උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේදී සිදුවීමට ගිය දුම්රිය ලොරි අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය ගේට්ටුකරු රාමයියා වර්ධරාජා මහතා සමත්විය. සිමෙන්ති පටවා ගත් ලොරියේ තිරිංග කැඩී යාම නිසා දුම්රිය මාර්ගයේ මීටර් කිහිපයක් ලොරිය ඇදී ගියේය. ඒ වන විට බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානය ද පසු කර තිබිණි. ඒ බව වටහා ගත් වර්ධරාජා මහතා දුම්රිය එන මගට දිව ගොස් රතු කොඩියක් අල්ලා දුම්රිය නතර කර ගැනීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් වළක්වා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එක වාක්‍යකින් උඩින්ම කමෙන්ට් දාල තියෙන සරත් ට කියන්නේ. දෙමළා කියන මිනිහගේ මොනව හරි අඩුවක් තියෙනවද? මෙහෙම හිතන තාක් කල් රටේ ප්‍රශ්න එතනමයි.දෙනවත් ඔය මානසිකත්වය වෙනස් කර ගත්තොත් හොඳය.(අ)
මෙන්න නියම සේවකයෝ (නි)
මේ වංගුවේ මේ විදිහටම බස් එකක් ගිහින් තිබුනා කාලෙකට ඉස්සර.රාජකාරිය හරියට කළ ඒ මහතාට ස්තුතියි! (නි)
මෙම ශ්‍රී ලාංකික මහත්මාට අපගේ ස්තුතිය හා ප්‍රණාමය! (නි)
ඔහු රාජකාරිය හරිහැටි නොකළා නම් ...? (නි)
ඔන්න උසස්වීම් ලැබිය යුතු මිනිස්සු (නි)
විශාල අනතුරක් වැළකුණා. ඔබ විශිෂ්ට දෙයක් කළා. මොහුට මුදල් තෑග්ගක් සමග මොහුගේ සේවය ඇගයිය යුතුය. (නි)
රාමයියා මහතා ආදර්ශමත් ලාංකිකයෙක්. ද්‍රවිඩ ජනයා රාජකාරිය අකුරට කරනවා හැමදාම (නි)
මේ වගේ පොඩි මිනිස්සු තමා රටට වැඩක් කරන්නේ. ඔබ සැබෑ දක්ෂයෙක්. (නි)
වර්ධරාජා මහතාගේ පින්තුරයක් තිබුන නම් හොඳයි ! (නි)
අනතුරක් වුනා නම් දැනටමත් මිනිහටගෙ වැඩ තහනම් කරලා. ඒත් රාජකාරිය නියමෙට කරලා තියෙද්දි තවමත් නැහැ ඇගයීමක්. ඇගයීමත් ඒ අවස්ථාවේදීම කළ යුතුයි. පසුව කිරීමෙන් බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ නැහැ (නි)
මේ මහත්මයට උසස්වීමක් සමග රුපියල්50000 කවත් මුදල් ත්‍යාගයක් දිය යුතුයි (නි)
ඔන්න අපිට අවශ්‍ය විදියේ මිනිස්සු! (නි)
කෝ මේ මහත්තයාගේ ෆොටෝ එක ?(අ)
මට හිතෙනවා නිහාල් මහත්මයාගේ අදහසට මේ වගේ දෙයක් එකතු කරන්න..,මේ 50000හෙ මුදල් ත්‍යාගය මේ ලොරිය අයිති කරු විසින් ලබාදිය යුතුයි කියල මොකද ඔහුට ගොඩක් අලාබ හානි වෙන්න තිබුණු කරදරයකින් බෙර ගත්ත නිසා...?(බොරුද මන් කියන්නේ ) (අ)
