2016 සංගණනයට ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකාව දෙමළ ඊළමක් ලෙසද නම් කැර තිබිණි. විවිධ රටවලින් ඕස්ට්‍රේලියාවට ගොස් පුරවැසිභාවය ලබා සිටින පිරිස් පැමිණි රටවල් මේ සංගණනයේ දී සොයා බලන ලෙස ඕස්ට්‍රේලියා විදේශ හා වෙළඳ දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත.
ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය මෙම කාර්යයේදී ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව ලෙස ද ටැමිල් ඊළාම් ලෙසද 7107 අංකයෙන් හඳුන්වා ඇත. ඕස්ට්‍රේලියාවේ වාසය කරන රංජිත් සොයිසා මහතා මෙම බරපතල වැරැද්ද ඕස්ට්‍රේලියා අගමැති, නියෝජ්‍ය අගමැති හා නීතිපතිට ද එරට ඇමැතිවරුන්ට ද පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් නැති බවත් එවැන්නක් සඳහා සටන් කළ දෙමළ කොටි සංවිධානය 2009 දී පරාජය කළ බවත් ලොව කිසිම රටක් දෙමළ ඊළමක් පිළිගෙන නැති බවත් සොයිසා මහතා තම ලිපියෙන් කියා ඇත. මෙම වරද වහා නිවැරදි කරන ලෙස පසුගිය 8 වැනිදා (සඳුදා) ඔහු මෙම ලිපිය යැවීය.
මේ අතර සොයිසා මහතා ගේ ඉල්ලීම අනුව කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඕස්ට්‍රේලියා රජයට ද මේ ගැන පැමිණිලි කළේය. ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය ඒ අනුව දෙමළ ඊළම යන්න ඉවත් කරන බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිමාලි අරුණතිලක මහත්මියට දන්වා ඇත.
සොයිසා මහතාගේ සහ නියෝජ්‍ය මහකොමසාරිස්වරියගේ කරුණු දැක්වීමත් සමග ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම යන්න ඔවුන්ගේ අන්තර්ජාල සංගණනයෙන් ඉවත් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයා ගැන අපිට ආඩම්බරයි (නි)
අපේ විදේශ සේවයට දෙමල සම්බවයක් තියන මහත්මයකු තානාපති ලෙස පත්වීමේ ප්‍රතිපලය මෙයයි . මේකයි තිත්ත ඇත්ත කෙලින්ම කිවුවොත් . සමහර විට මෙය පල නොකරාවි . කට කවත් ඇත්ත කියන්න වෙනවා මම කන්බරවල ඉන්න නිසා. (අ)
මොහාන්, ඔයා නිකන් පාට කණ්නාඩියකින් බලන්න පුරුදු වෙන්න එපා. ගිය ආණ්ඩුව සදහටම එල්.ටී.ටී.ඊ එක නැති කරපු නිසා තමි අද ලංකාව ඉතුරුවෙලා තියෙන්නේ එක රටක් වසයෙන්.
ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය එකා උන්ගේ මොන ලැයිස්තුවට දා ගත්තත් එය අපට අදාළ නැහැ. යම් හෙයකින් ඊළමෙන් ගිය එකා ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කොලොත් ඌට යන්න තැනක් නැතිවෙනවා. එච්චරයි. (රේ)
රන්ජිත් මහතාට ස්තුතිය. කවුරු හරි තානාපතිව අහරනවද ? (අ)
කුමාර්, බුදු නාතෝ! ඔහේ දන්නා දේවල්! තව මොනවා හරි දෙසන්නකෝ! (අ)
රන්ජිත් සොයිසා මහතාණනි ඔබට දහස් වරක් ස්තුති.(රේ)
මේ බෝට්ටු ගමන් නිසා මෙහෙම නම් වැටෙන්නේ. (රේ)
කවුරු මොනවා කිවුවත් මේක ඉතාම බරපතළ කාරණයක් (නි)
මෙම සංගණනය කරඇත්තේ ඒ රටට පැමිණි පුරවැසිභාවය ලබා ඇති අයගෙන් පැමිණි රට විමසීමෙන්. ඒ අය තමන් අො රට ශ්‍රී ලංකාව වෙනුවට "දෙමල ඊළාම් රජයෙන්" යැයි පවසා ඇති. (නි)
කීර්ති ගැන නම් කතාකරලා තේරුමක් නැහැ (නි)
ඕස්ට්‍රේලියාවේ වාසය කරන ලංකාවේ කෙනෙක් තමා වැඩේ මෙහෙමවත් ගොඩදාලා තියෙන්නේ. (නි)
රට වෙනුවෙන් ඔබතුමාට ස්තූතියි! (නි)
අපරාදේ! ඒකාබද්ධ විපක්ෂයට පෙළපාලියක් යන්න තිබුණ අවස්ථාව නැතිවුණා (නි)
ඕස්ට්‍රේලියාවේදීම විසඳාගත්ත එක හොඳට ගියා. ලංකාවෙන් අැසුවා නම් ඔව් ඔව් එහෙම එකක් ළඟදීම එනවා කියයි. (නි)
චමල්, ඔබ හරියට හරි. පුවත්පත් කියවන අයට මේවා ගැන සෑහෙන අවබෝධයක් තිබෙනවා. (නි)
සමහරවිට ලංකාව අයින් කරලා දෙමල ඊළම තියයි! (ම)
ඔය හැමදේම අපට නොදැනෙන්න වගේ තමා පටන්ගත්තේ. එ්ත් වාසනාවකට හරි රටේ ලෝකේ උපන් බිමට වෙන්නේ මොකද කියල ඇස් අැරගෙන ඉන්න මිනිස්සුත් ඉන්න බව අමතක කරන්න එපා. කට්ටියක් වතුර රත්වෙනකම් දිය කෙළිනවා. කොරහේ කිඹුල්ලු නැතිවුණාට සමහර කබරගොයිත් අවදානම් (නි)
මේ රටවල් ඊළම ගණන් ගන්නෙත් නැහැ. ලංකාව ගණන් ගන්නෙත් නැහැ. ගණන් නොගන්නා නිසා තමයි මේවා බරපතල විදියට ගණන් නොගන්නේ. එයාලට රටවල් ඕනෑවෙන්නේ වාසියට විතරයි. (නි)
රංජිත් කියන්නේ අවදියෙන් සිටින සැබෑ සිංහල ජාති හිතෛෂියෙක්. මෙහි සිටින දේශපාලන මැක්කන්ට, නිදාගෙන සිටින තානාපති නිලධාරීන්ට වඩා මෙහෙවරක් රංජිත් කරනවා. රංජිත්, ඔබට මගේ ප්‍රණාමය!!! (නි)
සොයිසා මැතිතුමනි, ඔබට අපගේ ප්‍රණාමය! මේ සඳහා ක්‍රියාත්මක වියයුතුව තිබුනේ රජයයි පැහැදිලිවම. නමුත් රජය ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු ඉන්නවා. (නි)
