භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරිමේ නඩුවේ මුලික විභාගය අවසන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 11 දෙනාට මිනී මැරීමේ චෝදනා ගොනු කිරීමට සාක්ෂි ඇති බවයි.
ඒ අනුව නඩුව මහාධිකරණ විභාගයට යොමු කරණ බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද හොඳ? තංගල්ලෙ සිද්ධිය, අකුරැස්ස අපචාර සිද්ධිය, රත්නපුර සිද්ධිය, රතුපස්වල සිද්ධිය... මේ සිද්ධි කීපයක් පමණි. මේ සියල්ල මෙහෙම වෙද්දී ,කිසිවෙකුට මේවා නොපෙනේද? (නි)
සත්ය ජය ගන්නවා වගේම හෘද සාක්ෂියට බොරු කර ගන්න බැහැනේ.ඇත්ත කියන්නේ වතුරේ හංගපු රබර් බොලේ වගේ, කවදාහරි උඩට එනවා. (නි)
මතක නැතුව ඇති (ස)
නඩුවක් දිනන පරදින එක තීන්දු වෙන්නේ ඒ වෙලාවේ හැටියටයි.කොච්චර සත්ය වුනත් බොරු කරන්න පෙරකදෝරු මහත්වරුන්ට පුළුවන්. එක නඩුවක් මුළු රටම ප්‍රසිද්ද වුනා කාලෙක. කුබුරේ ගොයම් කපල නියර උඩ ගොඩ ගහන එකට ගොවියෝ කිවේ වටමලුව කියල. කමතේ ගොඩ ගැහුවම කිවේ ගොයම් කොලේ කියල. මේ කොලේට මුවා වෙලා කෙනෙක් මිනි මැරුමක් කළා. නමුත් පෙරකදෝරුවා ගොයම් ගහක කොලයක් උසාවියට ගෙනත් මේකට මුවා වෙලා වෙඩි තියන්න හැකිද අහල නඩුව දින්නා. එත් ඕනෑම වරදකට දඬුවම් ගොනා පිටිපස කරත්තය එන්නා සේ අප පසු පස එනවා. එය ලෝක ධර්මතාවය යි. (දී)
නිලූ විදානගේ මහත්මිය ඔබ අප සිතුවාට සත්‍ය ජයගනී කියල .ඒවා කියමන් වලට සිමා වුන කාලයක් . ලංකාවේ පමණක් නොව ලෝකයේම රජයන්නේ බොරුව . සත්‍ය පැන ගිහින් .වරද කරුවන් එළියේ අහිංසකයන් පෝරකයේ . ඕක තමා සත්‍ය අද කාලයේ (දී)
රන්ජිත් සොයුර, ඔබගේ කියමනේ ඇත්තක් තියනවා අද රටේ ලෝකේ වෙනදෙත් සමග සැසදුවම.එත් කෙනෙක්ට හර්දසක්කියෙන් ගැලවෙන්න බෑ කවදාවත් ලෝකෙට පෙන්න සතුටින් හිටියට හදවත ඇතුලින් මැරී, මැරී,තමයි ජීවත් වෙන්නේ. (දී)
කොහොම හරි වැරදිකරුවන් ට දඬුවන් ලැබේ නම් කමක් නැහැ. එයාට මොකුත් මතක නැහැ. පවු. කියල වැඩක් නැහැ මේවා, අබුද්දස්ස කලේ ට ලබුත් තිතතළු. නඩුත් හාමුදුරුවන් ගේ නඩුත් බඩුත් හමුදුරුවන් ගේ (දී)
දෙන්නම කලේ එකම බිස්නස් එක.රෝහණ ඔබ හරි. (දී)
ඊළඟ නඩුවෙන් දිනුවත්, පැරදුනත්, ඉහළින් පැමිණි නියෝගයක් මත අපේ මන්ත්‍රීතුමා නිදහස් වෙයි. මොනවද ඔට්ටු? (නි)
ඔහු නීතියෙන් ගැළවෙයි.නමුත් දඩුවම් නියතයි. (නි)
දුමින්දගෙනුත් අහලා චෝදනා පත්‍රය ලිවුවා නම් හරි. කොහොම වුණත් නීතිපතිට පුළුවන් නඩුව ඉවත් කරගන්නත්. (නි)
රෝහණ, ඔබ හරියට හරි.ඒක ප්‍රසිද්ධ රහසක්. (නි)
මතක ඇති කලකට පෙර කැස්බෑව පැත්තේ ඉන්න දේශපාලකයෙකුට විරුද්ධව පවරා තිබු මිනීමැරුම් නඩුවට මොකද වුණේ කියලා. අවසානයේදී මිනීමැරුම් චෝදනා සියල්ලම ඉල්ලා අස්කරගත්තා. දැන් ඔහු දෙහිවල ආසන්නයේ ආසනයක ප්‍රධාන සංවිධායකවරයෙක්. ඉතිහාසය, ඉතිහාසයට අනුව නැවත නැවතත් උත්පත්තිය ලබයි. නීතියේ පිවිතුරු උතුම් කන්‍යා දෙවඟන අපයෝජනයට පමණක් නොව සැබෑ ලෙසින්ම දුෂණයට ලක් වී නොමැත්තේද? වහකඳුරු සත්‍යය මෙයම නොවන්නේද? (නි)
