වැන් රථයක් අලුත්ගම දුම්රිය හරස් මාර්ගයේ දී මරදාන සිට හික්කඩුව බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් කිහිපදෙනකු මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ.
අද පස්වරු 7.35 ට පමණ මෙම අනතුර සිදුව ඇත. මෙම දුම්රිය නියමිත වේලාවට වඩා පැයක් පමණ ප්‍රමාද වී ධාවනය වී ඇති බව ද දුම්රිය මගීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු වෙනස් වුනාට රාජ්‍ය පරිපාලන නිලධාරි පැලැන්තියේ ආකල්ප වෙනස් නොවෙනතාක් යමක් හරියට කරන්න අමාරුයි. රට එක තැන කැරකෙන්නේ ඒකයි. (නි)
සමහරක් තැන්වල දුම්රිය එනවද කියල බැහැලා බැලුවත් පෙනෙන්නේ නැති වංගු තියෙනවා. වාහනයක් පදවපු නැති අය කියන දේවල් නොව ඇත්ත විය යුත්තේ මහජනයාට බෝලේ පාස් නොකර දුම්රිය ගේට්ටු සවිකිරිමයි. (නි)
වරුණ කෝ? මුකුත් මෝඩ කතාවක් නැද්ද? (නදී)
දුම්රිය හරස් මාර්ග වල ගේට්ටු දැම්මා නම් මේක වෙන්නේ නැහැ. හැමදාම මෙහෙම අනතුරු වෙලත් තවත් මට්ටු වෙන්නේ නැත්තේ ඇය දන්නේ නැහැ. ලංකාවේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් නැද්ද?(නදී)
මෙතන සම්පුර්ණ වැරැද්ද මහජනයාගේ. මොකටද මේ වගේ මහජනයා ගැන හිතන්නේ නැති රජයක් පත් කර ගත්තේ? (නි)
මෙම විනාසයට වග කිව යුත්තේ රථය පැදවූ රියැදුරා. මහජන මුදලින් ඉහලම සැප විදින දුම්රිය බාර ඇමති වරයා ඇතුළු දුමරිය ලොක්කන් සහ මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මගවල් ඇති තැන රටේ අදාල පළාත් පාලන ආයතනවල හැම දේශපාලන පක්ෂයකම නියෝජිතයන්. (නදී)
සමන් කුමාර මමත් ඔබ සමග එකගයි. යකඩ බට ගේට්ටුවක් සවි කිරිමට වැය වන්නේ සුළු මුදලක්.එය අදාල පළාත් පාලන ආයතනයට කළ හැකි වැඩක්. මහජනතාව කළ යුත්තේ පළාත් පාලන ආයතනයට බල කර සිටිමයි. මොකද ඒගොල්ලත් අපිට සේවය කරන්න යන අයනේ. (නි)
අනතුර වගේම බරපතලයි දුම්රිය මගීන්ට නිවෙස් කරා යාමට නොහැකි වීම. මෙම අනතුර හා සමාන අනතුරක් ඊයේ දින මරදාන දුම්රිය ස්ථානයේදිත් සිදුවීමට බොහෝ ඉඩකඩ තිබුනා. වෙනදා ප.ව. 5.00 ට ගමන් යාමට තිබූ හික්කඩුව දුම්රිය බොහෝ වේලා ප්‍රමාද වී පැමිණිමේදී එයට ගොඩ වන්නට ගිය මගීන් සංඛ්‍යාව ඉතා තදබදයකට මුහුණ දුන්නා. මම වගකිව යුතු නිලධාරීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මගීන් නියමිත වේලාවට නිවෙස් කරා යැවීමට කටයුතු කරන ලෙසයි. ඔබ කරන දෙයින් පීඩාවට පත්වන්නේ අහිංසක මගීන් පමණි. (නි)