කවදාහරි ඕස්ට්‍රේලියාවට මෙයාලා හිසරදයක් වෙනවා. ත්රස්තවාදියා ත්‍රස්තවාදියාමයි. අනෙක් ත්‍රස්තවාදී කල්ලි සමඟ මෙයාලගේ සම්බන්ධතා තියෙනවා. (නි)
ජාත්‍යන්තරය අපිත් එක්ක ඉන්නවා කියලා නේද කයිවාරු ගැහුවේ? (නි)
ස්තුතියි රංජිත්. අපේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න ඔබ වැනි අය අනෙක් රටවලත් ඉනනවා නම් අපිට කෙනෙහිලි කරන්න කවුරුත් එන්නේ නැහැ. කියන්න කණගාටුයි අපේ සමහරු කටයුතු කරන්නේ අපේ රටක් නැති ගානටයි. මොහාන්, හැම එකකටම ගිය ආණ්ඩුව ගාවගන්න එපා. තව කල් යනකොට රඟේ දැනේවි. (නි)
රන්ජිත් සොයිසා මහතා පසුගිය යුද සමයේ රටේ ඒකාග්‍රතාවය හා සාමය රැකගැනීම වෙනුවෙන් නිහඩව රට වෙනුවෙන් කළ සේවයන් දන්නෝ දනිති. මෙවරත් තම යුතුකම ඉටුකිරීම ගැන ඔබට ස්තුතියි රංජිත්! (නි)
රන්ජිත් මහත්තයා ඉතා හොඳ වැඩක් කළ බව ඇත්ත. එතුමාට අනිවාර්යයෙන්ම ස්තුති කරන්න ඕනෑ. තානාපති කාර්යාලයත් වැඩේ හරියට කළා. එ්කටත් ස්තුති නොකියන්න තරම් කුහක වෙන්නේ මොකද. (නි)
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ද්‍රවිඩ ඩයස්පෝරාවේ කට්ටිය මිට පෙර සංගණන වලදී කියන්න ඇති ඒගොල්ලන්ගේ උපන් රටට කියන්නේ ද්‍රවිඩ ඊළාම් කියලා. එහෙම වෙන්න ඇති ඔවුන්ගේ දත්ත වලට මේ වචනය රිංගන්න ඇත්තේ. තාමත්, ලංකාවේ ඉන්න සමහර අන්තවාදීන් හිතා ඉන්නේ ඔවුන් ඉපදුනේ ඊළාම් රටේ කියලා. (නි)
ඔබතුමා වැනි අය අපට ආඩම්බරයක්. අපේ මෙහෙ ඉන්න අය නම් රටට හෙණ ගැහුවත් කට හොල්ලන්නෙ නැහැ. (නි)
මේ තමයි රටට නිහඩව සේවය මිනිස්සු. (හේ)
රංජිත් මහතාට අපේ ප්‍රණාමය! (නි)
රන්ජිත් සොයිසා මහතාට අපේ ප්‍රණාමය. (ර)
රංජිත් විශිෂ්ට ලාංකිකයෙක්. (බ)
විමල් ඔයාට දිය කොරහ හඳුනා ගැනීමේ ප්‍රශ්නයක් තියනවා වගේ . ඔහොම ගියොත් කිඹුලා නෙමෙයි කොටිය කනකන් දන්නේ නැහැ (බ)
කලබල වෙන්න දෙයක් නැහැ. සමහරවිට අලුතින්ම සංගණනය පවත්වන්න සූදානම් කරාවි (නි)
උපන් බිමේ නොසිටියත් රට වෙනුවෙන් කළ සේවයට රන්ජිත් මහතාට ණයගැති වෙමු. එමෙන්ම මේ පිළිබඳව නිහඬව තම කාර්යය කළ තානාපති කාර්යාලයට ස්තුතිය පිරිනමමු. මෙම සිද්ධිය කලින් ආණ්ඩුව කාලේ වුණා නම් ඕස්ට්‍රේලියානු රජයට බොරු චණ්ඩි පාර්ට් දමන්නට ගොස් මෙම සිද්ධිය ලොකු ප්‍රශ්නයක් කරගන්නවා නොඅනුමානය. (නි)
