියෙනවා. හොඳ වෙලාවට ඒ කාලේ මිනිස්සු මා තරම් උසට හා අතපය දිගට හිටියේ නැහැ. නැත්නම් රාලහාමිට වුනු දේ මටත් වෙන්න තිබුනා. කොහොම වුනත් බස්රථවල දුම් බීම සම්පුර්ණයෙන්ම නැවතිලා නිසා අනෙකුත් පොදු ස්ථානවල දුම් බීමත් නවතාගැනීම එතරම් අපහසු දෙයක් නොවෙයි. ලංකාවේ ගැටලුව නම් පින් තකා මිනිසුන් සිදුකරන සමාජ විරෝධී ක්‍රියා නැවැත්වීමේ දුෂ්කරතාවයයි. (නි)
එතකොට රාළහාමිට ගහපු එකට මොකද වුනේ.(නදී)
සීමාවෙන් පිටට ගිහින් පහර දෙන්න ගියොත් දැවී යාමට හසුවන බව රාලහාමි දන්නේ නැතිව ඇති. හංවැල්ල පොලිසීයේ රාළහාමි ගුටිකාලා තියෙන්නේ අවිස්සාවේල්ලේ.(නදී)
ඇමතිපුතෙක් නොවේනම් රාළහාමිට බයවෙන්න දෙයක් නැහැ.(අ)
ඉස්සර නම් රාළහාමිලා ගහන්නේ ,දැන් රාලහාමිලාට ගහනවා. අයියෝ!!! අපේ ධර්මද්වීපය. (දී)
පොලොසියට ගෙනෙල්ලා අම්බානක දෙන්න තිබුණේ. අහිංසක රාළහාමි කෙනෙක්. (දී)