කිසිම ප්‍රමාදයක් නැහැ. අපේ ලංකාවේ දේශපාලුවෙකුට මේ වගේ අනතුරක් වුනොත් පහුවදාට පාර්ලිමේන්තුවෙන් ගේට්ටු පාස් කරනවා. පොඩි මිනිස්සු කොච්චර මැරුනත් ඇහැක් ඇරෙන්නේ නැහැ.(නදී)
දුම්රිය වෙලාවට ගියත් ප්‍රමාද වී ගියත් වැඩියෙන් සිතිය යුතුව ඇත්තේ මහාමාර්ගයේ දාවනය කරන රියදුරන් කොතෙක් දුරට මාර්ග නීති අනුගමනය කරන විනීත රියදුරන්ද කියන එක නොවේ ද ? වාහනය දාවනය කල රියදුරු මීට වැඩියෙන් යහපත් විනීත මාර්ග නීති ගැන දැනුමක් තිබුණු කෙනෙකු උනානම් මේ වටිනා මිනිස් ජීවිත වලට මේ අපරාදය කවදාවත් නොවෙන්නට ඉඩ තිබුනා.(නදී)
රියදුරන් මීට වඩා සැලකිල්ලෙන් රිය පදවන්න ඕනේ. (නදී)
ඔව් නිමල් තැන තැන මිනි දැක්කම මටත් මතක් වුනා.(නදී)
දුම්රියේ ප්‍රමාදය අනතුරට හේතුවක් උනේ කොහොමද කියන්න මට නම් තේරෙන්නේ නැහැ. දුම්රිය රියදුරාට දොස් කියල වැඩක් නැහැ. දුම්රියකට එකවර තිරිංග තදකරන්න බැහැ. ලෝකයේ දියුණුම රටවලත් ගේට්ටු නැති ස්ථාන තියනවා. දුම්රිය හරස් මාර්ගයකට ගේට්ටුවක් දමන්නේ මාර්ගයේ ගමන් කරන වාහන ප්‍රමාණය අනුවයි. .සමාවන්න ඔය මාර්ගයේ කොතරම් වාහන ගමන් කරනවද කියන්නනම් දන්නේ නැහැ. කොහොම උනත් දුම්රිය මාර්ගයක් ඇත්නම් එහි එක්තරා දුරකට කලින් සංඥාවක් තිබෙනවා. නමුත් ඔය කියන වෙලාවට එම සංඥාව නොපෙනෙන්න පුළුවන්. ඒ වගේම දුම්රිය මාර්ගයේත් එවැනිම සංඥාවක් තිබෙනවා. එමනිසා අනිවාර්යයෙන්ම රියදුරා දුම්රිය නලාව හඩවනවාමයි. නමුත් අදික වර්ෂාව හා තද සුළග නිසා එයද වාහනයේ රියදුරාට නොඇසෙන්න ඇති. නමුත් දුම්රියේ ප්‍රදාන පහන නම් අනිවාර්යයෙන්ම දැල්වෙන්න ඇති. එය නොපෙනෙන්න විදිහක් නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම වාහන රියදුරුගේ නොසැලකිල්ල. කාටවත් දොස් කියල වැඩක් නැහැ. මා පෙර කිව් දියුණු රටවල වැඩි අමතර වියදමක් නැති විකල්පයක් භාවිත කරනවා. එනම් දුම්රිය මගට මීටර් 60 හා 50 හකට පෙර වේග සීමා ගැටී දෙකක් දැමීම. මෙය අපි වගේ රටකට දරන්න බැරි වියදමක් නොවෙයි. බලදාරීන්ගේ නෙත් යොමුවේවා.(නදී)
ඇයි මේ රටේ මහා ජනතාව වෙනුවෙන් හිතන්න ශක්තියක් නැත්තේ. මේ ජීවිත අපරාදේ නේද? ඔබ තුමා බුදුදහම විස්වාස කරනවානම් මේ අහිංසක ජීවිත වලට ආදරේ කරලා මේ ගේට්ටු හදවන්න කියලා ගොඩක් බැගෑපත් වෙලා ඉල්ලනවා.(නදී)
අපේ මිනිස්සු දන්නේ බනින්න කෑ ගහන්න විතරයි. ඇයි ඔයිට කලින් ඔයවගේ දේවල්වලට පාරට නොබැස්සේ. ඇයි හැමදේම වෙනකන් ඉන්නේ, ආරක්ෂාව නැති දේවල් ගැන ඔයිට වැඩිය අවදානයෙන් ඉන්න. (නි)
දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට වෙලාවක් කලාවක් නැහැ. හිතුන හිතුන වෙලාවට තමයි කෝච්චි දුවන්නේ. සමහර වෙලාවට කෝච්චි දෙක තුනක සෙනග එක් කෝච්චියේ යනවා.(නදී)
ගේට්ටු ඇති හෝ නැති සැම දුම්රිය හරස් මාර්ගයක් ආසන්නයේ වාහනවල වේගය අඩු කරන්න පාර හරහා ගැටී (බම්පර්) යොදන්න වහාම පියවර ගන්න. කරන්න බැරිනම් අදාල ප්‍රදේශවාසීන්වත් එවැනි දෙයක් කරන විට බාධා නොකර ඉන්න. වෙසක් පොසොන් වැනි දිනවල දන්සල් දෙන අපේ ජනතාව මේ වගේ දෙයක් ස්වේච්චාවෙන් හා ඉතා ඕනෑකමින් කරාවි. (නි)
ඉතා කණගාටුයි (නි)
ලංකාව කියන්නේ කොච්චර පසුගාමී රටක්ද කියලා මේ වගේ දේවල් වලින් තේරෙනවා. (නි)
ඔතන හරිම අවදානම් තැනක්. මොකද කියනවා නම් ගාලු පාරෙන් එන කෙනෙකුට රේල් පාරට දානකම්ම කිසිදෙයක් පෙනෙන්නේ නැහැ (නි)
බණ්ඩා බූරු කතා කියන්න එපා. මිනිස්සුන්ගේ නොසැලිකිලිමත් කම.(නදී)
තමන්ගේ ආරක්ෂාව ගැන තමන් සැලකිලිමත් වෙනවනම් මෙහෙම වෙන්නේ නෑ.(නදී)
ගොඩක් අවදානම් තැනක්. කෝච්චියක් එනවද නැද්ද කියලා බලන්න. රේල් පාර උඩටම එන්න ඕනේ. මේ වගේ දේවල් උන පළමු වතාව නෙවෙයි මේ. ජිවිත ගානක් නැති වුනා. පව් අසරණ දරු දෙන්නා.(නදී)
යාලුවනේ අපි කාටවත් බැනලා වැඩක් නැහැ. වෙච්ච දේ වෙලා ඉවරයි. ආයිමත් මේ වගේ දෙයක් නොවෙන්න අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ.(නදී)
අනේ මන්දා මේ කියලා තියෙන දේවල්... ඇත්තටම කාගේද වැරැද්ද? අපි කොහොමද දන්නේ? අපි එතැන් හිටියේ නැහැනේ (නි)
මෙයට කදිම පිලියමක් ලෙස ලංකාවේ ඉංජිනේරුවෙක් නව නිපැයුමක් කලා. එයින් කොමිෂන් නැති නිසා මේ වගේ දේවල් වලට ඇමති මණ්ඩල අනුමැතිය ලැබෙන්නේ නැහැ. ඡන්ද දායකයන්ගේ වැරැද්ද.(නදී)
අනතුරු කියන ඒවා කොතනකවත් නතර කරන්න බෑ. හැම තැනකදිම ඕනෙම කෙනෙකුට අනතුරක් වෙන්න පුළුවන්. ඉවසීම, අවබෝදයෙන්, පරීක්ෂාවෙන්, වැඩකරලා අනතුරු අවම කර ගැනීම තමි කරන්න පුළුවන්. අපි සැලකිලිමත් වෙමු (අ0
මහදන මුත්තෝ ටිකක් කියනවා මේක මිනිසුන්ගේ වැරැද්ද කියල.එහෙනම් දෙයියනේ කියපල්ලා තියෙන ගේට්ටු ටිකත් අස්කරලා දාන්න කියල.මෙහෙමත් හරක්?.(අ0
ඉතා කනගාටු දායක පුවතක් (දී)
ඔතන මීට කලිනුත් වැරදි වෙලා තියනවා මේක ගැන මිට වඩා හිතන්න ඕනා.(නදී)
පාරවල් බදු අරන් අනවශ්‍ය ගමන් විලාසයන් දාන ත්‍රි වීල් මේ වැනි අනතුරු වලට අනියමින් දායක වෙනවා බොහෝ විට. (දී)
මොන බම්බුවක්වත් නැති කරුමේ තමා මේ (අ)
