ඉල්ලා තිබෙන වැටුප් ලබා දිම සඳහා ජාතික වැටුප් කොමිසම දිගින් දිගටම ප්‍රමාධ කිරිම හේතුවෙන් දුම්රිය නියාමක, ස්ථානාධිපති, දුම්රිය පාලක, හා අධීක්ෂණ කළමණාකරුවෝ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 වර්ජනයක් ක්‍රියාත්මක කරති
ඉල්ලා තිබෙන වැටුප් ලබා දිම සඳහා ජාතික වැටුප් කොමිසම දිගින් දිගටම ප්‍රමාධ කිරිම හේතුවෙන් දුම්රිය නියාමක, ස්ථානාධිපති, දුම්රිය පාලක, හා අධීක්ෂණ කළමණාකරුවෝ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 වර්ජනයක් ක්‍රියාත්මක කරති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවකයෝ සියලු දෙනාම සැරින් සැරේ වැඩ වර්ජනය කරලා හරි ඉල්ලීම් දිනාගන්නවා. පුද්ගලික අංශයේ සේවකයන්ට එහෙමත් බැහැ. කියන දෙයක් කරලා, දෙන සොච්චන් වැටුපත් අරගෙන, කට පියාන ඉන්න තමා ඉන්න තියෙන්නේ. ඒවා ගැන කතාකරන්න ගියොත් අනෙත් දවසේ ඉදලා ගෙදර ඉන්න වෙන්නේ. රාජ්‍ය සේවකයන්ට තියෙන කිසිම පහසුකමක් අපිට නැහැ, අපි වැඩ වර්ජන කරනවා නම් හැමදාම කරන්න ඕනෑ අපිට තියෙන ප්‍රශ්න විසදා ගන්න. (නි)
දිලිනි, එම නිසයි තවමත් අපේ රටේ මිනිසුන් රාජ්‍ය සේවයට කැමති. දැන් කොහොම නමුත් ඉස්සර රාජ්‍ය සේවය විවාහයටත් හොඳ සුදුසුකමක්ලු (නි)
හරියට හරි දිලිනි. අනික ඔය රාජ්‍ය අංශයේ ඉන්නේ මැති ඇමැතියන්ගේ හෙන්චයියෝ. එයාලගේ රැකියා ස්ථාවරයි (නි)
ඒක ඇත්ත. අපි ගැන කතා කරන්න කිසි කෙනෙක් නැහැ.අඩු ගානේ කම්කරු නීතිවත් හරියට ක්‍රියාත්මක කරන්න උනන්දුවක් නැහැ.පුද්ගලික අංශයේ සේවකයන්ට අඩු වැටුපට අවදානම් සහගත රැකියාවල යෙදෙන්න සිදුවෙලා. ජීවිත හානි වලට හරිහමන් වන්දියක්වත් ලැබෙන්නේ නැහැ. ඒ වුනාට අද මුල් තැන ඉන්නේ හිටපු කම්කරු ඇමතිවරයෙක්. එතුමාටවත් අප විදින දුක දැනෙන්නේ නැද්ද? මේවගේ වර්ජනයකදී අපට තමා මුදලිනුත් නිවාඩු වලිනුත් පාඩු වෙන්නේ (නි)
පොදු වැඩකට ස්ට්‍රයික් කරන්න බැහැ මෙයාලට. විදුලි බිල වැඩි වුනා, ගානක් නැහැ. ඔක්කොම එක දවසකට දාගෙන. සෙනසුරාදා , ඉරිදා ස්ට්‍රයික් කරපල්ලකෝ අපිටත් නිවාඩුවක් දාලා ගෙදරට වෙලා ඉන්න. (නි)
හැමදාම කරන්නේ මේ මිනිස්සුන්ව රවට්ටන එක. හැමදා සාකච්චා තියනවා. කල්ගන්නවා. කල් මරනවා. සේවකයන්ගේත් රැවටීමේත් සීමාවක් තියෙන්න එපායැ.මේවා නිසා පරිප්පු කන්නේ සීසන් අරන් උදේ හවස කෝච්චියේ යන අපි තමා (නි)
රාජ්‍ය සේවකයෝ ඉල්ලීම් දිනාගන්න වැඩවර්ජන කරනවා. අසරණ පෞද්ගලික සේවයේ යෙදෙන අපි කබලෙන් ලිපටම වැටෙනවා. අද කීදෙනෙක්ට රතු ඉර වදින්න ඇද්ද? කී දෙනෙක්ට උදේ වරුවේ වැටුප අහිමි වෙන්න ඇද්ද, පුද්ගලික අංශයේ? (නි)
දුම්රිය සේවය තමයි රටක ප්‍රධාන විය යුත්තේ. මම ඉන්නේ ජපානයේ. මෙහෙ තියෙන ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය දුම්රිය. අපේ ලොක්කෝ මෙහෙ ඇවිත් ගමන් යන්නේ කාර් වල නිසා ඒ මිනිස්සුන් දුම්රිය සේවය ගැන දැකලා නැහැ . ඒක නිසා කිව්වට තේරෙන්නේ නැහැ. දවසක දුම්රියක ගමන් කළහම මොලේ පෑදෙයි. මිනිස්සු වෙලාවට වැඩ කරන්නේ දුම්රිය නිසා. අපේ රටේ හරිම අපිරිසිදු දුම්රිය සේවයක් තාම තියෙන්නේ.දැන්වත් අපි දියුණු වෙන්ඩ ඕනෑ නැද්ද? (නි)
පුද්ගලික අංශයට 40% ක පඩි වැඩිවීමක් ඕනෑ. (නි)
ලංකාවේ 'නන්නත්තාරම' දෙපාර්තමේන්තුව... පඩි ලක්ෂ ගණනින් වැඩි කළත් කමක් නැහැ සේවය හරියට සපයනවා නම්.වෙල්ගම මැතිතුමාට ආරාධනා කරන්න ඕනෑ දවසක දුම්රියේ ඇවිල්ලා බලන්න කියලා මිනිස්සු හැමදාම කන කට්ට.... (නි)
දුම්රිය ධාවනයේ මොන ප්‍රශ්නයක් තිබුණත් රටට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට සම්පතක් වූ නොමිලයේ ලැබුන ඇම් 2 වර්ගය එන්ජින් දකිනකොටත් සතුටක් (නි)
මම හැමදාම වැඩට යන්නේ එන්නේ දුමිරියේ කවදාවත් වෙලාවට පිලිවෙලට වැඩක් නැති මෙලෝ රහක් නැත් සේවයක් තමයි දුමිරිය සේවය කියන්නේ පඩි නෙමෙයි දෙන්න ඕනා.(නදී)
තොටිල්ලක් වගේ පැද්දී පැද්දී යන ලෝකෙම තියෙන භයානක දුම්රිය සේවය ඇත්තේ මෙහෙ තමයි. මේ සේරම අය ගෙදර යවලා දුම්රිය සේවය පෞද්ගලික කළ නම් හරි.(නදී)