මෙක්සිකෝ ජාතිකයකුගේ රුපියල් ලක්ෂ පහක් සහිත මුදල් පසුම්බියක් දඹුල්ලේ පුලතිසි ෆාම් හවුස් වෙළෙද සලේ අමතක වී ගොස් තිබියදී ඔහු සොයා බාර දුන් බව ව්‍යාපාරික ආර් බී කේ උදය කුමාර මහතා කියයි.
වතුර බෝතලයක් හා බීම බෝතයක් මිලටගත් ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය අමතක වී ඇත.
වෙළෙද සලේ සිටි ව්‍යාපාරිකයාගේ බිරිය නිලංජනී ජානකි එම පසුම්බිය උදය කුමාර මහතාට දුන්නාය.
ඔහු ෆීලික්ස් ජුරෝ නම් විදේශිකයා සොයා ගැනීමට බැංකුවලට හා ගුවන්තොටුපළට කතා කළේය. බ්‍රහස්පතින්දා ඔහු මුදල් පසුම්බිය බාර ගත්තේය.
පසුම්බියේ මුදල් කොටසක් ව්‍යාපාරිකයාට පරිත්‍යාග කළ නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.
මුදල් පසුම්බියේ අයිතිකරු සොයා ගැනීමට ඔහුට උපකාරී වුයේ ඔහුගේ වෙළෙද සලේ ආරක්ෂක කැමරා පද්ධතියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකව කල දෙයට ස්තුතියි දෙදෙනාටම (ව්‍යාපාරික මහතාට සහ වෙළඳ සැලේ සේවිකා මහත්මියට). මේ වගේ දේවල් ඇත්තට රටට හොඳ නමක් ගෙනෙනවා. (නදී)
අනුන්ගේ ගින්දර මොකටද ? මෙතුමා නියම මනුස්සයෙක් මෙතුමාට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. ලංකාදීපේ හොද මාධ්‍යක්. එහෙත් ලංකාවේ සමහර නිව්ස් පලවෙන්නේ නැහැ. එහෙම උනානම් අපිටත් මොනාහරි ලියන්න තිබුනා.(නදී)
මව්බිමට ගවුරවයක් ගෙනදුන් අවංක උතුම් මිනිසාණනි ඔබටත් ඔබට සහයෝගය ලබාදුන් ඔබගේ සේවක මඩුල්ලටත් අපගේ ගෞරවනීය උත්තමාචාරය. (අ)
හොදින් ජීවත් උනොත් හොදින් මැරෙන්න පුළුවන් ...අයෙත් හොදින් ඉපදෙන්නත් පුළුවන් එක නියති ..(අ)
හොද ක්‍රියාවක්. දෙදෙනොටම ජයවේවා!. අපේ ගොඩක් අය කොහේ ගියත් ඔය හොද වැඩ කරනවා. ඒත් ප්‍රසිද්ද වෙන්නේ නරක පමණයි.(නදී)
ඉතාම හොඳ සත් ක්‍රියාවක්. ඔබ තුමාත් , වෙළඳ සැලේ සේවිකා මහත්මියත් දෙදෙනාම කලේ රටේ නමත් අගයත් ඉහල යන වැඩක්. මෙම සත් ක්‍රියාව හැමෝටම ආදර්ශයක් වේවා.(නදී)
ඔබ ඉතාම හොඳ අම්මා කෙනෙකුගේ පුතෙකි. සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවෙකි. සුභ ගමන්! (නි)
ඔන්න කාලෙකින් මහත්තයෙක් ගැන අහන්ඩ හම්බ උනා. නියමයි මහත්මයා ඔබ ගැන ආඩම්බරයි. (නදී)
දැන් හැම තැනම වගේ කැමරා.(නදී)
නියම ශ්‍රී ලාංකික මනුස්සයෙක්. ව්‍යාපාරික මහතාට සහ වෙළඳ සැලේ සේවිකා මහත්මියට බොහෝ පින් සිදු වේවා!(නදී)
හොද ප්‍රවෘත්තියක්. මේවා තමයි හැකි තරම් පුවත්පත් වල පල කල යුත්තේ. නමුත් කියන්න කනගාටුයි. සමහර ජනමාද්‍ය අදුරු දේවල්ම හොයා හොයා පලකරනවා.(නදී)
හොද ක්‍රියාවක් ඔබට වැඩිවැඩියෙන් ලැබෙන්න ඕනා.(නදී)
වණාන්තරයක මොන තරමි ගස් ඇද්ද? ඒත් ඒඅතර සුවද සදුන් ගස්ද ඉතා වටිනා දුර්ලභ වෘක්‍ෂයක් වන්නේය. එමෙන්ම අනුන්ගේ දුක හදුණන මේ දෙදෙනාගේ යහපත් ක්‍රියා කලාපය ලක්මවට හොද නම රැක දුන් දුර්ලභ මිනිසුන්ට අපේ ප්‍රණාමය.(නදී)
නියම කොල්ලෙක් .... (නි)
සේවිකාව ඒක දුන්නේ නැත්නම් මුදලාලිට ඒක දෙන්න වෙන්නෙත් නැහැ. ඒක නිසා මුලින්ම සේවිකාවටත් ඉන් පසු මුදලාලිටත් හිස නමා ආචාර කරනවා. (නි)
ලංකාවටම හොද ගෞරවයක්.(නදී)
මේ ගැන තවත් ප්‍රචාරය කරමින් මේ ආදර්ශමත් ක්‍රියාව රටට දැනගන්නට සලස්වමු. මේ සිදුවීම ලෝකයට ප්‍රචාරය කිරීමට වගකිව යුතු මාධ්‍ය කටයුතු කරවී කියා බලාපොරොත්තු වෙමු. ලංකාව තුල මේ වගේ උතුම් පුද්ගලයෝ ඉන්න බව සියලුදෙනා දැනගත යුතුයි. ඔබ ගැන අපට ආඩම්බරයි.(නදී)
සුපිරි පොරක්. ඔන්න මිනිස්සු.(නදී)
හොද වැඩක් (නි)
මෙකී වෙලා තියෙන්නේ,සේවිකාව දන්නවා මෙතන චෙමර තියනවා කියල,එය හිටුව සමහර විට මේක ලොක්කගේ වැඩක් කියල,එකී සේවිකාව මුදල් අපහු ලබා දුන්නේ,(අ)