දුම්රිය වෙලාවට ගියත් නැතත් එයට දොස් කියල වෙඩක් නැහැ. අපේ බොහෝ වාහන රියදුරන්ගේ නොසැලකිලිමත් කම මෙයට මුල. දුම්රිය හරස් පාරක් ගාවදී බොහෝ කල්පනාවෙන්. දුර දිග සිතා එය හරහා වාහන දැමිය යුතුය. මන් දැක තියෙනවා සමහර රියදුරන් දුම්රිය එනවා දැක දැක වාහනය හරස් පාරට දානවා. දුමරියක තිරිංග තද කිරීමට වඩා වහනයක තිරිංග තද කර වහනය නවත්තා ගන්න ලෙහෙසියි. කොහොම උනත් අහිංසක ජිවිත බිලිදෙන්නේ නොසැලකිලිමත් කම නිසාය.(නදී)
දුම්රිය මගීන් හරියටම හරි. දුම්රිය පැයක් ප්‍රමාදවූ නිසයි හරියටම මේ වෑන් එකේම හැපුනේ. ඒ නිසා හිතාමතා මනුෂ්‍ය ඝාතනයක් කල දුම්රිය රියදුරු අත්අඩංගුවට ගෙන මරණ දඬුවම දෙමු. (අ)
ඕව පත්තරේ දාන්න දේවල්ද ලංකාවේ (අ)
සම්පුර්න වගකීම වාහනයේ. මේ දවස් වල වැස්ස නිසා පරිස්සමෙන් වාහන පදවන්න ඕනෑනේ (නි)
30 අවුරුද්දකට පෙර බෝම්බ පුපුරලා මැරෙන අහිංසකයො , දැන් තමන්ගේ නොසැලකිලිකමත් නිසා මේ වගේ අපරාද වෙනවා, තමන් යන ගමන ගැන හොඳින් යන්න හිතන්න ඕනනේ සියළුම රියදුරුමහතුනි කල්පනා කාරී වන්න (අ)
උණ බම්බු ගේට්ටුවක් දාන්නවත් වුවමනාවක නැහැ. සල්ලි නැහැ කියනවා. ඇමතිලා මසකට ලක්ෂ ගණන් ලයිට් බිල්වලට කාබාසිනියා කරනවා. (නි)
දුම්රිය වෙලාවට ගියා නම් මේක වෙන්නේ නැහැ (නි)
දුම්රිය හරස් පාරවල වෙන අනතුරු ගැන ,දුම්රිය නියාමකයින්ටත් ,වාහන පදවන්ටත් ,රජයටත් කියන්න ඕනෑ දේවල් ජනවාරි මාසයේ ඉඳන් කියන්නේ.කියන දේ නොඅසන, සැලකිලිමත් නොවන, හිතුවක්කාරයින්ට අනිච්චාවත සංඛාරා .. හැර වෙන සැපතක් කොයින්ද ? (නි)
මෙයට දුම්රිය බලදාරීන් වග කිව යුතුයි. අනවශ්‍ය දේට මුදල් කාබාසිනියා කරනවා. අවශ්‍ය දේට මුදල් නැහැ. චීනෙන් නයට අරගෙන හරි ගුවන් පාලම් දමන්ඩ. කාලය සහ අනතුරු ඉතිරි කර ගත හැකිය.(නදී)
ෂුවර් ඒකටම හැප්පිලා තියෙන්නෙ මරදානින් හවස 5.50 මාතර යන එක වෙන්න ඇති. විශේෂයෙන්ම අධිවේගී දුම්රිය මාර්ගයක සංඥා ගේට්ටු පද්ධතියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. මේ වැරැද්ද ඒක පැත්තකට විතරක් නෙමෙයි.දෙපැත්තටම... (නි)
දුම්රිය රියදුරුනට නිල ඇදුම් දීම තමයි දුම්රිය දෙපාර්තමේන්තුවටත් ඇමති තුමාටත් හදිසිවෙලා තිබුනේ රේල් ගේට්ටු අවශ්‍ය නැහැ.මගීන්ටත් ජනතාවටත් හෙන ගැහිලා ගියත් අද එක අමතිවරයෙක්ට කිසිම අමාරුවක් වේදනාවක් නැහැ!ජනතාව පෙලන දුගියන් කරන ප්‍රමිතියෙන් පිට බලපත්‍ර නිකුත්කරනබලදරින් නිසා දිනෙන් දින වාහන විපත් කීයක්නම් සිදුවෙනවද?කොයි අමතියටද වේදනාවක් දැනෙන්නේ?මුන් ආසියාවේ ආශ්චර්ය කරා යනකොට ජනතාව හෙම්බත්වෙලා වලපල්ලේ! (අ)
