අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශනයේ යටිතල පහසුකම් සැපයීමේදී රජයට රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධන රුපියල් පනස් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහදා අද නියෝග කළේය.
වැසිකිළි සැපයෑමේ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව පැමිණිලි ගොනු කර ඇත. වැසිකිළි සදහා මුදල් ගෙවා ඇති නමුත් එක් වැසිකිළියක්වත් සාදා නැතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසිකිලි යනවා කියා වැසිකිලියට ඔලුව ඔබා කන්න ගියාම කවුරුත් දැන ගන්නවා . වැසිකිලි වැඩක් කරන විට එය අනික් අයට ගඳ නොගස්සා කරානම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
මේ නෝනාට ඇප ලැබුණ පසු ගෙදර වැසිකිලිය හොඳට හදා රිමාන්ඩ් බාරයේ සිටියදී සිරවූ අප ද්‍රව්‍ය ඉවත් කර ගැනිමට පුළුවන් වේය . නැවත මේවැනි අසුචි වැසිකිලි වලට සම්බන්ද නොවීමට සිත සදා ගත යුතුය . (දී)
මඩ ගැසිම ලාංකික යන්ගේ පොදු ක්‍රියාවක් . තවම මෙම නෝනා වැරදී කරුවකු නොවේ . සැක කරුවෙකු පමණි . එම නිසා මෙම මහත්මියට අපහාස සහ මඩ චෝදනා නොකරන මෙන් කාරුණිකව ඉල්ලමි (දී)
රිමාන්ඩ් බාරයේ සිටිය කාලයේ නෝනාගේ මල බද්ධය . ඇප ලබා ගෙදර ආවාට පසු සනීප කර ගන්න . මතුවට මේවැනි වැසිකිලි වැඩ නොකරන්න . ඔබට තවමත් කරපු වැරදී සදා නිවැරදි ජීවතයක් ගත කල හැකිය . සුබ අනාගතයක් පතමි (දී)
ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට අරගෙන ද? (දී)
හැමෝටම ඇප; කවුද එතකොට අනෙක් අයට ඇප වෙන්නෙ, කැප වෙන්නෙ? (දී)
මුකුත් කියලා වැඩක් නැහැ (දී)
මේ හැමෝටම ඇප ලැබෙයි. නමුත් මේ හැමදේකින්ම ජනතාවට නේද අනාගතයේදී වන්දි ගෙවන්න වෙන්නේ? එතකොට ජනතාවට ඇප දෙන්න ඉදිරිපත් වෙන්නේ කව්රුන්ද? (නි)
ඔය දැයට කිරුල කියන්නේ එක්තරා කොටසකට දෙන අවස්ථාවක්. බලන්නකෝ ඔය වාගේ ව්‍යාපෘතියකින් පස්සේ කට්ටියගේ ගෙවල් හැදෙන අපූරුව.ලොකු වාහන ගන්න අපූරුව.වැටුප විතරක් තියෙන රජයේ නිලධාරීන්ට පුලුවන්ද එක පාරටම පොහොසත් වෙන්න. (නි)
මේ තරම් හොරකම් කරන කොට අපි ගත්තු ණය කවදා බේරන්නද?
මුදලේ ප්‍රමාණයෙන් කියන්න පුළුවන් කවුද මේ හොරකම පිටිපස්සේ හිටියේ කියලා. මේ වගේ "නෝනලා" ට ඇප නොවෙයි පණ වුණත් දෙන්න කැමති ලොක්කෝ ඕනෑතරම් දැන් රටේ ඉන්නවා. (නි)
සුනිල් මල්ලිගේ කතාව මසුරන් වටිනවා. නමුත් ඔය වගේම වැටුපෙන් විතරක් ජීවත්වෙන ගරු තුමාලගේ පුත් කුමාරවරු මිලියන් ගණන්වලට ලැම්බෝගිනි ගැනත් රේස් පදින්නේ? එයාල කවදාවත් රස්සාවක් කරල තියෙනවද? අර ධනංජය කියනව වගේ මල බද්ධය හැදෙනවානම් ඒකාලේ මහවැලියට සම්බන්ධ අයටත් එහෙම වෙන්න ඇති නේද? ඒක එහෙම නෙමේ කියන්නත් බැරි නැහැ. ඔය තුමාලා ඔක්කොගෙම බඩවල් ලොකුවට තියෙන්නේ මලබද්ධය නිසා වෙන්න පුළුවන්. (නදී)
සරෝජ් ජයසේකර, මඩ ගැසීම ලාංකිකයන්ගේ පොදු ක්‍රියාවක්. තවම මෙම නෝනා වැරදිකරුවෙකු නොවේ. සැකකරුවෙකු පමණි. එහෙම කියනවා නම් කෝටි ගණනින් මහජන මුදල් ගසා කන්නේ අපිද? (නි)
