IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දඹුලු පුරපති මාධ්‍යවේදීන් එළියට දමයි

දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහතා අද (07) දඹුල්ල මහ නගර සභා රැස්වීමට පැමිණි මාධ්‍යවේදින් එළියට දැමීය.ඔවුන් නිවැරදි වාර්තා ඉදිරිපත් නොකරතියි කියමින් එළියට යන්නැයි රැස්විමේදී නිවේදනය කළේය.

එසේ කළේ තමාගේ බලතල අනුව යැයි ද පුරපති කීවේය.රැස්වීම වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීහු එළියට ගියහ.ඔහු සමඟ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න,නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ,විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් ද ඔවුන් සමඟ එළියට බැස්සාහ.

රැස්වීම පටන්ගෙන මිනිත්තු අටකින් පුරපති කළ නිවේදනය තොරතුරු දැන ගැනීමේ අයිතිය පැහැර ගැනීමක් බවත් මහජනයාගේ මුදලින් යැපෙන නගර සභාවේ කටයුතු ද දැනගැනීමේ අයිතියක් මහජනයාට ඇති බවත් එම අයිතිය ක්‍රියාත්මක කරන මාධ්‍යවේදීන් දොරට දැමීම අනුමත කළ නොහැකි බවත් ඔවුහු කීහ.

මෙම නගර සභාවේ පාලනය එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුය.

 

 

DSC05503 DSC05507 DSC05509 DSC05511

 

 



අදහස් (0)

දඹුලු පුරපති මාධ්‍යවේදීන් එළියට දමයි

ඉසුරන්දි Saturday, 08 November 2014 08:42 AM

කෙනෙකුගේ සාර්ථකත්වය රැදිලා තියෙන්නේ ඒ සදහා තමන්ට අනුබල දෙන හා තමන්ව විවේචනය කරන පිරිසක් සමග කටයුතු කිරීමෙන් පමණයි.නැතුව එකාදිපතිත්වයක් තුල තමන්ගේ පැවැත්ම කෙටියි කියලයි මගෙනම් හැගීම.මහජනතාවට තොරතුරු සපයන මාධ්‍යට වසන් කරන්න හදන්නේ තමන්ගේ පැවැත්මේ හීනතාවය මිසක් සාර්ථක භාවය නෙමෙයි.(අ)

:       0       0

විදානපතිරණ Saturday, 08 November 2014 03:13 AM

මාධ්‍යවේදීන්ට සැළකූ ආකාරය නම් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

කෙවින් Sunday, 09 November 2014 03:42 AM

මාධ්‍යවේදීන්ගේ අගයක් නොදන්නා අය ඉතින් ඔහොම තමයි කතාකරන්නේ (නි)

:       0       0

රෝහාන් Friday, 07 November 2014 10:48 AM

එක ඉතින් පුදුම වෙන්න දෙයක් නම් නෙවෙයි මොකද රටේ පවතින්නේ ඒකාධිපති පාලනයක් බව දන්නේ නැද්ද.(හේ)

:       0       0

දිලාන් Friday, 07 November 2014 11:14 AM

සමහරු කැමති වේවි මේක මාධ්‍ය කරුවන් කියල කොට්ටාශයක් නැතිම රටක් වුණා නම්. (බ)

:       0       0

මේනක Friday, 07 November 2014 11:35 AM

මම නම් කියන්නේ මාධ්‍යවේදීන්ටත් එකතුවෙලා පාඩමක් උගන්වන්න පුළුවන් කියලා. මේ අය රිබන් කපන්න, තොරණ් විවෘත කරන්න යනකොට ඒ උත්සව වර්ජනය කළා නම් හරි. කියනකොට එන්නයි එළවනකොට යන්නයි නෙමෙයි මාධ්‍යවේදීන් ඉන්නේ (නි)

:       0       0

යසංග Friday, 07 November 2014 11:50 AM

මාධ්‍යවේදීන් නැත්නම් අද අපිට කිසිම සත්‍යය ‍තොරතුරක් දැනගන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

නිහාල් Friday, 07 November 2014 12:13 PM

මාධ්‍යවේදීන්ට මෙහෙම සළකන ආකාරය කෙසේවත් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

නිරෝෂ් Friday, 07 November 2014 12:21 PM

නිවැරදි වාර්තා ඉදිරිපත් නොකරනවා නම් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන වලට පැමිණිලි කරන්න පුලුවන්නේ ඉතින් (නි)

:       0       0

සත්‍යපාල Friday, 07 November 2014 12:24 PM

අනේ මෙහෙම ලංකාවක්. අනේ මෙහෙම පුරපතිවරු. මිනිසුනි ලැබේද අපිට සැනසීමක් (නදී)

:       0       0

ප්‍රනාන්දු Friday, 07 November 2014 12:55 PM

ඕක සාමානය දෙයක් තව උනේ නැහැ. තව මාස කිහිපයකින් සියල්ල සිදු වී හමාරයි. අපි නටමු, ගී කියමු (නදී)

:       0       0

ජනක Friday, 07 November 2014 01:49 PM

මාධ්‍යවේදින්ද මෙයාද එලියට යන්නේ කියලා ඡන්දෙදි දඹුලු ජනතාව තීරණය කරාවි. හැබැයි මෙයාගේ වාහන කියක් තියනවද කියලා හොයන්න එපා. බොරළු වලවල් ,කොන්තරාත් එහෙම කොහොමටවත් සොයන්න එපා. ආ අමතක උනා ඉඩ කඩම් (නදී)

:       0       0

ලුම්බිණි Friday, 07 November 2014 10:57 PM

මෙවැනි අයට මහජන නියෝජිතයන් කියා පැවසිය හැකිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 18 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 81 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 130 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 149 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 149 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site