සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා අද අවසර දුන්නේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයේ සැකකරුවන දුමින්ද සිල්වාගේ ගමන් බලපත්‍රය සති හයකට මුදා හරින ලෙස විනිසුරු නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් ගන්න තරම් මොකද වුණේ? දැන් ටික ටික මතක් වෙයි වගේ (නි)
අපිට නම් අම්මා මුත්තා මැරුණත් යන්න දෙන එකක් නැහැ. කූඩුවේ තමා ඉන්න වෙන්නේ. (නි)
මේ ඊයේ පෙරෙයිදා නේද මෙතුමා ඝාතන සැකකරුවෙකු හැටියට නම් කළේ? (නි)
දැන් අපි මේවට මොනවද කියන්න ඕනෑ? (නි)
නැවතත් ටිකක් අමතක වේගන එනවා වගේ දැනුනද? (නි)
මොළය කල්පනා කරලා වැඩ කරපන් පුතේ! ඔය නඩුව දිනනවා ෂුවර්... (නි)
මහ දවල් වූ මිනීමැරුමක ප්‍රධාන සැකකරුවෙකුට ලැබුණු සහනය සුළු වැරදි වලට අසු වූ අහිංසක මිනිසුන්ට ලැබේද? (නි)
ගිහින් සුව කරන් නැවත එන්න. අමතක උන ඒවත් මතක් වන්නට. දෙවි පිහිටයි ඔබට.(නදී)
එහෙ ගියාම දොස්තර කියයිද දන්නෙ නැහැ තව මාස 3ක් විතර විවේක ගන්න කියලා. (නි)
ඔය කියන බෙහෙත් ඔලුවටද? (නි)
සුභ ගමන්! ගිහිල්ලා එන්නකෝ (නි)
ඒ මහත්තයා යම් කිසි වරදක් කලා නම් ජේසුස් වහන්සේ ඉදිරියේ නැවත තමාගේ ජිවිතය හදාගෙන යහපත් ලෙස ජිවිතය ගොඩනගා ගැනිමට පුලුවන්. බලන්න ඒ මහතා පහුගිය කාලයේ පාසල් ලමයින්ට පොත් බෙදාදිම වැනි කටයුතු කලා නොවේද? (නදී)
මොකකද් අසනීපය.(නදී)
ශාන්ත හරියටම හරි. මේ දේ මමත් හැමදාම කියන දෙයක්.මිනිස්සු උන අපිට ඇයි මේ එකම රටේ දෙවිදියක්. මිනිහෙකුට ධනය තියෙද්දී ,ඒ ධනයෙන් බලය ඇතිකර ගෙන ඕන දහජරා වැඩක් කරහම වෙන විදිහකට ඇයි සලකන්නේ? (නදී)
මිලානෝ ජයන්ත, ඒකත් හොඳයි තමයි. (නි)
මිලානෝ ජයන්ත, මොකද්ද අප්පේ ඒ කතාව? (නි)
මේ ළඟදිත් මම එයාව දැක්කා (නි)
මට නම් හිතෙන්නේ දැන් ලංකාවේ වැරැද්ද, නිවැරැද්දට වඩා බලපාන්නේ කීකරුකම අකීකරුකමයි. වැරදි කළොත් කවදා හරි සමාවක් හෝ ලැබෙයි. හැබැයි, අකීකරු වුණොත් එහෙම? (නි)
ප්‍රවේශමෙන් ගිහිල්ලා එන්න (නි)
අනේ! සුභ ගමන්! (නි)
අපේ මන්ත්‍රීතුමා බෙහෙත් බීලා, තුවාල වලටත් බෙහෙත් දාගෙන, බෙහෙත් අරගෙනම ඒවි. (නි)
ගුවන් යානයේ යන්නේ ප්‍රවේශමෙන් හොඳේ (නි)
ඝාතනයක සැක කරුවෙකුට රටින් පිට වන්න දෙන්නේ ඇයි ? (ස)
නවතින්නම නෙවෙයි නේද ? (ස)
ආපහු එද්දී අමතක කරලා එන්න එපා. (ස)
දණ්ඩ නීති සංග්‍රහය කොහේද තියෙන්නේ ? (ස)
පොත් දෙන්නේ,ගඩොල් දෙන්නේ,තහදු දෙන්නේ,කු...දෙන්නේ ජනතාවගේ ආශීර්වාදය ගන්න.ඔබලාට ලැබෙන්නේ කාගේ ආශිර්වාදයද කියල හිටගන්න අමාරුයි . (දී)
කොහේ ගියත් ඔය ලේඩේට බෙහෙත් නැහැ (දී)
මෙම ලෙඩේට නියමම බෙහෙත තියෙන්නේ මේ ලෝකේ නෙවෙයි. (ස)
