
(මනෝප්‍රිය ගුණසේකර)
පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මරණීය දණ්ඩනය ලැබ මේ වන විට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තිදෙකු සියළු චෝදනවලින් නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එක් විත්තිකරුවකුට පමණක් මරණීය දණ්ඩනය නියම කළේය.
සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ්. සරත් නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් ඔවුන් තිදෙනා සියළු චෝදනවලින් නිදොස් කොට නිදහස් කළේය.
2014 අගොස්තු පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩ වනාතමුල්ල ප්‍රදේශයේදී එච්. දුමින්ද හෙවත් චානක නමැත්තාට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
සිද්ධිය වු දින රාත්‍රීයේ මරණකරු වන එච්. දුමින්ද හෙවත් චානක නමැත්තා සේවය කරමින් සිටි ‘සැලුන්’ එකට කඩා වැඳුණු විත්තිකරුවන් ඔහුට වෙඩි තබා ඝාතනය කළ බවට සාක්කි ඉදිරිපත් විය.
2025 දෙසැම්බර් මස 04
763
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
573
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙමටගොඩ චමින්ද ඝාතන නඩුවකින් නිදොස් කර නිදහස් කරයි
Srinath priyantha karunarathna Tuesday, 01 April 2025 06:27 PM
විත්තිකරුවන් kiyanne එක්කෙනෙක් නොවේ ??අනිත් අය නිදොස් කොට nනිදහස් une කොහොමද ???