දුම්රිය මාර්ගය හරහා යද්දී බොහොම කල්පනාවෙන් යන්න ඕනෑ. මේවා අමුතුවෙන් කියන්න ඕනෑ දේවල් නෙමෙයි.මොකද මේ දුම්රිය එකපාරටම ආපු එකක් නොවේ.සද්දයක් එනවා , ආලෝකය දුර සිට පේනවා.වෑන් එකේ ආපු අය සිහියෙන් හිටියා නම් මේ විනාශය වෙන්නේ නැහැ. (නි)
අඩුම ගනනේ උණ බම්බු ගේට්ටුවක්වත් ඉල්ලලා කතිරෙ ගහන්න අපේ ඡන්ද දායකයින්ට මොලේ පෑදේවා! (නි)
මොන උණ බම්බු ගේට්ටුද බොලවූ? අන්න ලෝක නායකයෝ එනවා.ඔය ගේට්ටු වලට සල්ලි නැහැ. රෝල්ස් රෝයිසුත් මග එනවා. (නි)
අම්මපල්ලා! මට නම් වැරදි වුණත් මේවා දැකලා සතුටක් දැනෙන්නේ. මොකෝ කිවුවොත් සමාජ සුබසාදනය උදෙසා නොව වෙනත් විසා වලට කතාරය ගැසීම හරහා ලැබෙන ප්‍රතිපල අපේ අය බුක්ති විදිනවා දැකලා. (නි)
මෙය ඔබට උනත් වෙන්න පුළුවන් ගේට්ටු නැත්නම් මාර්ග බාදක දැමිය යුතුය. වාහනය අනිවාර්යෙන්ම වේගය බාල කිරීමත් ඉදිරියේ ඇති අවදානම රියදුරාට මතක් කර දීමත් ලංවෙන දුම්රියේ හඬ රියදුරාට ඉඳුරාම ඇසීමෙනුත් අනතුර වැලක් වෙනවා. මර්වින් ඇමති තුමා වත් මෙය කරන්න. ලංකාදීපයට මෙම මහඟු පිංකම කල හැකි අවශ්‍ය සැලසුම් නිර්මාණ අපි ළඟ අවශ්‍ය නම් තියෙනවා මේ රටේ පාරවල් ආරක්ෂක ක්‍රම හදන්න අපි දායක වෙනවා.(නදී)
මෙයට රජය සහ දුම්රිය බලදාරින් වගකිව යුතුයි.අර මාතර ඉන්ජිනේරුතුමා හදපු ගේට්ටුව සවිකරානම් මේ වටිනා ජීවිත රැකගන්න තිබුනා නේද. (නි)
සමහර අයට මේ වින්නැහිය විහිළුවක්. අනේ මෙහෙමත් මිනිස්සු ලංකාවේ තවත් ඉන්නවද? (නි)
හාමුදුරුවොන්ට වගේ මේ වගේ අනතුරු වැලක්වීමට කටයුතු නොකරන නිළධාරින්ටත් විරුද්ධව කටයුතු කරනවද ? අපේ ගරු අගමැතිතුමෝ.(නදී)
මෙයට රජය සහ දුම්රිය බලදාරින් වගකිව යුතුයි. අර මාතර ඉන්ජිනේරු තුමා හදපු ගේට්ටුව සවිකරානම් හරිනේ. ලංකාවේ නිෂ්පාදනයක් නේ ඒක.(නදී)
අපි පොඩි ළමයින්ට උගන්වනවා පාර පනින්න පෙර බලන්න කියලා. එහෙමනම් කෝච්චි පාර හරහා යන්න පෙර කොච්චර වගකීමකින් බලන්න ඕනෑද? රියදුරුගේ සම්පූර්ණ වැරැද්ද (නි)
මොනවා වුණත් ප්‍රේමදාස මහත්තයාගේ උණ බම්බු ගේට්ටු සංකල්පය හරි ආවොත් ලොකු දෙයක්.ඒ විතරක් මදි. ගේට්ටු මුර මහත්තුරුත් කසිප්පු නොගහා ඩියුටිය කරන්න ඕනෑ. අර ඈත පළාතක අම්මා කෙනෙක් දුම්රිය හරස් මාර්ගය රකින්නේ පඩිත් නැතුව. අන්න ඒ වගේ. (නි)
