IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දැයට කිරුළ නෝනාට ඇප

අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශනයේ යටිතල පහසුකම් සැපයීමේදී රජයට රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි  සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධන   රුපියල් පනස් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහදා අද නියෝග කළේය.

වැසිකිළි සැපයෑමේ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව පැමිණිලි ගොනු කර ඇත. වැසිකිළි සදහා මුදල් ගෙවා ඇති නමුත් එක් වැසිකිළියක්වත් සාදා නැතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

 

 



අදහස් (0)

දැයට කිරුළ නෝනාට ඇප

පෙරුමාල් Wednesday, 04 September 2013 08:58 PM

හැමෝටම ඇප; කවුද එතකොට අනෙක් අයට ඇප වෙන්නෙ, කැප වෙන්නෙ? (දී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 September 2013 10:33 AM

සරෝජ් ජයසේකර, මඩ ගැසීම ලාංකිකයන්ගේ පොදු ක්‍රියාවක්. තවම මෙම නෝනා වැරදිකරුවෙකු නොවේ. සැකකරුවෙකු පමණි. එහෙම කියනවා නම් කෝටි ගණනින් මහජන මුදල් ගසා කන්නේ අපිද? (නි)

:       0       0

අස්මිත් Wednesday, 04 September 2013 01:27 PM

දයට කිරුල ව්‍යාපෘතිය නිසා හම්බකරගත්ත කට්ටිය හුගක් ඉන්නවා. වැසිකිලි ප්‍රශ්නය නිසා අනික් හැම ගැහිල්ලක්ම යටගියා. ඔබ තුමියට මලබද්දයේ පිහිටයි.(නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 05 September 2013 10:36 AM

සරෝජ් ජයසේකර.මඩ ගැසිම ලාංකික යන්ගේ පොදු ක්‍රියාවක්. තවම මෙම නෝනා වැරදී කරුවකු නොවේ. සැක කරුවෙකු පමණි. රටේ නිතියේ ඇති හිල් නිසා තමයි අද අපරාධ වැඩිවී ඇත්තේ. ඇවිත් බලන්න ඩුබායි රටේ අසිරිය සහ නීතියේ ආදිපත්‍ය කොහොමද කියල. කුඩා ගැහැණු දරුවෙකුට පැය 24 ම පුරාම තනියෙම පාරක බැහැල යන්න පුළුවන් කිසිම බියක් සැකයක් නැතිව. නීතිය සැමටම පොදුයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 04 September 2013 01:33 PM

ටිකිරි බංඩයියේ, වැසිකිලි ඩීල් එක නම් ලොකුයි තමයි (නදී)

:       0       0

මොහාන් Thursday, 05 September 2013 10:48 AM

නෝනා සල්ලි පිල්ලි ගහල දුන්නේ කාටද දන්නේ නැහැ .ෂුවර් එකටම බලධාරියෙක් වෙන්න ඕනේ මහා මොළ කාරය. (දී)

:       0       0

චන්දන Thursday, 05 September 2013 11:00 AM

ඔයගේ අතේ වැරද්දක් නැත්තම් කවුරු මොන කිව්වත් ගණන් ගන්න එපා. වැරැද්ද තමන්ගේ අතේ නම් ජීවිත කාලෙම මේ දුක් විඳින මිනිස්සුන්ගේ ශාපයෙන් විඳවන්න වේවි (දී)

:       0       0

ගයා Wednesday, 04 September 2013 09:48 PM

මුකුත් කියලා වැඩක් නැහැ (දී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 04 September 2013 02:13 PM

අමතක කරලමු කිරුළෙ කතා, එක්වෙමු වයඹෙදි දියුණු පතා. (ස)

:       0       0

ජයසූරිය Thursday, 05 September 2013 11:43 AM

දැන් මේකෙන් ගැළවෙන්න උත්සාහ කරන්න නෝනේ (නි)

:       0       0

අස්මිත් Wednesday, 04 September 2013 10:05 PM

මේ හැමෝටම ඇප ලැබෙයි. නමුත් මේ හැමදේකින්ම ජනතාවට නේද අනාගතයේදී වන්දි ගෙවන්න වෙන්නේ? එතකොට ජනතාවට ඇප දෙන්න ඉදිරිපත් වෙන්නේ කව්රුන්ද? (නි)

