දඹාන ආදිවාසී ගම්මානයේ අලුත් අවුරුදු උළෙල අද (26) දඹාන ගුරුකුඹුර කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී ආදිවාසි නායක වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආදිවාසි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එහි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
ඔහුන්ගේ පරම්පරාවේ සාරධර්ම, සංස්කෘතියට අනන්‍ය වු ආකාරයෙන් මෙය සංවිධානය කර තිබිණි.
ඒ තැන මන්දොකරන තරග පොජ්ජ - ගම ගෙදරින් වෙද ගෙදරට, කිරි කොරස් පොජ්ජ, දුනු ඊතල විදිම, ගල්දුන්නෙන් විදීම, ආදිවාසී කැකුළා හා කැකුළිය තෝරිම, හබක ඇට වීම, උගුල් ඇටවීම, ආදිවාසි ජන ගායනා, ආදිවාසි නැළවිලි ගී, වළස් පොරය, කඹ ඇදීම, දිගම හු තැන, දෙපටුල්ලන් ඇහිලීම(වී ඇට ඇහිදීම) , කද පල්ලී කද හරිනවා (බඹර කැපිම), රුකන් පොජ්ජෙන් කිරි ගෑවුම් පොජ්ජ මන්ද කරනවා, (ලී හිරමනෙන් පොල්ගෑම) ඇතුළුව මාමකැච්චක් තරග පොජ්ජ ඇත්තකයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර බටහිර රටවල්,ඔවුන්ගේ ආදිවාසීන්ට සලකන විදිය දැක්කහම පුදුමත් හිතෙනවා.ඔවුන්ව, බදු ගෙවීම් වලින් සම්පුර්ණයෙන්ම නිදහස් කරලා තියෙනවා.අනිකුත් පුර වැසියන්ට නොමැති විශේෂ වරප්ප්‍රසාද ඔවුන්ට හිමි වෙනවා.ඒ වාගේම ඔවුන්ටම අයිති ඉඩම් අක්කර මිලියන් ගණනක් තියෙනවා.මොනම හේතුවක් නිසාවත් රජයට එම ඉඩම් අත් පත් කර ගැනීමට නීතියෙන් ඉඩක් නැහැ.ඒ වගේම ඔවුන්ගේ අවසරයක් නොමැතිව එම ඉඩම් වලට ඇතුල් වීමද සපුරා තහනම් කර තිබෙනවා.එම ඉඩම් වල ඇති ඛනිජ ද්‍රව්‍ය වල වටිනාකම ඩොලර් බිලියන ගන්නකයි තක්සේරු කරලා තියෙනවා.නමුත් කණගාටුදායක කරුණ නම් මොවුන් මත්පැන් වලට තදින් ඇබ්බැහි වී සිටීමයි.සමස්තයක් වශයෙන් ගත කල රැකියාවක් කිරීමට බොහෝ ආදිවාසින් කැමති නැත.රජයෙන් මාස්පතා නොමිලේ ලබා දෙන දීමනාව ලබා ගෙන, බීමත් වී නිකරුනේ කාලය කා දැමීම ඔවුන්ගේ එකම ක්‍රමවේදයයි.මම දන්නා බටහිර රටවල් දෙකක ආදිවාසීන්ගේ තත්වය එයයි. (ස)
වැද්දන් අලුත් ලෝකයට එන විට අපි වැද්දන් මෙන් හෙසිරෙනවා. සියල්ලෝම නොව බහුතරයක් .(නදී)
පොත පතේ සදහන් දේ 100 ට 100 ක් නිවැරදි යයි නොකිවත් එහි ගතයුත්තක් තිබෙන බව සම්මත පිලි ගැනීමයි. නවීන විද්‍යාත්මක පර්යේෂණ නිබන්දනවල පවා සාහිත්‍ය විමර්ශනය අත්‍යවශ්‍ය අංගයක්. ඔය අදහස් දක්වන බොහොමයක් අය බටහිර මත සහ සිදුවීම් ඉහලින් සලකනවා. නමුත් අපේ දෙය ගරහනවා. ඔවුන් ඔය කරන්නේ කාගේදෝ කොන්ත්‍රාත්තුවක්.(නදී)
