වසර 28කට පසු ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා අද පෙරහුරු දුම්රියක් ගමන් ඇරැඹීය.
අද උදෑසන 9.10ට ඕමන්තෙන් පිටත් වූ පෙරහුරු දුම්රිය 10.10 වන විට කිලිනොච්චියට ළඟා විය.
1985 ජනවාරි 19 වැනිදා කොටි ත්‍රස්තවාදීන් කිලිනොච්චි කොකාවිල්හිදී උතුරු දුම්රියට බෝම්බ පිපිරවීමෙන් පසු කිලිනොච්චිය හරහා යාපනය දක්වා දුම්රිය ගමන් නවතා දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්! කින් බෙනට් ශ්‍රී ලාංකිකයෙක් ද?(නදී)
මේ තරම් සංවර්දනයක් කරන රජයටද මේ බනින්නේ (අ)
තමිල්නාඩුවටම යවන්නයි තිබුණේ (නි)
උතුරේ ඡන්දෙට කලින් එක දුම්රියක්වත් යාවිද? (නි)
මම බල බලා ඉන්නේ කෝච්චියෙන් යාපනේ යන්න. යාපනේ මිනිස්සු කෝච්චියෙන් කොළඹ එන දවස වැඩි ඈතක නොවෙයි. කොටියා කඩපු පාලම හදන එක ලොකු දෙයක්. මේ ස්ටේෂම විවෘත කරන දවසට කොහොම හරි කිලිනොච්චි යනවා (නි)
සුභ පැතුම්! (නි)
බණ්ඩෝ, පිල්ලෙයි නෝනට අනිවාර්යෙන් එන්න කියන්න සිද්දවුනා. නැතුව ආසාවට ගෙන්න ගත්තා නෙමෙයි.(නදී)
අනේ වාසනාවන්! එහෙනම් අපිටත් ළගදීම යාපනේ යන්න පුළුවන් (නි)
බෙනට් මුදලට කඩේ යන ගනන් කාරයෙක්ද?(නදී)
උතුරට මොකටද දුම්රිය? බස්නාහිර පළාතේ කොච්චර තදබදයක් තියනවද? ඒකට පළමුව විසදුම් දෙන්න (නි)
නියමයි ...........(දී)
මේකේ කොමෙන්ට් දාන ගොඩක් අය සංවර්දනය කියන එකේ තේරුම වත් දන්නේ නැ.. සංවර්දනය කියන්නේ පරණ දුම්රිය ක්‍රමයෙන් අලුත් දුම්රිය ක්‍රමයකට ඉහල යනවා කියන එක .. මේකට කියන්නේ ප්‍රතිසංස්කරණය කියල ... මොකද මේ තිබිල විනාශ උන දුම්රිය මාර්ගයක් ඒ කාලේ විදියටම නැවත අලුත් වැඩියාවක් කරලා තියෙන්නේ ...අපේ රටෙත් ඉන්නේ බලද්දී කිසි දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු නේ ..(දී)
සමහරු හරි දේ හරි නොකිය කුහකකමට හැම තිස්සෙම තමන්ගේ උපන් රටට ගරහනවා. මේ තරම් සංවර්දනයක් දකීන්න ඒ අයගේ ඇස් පින් කරලා නැතිව ඇති. මෙච්චර ලස්සන රටක උපදින්න පින් කරලා උනත් එය විඳගන්න පින් නැත්තේ පෙර කල පව් වලට තමයි. එහෙම ය යවන්න ඔනේ තමිල්නාඩුවට, බලල එන්න හොඳ රටක්. (දී)
සමහරු සංවර්ධනේ කියනවා ..නමුත් ඒ අය දන්නේ නැ අපි නැවත ගමන් කරලා තියෙන්නේ 1985 ජනවාරි 20 වෙනිදාට කියල ...මොකද ඒ තිබුන ක්‍රමයමයි මේ නය වෙලා හෝ විදේශ ආදාර වලින් මුදල් වියදම් කරලා ආරම්භ කරන්න යන්නේ ..(දී)
උතුරත් දකුණත් ගම් යා කරලා පාලම සාදා බල සිටින්නේ අප සැම දෙන එක වගේ ඉන්නයයි. (දී)
සෙන්තිල්, ඉතින් ඔය තමිල්නාඩුවටම යන්න. (දී)
සමහරු හරි දේ හරි නොකිය කුහකකමට මොනවහරි ලියනවා (අ).