ඒ පුද්ගලයා පැමිණිලි කරනතුරු තානාපති කාර්යාලය නිදිද? ඔබට පින්! (නි)
මම නම් හිතන්නේ මේක එච්චර බරපතල දෙයක් නෙමෙයි කියායි. පොඩි වරදක් ලොකුවට අරගෙන දේශපාලන වාසි ගන්න සමහර අය බලාගෙන ඉන්නවා (නි)
ඔබට අපේ ස්තූතිය! (නි)
රට ගැන හැඟීමක් ඇති අය රටට වාසනාවන්! (නි)
රන්ජිත් සොයිසා නියම ශ්‍රී ලාංකිකයෙක්. දේශප්‍රේමියෙක්. එතුමා මේ වරද පෙන්නනතුරු වගකිවයුත්තෝ කොහෙද හිටියේ? මේක තමා ලෝකයේම තත්වය. තානාපතිවරු නිදි. එහෙම නොවෙන්න ලොව පුරා මෙතරම් කොටි ක්‍රියාකාරී වෙන්නේ නැහැ. (නි)
කීර්තිට අනුව මේක එච්චර දෙයක් නෙමෙයි. ඒත් බරපතල දේ තමයි ඕස්ට්‍රේලියානු රජය මේ නම යොදාගන්න තරම් මේ නම කොච්චර බලවත් වුණාද කියන එක (නි)
කීර්ති, ඔයා වගේ හිතන අතීත අදූරදර්ශි නායකයෝ නිසා රට අවුරුදු 30ක් ආපස්සට ගිහින් තවමත් විඳවනවා. ඔය හැමදේම පටන් ගත්තෙ සුලුවට වගේම වගකිවයුත්තෝත් ලොකුවට ගණන් ගත්තෙ නැහැ. අන්තිමට නැවතුන හැටි දන්නෝ පමණි දන්නේ. (නි)
අනේ චමල්, දිය කොරහේ කිඹුල්ලු දකින්න එපා. (නි)
රංජිත් සොයිසා වැනි අය දේශපාලනයේ සිටියා නම් අපි මොනතරම් වාසනාවන්තද? (නි)
රට ගැන මෙවන් හැඟීමක් ඇති අය තව කීදෙනයිද අපි අතර ඉන්නේ? (නි)
මුණසිංහ සහ චමල් මහත්වරුනි, තානාපති කාර්යාලය හරහා ඕස්ට්‍රේලියානු රජය කළ සංගණනයක් නොවේ මේ. සමහරවිට රංජිත් මහතා තානාපති කාර්යාලයට කලින් එම වෙබ් අඩවියට ගිය නිසා මෙම වරද දැක්කා වෙන්න ඇති. එ්කෙන් අදහස් වෙන්නේ නැහැ තානාපති කාර්යාලය අකාර්යක්ෂම බව. අපි මෙහිදී කළයුත්තේ රංජිත් මහතාගේ ඉදිරිපත්වීම ගැන ස්තුති කිරීම මිස කිසිවෙකුගේ වැරදි දැකීම නොවේ. (නි)
තිලින, මෙය බරපතල දෙයක්. නමුත් මේකෙන් කියවෙන්නේ කුමක් ද? කාගේද වරද? අපේ විදේශ සේවයේ නොවේද? මේ වගේ විවිධ රටවල සංචාරකයන් කොපමණක් ඇත්ද ලංකාවේ තවම යුද්ධයක් තියෙනවා කියල සිතන? (ර)
මේවට වගකියන්න ඕනෑ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)
අපේ රට වෙනුවෙන් ඔබතුමා පෙනීසිටිය එක ගැන ගොඩාක් සතුටුවෙන අතරම ඔබට මගේ ආචාරය පුදකරමි. අපේ සමහරු ඇස් කන් පියාගෙන ඉන්න වෙලාවක ඔබතුමන්ලා වගේ අය ඇස් කන් ඇරගෙන ඉන්න එක ගැන ආඩම්බර වෙමි. රන්ජිත් සොයිසා මහත්මයාණෙනි, ඔබට ස්තුතියි! (නි)
