මධ්‍යම පළාතේ දේශපාලනඥයකුගේ පොලිස් ආරක්ෂකයකුගේ ආරක්ෂාව යටතේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ඇසළ පෝදා කඩ කාමරයක් ඉදි කළ බව දඹුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර දේවප්‍රිය මහතා කියයි.
ඒ ගැන තමාද පුදුමයට පත් වන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා කියයි.
දඹුල්ල පොලිසියේ සැරයන්වරයකු මේ කඩය ඉදි කළ බව දැනගන්නට ඇත.
කොළ කැඳ විකිණීම සඳහා වන එම කඩ කාමරයට ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ හා වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය දී ඇත.
ඒ සඳහා ලිඛිත අවසරයක් දුන් බව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී හේවාපතිරණ මහත්මිය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැන්ද අතේ තියන කට්ටියට ඕන වෙලාවක බෙදාගන්න පුළුවන්නේ.(නදී)
ප්‍රදෙසිය ලේකම් තුමිය අනුමත නොදුන්නා නම් ඇයට දෙවියන්ගේ පිහිටවත් නැහැ. (දී)
හැන්ද ඩබල් කර..... (දී)
ජයවේවා! (නි)
මේවත් වැඩද දඹුල්ල කරන වැඩ එක්ක බලද්දී? (නි)
එක කඩයක් ,ඇමතිවරු දෙන්නෙක්. මොකක්ද මේ? (නි)
දුප්පත් අවංක මිනිහට තමයි ඔක්කොම අවශ්‍ය (අ)
ගොන් බානක් වෙල් එලියක කකා උනී ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී වල්ගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී දේශපාලනයත් වලිගය ඇති ගොනා වැනී... (නි)
දඹුල්ල ආර්ථිකයේ කඩ කාමරයක මිල ලක්ෂ දෙසීයක් විතර වෙනවා. ඉතින් මොකද ?ඇමතිලා දෙන්නෙක් මැදිහත් වුනා කියලා ප්‍රශ්නයක් නැහැ මට හිතෙන හැටියට (නි)
අපේ රටේ පොඩි වැඩක් කරන්නත් මාස ගණන් අද්ද අද්ද යන හැටියට එක දවසෙන් 'නීත්‍යනුකුල අනුමැතිය" අරගෙන මේ කරපු වැඩේ කාටත් ආදර්ශයක්. (නි)
මේ වගේ දේවල් ඔය පළාතේ තව තවත් සිද්ධ වෙයිද දන්නෙ නැහැ (නි)
මේක යකාගෙ වැඩක්නෙ! කෝ මේ රටේ නීතිය? (නි)
ලංකාව කොළ කැද හැලියක්. (නදී)