රන්ගිරි දඹුලු රජමහා ලෙන් විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බව යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් එරීනා බොකෝවා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දඹුලු විහාරිය මහා සංඝරත්නය පැවසූයේ දඹුල්ල බොදුනුවන්ගේ උරුමයක් මිස ලෝක උරුමයක් නොවන බවයි.
විවිධාකාරයෙන් බෞද්ධ ස්ථාන විනාශ කළාට දඹුල්ල විහාරය අතීතයේ සිටම මහා සංඝරත්නය විසින් ආරක්ෂා කරගෙන ආ බව සියම් මහා නිකායේ රන්ගිරි දඹුලු විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ කියති.
වත්මන් විහාර භාරකාර අඹගස්වැව රාහුල නා හිමියෝ කිවේ දඹුලු රජමහා විහාරය බොදු උරුමයක් විනා ලෝක උරුමයක් නොවන නිසා ඉදිරියේදී මහා සගරුවන සමග දඹුල්ල ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් සකසන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔන්න සිංහල බෞද්ධ සිංහ කතා පැන්නා එළියට. ඕනෑම වරදක් වුණ හැටියේම සිංහ කතා ටිකක් කියලා මඟහරිමු නේද? (නි)
බණ්ඩාරගේ කතාව හරියට හරි.විදේශිකයන්ගෙන් මුදල් ගරා කෑම බෞද්ධ ආගමට කරන අවනම්බුවක් .හැම විදේශිකයෙක්ම සල්ලි කාරයෝ නොවේ (රේ)
ආගමික ස්ථාන වලට යන දේශීය හෝ විදේශිකයන්ගෙන් කිසිම ,මුදල ය නොකලයුතුය .ඔවුන් කැමැත්තෙන් ආදර දෙන්නම් ඒවා ලබාගන්න නිසි ක්‍රමවේදයක් සකසන්න. පන්සල් වලට යන්න ටිකට් ගන්න ඕනනම් ,එක අපේ බුදු දහමට හා එහි දර්ශනයට පටහැනි ක්‍රියාවකි .අපේ පන්සල සුරකින්නේ අපි විසින්මයි එහෙම නැතිව යුනෙස්කෝවනම් නෙමයි.(රේ)
මට නම් තේරෙන්නෙ නැහැ මොනවා කරන්නද කියලා (නි)
දඹුල්ල නොමිලේ බලන්න පුළුවන්. යුනෙස්කෝ පාලනය කරන සීගිරිය, පොළොන්නරුව, අනුරාධපුර බලන්න සල්ලි ගෙවන්න ඕනෑ පිටරට ඉන්න අයට. (නි)
දඹුලු විහාර ගෙවල් පෙන්නා මුදල් සෙවීම අනුමත කළ නොහැකිවා මෙන්ම අපි වෙහෙර විහාර සජීවී බෞද්ධ සංස්කෘතික උරුමයන් විනා පුරාවස්තු පමණක්ම නොවනබව තේරුම්ගත යුතුය. (නි)
මට නම් හිතෙන්නේ ඕක දැන් ඔය දෙකටම නැතුව පොඩි කණ්ඩායමකගේ උරුමයක් බවට පත්වෙලා බවයි . (අ)
ලෝක උරුමයක් වුණොත් ඔය විදියට විකුණගෙන කන්න බැහැනේ , අදටත් හාමුදුරුවෝ කරන්නේ සුද්දට ගල පෙන්නන්න දාස් ගානක ටිකට් එකක් කඩන එකනේ (අ)
ලංකාව තියෙන්නෙ ලෝකය තුල මිසක් ලෝකය තියෙන්නෙ ලංකාව ඇතුලෙ නොවෙයි. (අ)
හාමදුරුවනේ යන්න ඉදිරියට තුරුණුවන්ගේ සරණයි .(හේ)
කොහේ ගියත් ඉතින් බේදනේ. අනවශ්‍ය ඉදිකිරීම් එහෙම වෙලාම නැද්ද. ඒවාට උත්තර දෙනවා වෙනුවට, වැරදි නිවැරදි කරගන්නවා වෙනුවට වෙනත් කතා..... (නි)
වරදක් වෙලා නම් එ්ක හදාගන්ට වැඩ කරනවා වෙනුවට ඕනෑම වරදක්, අඩුපාඩුවක් වහගන්නට අපේ රටේ උදවිය බටහිර විරෝධය පාවිච්චි කරන හැටි. කවදා හැදෙයිද අපි? ලෝක උරුමයක් වුණා හෝ නොවුණා හෝ නරකක් වෙයිද රැකගත්තොත්. (නි)
අපේ රටේ තියෙන දේවල් ලෝක උරුම වුනත් අපේ උරුම වුනත් ටික කලක් යනකොට දේශපාලකයින්ගේ හෙන්චයියලට ඕනේ විදියට උරුමේ පාවිච්චිකරන්න ගිහින් විනාශ කරනවා. පෙන්නේ නැද්ද මේ කලින් තියෙන සිගිරිය ගැන ? (හේ)
ඇයි ලෝක උරුමයක් නොවන්නේ.(හෙ)
ලෝක උරුමයක් ලෙස නම් කල ස්ථානත් (බාමියන් ප්‍රතිමා වැනි ස්ථාන ) විනාශ කළා. . නමුත් ඒවා වැනසුවේ ත්‍රස්තවාදීන් ලෙස මුළු ලොවම පිළිකුල් කල පුද්ගලයින් විනා ඒවායේ ආරක්ෂයින් ලෙස පෙනී සිටින්නවුන් නොවේ . (හේ)
කාගේ උරුමයක් වුනත් යුනෙස්කෝවේ ඇත්තෝ කියන්නේ පැරණි දේ විනාශ වෙන්න නොදී ආරක්ෂාකරගන්න කියලයි. (හේ)
ලෝක උරුමයක් වුණොත් අදායම වලකෙනවනේ නේද .(අ)