අපි කළා නම් කෑලිත් නැහැ අපේ... (නි)
අපි වගේ නම් මෙලහකටත් ඇතුළේ (නි)
වරදට දඩුවම ලැබිය යුතුයි (නි)
අනේ පවු. ආයෙත් අමතක වෙයිද? (නි)
මේවා ඉන්දියානු මාලා නාටක වගේ සිද්ධි විතරයි. අපිට තියෙන්නේ කට අැරගෙන බලාගෙන ඉන්න. ලංකාවේ දැන් සිදු වෙන්නේ පියවි ලෝකයේ අනෙත් රටවල සිදු වෙන දේවල් නෙමෙයි. (නි)
මරඛ මංචකයෙදි කාට කාටත් කරපු පව් මතක් වෙයි.(නදී)
සිදුවුණු සිදුවීමට දුමින්ද වගකිවයුතු වුණත් මේ මරණය වුණේ දුමින්ද වෙඩිකෑවට පස්සේ. මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට.ඊට පස්සේ සිදුවුණු සිදුවීම් වලට ඔහුට මිනීමැරුම් චෝදනා ඒම නම් මට තේරුම් ගන්න බැහැ.දෙපැත්ත ගැනම දන්නා මිනිස්සු හොඳට දන්නවා.කොහොම වුණත් මේ සිදුවීමෙන් ප්‍රයෝජන ගත්තේ වාසි වුණේ කාටද කියලා නම් පහුගිය කාලයේ අපි දැක්කා. (නි)
අනේ අහිංසක කොලු පැටියා.(නදී)
අනේ අපොයි මෙහමත් අපරාදයක්.(නදී)
මෙන්න මහාචාර්ය බන්දුල පෙරේරා ඇසින් දුටු සාක්කි අනුව තීන්දුවත් දීලා. අසව්! අසව්!! (නදී)
අපරාදේ මේ නඩුව අහන්න තිබුනේ බන්දුල තුමාට නේ. ඔබතුමා වගේ කෙනෙක් තමා මේ වගේ වගකිව යුතු ආසනයක් හොබවන්න සුදුසුම. විත්තිකාරයා පැමිණිලිකාර පුටුවේ වාඩි කරලා, පැමිණිලි කාරය විත්ති කුඩුවට නග්ගවලා ලංකාවේ සියලුම නඩු එක දවසින් ඉවර කරාවි.(නදී)
හරි ගජමන් ඉතින් කියන්නකෝ මෙයිට වඩා වෙනස් ඇසින් දුටු සාක්ෂිය..මම මේ දේ කිව්වේ මේ නඩු විභාගය ගැනත් සිදුවීම පිලිබදව පුවත්පත්වල තිබුණු වාර්තාත් බලල. වැරදිනම් ඉතින් හරි දේ කියන්න දුමින්ද භාරතට වෙඩි තියල එයත් වෙඩිතියා ගත්තද? දුමින්දව කළු කරලා භාරතට කට්ටිය සුදු රෙදි පොරවන්න හැදුවට දෙගොලෝම කලුයි ගජමන්..ඔයයි මමයි හිතනවට වඩා ගොඩක් කලුයි.(නදී)
නිලූ ඔය කතා කරන්නේ සෞදි අරාබිය ගැන නේද ? එහෙනම් කමක් නැහැ. (නදී)
මමනම් හිතන්නේ මෙතනදී පොලීසිය පක්ෂග්‍රාහීව වැඩ කළා. (ස)
වැරදිකරුට උපරිම දඩුවම් දියයුතුයි (නි)
ඕනෑම රටක තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙන්න ඕනෑ. බෞද්ධයන්ට විතරද ඕනෑම දෙයක් කරන්න පුළුවන්? (නි)
බන්දුල පෙරේරා ඔහොම කටු ලෙව කන්න යන්න එපා අපි මිනිස්සු කියල මතක තිය ගන්න (නදී)
බන්දුල වැනි පුද්ගලයෙකුට ලබන ආත්මයේදීවත් විධුෂක වගේ නිවැරදිව හා පුළුල්ව හිතන්න බැහැ. මොකද මේ ආත්මයේ අපරාධ කාරයින්ගේ ලේ පැල්ලම් හෝදන පාප කර්මය හින්දා.(නදී)
අපේ බන්දුල පෙරේරා මහත්තයට මෙයාව මතකද දන්නෙ නැහැ (නි)
සත්ය ජයගනී. (ස)
පිස්සුද මතුපාල මහත්තයෝ,,එහෙනම් භාගෙට භාගයක් එලියෙනේ. (අ)
ආයුද පෙන්නන්න එක්ක යා යුතු බව මගේ අදහසයි.(නදී)
දුමින්ද පසුගිය දිනවල ඉඳලා රාජ උදහසට ලක් වෙලා තිබුණු බව දැනගන්න ලැබුණු වෙලාවේ මට හිතුන මෙහෙම දෙයක් වෙන බව. (අ)