උසස් රැකියාවක්
ඉතා වටිනා ක්‍රියාවක්.(නදී)
මුදලාලිව දෙවියෝ රැක බලා ගනීවි. .ඔහුගේ අවංක කම අගයන්න ඕන නේ.(නදී)
උතුම් මිනිසෙක් , නියම සිංහලයෙක් (නි)
හොද මිනිසෙක් (නි)
ලක්ෂ 5ක් අර පොඩි පසුම්බියේ දා ගන්නේ කොහොමද? (නි)
ඔන්න මිනිස්සු, ඒ වගේම ලංකාදීප පාඨකයෙක්. නියමයි. (ස)
බොහොම සාධාරණ විදියට දියුණු උන කෙනෙක් වෙන්න ඕන. නැත්නම් කවදාවත් මේ තරම් ධාර්මික වෙන්නේ නැහැ. ඒ වගේම ඔබේ ආයතනයේ නම ආරක්ෂා කල ඒ හිත හොඳ සේවිකාවටත් පුංචියට හරි තිළිණයක් දෙන්න. ඔබ දෙපොලම මේ කුණු වුන සමාජෙට බොහොම ආදර්ශමත් දේපොලක්. දෙවියන් බුදුන් වැඩ ඉන්න මේ බිමේ ඔබ දෙපොළටම වැඩි වැඩියෙන් හරියන්න කියල ප්‍රර්ථනා කරනවා. (ස)
මෙම වෙළඳසැලට හා මේ උතුම් සත් ක්‍රියාව කළ දෙදෙනාට බුදුසරණ, දෙවිපිහිට ලැබේවා.වෙළඳසැල දියුණුවෙන් දියුණුවට පත්වේවා.සැමදාම අසන්න ලැබෙන්නේ කනගාටුදායක පුවත්!!!මෙවැනි පුවතක් දැමීම ගැන ලංකාදීපයට ද ස්තුතිය. (ස)
හරිම සතුටුයි. අපේ රටේ ගොඩක් අය විදේශිකයන්ට කරන අසාදාරණ ගැන හිතනකොට එම මහත්මයා ගැන ගොඩක් සතුටුයි (නි)
දවසක් මම බයිසිකලයේ යන ගමන් ඉස්සරහින් යන බයිසිකලයේ කෙනාගේ පර්ස් එක වැටිලා, මම ඒක අහුලාගෙන ට්‍රැෆික් එකේ ලොකු තරගයක් දීලා ගොඩක් දුර ගිහිල්ලා එයාව නවත්තලා ඒක දුන්නා. එදා එයත් ගොඩක් සතුටු වුණා. (නි)
ජය වේවා! ජයෙන් ජයම වේවා!වැඩි වැඩියෙන් ලැබේවා! දියුණුවෙන් දියුණුවට පත් වේවා! අපිට ආඩම්බරයි ඔබ ගැන (නි)
හොද අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ජාතක වුණ දරුවෝ දෙන්නෙක් (නි)
ආඩම්බරයි මහත්තයෝ. ඔයාලා වගේ හොද අය දැන් අඩුයි. ඔයාට මේ වගේ වාසනාව ඉස්සරහට ලැබෙයි (නි)
ඔයාලට ගොඩාක් ස්තුතියි. (ස)
උතුම් මිනිසෙක් (නි)
ප්‍රතිපත්තිගරුක සහ ගුණ ගරුක යුවලක්. මගෙන් ආසිරි. (නි)
ඇත්තටම අවංක කොල්ලෙක්.. ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ (නි)
මෙවැනි සත්ක්‍රියාවන් මේ රටේ ලොකු පොඩි කාටත් හොඳ ආදර්ශයක්. (ස)
නියමයි. (ස)
ඔබට ජයම වේවා !! (ස)
මිනිසුන් අතරේ දෙවියන් වැනි අය. ත්‍රිවිධ රත්නයේ සරණයි ඔබට (නි)
එයා ලංකාදීප පාඨකයෙක්. මෙන්න මිනිස්සු. දඹුල්ලට ගියොත් මාත් මෙයාගේ කඩේට යනවා. (ස)
සදාචාරය බල්ලට ගිහින් තියෙන මේ යුගයේ මෙය හොඳ ආදර්ශයක්.පාසල් වලින් මේවා පටන් ගන්න ඕන. අවංකකම, මිනිස්කම උගන්වන්න මනෝවිද්‍යාත්මක ඉගැන්වීමක් පාඨමාලා වලට අනුයුක්ත කලයුතුයි .ශ්‍රී ලංකාවේ නමට නම්බුවක් හා ගෞරවයක් ලබාදුන් ඔබ යුවලගේ ආදර්ශයෙන් පටන්ගෙන අනාගතයේදි හෝ අවංක මිනිස් පරපුරක් අපේ රටේ බිහිවේවායි මම ප්‍රර්ථනා කරනවා .ඔබ දෙපලට රජය විසින් "දේශානුරාගී " සම්මානය පිරි නැමිය යුතු බව මගේ අදහසයි. (ස)
හොද මහත්මා වැඩක් අපේ ශ්‍රී ලාංකික මේ යුවලට හොදක්ම වෙන්න ඕනෑ (නි)
ලංකාවට හොඳ නමක්. මේ වගේ මිනිස්සු අද නැහැ. (ස)
පින් මන්ද පුතුන් සියයක් වැදුවත් නිසරූ... ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු.. ඔබේ දෙමාපියනටත්,ඔබේ ගුරුවරයන්ටත් මෙහි ප්‍රශංසාව හිමි විය යුතුයි.ත්‍රිවිධ රත්නයේ සහ සියලුම දෙවියන්ගේ රැකවරණය ඔබටත් ඔබේ පවුලේ සැමටත් ලැබේවා! (නි)
අපි කොතෙක් රටේ නම තැබුවත් තංගල්ලේ වගේ ප්‍රාදේශිය මහජන නියෝජිතයින් විදේශිකයින් මරලා රටේ නම කැත කරනවා (නි)
දැන් මේ හැමෝම අදහස් දැම්මේ ප්‍රවෘත්තිය හරියට කියවලාද? මට නම් තේරුණ විදියට නම් මේ තරුණ ජෝඩුවට ජයෙන් ජයම වෙන්න ඕනෑ. මෙවැනි නිහතමානි ගතිගුණ ඇති පින්වත් ඔබ දෙපලටත් ඔබලාගේ වෙළද සැලටත් සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ! (නි)
