සිගරට් වර්ග හයක් රුපියල් 2 සිට 4 දක්වා මිලකින් අද (31) සිට වැඩි කැර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි.
බ්‍රිස්ටල් සිගරැට්ටුවක මිලේ වැඩි වීමක් සිදු කැර නැත.රජය මගින් මෙම මිල වැඩි කිරීම සිදුකැර ඇත.
සිගරට් වර්ග හයක් රුපියල් 2 සිට 4 දක්වා මිලකින් අද (31) සිට වැඩි කැර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි.
බ්‍රිස්ටල් සිගරැට්ටුවක මිලේ වැඩි වීමක් සිදු කැර නැත.රජය මගින් මෙම මිල වැඩි කිරීම සිදුකැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි. එත් අලෙවිය නම් අඩු වෙන්නේ නෑ. සමහර අයට වැසිකිලි යන්නත් සිගරට් එකක් නැතිව බෑ. (ස)
දැන් කාලෙක ඉදලම හුගක් අය සිගරැට් අත්හැර වෙන ඒවා බොනවා ,සිගරැට් මිල වැඩි නිසා.ඒක සෞඛයට හොද ද? (අ)
බලන්ගොඩ නීති විරෝධී මත්පැන්, සිගරට් භාවිතය කරන අයට රෝහල්වලින් ප්‍රතිකාර කිරීම තහනම් කල යුතුයි (අ)
බීඩියක් ගහලා සතුටින් ඉන්න. ඒක සාක්කුවටත් හොදයි. (නි)
පිටිගල මිලානෝ, ඇත්තටම මටත් කියන්න හිතුනේ ඒකමයි. මම දැන් නම් සිගරට් බොන්නේ නැහැ (නි)
දුම් බොන්නෙක් විදියට මම කියන්නේ මේක හරිම අසාධාරණයි. ලියනගේ සහ අජිත් කියන දේ සම්පුර්ණයෙන් ඇත්ත. සිගරට් සුඛෝපබෝගී භාණ්ඩ ගණයට වැටුනට ගොඩක් සිගරට් බිමට ඇබ්බැහි වෙලා ඉන්න අය දුප්පතුන්. වැඩි කරනකොට අපි වගේ අය කරන්නේ විකල්ප හොයන එක. එක්කෝ සුදු බීඩි නැත්නම් පවුල බඩගින්නේ, ඕක තමයි පැහැදිලි යථාර්තය (නි)
ආණ්ඩුවට හොදටම පාඩුයි වගේ (නි)
දුම්වැටි වලින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් යනවා දුම් බීලා ලෙඩ වෙන අයට බෙහෙත් කරන්න. (නි)
ඕවා නොබී ඉදිමු. එතකොට යලි මිළ අඩු කරයි (නි)
අරක්කු, සිගරට් වැඩි කරන්න කියලා කෑගහන අයට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේවායේ මිල අසීමිත ලෙස වැඩි කළහම නීති විරෝධී මත්පැන්, සිගරට් භාවිතය වැඩිවෙලා මිනිස්සු ලෙඩ්ඩු වෙනවා. එතකොට ඒවා සනීප කරන්න වියදම් වෙන්නෙත් අපේ සල්ලි. අනික රජයේ ප්‍රධාන අදායම් මාර්ගයක් අවහිර වෙනවා. මේ ආදායම් යොදවන්නේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට ආදී පොදු වැඩවලට. (නි)
නුවර ශ්‍රී මුරුගන් එකෙන් තෝසේ දෙකයි, බ්‍රිස්ටල් එකයි ප්ලේන්ටියයි ගහපු කාලේ මොන තරම් සුන්දරද? (ස)
රොෂාන්, ර. 4000 ට නෙවෙඉ ර.10,000 ටත් අරක්කු තියනවා බොනවානම්! (ස)