:       0       0

ජිම් Wednesday, 04 September 2013 02:56 PM

අනේ නෝනට දෙවියන්ගේම පිහිටයි. (ස)

:       0       0

සුනිල් Wednesday, 04 September 2013 11:25 PM

ඔය දැයට කිරුල කියන්නේ එක්තරා කොටසකට දෙන අවස්ථාවක්. බලන්නකෝ ඔය වාගේ ව්‍යාපෘතියකින් පස්සේ කට්ටියගේ ගෙවල් හැදෙන අපූරුව.ලොකු වාහන ගන්න අපූරුව.වැටුප විතරක් තියෙන රජයේ නිලධාරීන්ට පුලුවන්ද එක පාරටම පොහොසත් වෙන්න. (නි)

:       0       0

දර්ශන් Wednesday, 04 September 2013 03:37 PM

අපෝ, අපි අනිත් ආසියාතික රටවලින් මුල්තැන ලබලා දුෂණ වංචාවෙන්. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 04 September 2013 04:03 PM

මේවගේ වැඩ තමයි දැයට කිරුළ කියන්නේ.(නදී)

:       0       0

පාලිත Wednesday, 04 September 2013 04:16 PM

"වැසිකිළි සදහා මුදල් ගෙවා ඇති නමුත් එක් වැසිකිළියක්වත් සාදා නැතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි" දැක්කනේ ගණන් හදල පෙන්නලා හරියට. ඒ නෝනා වැරදි නැහැ. (නි)

:       0       0

නිරෝෂන් කටාර් Thursday, 05 September 2013 01:40 AM

වැසිකිලි යනවා කියා වැසිකිලියට ඔලුව ඔබා කන්න ගියාම කවුරුත් දැන ගන්නවා . වැසිකිලි වැඩක් කරන විට එය අනික් අයට ගඳ නොගස්සා කරානම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

සත්‍යා Thursday, 05 September 2013 05:53 AM

මුදලේ ප්‍රමාණයෙන් කියන්න පුළුවන් කවුද මේ හොරකම පිටිපස්සේ හිටියේ කියලා. මේ වගේ "නෝනලා" ට ඇප නොවෙයි පණ වුණත් දෙන්න කැමති ලොක්කෝ ඕනෑතරම් දැන් රටේ ඉන්නවා. (නි)

:       0       0

රයන් මර්ලෝන් Wednesday, 04 September 2013 05:13 PM

අනුරාධපුරයේ දැයට කිරුලෙනුත් ගොඩක් අය ගොඩක් විදියට පෝසත් උනා. නිධන් හෑරුවේ බැකෝ දාලා. හමුදාව වටේට දාලා. එක අතකට ඒවා ගැන හිතද්දී මේ කොටි 3 ගානක්ද කියලත් හිතෙනවා.(නදී)

:       0       0

ලලිත් Thursday, 05 September 2013 07:20 AM

සුනිල් මල්ලිගේ කතාව මසුරන් වටිනවා. නමුත් ඔය වගේම වැටුපෙන් විතරක් ජීවත්වෙන ගරු තුමාලගේ පුත් කුමාරවරු මිලියන් ගණන්වලට ලැම්බෝගිනි ගැනත් රේස් පදින්නේ? එයාල කවදාවත් රස්සාවක් කරල තියෙනවද? අර ධනංජය කියනව වගේ මල බද්ධය හැදෙනවානම් ඒකාලේ මහවැලියට සම්බන්ධ අයටත් එහෙම වෙන්න ඇති නේද? ඒක එහෙම නෙමේ කියන්නත් බැරි නැහැ. ඔය තුමාලා ඔක්කොගෙම බඩවල් ලොකුවට තියෙන්නේ මලබද්ධය නිසා වෙන්න පුළුවන්. (නදී)

:       0       0

ටිකිරි බන්දා Wednesday, 04 September 2013 05:42 PM

උදේ නැගිටපු වෙලේ ඉඳලා රෑ නින්දට යනකම් සල්ලි පස්සෙම, සල්ලි හොයන්න යන අයගෙන් පරිස්සන් වෙන්න.සල්ලි දැකපු නැති අයගෙන් පරිස්සන් වෙන්න.එච්චරයි මට කියන්න තියෙන්නේ. (දී)

:       0       0

දසුනි Wednesday, 04 September 2013 06:06 PM

මේ තරම් හොරකම් කරන කොට අපි ගත්තු ණය කවදා බේරන්නද?