මිලානෝ ජයන්ත,ඔබට ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කිසිම අවබෝදයක් නැති බවයි අදහස් වලින් පෙනී යන්නේ.(ස)
තව කෙනෙකුගේ බබරය දැන්, වැල්ලෙත් කැරකෙන බව දැනගෙන ,මෙයා සදහටම අතුරුදහන් වෙන්න හදනවද ? අර සෙලින්කෝ එකේ නෝනා අතුරුදහන් වුනා වගේ. (නදී)
සුසන්ත ලංකාවේ දේශපාලනයක් තියනවද අවබෝද කරගන්න ? ඔයා කොහෙන්ද ඕවා අවබෝද කර ගත්තේ ? (නදී)
ගිහින් එන්න නැවත මගේ පුතේ .(නදී)
මේක පුදුම රටක්නේ. පුදුම මිනිස්සුනේ ඉන්නේ. දුමින්ද කවුරු වුණත් මොන වැරදි තිබුනත් මේ ගැටුමේදී මුලින්ම වෙඩි කෑවේ දුමින්ද. මේ ආත්මයේ මොනවා කළත් පෙර ආත්ම වල කර තිබෙන පින් මහිමයෙන් ඔහු බේරුනා. ඔලුවට වෙඩි වැදිලා මිනිහෙක්ගේ ජීවිතය බේරීම එක අතකට ප්‍රාතිහාර්යයක්. එක පැත්තකට සුදු රෙදි පොරවන්න හැදුවට දෙපැත්තම එක වගේ කලුයි කියලා කට්ටිය දන්නේ නැහැ. නැත්නම් දැනගෙන නොදන්නවා වගේ ඉන්න හදනවා.මේ සිදුවීමෙන් බඹරය වැල්ලේ කැරකුණේ කාගේද කියලා කට්ටිය දන්නවා රණතුංග මහත්තයෝ.. අනුකම්පා දේශපාලනය අපේ රටට නුහුරු දෙයක් නෙමෙයි. එහෙත් ඕවා තාවකාලිකයි. (නි)
දුප්පතාගේ පැත්තෙන් ගත්තොත් ඔහු නියම පුද්ගලයෙක් (නි)
සුභ අනාගතයක් ! (නි)
මේ වගේ රටක ඉන්න අපිත් පවුකාරයෝ (නි)
මිලානෝ ජයන්ත, ඔයාගෙ මොළයේ මොනවද තියෙන්නේ? (නි)
ඇයි මිනිසුනේ අනුන් ගැන නො දන්නා දේවල් කියන්නේ.? දුමින්ද සිල්වා මහතා ගමන් බලපත්‍රය ආපසු අතට ගත්තේ තාවකාලිකව. එසේම, අධිකරණයට සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමෙනුයි. නඩුවේ චුදිතයින් හැඳින්වීමට පෙර එතුමාට ගමන් බලපත්‍රය ගෙන රටින් පිටවෙන්නට ඉඩ තිබුනා. නමුත් ඒ සියල්ලට මුහුණ දී ප්‍රතිකාර සඳහා පිටවීමේ වරද මොකක්ද? ඔහු ප්‍රතිකාර වලට යනවායැයි ප්‍රකාශ කිරීම නිවැරදියයි පිළිගන්නට මේ මිනිස්සුන්ගේ සිත් නො නැමෙන්නේ ඇයි.? කෙනෙකු කියන දේ පළමුව විශ්වාස කිරීම පුරුද්දක් කරගෙන නැති බව පෙනෙනවා. සියල්ල දෙසම අවඥයාවෙන් බැලීම හැර වෙනත් දර්ශනයක් ඔබලාට නැතිද.? (නදී)
දුමින්ද ඔබට කව්රු මොනවා කිව්වත් අපි ඔබ ගැන දන්නවා ඔබ තුමාට සදා ජය.(නදී)
මනෝජ් සාජා,මේවා අහපුවම නිකන් කරකවලා අත ඇරියා වගේ නේද. (නදී)
අල්විස් මහත්තයෝ,අපිට එතුමා වැරදි හෝ නිවරදි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒත් නිතිය නම් කාටත් එක සමාන විය යුතුයි නේද. තරාතිරම අනුව නීතියේ වෙනසක් සිදු කල හැකිද. (නදී)
සිහිනෙන්වත් වරදක් නොකළ කෙනෙක් ඉන්නවා නම් ඍණ අදහස් දමන්න. තමන් ගැන අවංක වෙන්න. සියල්ල දෙස මධ්‍යස්තව බලන්නට පුරුදු වෙන්න. දුමින්ද අපේ රටේ කෙනෙක්. පිටරටකට ගොස් ලංකාවේදී නොකරන රැකියා කරන මිනිස්සු දේශීයකම සහ මනුස්සකම අමතක කරන මිනිස්සු සර්ව සම්පුර්ණ පාරිශුද්ධත්වයක් ලැබූ කොටසක් මෙන් සිතා අනුන් හෑල්ලු කරන්නට හදන්න එපා. හරිම ලැජ්ජයි අනේ. (නි)
