මතුගම හිටපු මන්ත්‍රී දයා ටී පැස්කුවල් මහතා (102) අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මතුගම ආසනය නියෝජනය කළ ඔහු නියෝජ්‍ය ඇමැතිවරයෙක් ද විය.
සිය විශ්‍රාම වැටුප නැති බැරි අය අතර බෙදා දීමෙන් ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් විය.
බොහෝ විට ගමන් කළේ බසයෙනි. නැත්නම් දුම්රියෙනි. අවිවාහකයෙක් වූ පැස්කුවල් මහතා නිර්මාංශ ආහාරයෙන් ජීවත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස 102ක් යනතුරුත් අගැයිමක් නොකළේ ඇයි? ඔබට නිවන් සුව! (ස
අජරාමර නිවන් සුව ලැබේවා! (නි)
ඔබ තුමාට නිවන් සුව පතමි. ගරු මහත්මයාණෙනි,ඔබවන් දේශපාලකයින් අද නැහැ.(නදී)
නොමිලේ ටියුෂන් පන්ති පැවැත්තුවා එතුමාගේ ගෙදර. ගුරුවරුන්ට පඩි දුන්නේ එතුමාගේ විශ්‍රාම වැටුපෙන්. නිහතමානී මනුස්සයෙක්. නිවන් සුව.(නදී)
ඔබතුමා වගේ දේශපාලකයින් අද නැහැ. ඔබට නිවන් සුව! (නි)
මගේ පියාගේ ගුරුතුමා මගේ පියත් ජීවතුන් අතර නැහැ. ඔබතුමාගේ උසස් ගතිගුණ මම පියාගෙන් අසා ඇත. ඔබතුමාට අජරාමර නිවන් සැප.(නදී)
ඔබතුමා වගේ දේශපාලකයින් අද නැහැ ඔබට නිවන් සුව.(නදී)
ධනුෂ්ක ඔබට ස්තුතියි අප දැනුවත් කිරීම ගැන. අපට මතකයි ඉස්සර එතුමා පාර්ලිමේන්තුවේදී කොයි තරම් මානව හිතවාදී විදිහටද කතා කලේ හැසුරුනේ කියල. ඒ ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයාට නිවන් සුව පතමු. (නදී)
අද කාලේ ඉන්න බොහෝ වංචාකාර හොර මගඩි තක්කඩි මංත්‍රීලාට ඇමතියන්ට වඩා කොච්චර උතුමෙක්ද මොහු. ඔබට අමා මහා නිවන් සැප ලැබී ලංකාවේම නැවත කොන්දක් ඇතිව ජනාදිපති වී මේ රට දේශ පාලුවන්ගෙන් බේරා ගන්නට පතමි.(නදී)
පොදු ජන සුබ සෙතට ඇති මුදල් තම සාක්කුවට නොදාගෙන ජනතා සේවයටම තම ජීවිතය කැප කෙරූ මතුගම මැම්බර් මහත්තයා ඔබට නිවන්සුව ලැබේවා.(නදී)
කරුනා කරල මාතෘකාව වෙනස් කරන්න (අ)
ස්ටැන්ලි, මම ඔබත් එක්ක එකඟයි. (අ)
තම බලය අවියක් නොකර ගත් සැබෑ ජනතා නායකයෙක්. ඔබට නිවන් සුව පතමි.(නදී)
අජරාමර නිවන් සුව ලැබේවා!(නදී)
ඔබට නිවන් සුව. සියලුම මැති ඇමති වරුනට මෙතුමා ආදර්ශයක්. නිවැරදි චරිතය නිසාම එතුමා මෙපමකල් ජීවත් උනේ. (ස)
මෙතුමා අපි ආදර්ශයට ගත යුතු චරිතයක් (නි)
කනගාටුයි
මෙවන් පුතුන් ලක් දෙරණේ තවතවත් බිහි වේවා! මෙතුමාට නිවන් සුව. (නි)
ශතකයක් ගසා කිව්වහම ටිකක් ගරුසරු මදි වගේ මට දැනෙන විදිහට.(නදී)
වයස 102ක් යනතුරුත් අගැයිමක් නොකළේ ඇයි? ඔබට නිවන් සුව! (ස)
මතුගම ආනන්ද ශාස්ත්‍රාලය හැදුවේ මෙතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්.ආනන්ද ශාස්ත්‍රාලය තියෙන්නේ දයා ටී පැස්කුවෙල් මහතාගේ ඉඩම් වල.මෙතුමා කරපු දේවල් ගොඩක් තියෙනවා. අද ඉන්න දේශපාලකයන්ට මෙතුමා ආදර්ශයක්. එතුමාගේ පුද්ගලික දේපල මහජනතාවට දුන්න මිසක් පොදු දේපල හොරකම් කලේ නැහැ. මෙතුමාට ඕනෑ නම් අද ඉන්න අය වගේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය තමන්ගේ නම දාගන්න තිබුනා. ඕනෑ නම් දයා ටී පැස්කුවෙල් විද්‍යාලය කියලා. මම මේක කියන්නේ මම මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙන ගත්තේ, අද ඉන්න ගොඩක් අය මේවා දන්නේ නැහැ.ඒකයි. අත්තෙන්ම මේ ශ්‍රේෂ්ට මනුස්සයෙක්. (නි)
නිවන් සුව පතමි ! (ස)
අද කාලයේ මැති අමෙතිලා අතර ඔබවන් අය හමුවන්නේ කලාතුරකිනි.ගරු මහත්මයාණෙනි, ඔබට නිවනේ දොර විවරව ඇත (නි)
ඔබ තුමා අපට පාසලක් සදා දුන්නා අපි ඔබට සදා ණයගැතියි. (ස)
ඔබට නිවන් සුව ! (ස)
ඔබ තුමා කරපු සේවාව අපිට මිලකළ නොහැකියි.ඔබට නිවන්සුව ! (ස)
නිවන් සැප ලැබේවා. (ස)