:       0       0

විජේසිංහ Wednesday, 04 September 2013 11:46 AM

වංචාව පුරුදු නිලධාරීන්ට ඕවා නවත්තන්න බැහැ. ඔය එකක් විතරනේ අනේ. (ස)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 04 September 2013 11:47 AM

ලොකු මිනිස්සු එළිකරයි කියලයි ඇප දෙන්න ඇත්තේ. ඕක අපි කීවා. එළියට එන්න නම් බය නැතිව කතාකරන්න කියලා. ඔබ නිදහස් වෙනවා.(නදී)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 04 September 2013 06:42 PM

මේ නෝනාට ඇප ලැබුණ පසු ගෙදර වැසිකිලිය හොඳට හදා රිමාන්ඩ් බාරයේ සිටියදී සිරවූ අප ද්‍රව්‍ය ඉවත් කර ගැනිමට පුළුවන් වේය . නැවත මේවැනි අසුචි වැසිකිලි වලට සම්බන්ද නොවීමට සිත සදා ගත යුතුය . (දී)

:       0       0

සරෝජ් ජයසේකර Wednesday, 04 September 2013 06:45 PM

මඩ ගැසිම ලාංකික යන්ගේ පොදු ක්‍රියාවක් . තවම මෙම නෝනා වැරදී කරුවකු නොවේ . සැක කරුවෙකු පමණි . එම නිසා මෙම මහත්මියට අපහාස සහ මඩ චෝදනා නොකරන මෙන් කාරුණිකව ඉල්ලමි (දී)

:       0       0

රවී - යූකේ Wednesday, 04 September 2013 12:17 PM

වැසිකිලි වැඩක්නේ කරලා තියෙන්නෙ. ඕවා කරන ක්‍රමේට කරා නම් තවම යහතින් ඉන්නවා. ඉල්ලපු කාට හරි කොටස දෙන්න නැතුව ඇති. එහෙම නොදුන්නොත් ඉතින් වැරදිකාරයෙක් නම් නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා. නැත්නම් ත්‍රස්තවාදියෙක් වෙනවා. අනේ මගේ පුංචි ලංකාවට ගිය කළ!! (ස)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 12:17 PM

අනුන්ගෙ කරත්තයක නෝනා නිකන් නැගලා ඇතුලට ගියා නේද? (ස)

:       0       0

චරිත සේරසිංහ ස්විස් Wednesday, 04 September 2013 07:13 PM

රිමාන්ඩ් බාරයේ සිටිය කාලයේ නෝනාගේ මල බද්ධය . ඇප ලබා ගෙදර ආවාට පසු සනීප කර ගන්න . මතුවට මේවැනි වැසිකිලි වැඩ නොකරන්න . ඔබට තවමත් කරපු වැරදී සදා නිවැරදි ජීවතයක් ගත කල හැකිය . සුබ අනාගතයක් පතමි (දී)

:       0       0

මුනියන්ඩි Wednesday, 04 September 2013 12:37 PM

දැයට වැසිකිලිය (ස)

:       0       0

ධනංජය Wednesday, 04 September 2013 12:42 PM

ටොයිල්ට් නෝනා, ඔයා සදහටම ටොයිලට් එකකම හිර කරන්න ඕනා, රටේ මිනිස්සුන්ගේ මේ අමාරුවෙනුත් ගසා කන ඔහෙලා වගේ අයට ජීවිතාන්තේ දක්වා මල බද්ධය හැදෙන්න ඕනා.(නදී)

:       0       0

අප්පුහාමි Wednesday, 04 September 2013 08:12 PM

ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට අරගෙන ද? (දී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 04 September 2013 01:03 PM

කෝටි ගානක ගනු දෙනුවක්නම් ඉතින් අහන්න දෙයක් නැහැ ආයුබෝවන්ඩ .අනිවාර්යෙන්ම නිදහස් වෙනවම තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1230 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 69 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1194 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 193 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2048 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32310 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23830 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 206 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site