IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දුම්රිය සේවක යහ සාධක සංගමයේ විගණන වාර්තාව සාමාජිකයෝ ඉල්ලති

(යොහාන් භාසුර)

ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයෙන් පැවැත්වූ විගණනයේ වාර්තාව වාහාම ප්‍රසිද්ධ කරන ලෙස එම සංගමයේ සාමාජිකයෝ ඉල්ලා සිටිති.

එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනා නීති විරෝධීව ලබාගෙන ඇතැයි කියන දීමනා, කතරගම විශ්‍රාම ශාලාවේ සහ රත්මලාන ප්‍රධාන කාර්යාලයේ නව ඉදිකරීම් සහ අලුත්වැඩියා සඳහා වැය වූ මුදල් ආදිය පිළිබඳව සාමාජිකයන් කළ පැමිණිල්ලකට අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් අදාල අභ්‍යන්තර විගණනය පැවැත්වූ බවත් එහි සාමාජිකයෝ පවසති.

අදාල නිලධාරීන් සිවුදෙනා මූලික වැටුපෙන් තුනෙන් එකක් දීමනා ලෙස නීති විරෝධීව ගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය හිමි පනතක් ඔස්සේ ස්ථාපිල කර ඇති ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ නිලධාරීන්ට එවැනි දීමනාවක් ගත නොහැකි බවත් සාමාජිකයෝ කියති.

අදාල නිලධාරීන් විමර්ශනය සඳහා සහභාගි වීමට ද සංගමයේ මුදල් ගෙන ඇතැයි දැනගන්නට තිබෙන බවත් කතරගම විශ්‍රාම ශාලාවේ ආදායම පසුගිය ජනවාරි මස සිට බැංකුගතකර නොමැති බවත් සාමාජිකයෝ වැඩි දුරටත් සඳහන් කරති. 



අදහස් (1)

දුම්රිය සේවක යහ සාධක සංගමයේ විගණන වාර්තාව සාමාජිකයෝ ඉල්ලති

බි.යම්.ටි.ඇයි.ප්‍රියදර්ශන Wednesday, 04 October 2023 11:31 AM

මෙම පුවත් නිවැරදියි ...මෙය පුවත්පතේ පළවෙන්නේ කවදාද මා එහි සාමාජිකයෙකි..මා මේ පිලිබද‌ දු.සා.තුමාට හා ප්‍රවාහන ලේකම්තුමාට ලියා ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1712 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1025 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 316 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 430 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 193 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 134 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40008 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25948 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 231 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 404 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1305 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site