අපේ රටේ මිනිස්සු උතුම් ජාතියක්. ටික දෙනෙක් රට කැත කරනවා (නි)
මේ තමා සැබෑ මිනිසුන්...තවමත් අප අතර මිනිසත්කම රැදී තියෙනවා කියලා හිතෙන්නෙ ඔබලා වැනි යහපත් මිනිසුන් දකින විටයි. ඔබ දෙදෙනාට බුදු සරණයි!. ත වතවත් ඔවගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා! දියුණුවේවා...! (ස)
දෙවියොත් ඔබගේ නමට වදීවි මහතාණෙනි (නි)
අපේ හොද මිනිස්සු ගොඩක් ඉන්නවා. අනිත් රටවලත් හොද මිනිස්සු ඉන්නවා. නමුත් නරකයෝ ටික නිසා සහ ජරා දේශපාලකයින් ගොඩ නිසා අප රටට සුගතියක් නැහැ නේද? (නි)
මගේ ආශිර්වාදය මේ දෙපලට සතුට සහ සාමය සැම දින පවතීවා කියා. පින්තූර පල කලාට ලංකාදීපයට බොහොම පින්. (ස)
කොහොමද අර පෙදරේරුවට මේක හම්බ උනා නම් ,එහෙම !!!! (ස)
රටටම ආදර්ශයක්. ඔබට ජයම වෙවා...!! (ස)
හොඳ මුදලාලි මහත්මයෙක්. ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණුවට පත් වේවා! (ස)
ඔබතුමාට බොහොම ස්තුතියි . ජයශ්‍රී. (ස)
ඔබතුමා-තුමිය නියමයි. (ස)
ජාත්‍යන්තරයට අනාවෘත (ඉන්ටෙර්නෂනලි එක්ස්පොස්ඩ්) වූ හොඳ බුද්ධිමත්, ව්‍යාපාරයේ නියැලෙන මහත්මයෙක් බව ඔහුගේ ක්‍රියාව අනුව පෙන්නුම් කර ඇත. ඔහුටම ගැලපෙන යහපත් බිරිඳක්ද ලැබී ඇති වාසනාවන්තයෙකි. විශ්ව පවුලේ සාමාජිකයන් වන අපට මේ දෙදෙනාගේ කාර්යභාරය ශ්‍රේෂ්ඨය. චිරං ජයතු !!!! (ස)
අපි ඔබට ගරුකරනවා (නි)
උදය කුමාර මහතාණනි, මහත්මියනි, ඔබ දෙපල මගේ රත්තරන් රටට වාසනාවකි, ඔබ දෙපලගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා ! (නි)
එම මහත්මාට සහ මැතිණියට ජය ප්‍රාර්ථනා කරමු (නි)
මෙම ව්‍යාපාරය දියුණු වේවා. (නි)
මෙවැනි පුද්ගලයන් ඡන්දය ඉල්ලා රටේ අනාගතයට දායක විය යුතුයි . එතකොට රට දියුණු වෙනවා. (නි)
ඇත්තටම මෙය කියවනවිට මගේ දෑසට කදුළු ආවා.සල්ලි වලට තමන්ගේ දෙමාපියෝ පවා මැරුව කතා අපේ රටේ අහන්න ලැබුණා. මේ උතුම් මිනිසා, තමන්ගේ පවුලටත්, උපන් බිමටත් මුළු මහත් ජාතියටමත් ආදර්ශයක්! ඔබගේ ව්‍යාපාරය දියුණුවට මේ හැමෝගෙම ආශිර්වාදය! (නි)
මේ වගේ දෙයක් ඇසීමත් සතුටක් .බුදු සරණින් ඔබලාට ජය වේවා! (නි)
වැඩි වැඩියෙන් ව්‍යාපාර දියුණු වේවා! (නි)
මුහුණ කියන්නේ හදවතේ කැඩපත බව මනාව පසක් වෙනවා. හදවත් වගේම ඔබ දෙපොල රුප ශෝබාවෙනුත් අනුනයි. ඔබලා මෙලොවට ජනිත කළ දෙමව්පියන්ටත් මේ පින් ලැබෙනවා. (නි)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... (නි)
මේ වගේ අවංක මහත්වරුත් ලංකාවේ සිටීමත් භාග්‍යයක් (නි)
මේකත් ආසියාවේ ආශ්චර්යය කියල ඇමතිවරු ලකුණු දාගනීවිද? (නි)
මෙතුමා වැනි හෙළයන් රටේ පාලන තන්ත්‍රයට යොමු කිරීමට මහජනතාවට ඥානය පහළ වේවා! (නි)
මටත් මේ වගේ සිදුවීමක් වුණා. වාහනය සර්විස් එකට දාලා හුලං අල්ලනකොට වැටිලා තිබුණු නෝට්ටු කිහිපයක් ඔහු අහුලලා මට ගෙනත් දුන්නා. ඔහු ඉතාමත් අවංක පුද්ගලයෙක්. රත්මලාන ආයතනයක සේවය කරන්නේ (නි)
ඔබතුමාට ලැබුණු ප්‍රශංසා, ගෞරවය මුදලින් තක්සේරු කළ නොහැක. මෙය සදා අමරණිය සිහිවටනයක් වනු ඇත. ඔබේ ව්‍යාපාර දියුණු වී සතුට සම්පත සැමදා රැකේවා! බුදුසරණයි! (නි)
වැදගත් යුවලක්! ඔබට වැඩි වැඩියෙන් හරියන්න ඕනෑ. විදේශිකයන්ට ඔබ මේ විදියට සැළකුවට ගොඩක් ස්තූතියි. (නි)
මුදලාලිගේ මුහුණ දිහා බලා හදවත ගැන කියන්න පුළුවන් නේද? (නි)
අපි ගොඩක් ගරු කරනවා මේ දෙන්නට. ඔයාලට බුදුසරණයි. කවදාවත් වරදින්නේ නැහැ (නි)
