අම්පාර නගරයේ අනවසර ඉඳි කිරීමක් කළැයි නාගරික සංවර්ධන අධිකාරීය දයා ඇපරල් ආයතනයට එරෙහිව පවරා තිබු නඩුවේ පැමිණිල්ල අම්පාර අතිරේක මහෙස්ත්‍රාත් ස්ටෙලා ප්‍රිම්කි මහත්මිය ඊයේ (05) නිශ්ප්‍රභ කළාය.පැමිණිල්ල නිසි පරිදි ඉදිරිපත් නොකීරීම ඊට හේතුවයි.
අම්පාර බස්නැවතුම්පොළ ඉදිරිපිට ප්‍රදේශයේ පිහිටි දයා ඇපරල් ආයතනය විසින් අනවසර ඉදි කිරීමක් කළැයි සභාපති දයා ගමගේ මහතාට හා එහි අධ්‍යක්ෂිකා පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි. සිංහල ව්‍යාපාරිකයන් ආරක්ෂා කරමු. (නි)
මම අසා ඇති විදිහට එතරම් හොඳ කෙනෙක් නොවෙයි නේද?(නදී)
"දයා ගමගේ යනු අම්පාරට ඉමහත් සේවයක් සිදු කළ පුද්ගලයෙක්" අසව් අසව් දවසේ කියමන.(නදී)
සාධාරණ මිනිසාට කොතන ගියත්, කුමන වල කැපුවත් ජය නියතයි! දයා ගමගේ මැතිතුමනි ඔබට ජය! අම්පාරේ ජනතාවට ඔබ සිදු කරන ඉමහත් සේවයට මාගේ ස්තූතිය පුද කරමි. (නදී)
බුද්දි ගලනය විතරක් නෙමේ දැන් ව්‍යාපාරිකයනුත් ගලනය වේවි මෙහෙම ගියොත්. (නදී)
නඩුවෙන් වැරදිකරු වුණා නම් මෙතන අදහස් දැක්වීම දාන්නත් ඉඩ මදිවෙනවා (නි)
විරාජ්, ඔබගේ අදහස නිවැරදියි. ඒත් ඕක තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද? බොහොම දෙනෙක් එක එක දේශපාලන පක්ෂවලට ගැතිවෙලා ඉන්න අය නේ.දේශපාලකයොත් තමන්ගේ වාසියට රටේ පතුරුවන්නේ වෛරී දේශපාලන ක්‍රමයක්. ඒකනේ අපේ මිනිස්සුන්ගේ සාර ධර්ම පිරිහෙන්නේ. (නි)
අම්පාරේ මිනිස්සු මෙහෙම ඔහු ගැන කියනවා නම් අපිට කියන්න දෙයක් නැත. ඒ මොනවා වුණත් ඔහු නොසැලී ඉදිරියටම යනවා. තම ව්‍යාපාර බේරා ගන්න ඔහු පක්ෂය පාවා දුන්නේ නැත.එයයි ඔහුගේ සාර්ථකත්වය හා අභිමානය.ඔහුගේ දේශපාලන පක්ෂ පාට මට වැදගත් නැත (නි)
නඩු තීන්දුව අනිත් පැත්තට උනානම් බලන්න තිබුන කට්ටියගේ රග. එහෙනම් ඉතින් මේ විනිසුරුවරියත් ආණ්ඩුවට කඩේ යන අර ඩුබායි තිලක්ල පුංචි ටිකිරිලා දෙන ලක්ෂ දහයයි කාර් එකයි ගත්ත විනිසුරුවරියක් තමයි. කොහොම උනත් ආයේ අඩුපාඩු නැතුව නඩුව දාන්න. අනවසර ඉදිකිරීම් කියන දේ පොඩි එකා කලත් ලොකු එකා කලත් නීතිය සමව ක්‍රියාත්මක වෙන්න ඕන.(නදී)
"දයා ගමගේ කියන්නේ සාධාරන හිත හොද මිනිසෙකි" එසේ හරියටම කියන්නේ කෙසේද? (නි)
අද කාලේ මිනිස්සුන්ගේ අවධානය මෙවැනි දේවලට යොමුවෙනවා අඩුයි (නි)
දයා ගමගේ යනු අම්පාරට ඉමහත් සේවයක් සිදු කළ පුද්ගලයෙක් බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමස්ත අම්පාරේ ජනතාව පිළිගන්නා අතර රාජ්‍යය අංශයට නොහැකි වන ලද රැකියා අවස්ථා දහස් ගණනක් ජනිත කළ පුද්ගලයෙකි. පාලකයන් සිදු කළ යුත්තේ මෙවන් දිරිය මිනිසුන් පටු දේශපාලන අරමුණු උදෙසා අකර්මන්‍ය කිරීම නොව තව තවත් දිරි ගැන්වීමය (නි)
බලාගෙන අප්පා ඔහොම විසිකරන්නේ. ඔය නඩුව දාන්න කියපු එක්කෙනාගේ ඇඟේ වැදිලා තුවාල වුනොත් අධිකරනෙට විරුද්ධවත් නඩුවක් දායි.(නදී)
පැමිණිල්ලක් නිසි පරිදි ඉදිරිපත් කිරීමට බැරිද නාගරික සංවර්ධන අධිකාරියට? (නි)
දයා ගමගේ කියන්නේ සාධාරන හිත හොද මිනිසෙකි (නි)
ඔබ මගේ රටේ දුප්පත් ජනතාවට කරන සේවය නිසා දෙවියන් විසින් ඔබව ආරක්‍ෂා කර ඇත. (නි)
අපේ මුදලාලිට ජය වේවා! (නි)
මේ මිනිස්සු අදහස් දාන්නෙ ඡන්දෙ දාන විදියටමයි. සත්‍ය තොරතුරු නොදැනයි. (නි)
පොඩි මිනිහෙක්ගේ නම් මිනිහ හිරේ. ලොකු මිනිහා ගෙදර.(නදී)
ඔය ලොකු මිනිස්සුන්ට විරුද්දව නඩු දැම්මට පලක් නැහැ.(නදී)