රටක් විදිහට විලි ලැජ්ජාවේ බැහැ.දුම්රිය හරස් පාරවල් ටිකට ගේට්ටු දාගන්න තවම බැරි රටක්.මැරෙනවා මැරෙනවා ඉවරයක් තියනවද? ඔය සුද්දන්ට සැපදෙන්න හදන තරු පහේ හෝටලයක් නවත්තලා,සුපිරි පාරකට දාන කාපට් එක කිලෝමීටර කිහිපයක් නවත්වලා රටේ හැම දුම්රිය හරස් පාරවල් ටිකට ගේට්ටු දාලා ඉවරයක් කරන්න.හැබැයි ඉතින් හදිසි නිසා ටෙන්ඩර් කැදවීමකින් තොරව ගේනවා කියලා ඒකෙනුත් බාගයක් හොරකම් කරලා මාස හයෙන් කැඩෙන ගේට්ටු ටිකක් ඉන්දියාවේ හරි චීනයේ හරි පොඩි කම්මලක හදලා ලැකර් ගාලා මාස දෙකෙන් මළකඩ කන ඒවා නොවේ. (නි)
මේ වෙලාවට මතක් වෙන්නේ අපේ හිටපු ජනාදිපති ශ්‍රීමත් ප්‍රේමදාස මැතිතුමා (නි)
එක් කෙනෙක් කියලා දුම්රිය ප්‍රමාද වුනු නිසාලු අනතුර වුනේ කියලා. එයා හිතුවද දන්නෙ නැහැ, ප්‍රමාද වුන පලියට එහෙං මෙහෙං අනිත් වාහන වගේ දුම්රියට එන්න පුළුවන් කියලා. මොලේ උඩද දන්නෙ නැහැ වාඩිවෙලා හිටියෙ. වෑන්රියේ වැරැද්දක් හෝ හරස් ගේට්ටු නොතිබීම හෝ වෙන්න ඇති මේ අනතුරට හේතුව. එක්කෝ හිතුමනාපේ කාබාසිනියා කරන සල්ලි යොදාගෙන ආරක්ෂිත ගේට්ටු දමන්න ඕනෑ. නැත්තම් ආසියාවේ ආස්චර්ය කිය කියා ගහන පම්පෝරි නතර කරන්න ඕනෑ. (නි)
මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් කෝච්චියේ ආපු අය ජනෙල් වලින් එබිලා තොවිල් බලනවද ? එක්කෝ කෝච්චියේ දොරවල් ලොක් වෙලා. එහෙම නැත්නම් බැස්සොත් ආයෙත් ටිකට් එකක් ගන්න වෙයි කියලා බය හිතිලා. (නි)
මේ ෆොටෝ ටික දැක්කම මට හිතුන දේ "වාස් දේසපාලනයට".(නදී)
ප්‍රේමදාස ජනාධිපතිතුමා සියලුම දුම්රිය හරස් පාරවල් තිබෙන තැන්වලට ස්ථිර ගේට්ටුවක් ලබා දෙනතුරු උණ බම්බු ගේට්ටුවක් දාලා කෙනෙකුට රැකියාවකුත් දුන්නා. ඊට පස්සේ ආපු අය ඒ මිනිස්සුන්ගේ රස්සාවත් නැතිකරලා උණ බම්බුවත් කඩලා විසිකලා. දැන් ඊට වන්දි ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. (නි)
ස්වාමින් වහන්සේ නමකුත් වැඩලා තියෙන්නේ... (නි)
නීල්, නිකන් මෝඩ කතා කියන්න එපා. දුම්රිය රියදුරු මොනවා කරන්නද පැයක් පරක්කු වුණාට? (නි)
ස්වාමින් වහන්සේගේ පැමිණීම අගය කරමි (නි)
මෙම දුම්රිය හරස් මග තිබෙන ස්ථානය හරිම අවදානම්. වාහන වලට දුම්රිය එනබව පෙනෙන්නේ නැහැ. වාහන පදවන අය මේ බව කියනවා. ඒ වගේම මේ වගේම මෙම පාර සෑහෙන පිරිසක් යන එන පළාතේ ප්‍රසිද්ධ පන්සලක් ළඟ තිබෙන හරස්මගක්. රුපියල් කෝටි ගණන් විවෘත කිරීම් වලට වේදිකා වලට වියදම් කරන අපේ දේශපාලකයෝ ඒ සල්ලි දුම්රිය ගේට්ටු සවි කිරීම වැනි ව්‍යාපෘතියකට යොදවනවා නම් මගේ රට ඉක්මනට ආශ්චර්යයක් වෙනවා. වගකිවයුත්තෝ තම තමන්ගේ ගම දනව් වල තියෙන මේ වගේ අඩු පාඩුවත් සලකා බලලා කරනවා නම් .. (නි)