පොදුවේ ගත්විට අපේ රටේ ජනතාව හරි හොඳයි, යහපත් අය. ඒක පිටරටවල ගියහම වඩාත් හොඳට පැහැදිලි වෙනවා. (නි)
මුදලාලි මහත්මයා නම් බොහොම පින් පාටයි (නි)
මෙතන තියෙන අදහස් ටිකම ලක්ෂ පහකට වඩා වටිනවා.බලන්න හොද දේවල් අගය කරන අය කොච්චර ඉන්නවද කියලා? ඒ කියන්නේ හොද හදවත් තියෙන මිනිස්සු තව ඉතුරු වෙලා ඉන්නවා කියන එකනේ (නි)
මෙම සත් ක්‍රියාව කළ යුවළ දියුණුවෙන් දියුණුවට පත් වේවා!! (නි)
චන්ඩි ඔබ හරි මුලදී සමහරු ප්‍රවුර්තිය හරියට කියවල නැතිවගේ පේනවා .මෙතන සේවිකාවක් ගැන නැ ඒ එයාගේ නෝනා .(අ)
ඔය වගේ අනිත් අයත් හිතනවා නම් කොච්චර හොදද ? (නි)
මමත් දඹුල්ල ළඟ නිසා හරි ආඩමබරයි. ධම්මෝ බවේ රක්කති ධමිමචාරි(ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ) තෙරුවන් සරණයි! (නි)
කැමරාවේ සියල්ල සටහන් වෙන්න ඇති (නි)
මුහුණ බැලුවම කියන්න පුළුවන් වැදගත් මනුස්සයෙක් කියලා (නි)
මට ඔබ දෙපළ කළ ඒ සත් ක්‍රියාවට, ගුණ වයන්න මගේ දෑතේ අකුරු මදි. ඔබත් මා වැනි පුද්ගලයෙක්ය කියා මට හැගුන හෙයින් සිතට ලොකු ආඩම්බරයක් දැනුනා (නි)
නියම ව්‍යාපාරිකයෝ, නියම මිනිස්සු (නි)
තමන්ගේ දෙයක අගය දන්නේ තමුන්. ඔබ දේපල කළේ හොද වැඩක්. වැඩි වැඩියෙන් ලැබේවා! (නි)
එතකොට වෙළද සහායිකාව? (නි)
දියුණුවේ රහස ඕකයි. නියම වෙළද වයාපාරිකයෙක් කළ යුතු දෙයක්. සුබ අනාගතයක් උදය කුමාර මහතාට සහ භාර්යාවට! (නි)
ඔබ වැනි අය ලංකාවට අවශ්‍යයි. දෙවි පිහිටයි ඔබට (නි)
ඔබට කවදාවත් වරදින්නේ නැහැ මහත්මයා.ඔබට ජයෙන් ජයම ලැබෙන්න ඕනෑ (නි)
මෙවැනි උතුම් මිනිසුන් සම්බන්ධ පුවතක් පළකිරීම ගැන ලංකාදීපයට ජාතියේ ප්‍රණාමය! (නි)
හොඳ ගතිගුණ තියෙන් මහත්තයෙක් (අ)
ඔබ දෙදෙනාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා!! (අ)
වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ .. මේ දෙන්නාගේ ෆොටෝ එකේ පෙනුමෙන්ම පේනවා හොඳ වැදගත් පවුලක වැදගත් දෙදෙනෙක් කියල (අ)
මිනිස්සු කරන හොඳ වැඩ හැකි තරම් පල කරන්න ඕනේ...සමාජයක් හොඳ වෙන්න හිතන්නේ එතකොටි. ලංකාදීපෙට මල් මිටක් මේ පුවත පල කලාට (අ)
ඔබ දෙපොළටම වැඩි වැඩියෙන් හරියන්න කියල ප්‍රර්ථනා කරනවා (අ)
මෙහෙව් මිනිස්සු ඉන්න රටේ නේ - මැරයන්ට චන්දෙ නේද අමනයන් සිටින්නේ...මොන පක්ෂෙන් ආවත් එක මැරයෙක්ටවත් චන්දෙ දෙන්න එපා. (දී)
මේ උත්තමයා කල ක්‍රියාව ගැන සතුටු වෙන්නේ අද නොවේ .තව වසර 15 කින් පමණ,හේතුව මොකද දන්නවද..තව වසර 15 කදී ලක්ෂ 5ක් කියන්නේ සිනි 500 ක් ගන්න යන මුදලයි. (දී)
පහුගිය ටිකේම තිබුනේ පන්සල් ගිනි තිබ්බ ඒවා. හමුරුවෝ ඇප මත නිදහස් මේ වගේ දේවල්. දැන් නම් හිතට සිහිලක් දැනෙන පුවතක්. ;මෙන්න නියම ශ්‍රී ලංකා දරුවෝ. එහෙන් මෙහෙන් උරුලවෙක් ගඳ පතුරන්න හැදුවට ඒ අතරට කඩුපුල් මල් සුවඳ ගලනවා ඒ සේරම මකාගෙන. නුබලගේ යහපත් ජිවිත වාසනාවන්ත වේවා!(දී)
මේ වගේ අය අද කාලේ හොයාගන්නත් අමාරුයි (නි)
උදය කුමාර මහත්තයෝ, දේශපාලනයට නම් යන්න එපා (නි)
දිනෙන් දින ඔබ දියුනුවේවා..(අ)
දාස. 5000 හේ කොළ 100 ක් වෙන්නපුළුවන් නැතිනම් ඩොලර්ස් වෙන්න ඇති.මේ පසුම්බියේ හිමිකරු ලක්ෂය රුපියලට වියදම් කරන පොරක් වෙන්නත් පුළුවන් නැතිනම්.(අ)
ඔබ ශ්‍රී ලකාවට මහත් ගෞරවයක් ඔබට ජය වේවා (අ)
කලකින් අසන්නට ලැබුන මෙම අවංක ධාර්මික ක්‍රියාව අගයමි, ඔබ සැමට තෙරුවන් සරනයි (අ) CKD
ගෞරවනීය මිනිසෙක්
නියමයි (අ)
නියමි ශ්‍රී ලන්කන් බෞදයෙක්මි ඔබට දළදා සමිදු පිහිටි (අ)
හොර මිනිසුන් ඉන්න සමාජයක මේවගේ උතුම් මනුස්සය්ක් අපි අගය කරමු (අ)
රටක් වටින හොඳ මනුස්සයෙක් (අ)