සරෝජ් ජයසේකර.මඩ ගැසිම ලාංකික යන්ගේ පොදු ක්‍රියාවක්. තවම මෙම නෝනා වැරදී කරුවකු නොවේ. සැක කරුවෙකු පමණි. රටේ නිතියේ ඇති හිල් නිසා තමයි අද අපරාධ වැඩිවී ඇත්තේ. ඇවිත් බලන්න ඩුබායි රටේ අසිරිය සහ නීතියේ ආදිපත්‍ය කොහොමද කියල. කුඩා ගැහැණු දරුවෙකුට පැය 24 ම පුරාම තනියෙම පාරක බැහැල යන්න පුළුවන් කිසිම බියක් සැකයක් නැතිව. නීතිය සැමටම පොදුයි.(නදී)
නෝනා සල්ලි පිල්ලි ගහල දුන්නේ කාටද දන්නේ නැහැ .ෂුවර් එකටම බලධාරියෙක් වෙන්න ඕනේ මහා මොළ කාරය. (දී)
ඔයගේ අතේ වැරද්දක් නැත්තම් කවුරු මොන කිව්වත් ගණන් ගන්න එපා. වැරැද්ද තමන්ගේ අතේ නම් ජීවිත කාලෙම මේ දුක් විඳින මිනිස්සුන්ගේ ශාපයෙන් විඳවන්න වේවි (දී)
දැන් මේකෙන් ගැළවෙන්න උත්සාහ කරන්න නෝනේ (නි)
වංචාව පුරුදු නිලධාරීන්ට ඕවා නවත්තන්න බැහැ. ඔය එකක් විතරනේ අනේ. (ස)
උදේ නැගිටපු වෙලේ ඉඳලා රෑ නින්දට යනකම් සල්ලි පස්සෙම, සල්ලි හොයන්න යන අයගෙන් පරිස්සන් වෙන්න.සල්ලි දැකපු නැති අයගෙන් පරිස්සන් වෙන්න.එච්චරයි මට කියන්න තියෙන්නේ. (දී)
අනුරාධපුරයේ දැයට කිරුලෙනුත් ගොඩක් අය ගොඩක් විදියට පෝසත් උනා. නිධන් හෑරුවේ බැකෝ දාලා. හමුදාව වටේට දාලා. එක අතකට ඒවා ගැන හිතද්දී මේ කොටි 3 ගානක්ද කියලත් හිතෙනවා.(නදී)
"වැසිකිළි සදහා මුදල් ගෙවා ඇති නමුත් එක් වැසිකිළියක්වත් සාදා නැතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි" දැක්කනේ ගණන් හදල පෙන්නලා හරියට. ඒ නෝනා වැරදි නැහැ. (නි)
මේවගේ වැඩ තමයි දැයට කිරුළ කියන්නේ.(නදී)
අපෝ, අපි අනිත් ආසියාතික රටවලින් මුල්තැන ලබලා දුෂණ වංචාවෙන්. (ස)
අනේ නෝනට දෙවියන්ගේම පිහිටයි. (ස)
අමතක කරලමු කිරුළෙ කතා, එක්වෙමු වයඹෙදි දියුණු පතා. (ස)
ටිකිරි බංඩයියේ, වැසිකිලි ඩීල් එක නම් ලොකුයි තමයි (නදී)
දයට කිරුල ව්‍යාපෘතිය නිසා හම්බකරගත්ත කට්ටිය හුගක් ඉන්නවා. වැසිකිලි ප්‍රශ්නය නිසා අනික් හැම ගැහිල්ලක්ම යටගියා. ඔබ තුමියට මලබද්දයේ පිහිටයි.(නදී)
කෝටි ගානක ගනු දෙනුවක්නම් ඉතින් අහන්න දෙයක් නැහැ ආයුබෝවන්ඩ .අනිවාර්යෙන්ම නිදහස් වෙනවම තමයි.(නදී)
ටොයිල්ට් නෝනා, ඔයා සදහටම ටොයිලට් එකකම හිර කරන්න ඕනා, රටේ මිනිස්සුන්ගේ මේ අමාරුවෙනුත් ගසා කන ඔහෙලා වගේ අයට ජීවිතාන්තේ දක්වා මල බද්ධය හැදෙන්න ඕනා.(නදී)
දැයට වැසිකිලිය (ස)
අනුන්ගෙ කරත්තයක නෝනා නිකන් නැගලා ඇතුලට ගියා නේද? (ස)
වැසිකිලි වැඩක්නේ කරලා තියෙන්නෙ. ඕවා කරන ක්‍රමේට කරා නම් තවම යහතින් ඉන්නවා. ඉල්ලපු කාට හරි කොටස දෙන්න නැතුව ඇති. එහෙම නොදුන්නොත් ඉතින් වැරදිකාරයෙක් නම් නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා. නැත්නම් ත්‍රස්තවාදියෙක් වෙනවා. අනේ මගේ පුංචි ලංකාවට ගිය කළ!! (ස)
ලොකු මිනිස්සු එළිකරයි කියලයි ඇප දෙන්න ඇත්තේ. ඕක අපි කීවා. එළියට එන්න නම් බය නැතිව කතාකරන්න කියලා. ඔබ නිදහස් වෙනවා.(නදී)