මට මුකුත් මතක නැහැනේ? (ස)
ආයෙත් අමතක වෙයිද දන්නේ නෑ. (ස)
ආපහු මගේ ඔලුව ටිකක් රිදෙනවා වගේ නම් සිංගප්පුරු ගියානං හොදයි වගේ ,.(අ)
පිස්සුද අනේ ..? මේ වගේ උත්තමයෝ කොහොමද මිනීමරුවෝ වෙන්නේ .? මටත් මේවා දැක්කම මොකුත් මතක නැහැ? (ස)
මේ රජයේ සේවකයෝ නෙමේ නෙ මතුපාල මහත්තයෝ... (ස)
සෙල්ලම් තුවක්කුවක්ද ? (ස)
මට මතක නෑ (ස)
ගරු බණ්ඩාරනායක අගමැතිතුමාට සහ ගරු බණ්ඩාරනායක අගමැතිතුමියට ගරුකරන පැරණි ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයෙකු වශයෙන් අැසු පුවත ගැන සතුටු වෙනවා. බලමු ඉදිරියට. (නි)
මොනවද මේ කියන්නේ? අපිට නම් මතකත් නැහැ දැන්. හීනයක් වගේ. (නි)
වැරදි දෙපැත්තේම තියනවා. භාරත ලක්ෂ්මන් කරපුවා හැමෝම දන්නවා වගේම දුමින්ද කරපුවත් හැමෝම දන්නවා. ආයේ දුමින්දට අමතක වෙන්න දෙයක් නැහැ. (නි)
මෙහෙම චෝදනා තිබුණම මන්ත්‍රීකම නැති වෙනවද.? රජයේ සේවයේ නම් වැඩ තහනම් කරනවා. (ස)
මේවා උත්තමයෙකුට කරන චෝදනා... ආශ්චර්යය!!! (නි)
මතකද නාලන්ද එල්ලාවල සිද්ධිය? එහෙම එකේ මේ ගැන මම නම් එච්චර ගැඹුරට හිතන්නෙ නැහැ (නි)
දුමින්ද සිල්වා වැරදියි කියලා තීන්දු කළොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
භාරත ලක්ෂ්මන්ව මම කුඩා කල සිට ඇසුරු කළ කෙනෙක් මෙන්ම එකට පාසල් ගිය කෙනෙක් (නි)
නඩු පරණ වෙන්න වෙන්න ඒවායේ ආකර්ෂණය අඩු වෙනවා. ඊට පස්සේ ඒ ගැන තිබුන විමසිලිමත් බව නැති වෙනවා. අන්තිමට කාටත් නොදැනී අහක යනවා, නාලන්දට වෙඩි තියලා බිම වැටුනම පන අදින මිනිහා වාහනයට යටකලා. ඇසින් දුටු සාක්කි තිබුනා. මොකද උනේ? (නදී)
මෙතන තියෙන ප්‍රශ්නය මට මොකුත් මතක නැති එක තමයි.(නදී)
ලංකාවේ වෙසෙන හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා මම මට හිතෙන විදිහට යමක් කියන්න අවසර. කව්රුවත් තව කෙනෙක් අතින් මැරුම් නොකා ඉන්න උත්සහ කල යුතුයි. මොකාද මළොත් මැරුන කෙනාටයි අඹු දරුවන්ටයි පාඩුයි. මරපු මිනී මරුවා අවුරුදු ගණනක් ඇප පිට නිදහසේ එළියේ ඉඳලා අවුරුදු ගණනකින් තීන්දුව් ලැබුනම එක්කෝ නිදහස් වෙනවා. නැත්නම් නකිවෙලා මොකුත් කරගන්න බැරි කාලේ හිරේට යනවා.(නදී)
අනේ පවු! සමාව දෙන්න. (නි)
හිරුණිකා මේ සම්බන්ධයෙන් මොනවාහරි කරයි නේද? (නි)
කහවත්ත මතකද? මට නම් මතකයි (නි)
කොළොන්නාවේ ජිවත් වන අය වශයෙන් සියලු සිද්ධීන් අපි දන්නවා. දුමින්දත් භාරතත් අතර වෛරය ඇතිවීමට හේතුත් අපි දන්නවා. (නි)
හිරුණිකායි කියලා මොනවා කරන්නද? (නි)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා කීදෙනෙකුට මිනිමැරීමේ චෝදනා තිබුනද? මැතිවරණ වලදී ඒක හොඳ සුදුසුකමක් (නි)
කෙසේ වෙතත් මොන චෝදනා උඩ නඩු දැම්මත් දුමින්ද ජීවිතය තිබෙන තුරා එළියේ සිටීවි. මොකද ඔහු වෙඩි තබනවා කියා කිසිම සාක්කියක් නැහැ. (නි)