ඔබට හැමදාම හරියනවා. (අ)
ඕක තංගල්ල පැත්තේ වෙන්න තිබුනේ වැඩේ බලන්න . කොහොමත් රජරට මිනිස්සු පල් වැඩ කරනවා අඩුයි (අ)
මෙවැනි අයට කවදාවත් වරදින්නෙ නැහැ (නි)
ඉතාමත් හොඳ වැඩක්.ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.හිතේ හොර තිබෙන ශ්‍රියාලතා වගේ අයට ප්‍රවෘත්තිය හරියට කියවගන්නත් බැහැ. (නි)
රටටම ආදර්ශයක් පෙන්වූ මෙම යුවලට උපහාර උත්සවයක් පවත්වමු (නි)
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිය අන්තර්ජාල පිටුව හරහාද මුද්‍රිත ප්‍රචාරක ජාලය හරහාද ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරක ගුණය මෙන්ම අවංක භාවයද ප්‍රචලිත කිරීමට මෙය අගනා අවස්ථාවක් කරගත හැකිය. (නි)
ඔබ ඉතාම හොඳ අම්මා කෙනෙකුගේ පුතෙකි. සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවෙකි. සුභ ගමන්! (නි)
මෙන්න මිනිස්සු. මගෙත් මුදල් පසුම්බිය නැතිවුණා කරන්දෙනියේදී, ජාතික හැඳුනුම්පත සමග. අද තව වෙනකල් මට කිසි දෙයක් ලැබුනේ නැහැ. අඩුම තරමින් හැදුනුම්පතවත්.මේ වගේ මිනිසුන් ලංකාවේ ඉන්නවා කියන එකත් ලොකු ආඩම්බරයක්.ඔබ සැබෑ මිනිසෙක්. (නි)
බලන්න ලැබී ඇති ප්‍රතිචාර ගණන හා ඉන් කියැවෙන පණිවිඩය. මේ වගේ දේවල් ඇහෙනකොට අපට හිතා ගන්න පුළුවන් අපේ ආදරණීය මව් රට තවම පුර්ණ වශයන් විනාශ මුඛයට ගිහින් නැහැ කියා. මේ දුන් ආදර්ශයට උදය කුමාර මහතාටත්, එම මැතිනියටත් මුළු ජාතියේම උපහාරය ලැබේවා. (නි)
ඔයාලා වගේ අය තමයි ලංකාවට ඕනෑ.ජය වේවා! (නි)
හිත හොද මිනිස්සුන්ට හැමදාම හරියනවා. ඔබට ජය වේවා! (නි)
මෙම විස්තර හරියට කියවලා අදහස් ලියනවා නම් හොදයි . මොකද සමහර උදවිය මුදලාලිගේ බිරිදට කඩේ සේවිකාව කියලා අදහස් දාලා තිබුනා. (නි)
අපි ඔබට ගෞරවය පුදනවා. (නි)
මේ කලබගෑනිය අස්සේ අපේ මේ තීරයට ලියන අපේම අයෙකු වන ප්‍රසන්න අමතක කරන්න වටින්නේ නැහැ. ඔබටත් මල් මිටක් ප්‍රසන්න සොහොයුරාණනි! (නි)
මෙවන් උතුම් මිනිසුන් අපගේ ශ්‍රී ලංකාවේ සිටින බව මුළු ලෝකයටම දැනෙන්න ඕනෑ. ඔබට ජයෙන් ජයම වේවා!බුදු සරණයි. (නි)
වැදගත් බව මුහුනෙන් පවා පෙනෙනවා.සතුටෙන් ජීවත්වෙන ජෝඩුවක්. "පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ගන අඳුරු නෙක තරු රැසින් එලෙස නොම වේය දුරු" ඔබලා වැනි දරුවන් හැදු දෙමවුපියන්ට පින්සිදු වේවා ! ව්‍යාපාරය දියුණු වේවා! ඔබලා වැනිම හොද දුවෙකු සහ පුතෙකු ලැබේවා! (නි)
ඔබ දෙපලට ලංකාදීප හිතවත් අපේ ගෞරවය! ඔබ දියුණුවෙන් දියුණට පත්වේවා! (නි)
මේ කාන්තාව කරපු මේ කාර්යයට ස්තුති කිරීමක් කරන්න මම කැමතියි (නි)
මොහු අනාගතයේ බුදුවන්නට පෙරුම්පුරන බෝධිසත්වයෙක්. මෙය බෝසත් ගුණයක්. සියලු දෙවියන් ඔබවැනි අය ආරක්ෂා කරත්වා! (නි)
ලංකාවේ නම තියන්න ලංකාවට නමක් තියෙනවද? ලංකාව කියූවිට මතක් වෙන්නේ හොරු ,ස්ත්‍රී දුෂකයෝ, පගා මරුවෝ, ජාතිවාදියෝ,ආගම්වාදියෝ,කුහකයෝ,පාවාදෙන්නෝ, ඊරිසියාකාරයෝ, ආත්මාර්තකාමියෝ... වගේ මෙකී නොකී අය ඉන්න රටක් කියලනේ. ඒ අතරතුර ඉතාම කලාතුරකින් ඉන්න මේ වගේ අවංක මනුස්සයෙක්ට ලාංකිකයෙක් කියලා අපහාස කරන්න එපා. ඇත්තටම එතුමා තියලා තියෙන්නේ එතුමාට යහමග කියලා දුන්න එතුමාගේ දෙමාපියන්ගේ සහ එතුමාගේ බිරිදගේ දෙමව්පියන්ගේ නම මිසක් ලංකාවේ නම නෙමෙයි. (නි)
ජුලම්පිටිය සහ තවත් කිහිපදෙනෙක් පහත් විදිහට අදහස් දක්වනවා.ජාතිවාදය ආගම්වාදය මදිවට උඩරට පහතරට බේදයක් ගැන කතාකරනවා."ගිලීමලෙත් ඇත දත සුද්දෝ" කියලා පරණ කියමනක් තිබුනා. (නි)
ඔබගේ ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා. (නි)