ඇතැම් අය මේ කරුණේ දී බලපෑ නීතිය ගැන විවිධ අදහස් දක්වන්නේ නොදන්නාකම නිසා බව පෙනෙනවා. (ස)
රණතුංග මහත්තයෝ, හැමදාමත් අනුකම්පාවෙන් මිනිස්සු අන්දන්න බැහැ.පිම්බූ බැලුන් බෝල දැකලා තියෙනවා නේද? මුලින් ලස්සනට තිබුනට දවස් දෙක තුනක් ගියාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. වැහැරිලා යනවා. (නි)
ජිනා, ඔබ කියන විදිහට මෙතන අදහස් දමන්න හැකිවන්නේ සාන්තුවරයින්ට, සෝවාන් ඵලයට ළඟාවුවන්ට පමණද? ඔය සිද්ධියේ කවුරු මියැදුනත් කවුරු ජිවත් වුණත්, දෙගොල්ලොම පිස්තෝල වලින් මහ දවල් මහ පාරේදී වෙඩි තියාගත්තු අයනේ. හැබැයි ලංකාවේ සිට හෝ පිටරටක සිට මෙතන අදහස් දමන කාටවත් මේ දෙපාර්ශවය සමග කිසිදු පෞද්ගලික අමනාපයක් ඇති කියා මා සිතන්නේ නැහැ. දැන් ඔබතුමාට සහ වැරද්දත් නිවැරැද්ද යැයි පෙන්වීමට බොළඳ උත්සාහයක යෙදෙන දේශපාලන ගැත්තන්ට පිටරට ඉන්න අයව නම් ඇලජික් වී ඇති බව පෙනෙනවා. සමහර පිටරටවල වෙසෙන අය එම රටවල නීතිය ක්‍රියාත්මක වෙන විදිහයි ලංකාවේ තරාතිරම අනුව නීතිය ක්‍රියාත්මක වෙන විදිහෙයි වෙනස දකින විට ඔවුන්ටත් තම මවුරට ගැන ලැජ්ජා හිතෙනවා ඇති. මතක තියාගන්න, මේක පාලකයින්ටයි ඔවුන්ගේ බත් බැලයින්ටයි පමණක් අයිති රටක් නොවේ. විදේශගත ශ්‍රමිකයන් නැත්නම්, අද ඔය කාටත් වළඳන්න වෙන්නේ බත් නම් නොවේ (නි)
මොනවා වුණත් වෛද්‍ය උපදෙස් අනුවම වැඩ කරන්න (නි)
ප්‍රතිකාර ගැනීමට. (නදී)
කුසුමි නගා උඩ ගිහින් තියෙන තරමක්. හැමදාමත් සුද්දන්ගේ රටවල් වල අයට කඹුර කඹුර ඒ රටවල් වල මේවා මෙහෙමයි මේවා එහෙමයි කියා කියා අගේ කරන මේ රටත් ඒ රට වගේ නැත්තේ මොකද කියා කියා සුසුම් හෙලන කුසුම් නගාට ඔය ගැටලුවට තව අවුරුදු 10කින් 15කින් උත්තර ලැබේවි. ඔය ඉන්න රටටම වෙලා එතකන් අනන් මනං හිතල හිත කරදර කර ගන්නේ නැතුව ඔය සැපවත් ජිවිතේ ගෙවන්න..මේක තුන්වන ලෝකේ දියුණු වෙමින් පවතින රටක්. අපිනම් නගෝ ඒ බව දැනගෙන තමයි මේ රටේ ජිවත් වෙන්නේ. ඔච්චර අගය කරන ඔය ඉන්න රට පොඩ්ඩක් කියන්නකෝ. අපිත් විදේශ වල සේවය කරලා කියක් හරි හම්බකර ගත්ත අය .ඒ උනාට අපිනම් කවදාවත් හිතුවේ නැහැ අපි නැත්නම් මේ මේ රටේ මිනිස්සු බත් කන්නේ නැහැ කියා. මොනවා නැති උනත් මෙහෙ මිනිස්සුන් බත් කනවා කුසුමෝ..ඔයාල තණකොළ කවවන්න හැදුවට.(නදී)
මිලානෝ ජයන්ත මහතතයා "ජේසු තුමා වගේ "කිව්වා විතරයි මෙන්න ඔක්කොමටම කරහා ගිහිල්ලා. පිස්සු හැදෙනවා අප්පේ. මේකද ලංකාවේ අනෙක් ආගම් වලට කරන ගරු කිරීම?දුමින්ද සිල්වා කියන්නේ කතෝලික කෙනෙක්. ඒකයි මිලානෝ ජයන්ත මහාත්තයා එහෙම කිව්වේ. මම මේක කියන්නේ මිලානෝ ජයන්ත මහත්තයාගේ අදහසට විරුද්ධව කතා කළ අයට. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා! (නි)
