ඉතාලියේ බෙර්ගමෝ නගරයේ කනොනිකා දි රෝමා මාවතේ රාත්‍රී සල්පිලක දී පකිස්තාන ජාතික තරුණයන් දෙදෙනකු හා ශ්‍රී ලංකාවේ තරුණයන් අතර ගැටුමකින් එම සිව්දෙනාම තුවාල ලදහ.
පකිස්තාන ජාතිකයනට පිහියෙන් ඇන ඇති අතර එක් අයකුට මැහුම් 22ක් දැමීමට සිදු විය.
අවුරුදු 30ක් හා 31 වන සිංහලයෝ දෙදෙනා සුළු තුවාල ලදහ.
කාසි දමා සිගරට් ගැනීමේ යන්ත්‍රයක් අසළ ඇතිවූ ආරවුලක් ගැටුමට හේතු විය.
යන්ත්‍රයෙන් සිගරට් මුලින්ම ගත යුත්තේ කවුද යන ප්‍රශ්නය මත පිහි ඇනුම සිදුව ඇත.
පසුගිය සති අන්තයේ ඉතාලියේ මධ්‍යම නිදහස් චතුරස්‍රයේ ධවල රාත්‍රියේදී මේ සිද්ධිය වාර්තා විය.
ධවල රාත්‍රියයනු එළිවන තුරු කඩ සාප්පු විවෘත කර පවත්නා සල්පිල් ස්වරූපයේ සැණකෙළියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉල්ලන්නේ විශේෂයෙන් පාකිස්ථානය සමග අපි ගනුදෙනු කරන්න ඕනෑ නැහැ කියලයි (නි)
කන කෑමකට පොර කෑවත් කමක් නැහැ.වැඩකට නැති සිගරට් එකකටද මෙච්චර කොලවෙරි. (ස)
කොහොමත් මේ දකුණු ආසියානු රටවල්වල මිනිස්සු පිටරට ගියාම ඔලුව ඉදිමෙනවා.හිතාගෙන ඉන්නේ ලොකු පොරවල් කියලා. (නි)
දෙගොල්ලොම නූගත්. ඔහොම ගහගන්නේ රට ලැජ්ජාවට පත්කරනවා කියලා හිතාගෙන. හොඳට බැටේ දුන්නේ නැත්නම් රටට අඩුවක් වුණා කියලා තමයි මේ අය හිතෙන්නේ (නි)
කොල්ලෝ දෙන්නට ඉකමන් සුවය ලැබේවා.(නදී)
ගුනේගේ වචනෙට මාත් එකඟයි.(නදී)
පිහියක් ඉනේ ගහගෙන අනේ මන්ද , පොල් කඩ කඩ හිටපු ගමන් සිගරට් එකක් ගන්න ඈවිත් වගේ (අ)
පාකිස්තාන කොල්ලෝ හිතන්නේ අපිත් ඉන්දියා කොල්ලෝ වගේ කියල එකයි ගහ ගන්න එන්නේ (අ)
ඔය යුරෝපයේ ඉන්න පකිතන් අය ඉන්නේ කොහොමත් හරිම ලොකු විදිහට තම,හැමදම කොහේ ගියත් වැලි,(අ)
ඕක ජම්ම ගතිය ඉතාලි යන අයගේ (අ)
නරක ඇබ්බැහිවීම් වලට හුරු නොවී හිටියනම් ජීවිතේට කිසිම හානියක් වෙන්නේ නැහැ, ඕනේ නැති දේවල් කරන්න ගියහම ඕවගේ දේවල් වලට මුණ දෙන්න වෙනවා.(නදී)
යන විදියට ළගදීම ඉතාලි දොර ශ්‍රී ලාංකිකයන්ට වැසෙයි වගේ. (නි)
සැණකෙළි අස්සේ ගිනි කෙලි... රට ගියේ මොකටද කියලා මතක නැහැ. (නි)
නිහාල්, ඔබ හරි.නුවන් ළගම නගරය මිලානෝ. ඇයි අහන්නේ එන්නද? නැත්නම් පොලිසියට කියන්නද? මෙහෙ ඔහොම තමා. (නි)
ලාංකිකයින් දෙදෙනාට ඉක්මන් සුව පතමි (නි)
මෝඩයා අවස්ථාව අනුව අනුන්ට ඉඩ දෙන්න සුදානම් නැහැ. අපේ අය ගැන ඉතින් කියන්න ඕනෑ නැහැ නේ. ඉස්සෙල්ල පකිස්ථානුවට ඉඩ දුන්නා නම් සිංහලයා නුවණක්කරයෙක් වෙන්න තිබුනා. එහෙත් එහෙම වෙලා නැහැ. ඒ මදිවට පිහියෙනුත් ඇනලා.ඕක පිහියෙන් අනින්න තරම් වරදක්ද? (නි)
ආසන්නම නගරයේ නම මොකක්ද? (නි)
අපේ කට්ටියටත් ඉතින් කොහේ ගියත් රණ්ඩුවක් ඕනෑනේ. (නි)
මෝඩ මිනිස්සුන්ගේ වැඩ නිසා බොරුවට රටවල් අතර හොද හිත නැති වෙනවා (නි)
ඉවසීමක් නැති මිනිස්සු! (නි)
හරිම හොද ළමයි දෙන්නෙක් (නි)
ඉතාලි ජනතාව බොහොම හොදට හික්මීම තිබෙන ජන වර්ගයක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. පෝලිමක් නැතිවුණත් පළමු පැමිනිකෙනාට පළමු තැන දීම සිරිතලු.ඒත් එහෙ ඉන්න පිටරැටියන්ට ඒවා බලලත් හැදෙන්න බැරිනම් ඒක එයාලගෙම කරුමේ. (නි)
එහෙත් පිහිය ඉණේ ගහගෙන තමයි වැඩ අපේ අය. (නි)
මම නම් ප්‍රාර්ථනා කරන්නේ නුගතුන් ඉන්නා සමාජයක ඉපදෙන්න එපා කියලා.මනුස්සකම හදුනා ගන්න පුළුවන්,හොඳ නරක දෙක තෝරා ගන්න පුළුවන්,ලෝකයට අලුතෙන් යමක් එකතුකරන්න පුළුවන් අය උගතුන් ලෙස මගේ ගොඩට ගන්නවා. (නි)