IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දිමිත්තා හිටියත් දකින්න අමාරුයි

ජලයේ සිට ඉහළට වතුර විදීමෙන් කුඩා කෘමීන් ගොදුරුකැර ගන්නා ලොව මසුන් අතර දකුණු ආසියා කලාපයේ දැකිය හැකි එකම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේදී දිමිත්තා යනුවෙන් හැ
ඳින්වේ. ශ්‍රී ලංකාවේ කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ ජීවත්වන මේ මසුන් වතුර විදිමෙන් වැඩිපුරම ගොදුරු කැර ගන්නේ දිමියන් වීම හේතුවෙන්ම මොවුන්ට දිමිත්තා යන නම ලැබී ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ හා ඉන්දු පැසිපික් කලාපයේ දක්නට ලැබෙන දිමිත්තා ඉංග්‍රීසි බසින් ආචර් ෆිෂ් යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිමිත්තන් සත්ත්ව විද්‍යාත්මකව ටොක්සෝටිස් කැටරියස්  යනුවෙන් හැ
ඳින්වේ. මෙම ඝනයට අයත් තවත් මත්ස්‍ය විශේෂ හයක් ලෝකය පුරා දැකිය හැකිය. ඒ අතිරින් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන විශේෂය හ
ඳුන්වන්නේ විශාල ප්‍රමාණයේ ආචර් ෆිෂ් යනුවෙනි. එම මත්ස්‍ය විශේෂය සෙන්ටිමීටර 20 ක් පමණ විශාලව වැඩෙන අතර වරකට බිත්තර 20000 ත් 150,000 ත් අතර ප්‍රමාණයක් දමයි.

ගොදුරු අල්ලාගන්නා අපූරු ක්‍රමය හේතුවෙන්ම මසුන් ඇතිකරන්නන් අතර ඉතාමත්ම ජනප්‍රිය දිමිත්තා ශ්‍රී ලංකාවට ආ‍වේණික මත්ස්‍යයකු නොවන බැවින් විසිතුරු මසුන් අපනයනය කරන්නන් විසින් ඔවුන් අල්ලා අළෙවි කිරීම සිදු කරයි.

කළු ග‍ඟේ සිට නිල්වලා ගඟ දක්වා වූ නිරිත දිග කලාපයේ කලපු ආශ්‍රිත පරිසර පද්ධතිවල දක්නට ලැබෙන දිමිත්තා බෙන්තර ග‍ඟේ සහ කළුවාමෝදර ග‍ඟේ ජීවත් වුවද පහසුවෙන් දැකිය හැකි මත්ස්‍යයකු ද නොවේ. 

කඩොලාන විනාශයත්, වගුරු ගොඩකිරීමත් හේතුවේන දිමිත්තන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ලවී තිබේ. මෝය කට වැලිවැටි වලින් වැසී යාම හේතුවෙන් කලපුවේ ලවණතාව අඩුවීම ද මෙම මසුන්ගේ පැවැත්වට අහිතකර බලපෑමක් වී තිබේ.



අදහස් (0)

දිමිත්තා හිටියත් දකින්න අමාරුයි

අසේල ඕමානය Monday, 22 July 2013 05:30 PM

සියලු දෙනාම ස්වභාව ධර්මයට අවනතව කටයුතු කරනවා නම් හොඳයි.පරිසරය විනාශ කරමින් ස්වභාව ධර්මය වනසමින් කොච්චර කෑගැහුවත් දිමිත්තලා විතරක් නෙමයි හෙට අනිද්දට අපිට අපිවත් අහිමි වේවි. (නි)

:       0       0

චතුර Monday, 22 July 2013 06:00 PM

http://www.youtube.com/watch?v=f8oV4RBYR9U (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 July 2013 06:12 PM

එම මත්ස්‍ය විශේෂය එතරම් දිගකට විශාලව වැඩෙනවද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 July 2013 06:22 PM

මගේ ගෙදරත් මේ මාළු හිටියා.වරකට බිත්තර 3000 ක් විතර දැම්මා.හැබැයි අපේ ටැංකි වල පැටවු බෝ කරන්න අමාරුයි (නි)

:       0       0

නීල් රණා Monday, 22 July 2013 04:59 PM

දිමිත්තා වෙනුවෙන්ම නොවුනත් කලපු ආශ්‍රිත කඩොලාන පරිසරය රැකගැනීම අත්‍යවශ්‍යයයි. නමුත් දිමිත්තාගේ එක විශේෂයක් පමණක් ලංකාවේ සීමිත ප්‍රදේශයකට කේන්ද්‍රගතවී තිබීමත්, ආහාර පරිභෝජන රටාව අනුව මේ සත්වයා සුවිශේෂී වීමත් සැළකිල්ලට ගෙන ඔවුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් යෙදීම හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1773 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1122 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2051 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2943 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site