මෙතන සමහර අයට පසුම්බිය පැටලිලා! (නි)
මේ තරුණ ජෝඩුවට ජයෙන් ජයම වෙන්න ඕනෑ. මෙවැනි නිහතමානි ගතිගුණ ඇති පින්වත් ඔබ දෙපලටත් ඔබලාගේ වෙළද සැලටත් සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ! (නි)
එතරම් ජනගහනයක් නැති මදක් කර්කශ පරිසරයක වෙනස් වෙනස් ආකාරයක වැදගත් සහ ජනතාවගේ අවධානය දිනාගන්නා පුවත් නිතර සැපයීම පුවත් වාර්තාකරණය පිළිබද ඔහුගේ ඇති නිපුණතාවය කදිමට පෙන්වාදෙයි.එය හරියට දක්ෂ ඉතා රළු හැඩි දැඩි නම්‍යශීලී නොවන ශෛලමය වස්‌තුවකට සියුම් ඇඟිලි තුඩුවලින් ඉතා සංයමයෙන් ශික්‌ෂණයෙන්, ඉවසීමෙන් හා සංවේදී මනසකින් යුතුව නම්‍යශීලීත්වයක් ඇති කිරීම, ආරෝපණය කිරීම මගින් සමාධි බුදු පිළිමය නෙලූ ගල් වඩුවා සිහියට නංවයි. (නි)
මිනිසුන් අතර සැබෑ මිනිසෙක් ...!! (නි)
කළ වැඩේට පින්. ඔබ ගේ වෙළඳාම දිනෙන් දින දියුනු වේවා. ජයම වේවා.හොඳ නම දිනේවා! (නි)
මේ වගේ අයට තමයි සමාදාන විනිශ්චයකාර තනතුරු දිය යුත්තේ.වැදගත් විශ්වාසවන්ත පුද්ගලයෝ. (නි)
උදය කුමාර මහතාණෙනි, නිලන්ජනී මහත්මියනි, මට කීමට වචන නැත.ඔබ දෙපල සෙත් කවි විශ්වාස කරනවා ඇති කියා සිතමි. ඔබලා විශේෂයෙන් සෙත් කවි කියවා ගැනීමට අවශ්‍ය නොවේ. මෙහි අදහස් පලකළ සියලු දෙනා ඔබ දෙපලට නොමිලේ සෙත් කවි කියා ඇත. කෙනෙක් සිතින් හෝ කටින් සිතන හෝ කියන දේවල් සෙත් කවි හෝ වස් කවි වේ. වාර ගණන අනුව එහි බලය අඩු වැඩි වේ. දියුණුවෙන් දියුණුවට පත් වේවා! (නි)
මට හමු වුණා නම් දෙන්නේ නැහැ (නි)
මගේ ගමත් දඹුල්ලේ (නි)
ඔයා රටටම ආඩම්බරයක් (නි)
කාලෙකට පස්සේ සතුටු වෙන්න පුළුවන් දෙයක් ඇහුවා (දී)
ශ්‍රියාලතා සමහරවිට වලිගෙ පාගාගෙන වෙන්න ඇති. එහෙමත් නැත්නම් මොලේ උඩ වාඩිවෙලා ඉන්නවා ඇති. හොද දෙයටත් හොද කියන්නේ නැති මිනිස්සු. කාටද කියන්නේ? හිත කුහකයි . ඒක තමයි හේතුව.(දී)
මේ ප්‍රතිචාර දැක්කම මට වගේම එම දෙපළටත් ලක්ෂ 5 x 100 කට වඩා සතුටු හිතෙනවා. ඔබ දෙපලට ජයම වේවා. (දී)
මේක අගය කලයුතු දෙයක්,ඔබ දෙපලගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුනුවේවා,(දී)
ගොඩක් හොද වැඩක්. හැම දෙනාටම සියලු දෙවි පිහිටයි (දී)
ගොඩක් හොද වැඩක් හැම දෙන්නට සියලු දෙවි පිහිටයි (දී)
රංග ජයවර්දනනට ,ඔව් ඉතින් හැමෝටම අවංක අය වෙන්න බැහෙනේ.හිතේ වංචාව කුහක කම තියන අයත් මේ ලෝකේ සිටිය යුතුමයි . නමුත් ඔබ, ඔබ ගැනම විද්‍යුත් මාද්‍යයෙන් කියාපාමයි වැරැද්ද . ජයවේවා.(දී)
ඉතාමත් අගය යුතු දෙයක්, ඔබ යුවලට තෙරුවන් සරණයි......!(දී)
ඔයාල ඔක්කොම කියල නේ මට කියන්න දෙයක් නැහැ උතුම් වැඩක් ඔබතුමන්ට තෙරුවන් සරණයි (දී)
මේ මහත්තයාගේ මුණ දැක්කම පේනවා හොඳ කෙනෙක් බව. සතුටුයි. මේවගේ මිනිස්සු මෙලොවත් දිනුම්. පරලොවත් දිනුම්. (දී)
මේ මහත්තයාගේ මුණ දැක්කම පේනවා හොඳ කෙනෙක් බව. සතුටුයි. මේවගේ මිනිස්සු මෙලොවත් දිනුම්. පරලොවත් දිනුම්. (දී)
මේ සිද්දීයියේදී වඩාත් වටින්නේ !! මේ පුද්ගලයා සොයා ගැනීමට වෙච්ච මහන්සිය .., කිසිම කෙනෙක් නොකරන වැඩක් !! ඔබ දෙපලට දියුණුවේ අන්තිම හිනි පෙත්ත දක්වාම යාමට අවශ්‍ය දහිරිය හා ශක්තිය'' ලැබේවා''(දී)
දැක්කම සිනහව ඔබේ....., ලස්සන මදු මල් පිපේ... උදය මල්ලි !! ඔබේ නාමෙන් ...., මේ ලෙස විරිදුව ගෙතේ....,!!!!! හැදු වැඩු මව් පියනට .., සෙත වේවා සැමවිට ,,, ලක් මැනිගේ නම රන්දු ,!!! ඔබ විරු පුතෙකුය මට ...!!!!!(දී)!
ඔබ දේ මුළු ලෝකෙටම ආදර්ශයක් . ඔබලා වැනි පිරිස් ලෝකේ වැඩිවෙන තරමට ලෝකේ සුන්දර තැනක් වේවි . මේ වගේ අවංක මිනිසුනුයි රටේ නායකයෝ විය යුත්තේ.