සංගණනය පවත්වන ඕස්ට්‍රේලියා දෙපාර්තමේන්තුවේ කොටියෙක් ඇති. ඒ කොටිය එ්ක ඇතුල් කරන්න ඇති. එ්කට විදේශ සේවයට වරද පටවන්න කොහොමද. තානාපති කාර්යාලය හරියට වැඩ කරලා තියනවා. සොයිසා මහත්තය වගේ අප හැමෝම විමසිල්ලෙන් ඉන්න ඕන. (බ)
කුහක ඇසින් බලන සමහරක් රටවල් තවමත් අපේ රටට කෙනෙහිලිකම් කරන්න තමයි මාන බලන්නේ. වගකිව යුත්තෝ මේවා හොදින් තේරුම් අරගෙන වැඩ කළොත් නපුරක් නොවෙනු ඇත. (බ)
නිකන් මුට්ටිය දාල බලන්න ඇති. කවුරුත් සද්ද නැතුව ඉඳීවිද බලන්න. ඊට පස්සේ නීත්‍යනුකුල භාවය දීල දිගටම එම නම පාවිච්චි කරන්න හිතුව වෙන්න පුළුවන්. (බ)
මේ වගේම, අපේ ආයතනයේ යූරෝප ජාතික ඉංජිනේරුවෙක් මගෙන් අහනව දැන් ලංකාවෙ යුද්ධය ගැන පුවත් නැහැනේ කියල.මම කිව්ව දැන් රටේ යුද්ධයක් නැහැ සාමකාමී තත්වයක් තියෙනව කියල. එයාල නිවාඩුවට ආනිවාර්යයෙන් දරැවන් සමග ලංකාවට එනව කිව්ව. (බ)
ඔබවැනි දේශප්‍රේමීන් අපට ආඩම්බරයක් (හේ)
අපේ රටේ ස්වෛරීභාවය සහ රටේ ආරක්ෂාව පිළිබඳව හැමෝටම වඩා විමසිල්ලෙන් සිටින පිරිසක් ඉන්නවා. ඒ(හේ)
අය්යෝ මොකද මේ ඕස්ට්‍රේලියාව හත් පොලේම ගාගන්නවනේ මේ ළඟකදී ඉඳලා (බ)
රන්ජිත් සොයිස මහතාණනි, පළමුව ඔබ තුමාට මගේ ප්‍රණාමය පුද කරමි ! කවුරු කෙසේ කීවත් , මම අවු.25 ක් තිස්සේ ඔබතුමා අපේ රට වෙනුවෙන් ස්වේච්චාවෙන් කරන සේවය ගැන හොදින්ම දන්නවා. අපේ රටට විපතක් වෙන කොට අපව අවදි කරවන්නේ ඔබ තුමා.මහා කොමසාරිස් කාර්යාලය ඇහැරවන්න වුණත් ඔබ තුමටමයි. තමන්ගේ වගකීම නොදන්නා අය නිල තල වලට පත්වුණාම ඔහොම තමයි. මෙවන් කටයුතු කිරීමට ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි ! (අ)
උපන් බිමේ නොසිටියත් රට වෙනුවෙන් කළ සේවයට රන්ජිත් මහතාට ණයගැති වෙමු (අ)
නියමයි රංජිත් සොයිසා ඔබ මව්බිමට හොඳ දෙයක් කළා. (බ)
ඕස්ට්‍රේලියාව මෙතන විතරක් නොවෙයි මුළු සංගණනයම අවුල් කර ගත්තා,(හේ)
තානාපති නිදිද සොයිසා මහතා දකිනකම්\ (හේ)
රංජිත් සොයිසා මහතා ගත් ක්‍රියා මාර්ගය බොහෝ අගෙයි.මෙතුමා සැමවිටම ලංකාව වෙනුවෙනුත් මානව සමාජය වෙනුවෙනුත් ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරන මහත්මයෙකි.ඔබ තුමාට අපේ ආශිර්වාදය.තෙරුවන් සරණයි! (හේ)
ඔස්ට්‍රේලියාව කියන්නේ ප්‍රතිපත්තියක් නැති රටක්,(හේ)
සුද්දන්ට වුවමනා දේ හොඳින් අඳුන ගන්න (ම)