බලන්න මේ දුම්රිය වේදිකාවේ බැම්ම නයා ගියා වගේ. ඉන්දියන් කාරයන්ගේ වැඩ. අපේ දුම්රිය සේවකයන්ට දුන්න නම් කොච්චර පිළිවෙලට හදනවද. කොමිස් බලාගෙන කරන දේවල් වලින් රටට වෙන්නෙම පාඩුවක්. කොහොම උනත් අඩුපාඩු පෙන්නන අයට දේශද්‍රෝභියෝ කියන හින්දා මගෙනුත් සුබ පැතුම්.(නදී)
වසන්ති ගේ බැටරි බැහැල වගේ විදුලියමයි ඉල්ලන්නේ, වහලේ හදල නැති නිසා වැස්සොත් ජනතාව තෙමෙනවා අව්වට වේලෙනවා.(නදී)
කින් බෙනට්, ඔහේගේ නම වගේම තමා ඔලුවත්, නට් ලූස්.(නදී)
මම යාපනයට ගියේ වසර 30කට පෙර. මංගල දුම්රියේම යන්න තමයි මගේ ආසාව. මැරෙන්න කලින් පාරේ ඉතිරියත් ඉක්මනටම නිම කර ගැනීමට හැකිවේවා !!. (ස)
ෆස්රුල් ගෆූර් ඔබ නම් නියම ශ්‍රී ලාංකිකයෙක් . මම ඔබගේ කවිය මගේ ගොනුවකට දම තබා ගන්නවා. කුහක කමට මව් රටට ගරහන සිංහල යි කියගන්නාවූ වසලයින් අතර ඔබ සත්පුරුශයෙකි . (දී)
ලංකාවේ දුම්රිය සේවය හරියට දියුණු කරනවා නම් හුඟක් විදේශ විනිමය ඉතුරු කරන්න පුළුවන්. මම ඊයේ නුවර ගියා අධිවේගී දුම්රියේ උදේ හවස දෙකේම හරිම වෙලාවට දුම්රිය ගියා ආව. දුම්රිය පිරිලා . හරියට සේවය තියනවනම් හොඳට ලබා ගන්න පුළුවන්. (දී)
ඔයාට පිල්ලේ නෝනා දුන්නද ?.... එන්.ජී.ඕ. ගතමන්ට් එක . (දී)
සුභපැතුම්,
වසර තිහක් තිස්සේ පැවති යුද්ධයකට පස්සේ මෙතරම් ඉක්මනින් අප රට තුල සිදුවන සංවර්ධනය, මුළු ලෝකයටම ආදර්ශයක්. ශ්‍රී ලංකා රජයට සහ ලක් ජනතාවට ජය පතමු. (දී)
සෙන්තිල්, තමිල්නාඩුවේ කොච්චර විදුලි දුම්රිය තිබුනත් වැඩක් නැහැ. 80% දෙනාට අවශ්‍යම වැඩේ කරගන්න වැසිකිලි පහසුකම් නැහැ (නි)
වහළය හැදුවට පස්සෙ පෙරහුරුවට කෝච්චිය වහළ උඩත් යයිද දන්නෙ නැහැ (නි)
හරිම සන්තෝෂයි (නි)
අහෝ රන්ගශානී ඔයාගේ මෝඩකම පෙන්නන්න එපා (නි)
උපාලි - ඔබට බොහොම ස්තුතී. (දී)
පිල්ලේ බලෙන් ලංකාවට ආවේ නැහැ, ආරාධනාවකට ආවේ... එයාට බනින්න එපා (නි)
පිල්ලෙව යවන්න තිබුණේ (නි)
ඉතාම හොද ජයග්‍රහණයක්. (නි)
අනේ පිල්ලේව නම් යවන්න එපා (නි)
කඩන්න ගියේ දවස් කීපයයි. හදන්න අවුරුදු ගානක් ගියා. දිනෙන් දින ලගාවෙන සංවර්ධනයට අපේ සුබ පැතුම්. (නි)
ඇත්තටම ආඩම්බර හිතෙනවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට (නි)
හොඳ වැඩක්, විදුලි දුම්රියකුත් ඕනෑ (නි)