'දුමින්ද අපේ රටේ කෙනෙක්. " එතන තමයි වැරැද්ද. එතකොට අර ඝාතනය වූ එක්කෙනා අපේ රටේ නොවෙයිද? (නි)
'ඒ මහත්තයා යම් කිසි වරදක් කළා නම් ජේසුස් වහන්සේ ඉදිරියේ නැවත තමාගේ ජිවිතය හදාගෙන" මෙන්න නියම උපදේශයක්. අම්මපා යාළුවේ, මෙච්චර කල් කොහෙද හිටියේ? (නි)
"දුමින්ද ඔබට කව්රු මොනවා කිව්වත් අපි ඔබ ගැන දන්නවා ඔබ තුමාට සදා ජය" සිල්ලරද, තොගද? (නදී)
බමුණු මහත්තයෝ, කළු කළු චරිත හැපිලා සුදු ප්‍රතිපල ලබන්න බැහැ. කළු ප්‍රතිපලයක්ම තමයි ලැබෙන්නේ. ප්‍රශ්ණය තියෙන්නේ කට්ටිය හොදටම දෙපැත්තම කළු බව දැනගෙන එක පැත්තකට සිල් රෙදි පොරවන්න යන එකයි. ඒක කැතයි. මුලින් වෙඩි කෑවේ දුමින්ද නම් ඒක නැතෙයි කියල කව්රුවත් කියන්නේ නැත්නම් නැහැ කියන සාක්ෂියක් නැත්නම් දුමින්ද අනිවාර්යයෙන් උසාවියෙන් නිදොස්ව නිදහස් වෙනවා. එහෙම මාරාන්තික තුවාලයක් වෙලත් දුමින්ද භාරතට වෙඩි තිබ්බා නම් ඉතින් ඇත්තටම දුමින්ද වෙඩි තියලා තියෙන්නේ ආත්මාරක්ෂාවට වෙන්න ඕන..ඒ වගේම දුමින්ද අර හින්දි ෆිල්ම් වල ඉන්නවා වාගෙ නළුවෙක් වෙන්න ඕන වෙඩි කාගෙන නැගිටලා එන..දුමින්ද ගැන මගේ ප්‍රසාදයක් නැහැ..නමුත් කලුනම් කළු මිසක් සිල්රෙදි පොරවල සුදු කරපු අය ඉන්න බැහැ.. (නදී)
පේනවානේ දැන් රටේ බන්දුල මහත්තයෝ බත් කන විදිහ. අනුන්ගේ හට්ටියම උදුරාගෙන දන්කුඩ එක්කම කනවා.(නදී)
මේ මොකද බන්දුල? බත්කාලද තණකොළ කාලද මෙතන උම්බෑ කියන්න පටන් ගත්තේ. මේ වගේ අය නිසා තමයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. බත් බැලයෝ හිතන් ඉන්නේ අපිත් එයාල කියන දෙයට ආවඩන්න ඕන කියල වෙන්න ඇති. එතකොට බත්බැලයෝ රටේ පාලකයින්ට ආවඩන නිසාද රටට විදේශ විනිමය ලැබෙන්නේ? පරිගණකයට මුවා වීගෙන ලංකාවේ වෙසෙන හා පිටරට වෙසෙන බුද්ධිමතුන්ගේ අදහස් නිර්ධය ලෙස විවේචනය කරන මේ බන්දුල නමැත්තා. හිතාගෙන ඉන්නේ සමහරවිට රට හා රජය වෙනුවෙන් ඔහු ලොකු සේවයක් කරනවා කියල වෙන්න ඇති. තමුන් මහලොකු කෙරුමෙක් කියල වෙන්න ඇති හිතාගෙන ඉන්නේ නේද? ලංකාවේ මිනිස්සු ගැන හෝ කවුරුත් ගැන නෙමේ අපට ප්‍රශ්නය තිබෙන්නේ. නයට කරන මේ වගේ බත් බැලයන් ගැන පමණයි. මේවගේ අමනයින් වඳ උන දාට අපට හැකියි මේ රට ඉදිරියටම ගෙනියන්න. එ්කට මෙරට පලවෙනි ලෝකයේද තුන්වන ලෝකයේද කියන දෙය අදාල නැහැ. බලු මැක්කා දැනගන්න ඕන උෟට බල්ලෙකුගෙන් තොර ලෝකයක් නැති බව. බල්ලා නැට්ට ගැසුවොත් මැක්කා බිම. එතකොට උන්ට අත්වෙන ඉරණම ගැනත් සිහි තබා ගත්තොත් හොඳයි.(නදී)
බන්දුල පෙරේරා මෝඩයෙක් වගේ තප්පුලන්නේ නැතුව කට වහගෙන ඉන්න.... කුසුම්ගේ කතාව හරියටම හරි... (නදී)