මේ මහත්මයාගේ අවංකකම මුහුනෙන්ම පේනවා .(දී)
හොඳ ගති ගුණ ඇති බව මුහුණෙන් පේනවා. නෝනටයි මහත්තයාටයි ඒ අයගේ ළමයින්ටයි පින්. අනිත් මිනිස්සුත් මේ වගේම සිටියා නම් ලංකාව මොනතරම් සුන්දරද? (නි)
උදය අයියාට ජය වේවා! (නි)
ඇත්තටම ඔබ මිනිසුන් අතර සැබෑ මිනිසෙක්.ඔබ දෙපලට ජයම වේවා! (නි)
ප්‍රතිචාර ලබාදුන් ඔබ සැමදෙනාටම අප දෙදෙනාගෙන් හදපිරි ස්තුතිය.එසේම ලංකාදීප කාර්යමණ්ඩලයට ද අප දෙදෙනාගේ හදපිරි ස්තුතිය.(දී)
මිනිසුන් අතරේ දෙවියන් වැනි අය. ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.ත්‍රිවිධ රත්නයේ සරණයි ඔබට (දී)
ඔබ තුමාගේ මුහුනෙන්ම කරුණාවන්තකම පෙනෙනවා. ඔබ තව තවත් දිවුනුවට පත්වේව (අ)
මේ මහත්තයාගේ මුණෙන් යහපත්කම පේනවා.ගොඩක් සිරියාවන්තයි. එතුමාගේ ව්‍යාපාර වල සාරථකත්වයටත් ඒක ගොඩක් හොදයි.ඔබ වගේම බිරිදටත් සුභ පැතුම්.බුදු සරණයි.(අ)
රංග, ඔයාගේ මෝඩ කම ප්‍රසිද්ධ කරන්න එපා. (දී)
වසන්ත ගම දඹුල්ලේ උන පලියට ලකුණු දා ගන්න හදන්න එපා.කවුද දන්නේ ඔයා පොකට් කාරයෙක්ද කියලා !!චන්ද්‍ර (දී)
මේ මහත්මයගේත් මහත්මියගේත් මුහුණු වලින් අවංක බව දැක්වෙනවා. ඔබල ලැබිය යුතු දියුණුව ගැන කියන්න වචන නැහැ.(දී)
මුදලට වහනොවැටුනට මගේ සුබ පැතුම් (දී)
මට දඹුල්ලට එන්නට අවස්ථාවක් ලැබුණු දිනයක, පුලතිසි වෙළඳ සැලට ගොඩවී ඒමට අමතක නොකරමි. ඔබ දෙදෙනාටම අනාගත ජය පතමු. (දී)
මෙලොව අත හැරිම පුරුදු කල නියම බෞද්ධ මහතෙක් , මෙහෙම මිනිසුන්ට නිවන බොහොම ලගයි , තෙරුවන් සරණයි (දී)
මෙවන් බිරිඳක් ලද ඔබ ඇත්තටම වාසනාවන්තයෙක්. ඔබ දෙදෙනාටම අනාගත ජය පතමි.(නදී)
ඔබ දෙපලට දෙවියන්ගේම පිහිටයි. අපිට මෙහෙම මිනිස්සු ඉන්නවා නම් මොන වගේ ලෝකයක් හදන්න පුලුවන්ද? දිනෙන් දිනම දියුණුවට පත් වේවා! (නි)
ඔබ දැන් මුළු ලෝකෙටම ආදර්ශයක් . ඔබලා වැනි පිරිස් ලෝකේ වැඩිවෙන තරමට ලෝකේ සුන්දර තැනක් වේවි. මේ වගේ අවංක මිනිසුනුයි රටේ නායකයෝ විය යුත්තේ.(නදී)
ඔබ වැනි උත්තමයකුට අපගේ ප්‍රණාමය! ඔබ වෙනුවන් අප සතුටු වෙනවා (නි)
සිරි ලක් බිමේ නම තියූ කුමරුන් යුවලයි.. වටිනා පසුම්බිය අන්සතු බව දනිතියි.. අවංක මිනිසුන් සතු බල උපරිමිතයි.. උත්තම මිනිස් ගති මසුරන් වටීයි.(නදී)
අපේ රටේ නම නැති කරන්නේ පිම්බිලා ඉන්න මහජන නියෝජිතයෝයි. නැතුව පොදු ජනතාව නෙමෙයි.(නදී)
සමහර මිනිස්සු ඉතා හොදයි
මෙයට නම් දෙවියන්ගේ අසිර්වාදය ලැබේවි (අ)
ඉතාමත් අගය යුතු දෙයක්, ඔබ යුවලට තෙරුවන් සරණයි. (අ)
මිනිසුන් අතරේ මිනිස්කම තිබෙන උතුම් මිනිසේක්. සොයුර. ආඩම්බරයි, ආඩම්බරයි,ඔබ ගැන. (අ)
මේ වගේ කතාවක් අහන්ට ලැබීමත් සතුටක්. රුපියල් සත වලට මිනිස්සු මරණ තිරිසන් වැඩ කරන මේ සමාජයේ ඔබ දෙපල දෙවිවරුන්ය ..ජය වේවා !(නදී)
අනේ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනෙ මේ වගේ මිනිස්සුන්... සුභ වේවා, රාජ සම්පත් ලැබේවා !!!(නදී)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.(නදී)
හදවතින්ම ගොඩක් සතුටු වෙනවා. දිනෙන් දිනම ඔබ යුවල දියුණු වේවා. ඔබ යුවලට දළදා සමිදු පිහිට පතමි.(නදී)
ඔබ ලංකාවට ආඩම්බරයක්. ඔබට ඡය! (නදී)
නියමයි! අන්න ශ්‍රී ලාංකිකයෝ.(නදී)
ඔබ නම් මතු බුදුවන්න පෙරුම් පුරන බෝධිසත්ත්වයෙක් යැයි මට සිතේ.ඇය ඔබ සසර පුරා සහයවන යශෝධරාවයි.ඔබට ජයෙන් ජය... !!! (නි)
අනේ මහත්වරුනී, දේශපාලනයට යන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. අප දෙදෙනා මේ දෙය කළේ මෙතරම් ප්‍රතිචාර හෝ ප්‍රසිද්ධිදියක් බලාගෙන නොවේ. අප එය ලබා දුන් මොහොත එම සංචාරක මහතා ලබපු සතුට, ඔහු අපට ලබා දුන් මුදල් වලට වඩා දස දහස් ගුණයක් වටිනවා.(නදී)