රාමායනය ,මහා භාරතය අතීතයේ ලියු පොත් මිසක් ඉතිහාස පොත් නොවේ.(නදී)
සිරා ඔබගේ දැනුම සහා අවබෝදය ගැන කණගාටුයි. රාවනා ගැන දන්නේ නැතිනම් පොත පත හදාරන්න (දී)
රාම ,රාවන,හනුම,දඩුමොනරේ,බොහොම උජාරුවෙන් ආඩම්බරයෙන් කිව්වත් කිසිම සාක්ෂියක් නැහැ.ඉතිහාසය හදාරන්න ඕන ඔබයි ධම්ම මහත්තයෝ.එච්චර දුර යන්න එපා.බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩියාලු.,කිසිම සාක්ෂියක් නැහැ. (දී)
රාවනා ගෙන් පැවත ආවා හෝ නොවුණා හෝ, මේ අපේ රට වැසියෝ. නුගත්, මෝඩ වර්ගීකරණ හරහා මිනිස්සුන්ගේ මානුෂික අයිති වාසිකම් උදුරගන්න හදන්න එපා. මේක දිරවගන්න අමාරු කතාවක් තමයි, නමුත් අද මේ රටේ කිසිම කෙනෙකුට අර ගඳ ගහන වැඩ වසම් සහ බුරු කුලගෝත්‍ර මිනුම් දඬු අදාල නොවිය යුතුයි. තමාගේ ජයග්‍රහණ නැති අසාර්තකයින් ඒ වෙනුවට, මෙවැනි වැට-මායිම් හරහා තමන්ගේ ආත්මාභිමානය ගොඩ නගා ගන්න උත්සහ කිරීම බොහොම ප්‍රකට ප්‍රයත්නයක්. (දී)
ඉන්දික ගම්පහ, නොදන්නා දේවල් කියන්න එපා , කොහේ හිටි රාවන කෙනෙක්ද. ලංකාවේ මිනිස්සුන්ගෙන් වැඩිහරියකට පිස්සු, නොතිබුන ඉතිහාසයක් ගැන හැමදීකදිම සදහන් කරනවා. ඔය කියන රාවන ගැන කිසිම සාක්ෂියක් නැත. කරුණාකර මිත්‍යා මත වපුරන්න එපා. පැහැදිලිව පොතපතේ සදහන් කර ඇති දෑ කියවා බලන්න (දී)
ප්‍රදර්ශනාත්මකව හරි කමක් නැහැ මෙවී තියෙන එක ගැන සතුටුයි (දී)
ටෙනිසන් මහත්තයාට තව ඉතිහාසය හදාරන්න වෙනවා. ටිකක් දැනගෙන ප්‍රකාශ නිකුත් කිරීම හොඳ දෙයක් නොවෙයි. (දී)
හංසිනි, ඔයා පොල් ගෑවේ හිරමනයෙන්ද මොල්ගහෙන්ද? (දී)
විකට ඇදුම් තරගෙට ආපු කැකුලියො තමයි ඩෙනිම් පොජ්ජ මන්ද කොරාන ඉන්නේ... (දී)
ආදී වාසින් පවා කාලිං කාලෙට පරිවර්තනය වෙලා (දී)
පොජ්ජ කියන්නේ මොකද්ද (දී)
රණතුංග , ඔබ නිවැරදියි. සැබවින්ම ඔය රටවල් කරන්නේ ආදිවාසීන් සුරකීමක් නොවෙයි. ඔවුන්ව වඳ කිරීමක්. එය සූක්ෂමව සිදුවන ක්‍රියාවක්. දීමනා ලබන මිනිසුන් මතට හුරු වී විහින් නැසෙනවා. (ස)
ටෙනිසන් මම හිතන්නේ ඔබ 100 ට 100 ක් නිවැරදි නැහැ. සිංහල කියන්නේ විජයගෙන් පමණක් පැවතගෙන එනේ පිරිසක් නොවෙයි. රාවණටත් පෙර සිට එන ජාතියක්. එය සිව් හෙළ , එනම් යක්ෂ , නාග , දේව සහ තව එක ගොත්රයකින් සැදුම් ලද්දක්. පසුව ආර්යයන් සම්මිශ්‍රණය වී විකාශනය වූ ජාතියක්. වර්තමාන වැද්දන් අතීතයේ සම්මිශ්‍රණය නොවූ හෝ වනචාරිව දිවිගෙවූ ජන කොටස්වලින් පැවතෙන්නන් විය යුතුයි. මන්දයත් , රාවනා යුගයේ හෝ පසුකාලීන යක්ෂ ගෝත්‍රිකයන් සතුවූ දියුණු තාක්ෂනයන් ඔව්න් සතුව නැහැ . මොවුන් යක්ෂ ගෝත්‍රිකයන් ගේ හෝ වෙනත් ගෝත්‍රයක වනගතව දිවිගෙවූ ජනකොටස්වලින් පැවතෙන්නන් වියයුතුය. (ස)