කුසුම්,බන්දුල මහත්තයාට ඕක තේරුම් ගන්න බැ ඔහු ඉන්න තද නින්දෙන් ඇහැරෙනකම්. එයා හිතන් ඉන්නේ එයා වගේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන අපිත් ඉන්න ඕන කියලා. (නදී)
උසාවියේ පවතින නඩුවක් ගැන නිර්වචන දෙන්න මේ බන්දුල කියන තැනැත්තා කවුද? මොකද උනේ කියල අපි දන්නවා. හැමෝටම බනිමින් අදහස් දමන මේ මනුස්සයා මානසික රෝගියෙක් මේ තැනැත්තාව පුනරුත්ථාපනය කරන්න ඕනා.(නධී)
කුසුම්ගේ කතාවට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.ඔය ලෙඩේ පිටරට ඉන්න ලාංකික ගොඩක් අයට තියෙනවා.තමන්ට වඩා කෙනෙක් නැහැ.තමන් තමයි හරි කියලා හිතනවා. තව කෙනෙකුගේ විවේචනයක් ඉවසන්න බැහැ.නමුත් කතා කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. කුසුම්ට ඕනෑවටත් වඩා ඒ ලෙඩේ තිබෙන බව පැහැදිලියි. විදෙස් විනිමය ගෙනෙන ශ්‍රමිකයෝ මුදල් උපයා ගන්නේ තමන්ට.නැතුව රට ගැන හිතලා විදේශ විනිමය ගැන හිතලා කවුරුත් රට යන්නේ නැහැ.විදෙස් ශ්‍රමිකයින් නැත්නම් කන්න වෙන්නේ බත් නෙමෙයි කිවුවට ඉතින් එහෙම වුණොත් රටට නැහැ වගේම තමන්ටත් නැහැ කියන එක කුසුම්ගේ ඔය පරිපුර්ණ මොළයට තේරිලා නැහැ. (නි)
බේත් අරගෙන ඉක්මනට එන්නකෝ.... (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
බන්දුල පෙරේරා කියා අදහස් දමන මේ පුද්ගලයා බැලුම් ගැනයි, අනුකම්පාව ගැනයි කියලා තියෙන්නේ කාටද කියලා අපිට තේරෙනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා කොළොන්නාවට කළ සේවය ජනතාවට අමතක නැහැ. අදහස් දාන අයව බය කරන්නද යන්නේ මේ බන්දුල? (නි)
මේ පුවත ප්‍රධාන පිටුවෙන් ඉවතට යන්න ආසන්නයි. අනේ ඊට පෙර කුසුම් මට එයා කිවුව එකේ තේරුම කියන්න හොඳේ. (නි)
මොනවා වුණත් ජන දුක හඳුනන පුද්ගලයෙක් (නි)
බන්දුල මහත්තයෝ, ඔය වෙඩි තියන තැන ඔබවත් මමවත් හිටියේ නැහැනේ.අපි කතා කරන්නේ ඇහෙන සහ කියවන කතා ඇසුරෙන්. නමුත් දුමින්ද ගැන මිනිසුන්ගේ පැහැදීමක් නැහැ. ඒ බව මම දන්නවා. මගෙත් පැහැදීමක් හෝ කැමැත්තක් නැත. කොහොම වුණත් භාරත ලක්ෂ්මන් කියන්නේ වචනයේ පරිසමාප්ත අරුතින්ම මහතෙක්. (නි)
බන්දුල , පිටරට වල ඉන්න අයගේ ලෙඩ නැතුව තමන්ට තිබෙන ලෙඩේ මොකද්ද කියලා හොඳට පරීක්ෂා කරගන්න. දැන් මවු රටේ ඉන්න උදවිය රට ගැන හිතලා වෙන්න ඇති මේ කරන දේවල් කරන්නේ. අත්‍යවශ්‍ය සේවා වර්ජනය කරන්නේ දේශානුරාගයෙන් වෙන්න ඇති. (නි)
."ඔය ලෙඩේ පිටරට ඉන්න ලාංකික ගොඩක් අයට තියෙනවා.තමන්ට වඩා කෙනෙක් නැහැ.තමන් තමයි හරි කියලා හිතනවා." ඔය හැන්දෙන්ම බන්දුල මහතාත් තමන්ටත් බෙදා ගන්නකො. (නි)
ප්‍රියනාත්, බන්දුල මහතා එයාගේ අදහස්නේ පළකරන්නේ. අපි ඒවා කියවමු. අපේ අදහසුත් ලියමු. මේක සුහද සංවාදයක් කරමු. (නි)
