IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දුම්වැටි මිල නගී

සිගරට් වර්ග හයක්  රුපියල් 2 සිට 4 දක්වා මිලකින් අද (31) සිට වැඩි කැර ඇතැයි  ලංකා දුම්කොළ සමාගම පවසයි.

බ්‍රිස්ටල්  සිගරැට්ටුවක  මිලේ වැඩි වීමක් සිදු කැර නැත.රජය මගින් මෙම මිල වැඩි කිරීම සිදුකැර ඇත.



අදහස් (0)

දුම්වැටි මිල නගී

අමල් Wednesday, 31 July 2013 01:52 PM

බීල හමාරයි.(ස)

:       0       0

අමිල Wednesday, 31 July 2013 07:12 PM

බලන්ගොඩ නීති විරෝධී මත්පැන්, සිගරට් භාවිතය කරන අයට රෝහල්වලින් ප්‍රතිකාර කිරීම තහනම් කල යුතුයි (අ)

:       0       0

තේෂාන් Wednesday, 31 July 2013 02:05 PM

අනේ හොඳයි, එත් සිගරට් එක්කක් රුපියල් 100ක් කලත් බොන මෝඩයෝ ඉන්නවා. (ස)

:       0       0

මාලික Wednesday, 31 July 2013 07:28 PM

දැන් කාලෙක ඉදලම හුගක් අය සිගරැට් අත්හැර වෙන ඒවා බොනවා ,සිගරැට් මිල වැඩි නිසා.ඒක සෞඛයට හොද ද? (අ)

:       0       0

ලක්ෂාන් Wednesday, 31 July 2013 02:09 PM

හොද දෙයක්. (ස)

:       0       0

වරුණ Wednesday, 31 July 2013 02:10 PM

සිගරට් අරක්කු සියට සීයකින් වැඩිකරලා අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ටිකක් අඩු කරන්න බැලුවොත් නරකද? (ස)

:       0       0

දීපාල් Wednesday, 31 July 2013 02:12 PM

අනේ හොදම වැඩේ.(ස)

:       0       1

පද්මිණී Wednesday, 31 July 2013 02:23 PM

අනේ පවි පවුලේ ආදායම අඩුවේ දුම්කොළ සමාගම තරවේ ආණ්ඩුවට හොදයි නේ. (ස)

:       0       1

උපුල් Wednesday, 31 July 2013 02:30 PM

සිගරට්,අරක්කු,බීර, මස්වර්ග වල මිල 5 ගුනයකින්වත් වැඩි කරන්ඩ. අපේ රජයට ජයවේව. (ස)

:       0       1

ස්ටැන්ලි Wednesday, 31 July 2013 02:36 PM

මෙලෙස වැඩි වෙන මුදල් වලින් වැඩි කොටස යන්නේ රජයට. එතකොට සිගරට් වලින් මිනිසුන්ට වන හානියට වැඩිපුර වගකියන්න ඕනෙත් රජයම නේද? (ස)

:       0       0

නිහාල් Wednesday, 31 July 2013 02:34 PM

ඇතැම් ඒවයේ විතරක් අඩු කරන්නේ නැත්තේ කියන එකනම් ප්‍රස්නයක් (ස)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 31 July 2013 02:42 PM

ඉස්සර අය වැයකින් හරි වැඩිකළේ ,ශත 50 කින් හෝ රුපියලකින්. අය වැයක් නැතුව රු: 2/= - 4/= දක්වා හිටපු ගමන් වැඩිකිරීම අසාධාරණයි.රජයේ අනවශ්‍ය වියදම් මේ ක්‍රමයෙන් හෝ කපා ගත්තත් අපි මොනවා කරන්නද ? මොනවා කියන්නද ? පිකටින් කරන්නද,උද්ඝෝෂණ කරන්නද ?එවැනි සිද්ධියක් ලංකා ඉතිහාසයකවත් සඳහන් වී නොමැත.මොනවා වුණත් ඉදිරි කාලයේ දී රට සිගරට් හොරෙන් රට තුලට ඒම නම් හොදට සිදුවෙයි. (නි)

:       0       0

ලියනගේ Wednesday, 31 July 2013 02:56 PM

ගොඩක් අය කියන්නේ පුලුවන් තරම් මිල වැඩි කරන්න කියලා, ඒත් මේව බොන අය මිල වැඩි කරා කියලා බොන එක නවත්වන්නේ නෑනෙ. ගෙදරට කන්න බොන්න දෙන එක හරි, ලමයින්ට අඩුපාඩු ගේන එක හරි අඩු කරලා බොන එකා බොනවා.. ගොඩක් දුප්පත් පවුල් වල තත්වය ඒකයි. කවුරුත් නොදකින පැත්තක් මම කිව්වෙ.(ස)

:       0       0

නිරෝෂන් Wednesday, 31 July 2013 03:01 PM

ඇයි බ්‍රිස්ටල් වල මිල නගින්නේ නැත්තේ ඒවා බොන්නේ නැති නිසාද ? (ස)

:       0       0

ප්‍රියාන් Wednesday, 31 July 2013 03:02 PM

ඕක කියන්න දෙයක්ද? ලංකාවේ මොනවද අඩු උනේ? මිනිස්සුන්ගේ පඩිය විතරයි. (ස)

