කොළඹ දක්වා ධාවනය වන මහව කාර්යාල දුම්රිය අද (09) ප්‍රමාද වී ධාවනය කිරීම ගැන කුපිත වූ මගීන් පිරිසක් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී රියදුරුට පහර දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
පහරදීම ගැන රියදුරු සංගමය මරදාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පෙරවරු 6.12ට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ළඟා විය යුතු මහව කාර්යාල දුම්රිය අද ළඟාවී ඇත්තේ 6.34ට බවත් කොළඹ ළඟාවී ඇත්තේ පැයක් ප්‍රමාද වී බවත් දුම්රිය පාලන කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල අවසානයේ දුක් විඳීමට සිදුවන්නේ අහිංසක මගී ජනයාටයි. (ස)
ගහන්න තියෙන්නේ නම් සේවකයන්ට නොවෙයි. ලොකු උන්නැහේ කෙනෙක් ළඟදිත් අලුතෙන් කට්ටියක් දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඡන්ද වැඩ ගත්තලු නේද? ලංගමයි දුම්රියයි නැතිකළේ දේශපාලුවෝ. ගහන්න ඕනෑ උන්ටයි. ඉහළින්ම ඡන්දෙ දීලා මේ අහිංසක මිස්සුන්ට ගහන එකේ තේරුමක් නැහැ! (නි)
පවු! ඒ මිනිස්සු මොනවා කරන්නද? (නි)
ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි අවංකව සේවය කරානම් පහරදීම සිදු නොවේ (ස)
මිනිසුන්ව අමාරුවේ දානවට හොඳ වැඩේෙ. (ස)
රට යන අත බොහොම ෂෝක් . (නදී)
ඇත්තටම මහා ජනතාව ගැහුවා නම් එක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. එය අනික් තැන් අරභයා ද සිදු විය යුතුයි. හැබැයි අර හම්බන්තොට දී ගහපු ""මහා ජනතාව"" නම් නොවිය යුතුයි. (අ)
දැන්නම් ඉවසුවා හොඳටම ඇති තමයි (නි)
වසන්ති,එන්න... එන්න මාංචු කුට්ටම දෑතින් අරගෙන. (නි)
අකමැත්තෙන් වුවද කීමට ඇත්තේ මේ පිටවුයේ නිර්ධන පන්ති යාවජීව සාමාජිකයන් තුළින් මතුවී ආ ඔවුන්ගේ තෙරපීමේ, වේදනාවේ, හා අසීමිත වූ පීඩනයේ දෝංකාරයේ හඬයි. (නි)
මේවට තමා ඉල්ලන් කනවා කියන්නේ.නියමයි.මෙයට වෙන විකල්පයක් නැත. හැම අත්‍යවශ්‍ය සේවාවක්ම වැඩ වරා ජනතාව පෙළත් නම් විසඳුම මෙයය. ප්‍රශ්න ඇතිකරන බලධාරීන්ටද මෙම උරුමය හිමිය. සිදුකළ අයට ජාතියේ ප්‍රණාමය! (නි)
පහර දුන් අයව වහා අත්අඩංගුවට ගත යුතුයි. මෙයින් පෙනෙන්නේ ලංකාවේ නීතිය පරිහානියට ලක් වී ඇති බවයි. ඔහොම ගියොත් දවසක ඇමතිතුමාටත් ගහයි. (නි)
හෙදියන්ටත් මේ වගේ අමතක නොවන පාඩමක් දුන්න නම් දුප්පත් රෝගීන්ව අමාරුවේ දමන එක නවතීවි.(නදී)
චරිත, අපිට ඔය ජපනුන්ගේ වැඩක් නැහැ. මේක සිරි ලංකාව. ලෝකෙන් උතුම්ම රට. අපි වැඩ කරන්නේ කාටවත් ඕන විදියට නෙමෙයි. (ස)
ගහන එකනම් එච්චර හොඳ දෙයක් නෙමේ. දුම්රිය පරක්කු කරන අදාල නිලධාරීන්ට ගැහුවනම් තම වඩා හොඳ.(ස)
හොඳ වැඩේ. මොනවා කළත් මෙයාලගෙ ඉල්ලීම් ලැබෙන බව දන්න හින්ඳනෙ ඔච්චර උඩ පනින්නෙ.මගීන්ගෙ ඉල්ලීම් වලට කන් දෙන්නෙ කවුද? (ස)
වැඩ වර්ජනයෙන් වැඩ අදාළ කරවන හැමෝටම මේ දේ කරන්ට ඕන. එතකොටවත් රට හැදෙයි නේ. (ස)
ගහන්න නෙවෙයි තියෙන්නෙ. (ස)
ගහන්න ඕන අහිංසක සේවකයනට නොවේ අදාල බලධාරීන්ට. මම නම් කියන්නේ කොචියේ යන කටියටත් හොඳ වැඩේ...තව ගහගන්න. (ස)
හැමදාම වර්ජන කරලා මිනිස්සු අමාරුවේ දානවට හොඳ පාඩම. රටට වැඩ කරන පැයක් ඒ නැති වුණේ. කලින් ඕක කරන්න තිබුණේ. (ස)
ගහන්න නෙමේ තිබ්බේ. රටේ දේවල් කනවා ලංකාවේ වැඩ කරන මිනිස්සුන්ගේ පැය කීයක් කාලා ඇත්ද? (නදී)
හොඳ ප්‍රතිචාරයක්. ඉල්ලීම් දිනාගන්න මගීන්ට කරන්න තියෙන්නේ එ්ක තමා. ගහන එක නම් හොඳ නැහැ. නමුත් කරන්න දේකුත් නැහැ. පැමිණිලි බාරගන්න තැනකුත් නැහැ. ඒවා විසදන්න කෙනෙකුත් නැ. දුම්රිය ඇමති ඔය දුම්රියකින් දවසක් යැව්වොත් හොඳයි.(නදී)
ජපානයේ ගිය වසරටම දුම්රිය පමා වූ කාලය තත්පර 7 කි.(නදී)