බන්දුල, පිටරට ඉන්න උදවියගේ ලෙඩ බලන්න පෙර මවුබිමේ ඉන්න සමහර අයට තිබෙන ලෙඩ ගැන හිතන්න. දකුණු ආසියාවේ ලොකුම බදු හොරා ඉන්නේ පිටරට නෙමෙයි, ලංකාවේ. ඒ නිසා පිටරට ගිහින් අනුන්ගේ දේ කඩා වඩා නොගෙන මහන්සියෙන් හරිහම්බ කරන අයට ඇඟිල්ල දික් කරන්න එපා. (නි)
මන්ත්‍රීතුමා නම් බෙහෙත් ගන්නයි පිටරට ගිහින් තියෙන්නේ. ඉතින් මොකද මේ අපේ අය කුලප්පු වෙලා තියෙන්නේ? කුසුම් කියලා තියන දෙයත් හරි. (නි)
ඔය බන්දුල කියන පුද්ගලයා නම් ලියන්නෙම මෝඩ කතා. හැමෝටම දොස් කියනවා. ලොකු මානසික පීඩනයකින් හා රෝගයකින් පෙළෙන්නෙක්. (නි)
බමුණුසිංහ මහත්මයා,මෙතන හැමෝම වගේ දාලා තියෙන්නේ ස්වාධීන අදහස්. එහෙත් මේ බන්දුල කියන තැනැත්තාගේ අදහස් කියන්නේ අනිත් අයට දොස් කියන එකනේ. කුසුම්ගේ අදහසේ ලංකාවේ අයව හෑල්ලු කරලා නැහැ.එහෙත් මේ මනුස්සො මොනවද මේ ලියන්නේ? තව ප්‍රභූ කන්තාවකටත් අපහාස කර තිබෙනවා. (නි)
"දුමින්ද ඔබට කවුරු මොනවා කිවුවත් අපි ඔබ ගැන දන්නවා ඔබතුමාට සදා ජය." හිතවතෙක්ද කොහෙද මෙයා? (නි)
මමත් ඉන්නේ පිටරටක. බන්දුල කියන කෙනාට පුරුදු දේවල් අපිට පුරුදු නැහැ. (නි)
නිදාගන්න කලින් කොත්තමල්ලි ටිකකුත් තම්බලා බොන්න. නැත්නම් හෙම්බිරිස්සාව හැදෙයි. (නි)
මෙතන අදහස් පල කරන දෙස් විදෙස් කිසිම ලාංකිකයෙකුට නැති අමුතුම මානසික තත්වයක් තමා බන්දුල පෙරේරා ට තියෙන්නේ. හරියට මුළු ලංකාවම එයා බද්දට අරන් වගේනේ පිටරට ඉන්න ලංකාවේ උදවියට බනින්නේ. මෙහෙම භුමි පුත්‍රයන් තමා එදා සුද්දන්ට රට පාවා දෙන්නත් කටයුතු කලේ. අසාමාන්‍ය දේශානුරාගය කියන්නේ රටට විනයක් කටින්න තියන කෙනෙකුගේ පෙර නිමිති. (නදී)
බන්දුල පෙරේරාට තියන ලෙඩේ පිට රට ඉන්න මිනිස්සුන්ට නම් නැහැ. එතකොට ඔය මන්ත්‍රී තුමා පිටරට ගියේ විදේශ විනිමය ගේන්න වෙන්න ඇති නේද. (නදී)
කියල වැඩක් නැ නිලූ අක්කේ .මම මේ ටික කියන්නේ ජිනාට. අනේ ජිනෝ අපි පිටරටකට ආවේ අපේ උත්සාහයෙන් ,අපේ දක්ෂකම් පෙන්වලා. නැතුව ඔය දැන්වගේ භාෂාව කතා කරන්න පුරුදු වෙලා නෙවෙයි. අනෙක මේ රටවල තියන නිතිය කාටත් එකයි. ලොකු මිනිහට වෙනම නීතියකුත් පොඩි මිනිහට වෙන නීතියකුත් නැහැ. මේවා කිවම කියනවා දේශීය කම සහ මනුස්සකම අමතක කරනවා කියලා. ඔයා එක දෙයක් දැනගන්න. පිටරට ඉන්න අය ලංකාවේ අයට වඩා ලංකාව ගැන අවදානයෙන් ඉන්නේ කියලා.(නදී)
මේ පත්‍රයේම පල වෙලා තියනවා ලංකාවේ වකුගඩු රෝගීන්ට ට ආධාර පිණිස ප්‍රංශයේ සිටින ලාංකිකයන් පවත්තන ප්‍රසංගයක්. ලංකාවේ වර්ජන තියනකොට මෙන්න පිටරට ඉන්න ලාංකිකයන් කරන දේ. බන්දුල පෙරේරා හැකි නම් ඔය දේශානුරාගය අර වර්ජනය කරන්න හෙදියන් ට ගිහින් පැහැදිලි කරන්නකෝ. පිටරට ගිය මිනිස්සුන් ට බැන බැන ඉන්න වෙලාවේ. (නදී)