:       0       0

සරත් Wednesday, 31 July 2013 03:11 PM

ලියනගේ ඔබ හරි . අන්තිමේදී කුස්සියේ බඩු මල්ලට තමා ඔකෙනුත් රිදෙන්නේ. ගාන වැඩි නිසා බීම නවත්වනවා නම් ඒ අපේ රටේ කෙනෙක් නම් වෙන්න බැහැ. (ස)

:       0       0

රොෂාන් Wednesday, 31 July 2013 03:17 PM

අරක්කු බෝතලයක් අඩුම ගානේ රු. 4000 ක්වත් කරන්න ඕන මමනම් කියන්නේ. (ස)

:       0       0

බුද්ධික Wednesday, 31 July 2013 03:19 PM

හොඳයි. එත් අලෙවිය නම් අඩු වෙන්නේ නෑ. සමහර අයට වැසිකිලි යන්නත් සිගරට් එකක් නැතිව බෑ. (ස)

:       0       0

තිලක් Wednesday, 31 July 2013 03:27 PM

පද්මිනී, දවසට සිගරට් කීයක් බොනවද ? (නි)

:       0       0

අජිත් අත්තනායක Wednesday, 31 July 2013 03:30 PM

ලියනගේ කියන කථාවට මමත් එකගයි. අරක්කු සිගරට් බොන අය ඒක නතර කරන්නේ නෑ. අසරණ දරුපවුලට තමයි ඒ දුකත් යන්නේ. අරක්කු සිගරට් බොන අය ඒකෙන් මුදවා ගන්න නිසි වැඩපිළිවෙලක් මේ වැඩි කරපු මුදල් යොදවලා හරි කරන එක රජයේ වගකීමක්. (ස)

:       0       0

රොෂාන් Wednesday, 31 July 2013 03:50 PM

රොෂාන්ට කවදාවත් චන්දෙ ඉල්ලන්න ලැබෙන්නේ නැහැ ඔය වගේ අදහස් තියෙනකම්. (ස)

:       0       0

දයා අළහකෝන් Wednesday, 31 July 2013 04:19 PM

අරක්කු, සිගරැට්, දුම්වැටි වල මිළ අඩුකර ඊට ගැළපෙන අයුරින් කුස්සියට අවශ්‍ය බඩුවල මිළ අඩු කළහොත් හොදයි (නි)

:       0       0

චානක Wednesday, 31 July 2013 04:21 PM

රොෂාන්, ර. 4000 ට නෙවෙඉ ර.10,000 ටත් අරක්කු තියනවා බොනවානම්! (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 31 July 2013 04:25 PM

නුවර ශ්‍රී මුරුගන් එකෙන් තෝසේ දෙකයි, බ්‍රිස්ටල් එකයි ප්ලේන්ටියයි ගහපු කාලේ මොන තරම් සුන්දරද? (ස)

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 31 July 2013 05:01 PM

අරක්කු, සිගරට් වැඩි කරන්න කියලා කෑගහන අයට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේවායේ මිල අසීමිත ලෙස වැඩි කළහම නීති විරෝධී මත්පැන්, සිගරට් භාවිතය වැඩිවෙලා මිනිස්සු ලෙඩ්ඩු වෙනවා. එතකොට ඒවා සනීප කරන්න වියදම් වෙන්නෙත් අපේ සල්ලි. අනික රජයේ ප්‍රධාන අදායම් මාර්ගයක් අවහිර වෙනවා. මේ ආදායම් යොදවන්නේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට ආදී පොදු වැඩවලට. (නි)

:       0       0

මංජු Wednesday, 31 July 2013 05:01 PM

ඕවා නොබී ඉදිමු. එතකොට යලි මිළ අඩු කරයි (නි)

:       0       0

ජනක Wednesday, 31 July 2013 05:19 PM

දුම්වැටි වලින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් යනවා දුම් බීලා ලෙඩ වෙන අයට බෙහෙත් කරන්න. (නි)

:       0       0

ලලිත් Wednesday, 31 July 2013 05:39 PM

ආණ්ඩුවට හොදටම පාඩුයි වගේ (නි)

:       0       0

මාටින් Wednesday, 31 July 2013 05:42 PM

දුම් බොන්නෙක් විදියට මම කියන්නේ මේක හරිම අසාධාරණයි. ලියනගේ සහ අජිත් කියන දේ සම්පුර්ණයෙන් ඇත්ත. සිගරට් සුඛෝපබෝගී භාණ්ඩ ගණයට වැටුනට ගොඩක් සිගරට් බිමට ඇබ්බැහි වෙලා ඉන්න අය දුප්පතුන්. වැඩි කරනකොට අපි වගේ අය කරන්නේ විකල්ප හොයන එක. එක්කෝ සුදු බීඩි නැත්නම් පවුල බඩගින්නේ, ඕක තමයි පැහැදිලි යථාර්තය (නි)

:       0       0

පිටිගල Wednesday, 31 July 2013 06:00 PM

පිටිගල මිලානෝ, ඇත්තටම මටත් කියන්න හිතුනේ ඒකමයි. මම දැන් නම් සිගරට් බොන්නේ නැහැ (නි)

:       0       0

බණ්ඩා Wednesday, 31 July 2013 06:24 PM

බීඩියක් ගහලා සතුටින් ඉන්න. ඒක සාක්කුවටත් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 66 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 161 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 166 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1931 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2810 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2079 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site