අරක්කු, සිගරැට්, දුම්වැටි වල මිළ අඩුකර ඊට ගැළපෙන අයුරින් කුස්සියට අවශ්‍ය බඩුවල මිළ අඩු කළහොත් හොදයි (නි)
රොෂාන්ට කවදාවත් චන්දෙ ඉල්ලන්න ලැබෙන්නේ නැහැ ඔය වගේ අදහස් තියෙනකම්. (ස)
ලියනගේ කියන කථාවට මමත් එකගයි. අරක්කු සිගරට් බොන අය ඒක නතර කරන්නේ නෑ. අසරණ දරුපවුලට තමයි ඒ දුකත් යන්නේ. අරක්කු සිගරට් බොන අය ඒකෙන් මුදවා ගන්න නිසි වැඩපිළිවෙලක් මේ වැඩි කරපු මුදල් යොදවලා හරි කරන එක රජයේ වගකීමක්. (ස)
පද්මිනී, දවසට සිගරට් කීයක් බොනවද ? (නි)
බීල හමාරයි.(ස)
අරක්කු බෝතලයක් අඩුම ගානේ රු. 4000 ක්වත් කරන්න ඕන මමනම් කියන්නේ. (ස)
ලියනගේ ඔබ හරි . අන්තිමේදී කුස්සියේ බඩු මල්ලට තමා ඔකෙනුත් රිදෙන්නේ. ගාන වැඩි නිසා බීම නවත්වනවා නම් ඒ අපේ රටේ කෙනෙක් නම් වෙන්න බැහැ. (ස)
ඕක කියන්න දෙයක්ද? ලංකාවේ මොනවද අඩු උනේ? මිනිස්සුන්ගේ පඩිය විතරයි. (ස)
ඇයි බ්‍රිස්ටල් වල මිල නගින්නේ නැත්තේ ඒවා බොන්නේ නැති නිසාද ? (ස)
ගොඩක් අය කියන්නේ පුලුවන් තරම් මිල වැඩි කරන්න කියලා, ඒත් මේව බොන අය මිල වැඩි කරා කියලා බොන එක නවත්වන්නේ නෑනෙ. ගෙදරට කන්න බොන්න දෙන එක හරි, ලමයින්ට අඩුපාඩු ගේන එක හරි අඩු කරලා බොන එකා බොනවා.. ගොඩක් දුප්පත් පවුල් වල තත්වය ඒකයි. කවුරුත් නොදකින පැත්තක් මම කිව්වෙ.(ස)
ඉස්සර අය වැයකින් හරි වැඩිකළේ ,ශත 50 කින් හෝ රුපියලකින්. අය වැයක් නැතුව රු: 2/= - 4/= දක්වා හිටපු ගමන් වැඩිකිරීම අසාධාරණයි.රජයේ අනවශ්‍ය වියදම් මේ ක්‍රමයෙන් හෝ කපා ගත්තත් අපි මොනවා කරන්නද ? මොනවා කියන්නද ? පිකටින් කරන්නද,උද්ඝෝෂණ කරන්නද ?එවැනි සිද්ධියක් ලංකා ඉතිහාසයකවත් සඳහන් වී නොමැත.මොනවා වුණත් ඉදිරි කාලයේ දී රට සිගරට් හොරෙන් රට තුලට ඒම නම් හොදට සිදුවෙයි. (නි)
ඇතැම් ඒවයේ විතරක් අඩු කරන්නේ නැත්තේ කියන එකනම් ප්‍රස්නයක් (ස)
මෙලෙස වැඩි වෙන මුදල් වලින් වැඩි කොටස යන්නේ රජයට. එතකොට සිගරට් වලින් මිනිසුන්ට වන හානියට වැඩිපුර වගකියන්න ඕනෙත් රජයම නේද? (ස)
සිගරට්,අරක්කු,බීර, මස්වර්ග වල මිල 5 ගුනයකින්වත් වැඩි කරන්ඩ. අපේ රජයට ජයවේව. (ස)
අනේ පවි පවුලේ ආදායම අඩුවේ දුම්කොළ සමාගම තරවේ ආණ්ඩුවට හොදයි නේ. (ස)
අනේ හොදම වැඩේ.(ස)
සිගරට් අරක්කු සියට සීයකින් වැඩිකරලා අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ටිකක් අඩු කරන්න බැලුවොත් නරකද? (ස)
හොද දෙයක්. (ස)
අනේ හොඳයි, එත් සිගරට් එක්කක් රුපියල් 100ක් කලත් බොන මෝඩයෝ ඉන්නවා. (ස)