ඔබ දෙදෙනා අපේ පුංචි ලක් මවට ආඩම්බරයක්. අපේ රටට වටිනා සම්පතක්. ඔබට ජයෙන් ජය වේවා!(නදී)
ඔබ වැනි මිනිසුන් ලංකාවේ හොයා ගන්න බැහැ (දී)
මිනිසත්කම ගිලිහි යන මෙවෙනි යුගයක,ඔබ දෙපලගේ මෙම උතුම් අගන්තුකසත්කාරය මුළු මහත් ලොවොටම ආඩම්බරයකි.ඔබලාට දෙවි පිහිටයි බුදු සරණයි
ඔබ නම් නියම මිනිසෙක්
හොද ගති ගුණ තියන පවුලක්, අපි ගොඩක් අගය කරනවා.(නදී)
මේ මුදලාලි මහත්මයට හා නෝනට මේ සිද්දිය ජීවිතේ කවදාවත් අමතක නොවෙන සිද්දියකි. අපි මැරෙන මොහොත දක්වා ගෙන යන්නේ අපි කරන හොඳ නරක දෙක පමණි. අපේ ජීවිතේ අවසන් හුස්ම ටික යන මොහොතේ අපේ සිහියට එන්නේ ඔන්න ඔය හොඳ නරක දෙක. ඒ නිසා අනිවාර්යෙන්ම මේ දෙදෙනා හොඳ සැප සම්පත් විදින තවත් ආත්මයක උපත ලබනවා. මේ ක්‍රියාව අපි හැමෝටම හොඳ ආදර්ශයක් ඔබ දෙපලට මගේ සුබ පැතුම්.(නදී)
ඔබට ජය වේවා!(නදී)
සිතන පතන දේ සිතූ ලෙසම වේවා!. තබන පා දියුණුවටම වේවා!, සසරේ පුරුදු ගති මේ භවයේදීත් වැඩි දියුණු වී ඇත.(නදී)
මුළු ලංකාවටම ආඩම්බරයක් , මේ වගේ වටිනා මහත්මා ගති ඇති අයව තවත් ශ්‍රී ලංකාවට බිහිවේවා - ඔබට ජය වේවා.(නදී)
මනුෂ්‍යත්වයේ උත්තරී තර බව කියා පාන ඔබ වෙනි ශ්‍රේෂ්ඨ පුතුන් මෙහෙම ලක් මව තව තුල තව තවත් බිහි වේවා.මෙවන් උතුම් සිතුවිලි අන් අයගේ සිත් තුලද ජනිත වේවා!(නදී)
විලෙහි හට ගන්න පත්මය එම අවට පරිසරයම සුවඳවත් කරන්නාක් මෙන් ඔබලාගේ මෙම සද්ගුණවත් ක්‍රියාව අප ලක්දිව පමණක් නොව මුළු මහත් විශ්වයම සුවඳවත් කරන්නේය.(නදී)
නියමයි උදය කුමාර.(නදී)
ජීවන්, ලංකාවට අපහස කරන්න එපා. ඒ මනුස්සයා දෑනටත් ඉන්නේ ලංකාවේ. ඔයා පිට රටක ඉන්න පුලුවන්. වැදු මවත්, උපන් බිමත් අමතක වෙන එකා ගෑන කවර කතාද?(නදී)
ඔබලා වැනි පිරිස් ලෝකේ වැඩිවෙන තරමට ලෝකේ සුන්දර තැනක් වේවි. මිනිසුන් අතරේ මිනිස්කම තිබෙන උතුම් මිනිසෙක්. සොයුර, ආඩම්බරයි, ආඩම්බරයි,ඔබ ගැන.(නදී)
මා නිවැරදිනම් "එසැණ පුවත්" තුළින් පලකළ පුවතකට, වැඩිම ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත්තේ මෙම පුවතටය. කවුරු මොනවා කිව්වත් මේ තුළින් මා දකින්නේ මේ ශ්‍රී ලංකා ධරණී තලය , මේ පින් බිම, මේ බුදුන්ගේ දේශය ඉතා ගුණවත්, ඉතා සංවෙදී, ඉතා යුක්ති ගරුක යහපත් ඇත්තන්ගෙන් පිරී ඇති බවය. (නදී)
හිත හොද කොල්ලෙක්. ලංකාවට ආඩම්බරයි. ජයවේවා මල්ලී! (නි)
රුපියල් 10 ට මිනී මරාගන්න රටේ , ජාති වාදය අවුස්සලා මිනී මරාගන්න රටේ මහ ඇමති වෙන්න පොරකන රටේ මෙවැනි ක්‍රියා හාස්කම් වේ. ඔබට ජය!(නදී)
ඔබ දෙපල කල මේ උසස් ක්‍රියාව ඉතා ඉහලින් අගය කරමි. වැඩි වැඩියෙන් ලැබේවා! (ස)
මෙහි ලියන නොලියන අපි දඹුලු ගියොත් පුලතිසි ෆාම් හවුස් වෙළෙද සලේ ආර් බී කේ උදය කුමාර මහතා හා නිලංජනී ජානකි මහත්මිය හමුවී පුණාමය පලකරමු. මොනවා හරි එතනින් මිලට ගමු. එය අපගේ ඉහලම පුණාමයයි. මෙම වෙබ් අඩවියට ඔවුන් නාවත් එය ඔහුට හා එවැනි අන් අයටත් ධෛය්‍යර්‍යක්. (දී)
මේ නෝනගෙයි මහත්තයගෙයි ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත්වේවා! (නි)
වැඩකටයුතු සාර්ථක වේවා! (නි)
අපේ මව්රට දියණු කරන්ට ඔබ වගේ ගුණයහපත් මිනිසුන් ඕනේ ඔබ ගැන අප ආඩම්බර වෙනවා . සෞදි අරාබියේ සේවය කරන අපට මේ වගේ පුවත් බැලීමෙන් සිතට පුදුම කාර සතුටක් දැනෙනවා . මේ වගේ දනාත්මක පුවත් පලකරන්න ස්තුති (දී)
මේ රට දියණු කරන්ට ඔබ වගේ ගුණයහපත් මිනිසුන් ඕනෑ. ඔබ ගැන අපි ආඩම්බර වෙනවා. සෞදි අරාබියේ සේවය කරන අපට මේ වගේ පුවත් බැලීමෙන් සිතට පුදුමාකාර සතුටක් දැනෙනවා. මේ වගේ ධනාත්මක පුවත් පළකරන්න. ස්තුතියි (නි)
ඔබ අපට ආඩම්බරයක් (දී)