IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


දෙමළ ජනයා ගැන හිතීම ශ්‍රී ලංකාවේ යහපතට හොඳයි


(හර්ෂණ තුෂාර සිල්වා)

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය,  සාධාරණය, අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයි තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) කොළඹ දී පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළුව අර්ථාන්විත බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකා රජය කරන කැපවීමට ද එය සමානව අදාළ වන බව හෙතෙම කීය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කරුණු සඳහන් කළේය.

කලාපයේ සාමය සහ සුබසාධනය ප්‍රවර්ධනය කරන අතරවාරයේදී ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ එක්සත් බව, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කැපවී සිටින බව ද හෙතෙම එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී කීය.

වාර්ගික සහජීවන දිරිගන්වන සියලු පාර්ශව ඇතුළත් වූ දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියා/ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා වන ඉන්දියාවේ සහාය දීර්ඝකාලීන බවත් ඔහු කීය.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය හා සාධාරණය සහ අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයි ද හෙතෙම කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළුව අර්ථාන්විත බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකා රජය කරන කැපවීමට ද එය සමානව අදාළ වන බව ඔහු පැවැසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සෞභාග්‍ය උසස් වනු ඇතැයි ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.  



අදහස් (15)

දෙමළ ජනයා ගැන හිතීම ශ්‍රී ලංකාවේ යහපතට හොඳයි

ටින්ටින් Wednesday, 06 January 2021 09:48 AM

අනේ මේ ජයශංකර්, ලංකාවේ සෞභාග්‍යය ගැන කරදර වෙන්න ඉස්සර වෙලා ඉන්දියාවේ මිනිස්සුන්ට කක්කුස්සි ටිකක් හදලා දෙනවා පව් නොදී !!!

:       49       49

RaveendraWednesday, 06 January 2021 10:34 AM

සහතික ඇත්ත. අනුන්ගේ ශරීරවලින් පිටකරන වසුරු ගොඩවල්වල ඇසට නොපෙනෙන්නේ කොකුපණු බිත්තර ගණන ගැන හිතනවාට වඩා තමුන්ගේ ශරීරයෙන් පිටකරන වසුරු ගොඩේ තිබෙන "කාශ්මීර් පොලොන් පැටව් ටික, මාඕ වාදී කොකුපනුවෝ ගණන ගනන් ගත්තොත් හොඳ නැද්ද ශංකර් ගොයියෝ..?

:       8       34

sena Wednesday, 06 January 2021 10:38 AM

ටිකක් තදබල අවවාදයක් වගේ..

:       3       28

දිමුත්Wednesday, 06 January 2021 11:32 AM

අපි බය නැහැ. සර් ඉන්නවනේ....

:       5       24

නුවන් Thursday, 07 January 2021 10:29 AM

එකල ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ ජේ.ආර් ජයවර්ධන උතුමාණන් විසිනි. එය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්සන් කරන ලද්දක් නොවේ. මේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා එහි දිගුවකි. ඔබ සැමගේ අවධානය පිණිසයි...

:       1       2

Qatar sita Wednesday, 06 January 2021 10:57 AM

විදේශ සම්බන්ධතා ගොඩ නගන මුවාවෙන් හීන් ටොක්කකුත් ඇන්නා නේද අපේ ගොයියන්ට...?

:       4       20

Prasad Wednesday, 06 January 2021 11:04 AM

කෝ සර්... වටේ ඉන්නේ කටු කන රැළක්නේ...

:       3       50

සෙනෙවිWednesday, 06 January 2021 02:45 PM

වීරවංශ, ගම්මන්පිල , කෝ මේ දෙන්නා...?

:       4       11

RangaThursday, 07 January 2021 04:19 AM

ඒ දෙන්නා දැන් මහණ වෙලානේ ආපහු...!!!

:       0       3

duminda Wednesday, 06 January 2021 04:57 PM

කෝ මේ කලු කොඩි විමලේ...

:       0       3

විජිත් Wednesday, 06 January 2021 06:30 PM

මේ කල්ලතෝනියා අපේ රටටම ඇවිල්ලා මාර සයිස් පෙන්වනවනේ.... කෝ මේ අපේ රටේ ඉන්න චන්ඩි දේශපාලු ගෝතයෝ..? මම මේ රටේ ජනාධිපති නම් මම මිනිහට කියනවා " රටේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කතාකරන්න ඔයාට අයිතියක් නැහැ. කතාකරනවා නම් අපිටත් පුළුවන් තමුන්ලාගේ රටේම මිනිස්සුන්ට කරන අසාධාරණකම් කියන්න. එ්ත් අපි තමුන්ට වඩා ශිලාචරයි .." කියලා.

:       1       3

ලුම්බිණි Wednesday, 06 January 2021 11:59 PM

හොඳ කතාවක්.

:       1       1

Ravi77 Thursday, 07 January 2021 03:33 AM

දැන් ඉතින් හොඳට ලුණු ඇඹුල් ඇතිව අහගත්තනේ... දැන් මෙයාව එක්කගෙන ගිහින් ගුවන් තොටුපළෙන් බස්සන්න.

:       0       2

දුටුගැමුණු Thursday, 07 January 2021 06:22 AM

ඔව් ඔව් ඔයාලා දෙමළ උතුමන්ට හොඳටම සලකපු නිසානේ අපේ පිරබාහරන් වීරයා බන්දේසියක තියලා ලෝකයේ වටිනාම "කේක් ගෙඩිය" රජීව් අන්කල්ට යැව්වේ!

:       0       1

කනිෂ්ක Thursday, 07 January 2021 10:37 AM

රටේ අභ්‍යන්තර කරුනු ගැන ඉන්දියාවට අත පෙවීමට ඉඩ සලසා දුන්නේ ඉන්දු ලංකා ගිවිසුම මගිනි. එය මහා පාවාදීමකි. එය සිදුවූයේ ජයවර්ධන යුගයේදීය. ගිවිසුම එක් පාර්ශව කරුවෙක් වන්නේ ඉන්දියාවය. මේ කරුණු බොහෝ අයට අමතක වී ඇති බව පෙනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 0 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 372 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 212 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 333 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 644 0



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 943 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 419 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site