අපි ඇත්තටම සතුටු වීය යුතු දෙයක් මේක. වසර 28 ට පසුව හරි කෝච්චියක් යවාගන්න පුළුවන් වුන එක ගැන අපි ආඩම්බර වීය යුතුයි. මේක යාපනයටම යන දවසට දකුණ වගේම උතුරත් බලාගන්න අපිට ලේසියෙන්ම හැකිවේවී (නි)
අති විශිෂ්ටයි (නි)
සුභ පැතුම්! (නි)
බලවු උතුරු හා නැගෙනහිර පෙදෙස... සිතවු තිබුණු තත්වය එහි පෙර දවස... නගවූ තව තවත් තර සර සිංහ ගොස... යමවු වරෙවු නැගිටිවු නොපියවූ දෑස.... ජය ශ්‍රී! (නි)
වමින්දගේ අදහස හරි (අ)
හරිම සන්තෝෂයි. සුබ පැතුම්! (නි)
රතු මල්ලිලා ටික මේකටත් විරුද්ධ වුනාද දන්නේ නැහැ (නි)
ඒ පැතිවල ඉන්න අයට ලොකු පහසුවක් වේවි. (නි)
මේක නම් ලොකුම ලොකු වැඩක්. ගොඩක් ආඩම්බරයි (නි)
පක්ෂ පාට බේදයකින් තොරව ලක්වැසියන් ලෙස ආඩම්බර වෙමු. (නි)
මොනවා කරත් මුන්ට වැඩක් තියෙයිද දන්නේ නැහැ. තාම බැරිඋනා පිට රට ඉන්න ඩයස්පෝරාවේ ඊළම ඉල්ලන එකයි, මෙහෙ ඉන්න TNA ගෝලයින්ගේ පොලිස් සහ ඉඩම් බලතල ඉල්ලන එකයි නවත්වන්න. (අ)
උතුරෙන් එන දුම්රියේ දේවී කවුළුව ලඟට වෙලා ...... ගොඩක් සතුටුවෙන්න. සාමය අපට ගෙන එන උතුර දකුණ යාකරන ලොකුම පාලම තමා මේ හඬ නගාගෙන උතුරට යන්න වෙහෙසෙන්නේ.ජයවේවා. (නි)
පිල්ලේ නෝනා මාසයක්වත් ලංකාවේ හිටියොත් ඒ ටිකේවත් අපිට හිතේ නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙයි. (නි)
පිල්ලේ නෝනට අපි කියමුද එයාගේ කාර්යාලය ලංකාවට ගෙන්නා ගන්න කියලා.එහෙම වුනොත් ලංකාවේ මිනිස්සුන්ගෙත් ජිවිත වලට ලොකු වටිනාකමක් ලැබෙයි. හිතේ නිදහසෙන් ජිවත් වෙන්නත් පුළුවන් වෙයි (නි)
ආඩම්බරයි! (නි)
හොද වැඩක්. හැබැයි ඉන්දියාව අපිට එපා කිව්වට මේකටත් සහයෝගය ඉන්දියාවෙන් වගේ. (නි)
කින් බෙනෙට් වගේ අය ජීවත් වෙන්නේ අසහනයෙන්ද? (නි)
දර්ශන, රතු මල්ලිලට මේවා පෙන්නේ නැත, (අ)
කිම් බෙනෙට්, තමනුත් පිල්ලෙත් එක්ක එයාගේ රටට ගිහින් ජීවත් වෙන්න. (නි)
තාම වහලේ වැඩ ඉවර කරලත් නැතුව මොකද අප්පේ මෙච්චර ඉක්මනට ඕක පෙරහුරුවක් කළේ? (නි)
ඇයි මේ හැමදේම බාගෙට ඉවර කරලා පටන් ගන්නේ ? (නි)
රට සංවර්ධනය වෙනවා අනිවාර්යයි. මිනිස්සු ටිකක් ඉවසලා ඉන්න, අපිට නැතත් දරුවන්ට දෙයක් තියේවි. (නි)
තාමත් බැරිවුනා විදුලි දුම්රියක් දාගන්න. තමිල්නාඩුවේ අස්සක් මුල්ලක් නෑර විදුලි දුම්රියවල් දුවනවා (නි)
වසන්ති, ඔයාට මොකටද විදුලියක්? (නි)