දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ජාතිවාදී ලියැවිල්ලක් බවත්, නැවත වරක් බෙදුම්වාදය ඇති කිරීමට වෑයම් කරන බව බවට එම ප්‍රකාශනයෙන් සැකයක් මතුවන බවත් සියලු දෙනාම අවධියෙන් සිටිය යුතු බවත් යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා හොරණදී පැවසීය.
‘මේ රට සියලු දෙනාටම අයිතියි. අහවල් ජාතියට අහවල් ප්‍රදේශය අයිති යැයි වෙන් කිරීමක් නෑ. දෙමළ සන්ධානෙ ලියැවිල්ලෙන් නිජ බිම් ගැන කතා කරනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමක් ගැන කතා කරනවා. සවයං පාලනයක් ගැන කතා කරනවා. එයින් ඉඟි කරන්නේ කුමක්? තව කෙනෙක් කියනවා අයුධ අතට ගත යුතු යැයි කියා. එයින් අපට දෙන සිග්නල් එක හොඳ නෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට කල්පනාකරලා ස්තීර විසදුමක් දෙන්න. මොකද නැතිනම් අයෙමත් කට්ටිය හොල්මන් කරන්න පටන් ගනීවි.(නදී)
ඔව් යතාර්තථය තේරෙයි කොටි ත්‍රස්තවාදීන් නිසා දරුවන්, තම සැමියන් අහිමි කර ගත්තු ගැහැණුන් ලඟට ගිහිල්ලා කිවුවා නම්. බඩකට පිරෙන්න සලකළා අරී වි මේ සංවිධානයයි, නායකයින්ටයි, උන්ට කත් අදින එවුන්ටයි. (ස)
බන්දුල පෙරේරා කියපු එකම හොඳ අදහස ඕක විතරයි ..වෙල්මුරුගන් සිංහල ජනතාවට යථාර්තය තේරෙනවා .ඒ යථාර්තය ක්‍රියාවලියකට පෙරලුනොත් ඔබතුමාලාට දෙයියන්ගේ පිහිට තමයි. (ස)
ඔය කොහොම කිවුවත් හැම ද්‍රවිඩයෙකුගේම පැතුම මොකක්ද කියලා අපි දන්නවා. (නි)
මෙයාලට දැන් ඕනේ මේ රට අස්ථාවර කරන්න.මේ රටේ ආයේ ත්‍රස්තවාදයක් පටන් ගන්න. (ස)
ඕවට අපේ ජනාධිපතිතුමා ඉඩ දෙන්නේ නැහැ එයාලා කොච්චර නැටුවත්.(දී)
සම්බන්දන් අපහු සැරයක් දෙමල ජනතාවට හොඳ පරිප්පුවක් කවන්න ලෙස්තිවෙන්නේ. (අ)
මම හිතන්නේ නැහැ ජනාධිපතිතුමා ඉන්න කල් ඔය කිසිම දේකට ඉඩක් ලබෙයි කියලා.පිල්ලෙලා, ඔබාමලා, කරුණානිධිලා, ජයලලිතලා රුකඩ විතරයි. තමන්ගේ රටට කියලා කරපු දෙයක් නැහැ. අනිත් රටවල්වලට ඇඟිලි ගහලා ප්‍රපාතයට ඇදල දමන්න තමයි හදන්නේ.අපි හැමෝම එකා වගේ හිටියොත් ඔය එක ජගතෙකුටවත් අපිව පරද්දන්න බැරිවෙනවා. (ස)
කැබිනට් සංශෝධනයක් ළඟ ළඟ එන බවට පෙර නිමිත්තක් වද්ද? කියන්නට නම් දන්නේ නැත. (නි)
සිංහල ජනතාවට යතාර්ථය තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ.(නදී)
ඔය මොකවත් ඕන නැහැ. ආණ්ඩුව හතර අතට නැමෙන්නේ නැතුව කෙලින් ඉන්නවනම්. මුළු රටේම සාමකාමී ජනතාව ආණ්ඩුව එක්ක ඉන්නවා ඔය ප්‍රස්නේදී. ඒත් ආණ්ඩුව ඉන්දියාවට ඕනවට වඩා නම්‍යශීලී වෙනවා.(නදී)
කාලේකට පස්සේ මිහිරි කට හඬක් "ඔයාව සනසන්නම් කේජු කැල්ල කන්නම්"(නදී)
ඔව් ඔව් අමිර්තලින්ගම්ලා මතකනේ කරපු කියපුව , වහාම ඕවට ප්‍රතිචාර දක්වල රටේ නීතිය අනුව මේ ජාතිවාදය අවුස්සන අයට දඬුවම් කල යුතුයි (දී)
අනේ දෙමල ජනතාවනේ මේ මිනිස්සු තමුන්නන්සේලව ආයි අර ප්‍රපාතයට ඇද දාන්නයි හදන්නේ. මේ මෝඩ දෙමළ ජාතික සන්ධානයට නම් ඔබේ ඡන්දය දෙන්න එපා.(නදී)
රටට හානිකර ප්‍රකාශ නිකුත් කරන මෙවැනි අය හට දැඩි දඩුවම් දෙන්න ඕනා. ශ්‍රී ලංකාවේ හැම පළාතකම රටේ හැම කෙනෙකුටම ජිවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ.(නදී)
කලිනුත් කිව්වා වගේ අපි යුද්දේ ඉවර කලේ බාගෙට. සන්නද්ද අංශය නිහඩ කරවපු වෙලාවේම ඔය අයට කඩේ ගිය අයගේ අල්ලේ නැටවුණු දේශපාලන අංශ ගැනත් සැලකිලිමත් උනානම් දෙමල සිංහල දෙගොල්ලන්ටම නිදහසේ මේ අවතාර වලින් බේරිලා මේ රටේ සාමකාමීව ජීවත්වෙන්න ඉඩ තිබුනා මේ ප්‍රස්න නැතුව. කරනවානම් හැබයි ඉතින් තාමත් පරක්කුනම් නැහැ. කාගේ හරි බිලකට කඩන්න බැරියැ.(නදී)
කොහෙද හිටියේ.(නදී)
අවදි විය යුතු වන්නේ පාර්ලිමේන්තුව තුල ඉන්න අයයි. 2/3 බලයෙන් ප්‍රයෝජනයක් ගත යුතුය.(නදී)
රැස්වීම්වල උගුර කඩාගෙන කැගැහුවට වැඩක් නැහැනේ. මේවට දීර්ග කාලීන විසදුම් සොයලා ක්‍රියාත්මක කරන්න ඕනා.(නදී)
ජනාදිපති තුමනි මෙ දෙමල ජාතිවාදී අරගල මිනිසුන්ට තද නීති මාලාවක් සැකසිය යුතුයි. එම නිතින් අනාගත පරපුරට සහනයක් විය යුතුයි නැතහොත් අනාගත පරපුරටත් බිහිසුණු ලේ ගංගාවක් ගලයි කරුණාවෙන් සලකන්න මැනව................................... (දී)
වහාම නැවැත්විය යුතුයි, එහෙම ප්‍රකාශන නිකුත් කරපු අය සහ ඒ ප්‍රකාශනත් අත්අඩංගුවට ගන්න ඕනේ.(නදී)
කාලෙකට පස්සේ හිටපු අගමැතිතුමාගේ ප්‍රකාශයක් දැක්කේ! (දී)
මේක අලුත් දෙයක් නොවෙයි , පරණ ඉන්දියානු බළල් අඩුවම තමයි නැවත වෙනත් සෙනගක් හරහා ඉදිරියට එන්නේ. (දී)