ප්‍රියනාත් කියන කතාවට එරෙහිව නම් බන්දුල පෙරේරාගේ කට ගොළු වෙලා වගෙයි. බඩ බුරුල් වෙලා වැඩි කමටද කොහෙද වෙද මහත්තයෙක් හොයා ගෙන ගිහින් වගෙයි. මම කාන්තාවක් නිසාද මෙතන පඬි වදන් දෙසල තියෙන්නේ. ඔයවගේ නිවට වීරයෝ වත්තකට ගියාම පොල්පිතිවලින් කපා ගන්න පුළුවන්. වටිනා අදහස් පලකල හැම දෙනාටම ස්තුතියි! (නදී)
දැන් බලාගෙන ගියාම මේක බන්දුල පෙරේරලටම ගිය රට නේ. පිටරට ඉන්න අයට අපහාස කරන්න මොහු කවුද? අපි පිටරටකට ඇවිත් කියක් හරි හොයා ගත්තේ නැතිනම් අපිට කන්න වෙනදේ අපි දන්නවා. දේසපාලුවෝයි ඒ අය පස්සෙන් යන පෙන්දෝ ටිකයි හුරගෙන කාපුවම අපට ඉතිරි වෙන දෙයක් නැහැ. ඔය මිනිහ මව් කුසෙන් බිහිවුවෙක් නම් නෙවෙයි ඔය විදිහට අපිට අපහාස කරන්න. ඔය වගේ මිනිස්සු උඩ පනින්නේ බොහොම ටික කාලයයි. (නදී)
බන්දුල, අපි පිටරට ඉඳගෙන ලංකාවේ දේශපාලනය ගැන කතා කරනවා තමයි. ඇයි මොකද ප්‍රශ්නයක්ද? අපේ ඡන්ද අනුකම්පාවට දුන්නත් ලස්සනට දුන්නත් ඒ ගැන කතා කරන්න ඇති අයිතිය මොකක්ද? බුද්ධිමතුන් රටේ ඉන්නවා ඒවා ගැන කතා කරන්න. (නි)
ලංකාවේ මිනිස්සු බැලුම් බෝල වලට රැවටෙන්නෙ නෑ. (ස)
මොනවද මේ මෝඩ කතා. අපේ රටේම මිනිස්සුන්ට නේද මේ දොස් කියන්නේ. (ස)
මේ බන්දුල පෙරේරා නම් කවර හෝ දේශපාලන කණ්ඩායමකින් හොඳට ගුටිකාපු කෙනෙක්. එනිසා දේශපාලනයෙන්ම මොලය අවුල් වෙලා. (ස)
කට්ටිය මට බැන්නට කෑමක් නැහැ..ඔය ඔක්කොම දන්නවා රටින් පිට උනේ තමන්ට කරගන්න මිසක් වෙන දේකට නෙමෙයි කියල.හම්බ කරන්නේ තමන්ට තමන්ගේ අබු දරුවන්ට මිසක් රටට කියල හිතල නෙමෙයි කියල..තමන්ට නැත්නම් රටටත් නැහැ..තමන්ට තියෙනවනම් රටටත් තියෙනවා..ඔතන වෙන විශේෂයක් නැහැ. ඒක මාත් අත්දැකීමෙන් දන්නවා..විදෙස් ශ්‍රමිකයින්ට අපහස කරන්න කියපු දෙයක් නෙමෙයි ..හැමෝම දන්නා සත්‍යය තමයි කිව්වේ.කුසුම්ගේ බත් කන කතාවට..කොහොම උනත් කුසුම් තාම කිව්වේ නැහැ බල්ල කවුද මැක්ක කවුද කියල.(දී)
මනෝජ්-සාජාට. නොදන්නා නිසා ඔයාට කියලා දෙන්නම්. පිරටකට ඔයත් ගිය බව නමට පසුව දාන පොඩි කෑල්ලෙන් පෙනෙන අතර මානසික තත්වයත් හිතාගන්න පුළුවන්. මම පිටරට ගියා නෙවෙයි. පිටරටින් මම ලංකාවට ආවා. එත් අප්පච්චි යන යන තැනට යන්න සිදුවීම නිසා මට රටවල් ගණනාවකටම යන්න සිදු උනා. එත මම අරාබි රටවලට නම් ගියේ නැහැ. ඒ නිසා පිටරටවල විවිධ සමාජය ගැන මම හොඳට දන්නවා. අපේ ගෙවල් ළඟ සවුදියේ මේසන් වැඩකට ගිහින් ආව මනුස්සයෙකුත් කිවුවලු " අපි ගියේ උත්සාහයෙන් දක්ෂකම් පෙන්නලා." කියල. මට කියන්න තියෙන්නේ එච්චරයි. (දී)
මෙතන ජිනා කියල අදහස් දමා තියෙන්නෙත් ඔය බන්දුල කියන කෙනාමයි. කුසුම් නියමෙට උත්තර දීල තියනවා.ලංකාව බන්දුලගේ උනේ කවද ඉදලද? යුධ සමයේ පිටරටවල ජිවත් වෙන ශ්‍රී ලාංකිකයින් මොනතරම් පෙළපාලි ගියද? මේ පුද්ගලයා මොනාද දන්නේ? කැලැ පත්තර ගහපු කෙනෙක්ද කොහෙද. පිස්සු මානසිකත්වයක් ඇති කෙනෙක් (දී).