ගේට්ටු මුරකරුවෙක් නැති අනාරක්ෂිත ගේට්ටුවක වැඩේ වුනා නම්....?? (නි)
සරත්, ඔබ වගේ අය තවත් ලංකාවේ හිටියොත් දෙමළ මිනිස්සු නිකම්ම කොටි වෙනවා. ඔය විදිහට පහත් අදහස් දාන්න එපා. ලොකු විනාශයක් නේද වෙන්න ගියේ? 'ගමගේ ඔබ හරි' දෙමළ මිනිස්සු අතරත් ඔය සරත් වගේ එක්කෙනක් දෙන්නෙක් තමා 'කොටි' කියන්නේ. (නි)
තිරිංග කැඩිලා රේල්පාරට ආපු නිසා ඔයින් බේරුනා.පල්ලමකට ගියානම් දෙයියන්ගේම පිහිටයි (නි)
සරත්, ඇයි අපෙ සිංභලුත් හැමදාම හොද හොද වැඩ කොරන්නෙ... (නි)
සරත්, පේන හැටියට ඔබ සිංහලයෙක් වගේ. ඔබ වැනි සමහර සිංහල අයත් මන්ද බුද්ධික විදිහට අදහස් දානවා කියන එක තමා කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ (නි)
ඔබට ගොඩක් පින්. බලධාරින් මොහුට ස්තුති කර දිරිගැන්විය යුතුයි. මගේ ස්තුතිය ඔබට (නි)
පුබුදු, මම ඔබතුමා සමග සැබවින්ම එකග වෙමි. මගේ රාජකාරි ජීවිතයේ මේ දක්වා ලබපු ප්‍රායෝගික අත්දැකීම් තුලින් මමද එය පසක් කර ගෙන ඇත්තෙමි. ඔව්න්ට යහපතක්ම වේවා. (නි)
දුප්පත් වුනත් හිත හොඳ බුද්ධිමත් මිනිහෙක්. (නි)
"දෙමළ හෝ සිංහල වුනත් විරුවෙකු නම් ගරු කරනු........" (නි)
සරත් අහල තියෙනවද මෙහෙම කවියක් .... "හෙළයා උනත් ජඩයෙකුනම් පහර දෙනු."... ඔන්න ඕක හරියටම හරියන්නේ සරත් ට. (නි)
කොලතැන්න දුම්රිය හරස් මාර්ගය තියෙන තැන අවුරුද්දකට ඔයවැනි සිදුවීම් ගණනාවක් වෙනවා. රේල් පාර පිහිටා තිබෙන්නේ මහා මාර්ගයේ විශාල වංගුවක් හා පල්ලමක් එක්ක.හුගක් වෙලාවට රියදුරන් අනතුර වලක්වා ගන්න රේල්පාරට දානවා.එහෙම බැරිවුණොත් ගෙවල් පෙරලගෙන ප්‍රපාතයට පෙරළෙනවා. ඔය පුද්ගලයා ඉන්න කුටිය තියෙන්නෙත් අනතුරුදායක තැනක.වහාම මේ ස්ථානයේ වෙනස්කම් කීපයක් සිදුවිය යුතුයි. (නි)
සරත් ගේ සම්පුර්ණ නම මොකක්ද? (නි)
මිනිහෙක් රාජකාරිය කොරන එක පත්තරේට දාන්න ඕනද? ඔය ලොරිය තියේන්නේ මිනිහාගේ කාඹරේ ලඟම ! (අ)
මම කිවුවේ "දෙමලුත් ඉදලා හිටලා හොද වැඩ කරනවා" කියලා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ දෙමලු හොද වැඩ නොකරනවා කියලා. (නි)
අන්න නියම මිනිස්සු! (නි)
ඔබට ගොඩක් පින් වර්දරාජා මහතාණනි (අ)...............
