IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දුමින්දගෙ හිස් කබලෙ සැත්කමේ වාර්තාවක් ඉල්ලයි

කොළොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු මරා දැමූ සිද්ධියේදී වෙඩි වැදී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිස් කබලෙන් ඉවත් කළ කොටස් ඇත්නම් ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියට නියෝග කළේය. එම වාර්තාව ලබන 20 වැනිදා ඉදිරිපත් කරන ලෙස ද නියම විය. මහේස්ත්‍රාත්වරයා එම නියෝගය දුන්නේ දුමින්ද සිල්වාට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිස් කබලට සිදු කළ සැත්කමින් හිස් කබලේ කොටස් ඉවත් කළ බවට ඔහුගේ ආරක්ෂකයා වූ ඇමැති ආරක්ෂක අංශයේ අනුර තුෂාර ද මැල් දුන් සාක්කිය සම්බන්ධයෙන් අනූජ ප්‍රේමරත්න නීතීඥවරයා කරුණු දැක්වූ අවස්ථාවේදී ය. නීතීඥවරයා කියා සිටියේ හිස් කබලෙන් ඉවත් කළ කොටස් ඇත්නම් එය නඩුවට වැදගත් වන බවයි.



අදහස් (0)

දුමින්දගෙ හිස් කබලෙ සැත්කමේ වාර්තාවක් ඉල්ලයි

චුලක Tuesday, 06 November 2012 11:33 AM

වෙන කෙනෙක්ගේ එක්ස් කිරණ - චායාරූපය දුමින්දගෙ හිස්කබලෙ කොටස් කියලා ඉදිරිපත් කරයිද දන්නෙ නෑ, හිස්කබලෙන් ඉවත් කල නියැඳි වල සත්‍යතාව පරික්‍ෂාකරන්න වෙයි.- ඒක නිසා ඊට අදාලව හිස්කබලෙන් ඉවත් කල නියැඳි වල ඞී. එන්. ඒ. පරීක්‍ෂණයක් කරන්න වෙයි. (නු)

:       0       0

සමීර Tuesday, 06 November 2012 11:37 AM

දැන් යනවිදිහට මරුන අය මන්ත්‍රී තුමාට වෙඩි තිබ්බ කියල කියන්නත් පුළුවන් (නු)

:       0       0

චානක Tuesday, 06 November 2012 05:29 PM

බොහොම හරි.. බොහොම හරි..!(නු)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 06 November 2012 05:33 PM

මෙයා තුවාල වෙලා කියන්නෙ බොරුවටද කොහෙද? සිංගප්පූරුවට වෙලා හොදට ඉන්නවා ඇති..!(නු)

:       0       0

වාසා ඩයස් Tuesday, 06 November 2012 11:27 AM

එතුමාගේ හිස්කබල ඇරෙන්න මොලේ කෑලිත් ඉවත් කළාද දන්නෙ නැහැ..!(නු)

:       0       0

සිල්වා තබුක් Tuesday, 06 November 2012 11:54 AM

මුළු රටම දන්නවා හිරුණිකා දුවත් ඒ මේ අත වැනි වැනී යන්නේ..!(නු)

:       0       0

ලලිත් ධම්මම් Tuesday, 06 November 2012 06:24 PM

ඇත්තටම මෙයාගේ හිස් කබල ගලවලාද දන්නෙ නැහැ හැබෑටම..?(නු)

:       0       0

වරුණ Tuesday, 06 November 2012 12:12 PM

ඒක ඇතුලෙ මොනාද තිබුණෙ කියලා වාර්තාවක් ගත්තොත් නරකද?(නු)

:       0       0

වරුණ Tuesday, 06 November 2012 12:27 PM

ආරක්ෂයකයා කොහොමද දන්නෙ අයින් කරපුවා එයා දොස්තරද?(නු)

:       0       0

මධු Tuesday, 06 November 2012 12:30 PM

ඔය කියන හිස් කබල අයින් කරලා වෙන හිසක් බද්ද කරන්න බැරිද දන්නේ නැහැ..!(නු)

:       0       0

අචිනි Tuesday, 06 November 2012 12:57 PM

මේකත් දැං මෙගා ටෙලිනාට්‍යයක් වගේ මිනිසුන්ට කිසිම වටිනාකමක් නැහැ..!(නු)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 03:51 PM

ඊලඟට මොලේ කොටසක් ඉල්ලාවිද ? .(ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 06 November 2012 01:37 PM

මොලේ පිළිබද වාර්තාවක් සිද්ධියට පෙර හා පසු ගත්තනාම් තමයි හොද මොකද ඒක මුළු රටටම බලපාන නිසා..!(නු)

:       0       0

හිල්මි Tuesday, 06 November 2012 08:05 PM

මොකද ඒ ගමන හිස් කබලක් ගැන කතා කරන්නේ (නි)

:       0       0

ඩොන් Wednesday, 07 November 2012 10:45 AM

හිස් කබලේ කෑලි ගෙන්නලා වැඩක් තියෙනවද? මොකද හිස් කබලට දඩුවම් දෙන්නයෑ? (නි)

:       0       0

සිතාරා Tuesday, 06 November 2012 08:25 PM

රිස්වාන් හරි. මෙහෙම දෙයක් කාටවත් වෙලා නැතුව ඇති. (නි)

:       0       0

අංජන Tuesday, 06 November 2012 08:27 PM

දෝෂාභියෝගය ගේන අයට මෙයාව ගේන්න නම් කිසිම උන්දුවක් නැති පාටයි. හිස්ම හිස් හිස් කබලක් තමයි ඇත්තෙ. කරපු වැඩ බලපුවහම ඔලුවෙ වාර්ථාවක් කැඳවන්ඩ ඕනෑ නැහැ. (නි)

:       0       0

තුවාන් ෂෙරිෆ් Tuesday, 06 November 2012 08:57 PM

හිස් නඩුවක්..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 02:25 PM

එයාට හිස් කබලක් තිබුණද?(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 06 November 2012 03:01 PM

ත්‍රස්ත වාදී කලබල දවස් වල හමුදාවේ හෝ එල්ට්ට්යේ කෙනෙකුටවත් මේ වගේ දෙයක් වෙලා නැතුව අති?(නු)

:       0       0

රූපා Tuesday, 06 November 2012 10:58 PM

වෛද්‍ය වාර්තාව අපිටත් පෙන්නන්නකො

:       0       0

රෝසා Tuesday, 06 November 2012 11:17 AM

‍ඇයි කොටස්ක පමණක් ඉල්ලන්නේ.. මුළු හිස් කබලෙම ඉල්ලන්න පූර්ණ පරීක්ෂණයකට..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 263 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1137 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1792 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4245 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site