ඇයි මේ එක එක්කෙනාට අපහාස වෙන විදියට අදහස් දක්වන්නේ (ස)
වැල්ලේ කැරකෙන බඹරයක් ගේන්න ගියා ද ? (ස)
මම ඊයෙත් දැක්ක මේ බන්දුල පෙරේරා විදේශගත ශ්‍රී ලාංකිකයින්ට අපහස කර තිබෙනවා. මොහු කවුද ? මේ මොනවද කරන්නේ? (ස)
ඇතැම් මොලේ අමාරු කාරයෝ අදහස් දානවනේ (ස)
මමත් ලංකාවට අවේ පිටරට ඉඳල තමයි. දැන් තාම තේරෙන්නේ කරගත්ත මෝඩකම අර මෙතන තප්පුලන පාලකයින්ට තුට්ටු දෙකට කඩේ යන අය කරන දේවල් අපිට කරන්න බැහැ. මේ රටේ නීතියක් නැහැ කියන එක පොඩි දරුවෙකුට උනත් තේරෙනවා. (ස)
උදේට පත්තරේ දැක්කම ලැජ්ජාවේ පන යනවා. අපි කොහේ හිටියත් අපේ රටට ආදරෙයි. (ස)
බන්දුල පළවූ පුවතට අදාලව අදහස් ලියන්න සෙස්සන්ට ඉඩදී ඔබේ මානසික රෝගයට වෙනම ප්‍රතිකාර ගන්න. (ස)
ජිනා ඔබ කවුද මැදපෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයන් ට පාච්චල් කරන්න? ඔව්න් බදු හොරකම් කලෙත් නැහැ. බැංකු මංකොල්ල කෑවෙත් නැහැ. පාගා ගහල පවුල් නඩත්තු කලෙත් නැහැ. චේන් කඩලා ගතමනාව හොයා ගත්තේ නැහැ. මම නම් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. අපි කවදාවත් මෙහෙම පටු විදියට හිතන්නේ නැහැ (නදී)
බන්දුලතුමෝ, පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අපහාස කරන්න කලින් ඔබේ අවට ඉන්න සමහර උදවිය කරන්නේ , රටට වැඩදායක කටයුතු ද කියලා හොයලා බලන්න. බදු හොරකම් කර අඹු දරුවන් රකින්න කැමති උදවිය පිටරට යන්නේ නැහැ. (නදී)
ගුණසිරි මහතා හරියට හරි, මෙතන අදාළ පුවතට අදහස් පළකරන්න කාටවත් බැහැ.බන්දුල ඉස්සරහට පැනලා. පිටරට ඉන්න අයගේ හත්මුතු පරම්පරාවම මතක් කරලා බැනගත්ත ගමන්මයි. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් අදහස් පළකරන්න ඕනෑ රට ඇතුළේ උදවිය පමණයි කියලා නීතියක් නැහැනේ. මම නම් ඉන්නේ ලංකාවේ. හැබැයි පිටරටවල ඉන්න උදවියට අපහාස කරන්න කැමති නැහැ (නි)
එහෙම තමයි. අසනීප හැදෙන්නේ මිනිස්සුන්ටනේ... (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ මාතෘකාවට අදාලව නෙවෙයි අදහස් පලවෙන්නේ.භාරත සහ දුමින්ද යන දෙදෙනාම මේ දුෂිත දේශපාලනයේම කොටස් කරුවන් දෙදෙනෙක්. අද භාරත මැරිලා දුමින්ද ජීවත් වෙන නිසා රජය දුමින්දව රකිනවා. හදිසියෙවත් දුමින්ද මැරිලා භාරත ඉතුරු උනානම් භාරතව රකිනවා. ඕක තමයි දේශපාලනය ලංකාවේ.මැරුණු මිනිහා වැඩක් නෑ. ජීවත් වෙන කෙනා තමයි වටින්නේ. (ස)
ජිනාට මම කිවුවයි කියලා හිතාගන්නකො. (නි)