මෙතුමාගේ සේවය අගය කරන්න ඕන (අ)
සුපිරි (අ)
රාමයියා වර්ධරාජා මහතාට දීර්ඝ ආයුෂ පතමි, (අ)
තම රාජකාරිය නිසි පරිදි ඉටුකිරීම ගැන රාමයියා වර්ධරාජා මහතාට අපගේ උපහාරය! ඔහු සිදුකළ අනගි ක්‍රියාවට දුම්රිය දෙපාර්තමේන්තුව ඔහුට ත්‍යාගයක් පිරිනැමීම කළයුතු බව සිතමි. (නි)
වර්දරාජා මහතානනි, ඔබ සැබෑම වීරයෙක්. (නි)
මෙතන මේ විදියටම ලංගම බස් එකක් හැපිලා තියනවා. ඔතන පාර තියන විදියට මොකක් හරි වුන ගමන් වාහනෙ රේල් පාරට එන්නෙ (නි)
දෙමලුත් ඉදල හිටලා හොද වෙඩ කරනවා. (අ)
මෙන්න හරියටම තමන්ගේ රාජකාරිය කරන මිනිස්සු. ගරුකරන්න, අගයකරන්න ඕනෑ මේ වගේ අයව. (නි)
මේ වර්දරාජා මහත්තයා නම් නියමයි. ඒකටත් එක්ක ඉස්සර හිටපු වර්දරාජා? (නි)
රට ජාතිය ගැන හිතන හොද පපුවක් තියන මහත්මයෙක්.ඔබට සුබ අනාගතයක් වේවා! (නි)
ඔබට ජයවේවා! (නි)
දේව කාරියට වඩා රාජකාරිය උතුම් කොට සැලකු වර්දරාජා නම් ඒ උතුමාට මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරමී. මෙතුමා අනියම් සේවයේ යෙදෙන්නේ නම් සේවය ස්ථිර කිරීමට මෙම ක්‍රියාව හොදටම ප්‍රමාණවත්ය. ස්ථිර සේවයේ යෙදෙන්නේ නම් මොහුට මුදල් පරිත්‍යාගයක් පිරිනැමීම යහපත්ය .ගරු වෙල්ගම ඇමතිතුමාගේ, අවධානය යොමු වේවා!!! (නි)
හාස්කමක්! වර්ධරාජා මහතාට දෙවි පිහිට ලැබේවා!! (නි)
නියමෙට රාජකාරිය කරලා තියෙනවා...(අ)
නියමයි වර්දරාජා මහතාණෙනි,ඔබලා වැනි ගුණගරුක සේවකයන් තමයි අපේ රටට අවශ්‍ය. ඔබතුමාට දිර්ගායුෂ පතමි..!!!වැඩි පඩියක් ලබා දිය යුතුය (නි)
ඔබ වැනි සේවකයන් අපේ රටේ නම් හොයාගන්න හරි අමාරුයි. ඔබගේ සේවය අනර්ඝයි (නි)
ජීවිත සිය ගණනක් බේරාදුන් ඒ අහිංසකයට කාගෙන් හරි සන්තෝසමක්, පඩි වැඩිවීමක්,උසස්වීමක් ලබෙයිද ? සේවය අගය කරලා, ස්තුති කරලා දෙන කොල කෑලි නම් ඒ මනුස්සයට වැඩක් වෙන එකක් නැහැ (නි)
මීට කලින් ලංගම බස් රථයකුත් රේල් පාරේ ගියෙ මෙතනද? රාමයියා මහතාට ස්තූතියි. (නි)
උසස්වීමක් නම් දෙන්නම වෙනවා (නි)
ඇත්තටම පොඩි මිනිස්සු වැඩි දෙනෙක් තමන්ගේ රාජකාරි වගකීමෙන් කැපකිරීමෙන් කරනවා. ලොකු ලොක්කෝ ඉන්නෙම බලය පාවිච්චි කරලා හොර වැඩ කරන්න බලාගෙන. මේ මහත්මයට වීර සම්මානයක් දෙන්න ඕනෑ. (නි)
රාමයියා වර්ධරාජා මහතාට මගේ ප්‍රණාමය! මේ ලොරිය කොහොමද මෙම ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ? පින්තුරයේ හැටියට ලොරිය රේල් පාර දිගේ ගිහින් තියෙන්නේ (නි)
ලොකු මිනිසුන්ට වැඩිය පොඩි එකාට මොලේ තියනවා (නි)
ඇමතිතුමා මේ මහතාගේ වැටුප වැඩි කරලා දෙයි දැන්. (නි)
මෙතන මේ විදියටම සීටීබී බස් එකක් ගියා දැන් මාසෙකට විතර කලින්. (නි)
මෙතුමාට උසස්වීමක් ලබා දෙන්නේ නම්, මෙතුමාගෙන් මතුවට රටට සහ දුම්රියට හොද සේවයක් ලබා ගැනීමට හැක. ඔබට දීඝායුෂ පතමි (නි)
මෙන්න මිනිස්සු (නි)
රාමයියා වර්ධරාජා මහතාට ගොඩක් ස්තුතියි කළ මෙහෙයට. ඔබ වැනි මිනිසුන් අපේ රටේ සිටීම වාසනාවක්.ඔබට සියලු දෙවියන්ගේ පිහිට පතමි. සිමෙන්ති පටවා ගත් ලොරියේ අයිතිකරු මේ වගේ වාහන පාරට දැමීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුයි. අහිංසක මිනිස් ජිවිත් සහ දේපල විනශයක් බේරුනේ මේ රාමයියා වර්ධරාජා මහතාට පින්සිද්ධ වෙන්න (නි)