සෙල්ලං පිස්තෝල පොජ්ජත් තිබුනා නම් වන්නිලා ඇත්තන්ගේ සෙල්ලං යස අගේට තියේවි.(නදී)
අපේ ආදිවාසීන් තම අනන්‍යතාව රැකගෙන මෙවැනි උත්සව පැවැත්වීම අගයකළ යුතුය. මොනතරම් ලස්සනද? (නදී)
ටෙනිසන් ඔන්න නියම කතාව.(නදී)
මේ අය දැන් නගරයේ ඉන්න අයට වඩා නවිනයන් වෙලා. නගරයේ අය වැද්දන් වෙලා. වැද්දන් හොඳට විලි වහගෙන අඳිනවා. අපේ නගරයේ අය දැන් විලි වසා ගැනිමට වඩා නිරුවත් වීම තුලින් කරදර විඳිනවා. වැද්දන් ෆේස් බුක් පාවිච්චි කරනවද දන්නේ නැහැ.(නදී)
මමත් මේ පාර අවුරුදු උත්සවේට පොල් ගාලා පළමු වෙනියා වෙලා ජය ගත්තා. කොහේ පොල් ගාන්නද වට වෙලා ඉන්න පිරිමි කන්න වගේ නැමිලා බලන් ඉන්න කොට.(නදී)
අද හැම පුවතකටම සෙල්ලම් පිස්තෝලයක් ගැන කියනවා මොකක්ද ඒක. (නදී)
ටෙනිසන් මහත්මාට හිසනමා ආචාර කරමි.(නදී)
මෙහි සමහරුන්ගේ අදහස් දැක්කහම විසාල කනගාටුවක් ඇතිවෙනවා. මේ රටේ අයිතිකාරයන්ට,උරුමක්කාරයන්ට ඔහුන්ට රිසිසේ ජීවත් වීමේ අයිතියක් නැද්ද?.තමන් කැමති ඇදුමක් අදින්න,තමන් කැමති පාසලකට ගිහින් අකුරු කරන්න,නවීන සමාජය හා අත්වැල් බැදගන්න අයිතියක් නැද්ද?.රටකට වින (හොරකම්,දාමරික කම්) කරපු නිසා ඒ රටෙන් පිටුවහල් කලහම, මේ රටට ඇවිල්ල ඒ මැර කමෙන්න්ම මේ රටේ මින්ස්සුන්ව කැලේට එලවල. පස්සෙන් පසු කාලෙක ඒ කැලේත් අපේ යහපත සදහා උදුරාගත්ත. එතරම්ම පාහර ජාතියක් වුන අපි අද ඒ මිනිසුන්ව විහිලුවට ලක් කරන්න තරම්ම පහත් මට්ටමකට වැටිලා.වැද්දෝ, වනචාරියෝ ඒ මිනිස්සුද?. අපිද ?. (ස)
මේක රඟපෑමක් විතරයි. (දී)
වර්තමාන ආදිවාසී භාෂාව වෙලා තියෙන්නේ සිංහල වචනයට පස්සේ පොජ්ජ කියනඑක විතරයිද? (දී)
පැත්තක ඉඳන් පොඩි වන්නිලා ඇත්තෙක් ඩිජිටල් කැමරාවකින් ඔක්කොම වීඩියෝ කරනවා යුටියුබ් සහ ෆේස්බුක් දමන්න. (දී)
ම්කේ අදහස් දාන කට්ටිය ඔපාදුමමයි හොයන්නේ (දී)
ආදිවාසි කැකුලිය තේරීමේ තරගයට ඉදිරිපත් උන කැකුලියන්ද ඩෙනිම් කලිසම් පොජ්ජට බැහැලා ඉන්නේ ?.(නදී)
ඔතන කලිසම් ජෝජ්ජ ඇදගෙන ඉන්නෙත් ආදිවාසි ඇත්තන්ගේ වරිගයේ අයද පිටරට සුද්දීයෝද මට හරියට පෙන්නේ නැහැ (දී)
ආදී වාසී ප්‍රධාන මිනිබිරියෝ (වන්නිලා අත්තොගේ පුතාගේ සහ දුවගේ දියණියන්) දෙදෙනාම ඉගෙන ගන්නේ කොළඹ විදුහලක (දී)