IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දැයට කිරුළ මහ වංචාව ගැන නීතිපති උපදෙස් ගනී

අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේදී රුපියල් තුන්කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ උපදෙස් පතා නීතිපතිට යොමු කළ බව රහස් පොලිසිය කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැන්වීය.

දැයට කිරුළ 2013 හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී සහ විදුලි සංදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන සහ ඉදිකිරීම් සමාගමක අයිතිකරු වන සරත්චන්ද්‍ර ඒකනායක සැකකරුවෝය.

ඔවුහු ලබන 31වැනිදා තෙක් යලි රිමාන්ඩ් කරනු ලැබූහ.

දැයට කිරුළ භූමියේ වැසිකිලි සෑදීම සඳහා වන ‘රන්සර කන්ස්ට්‍රක්ෂන්‘ යනුවෙන් පිහිටුවාගත් සමාගමේ දෙවැනි අයිතිකරු ලෙස සැකකරුගේ 17 හැවිරිදි පුතාගේ නම ද සඳහන් වන බවත්, මුදල් ගෙන ඇති නමුත් එකම වැසිකිළියක්වත් හදා නැති බවත් ටෙන්ඩර් පටිපාටිය නොසලකා මුදල් දී ඇති බවත් උසාවියේදී කියැවිණි.

 

 



අදහස් (0)

දැයට කිරුළ මහ වංචාව ගැන නීතිපති උපදෙස් ගනී

මැණික් Wednesday, 17 July 2013 07:47 PM

මෙ හොරකමි පසු පස සිටින්නෙ බලධාරින් සහ නිලදාරින් විම තමා ලොකුම ප්‍රශ්නය. දවසින් දවස හොරකම් වැඩි වෙනවා මිස අඩුවීමක් දකින්නට නැති රටේ අනාගතය කොහොම වෙයිද? (නි)

:       0       0

දීපාල් Wednesday, 17 July 2013 08:04 PM

" ආසියාවේ ආශ්චර්යය " (නි)

:       0       0

අනුර Thursday, 18 July 2013 09:05 AM

ඕවට වැඩිය වැරදි දේවල් කරලා සමහරු එළියේ ඉන්නවා (නි)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Wednesday, 17 July 2013 09:21 PM

"ආසියාවේ ගැහිලි ආශ්චර්යය" ලෝකෙන් උතුම් රට ලන්කාවයි. (අ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 17 July 2013 09:29 PM

මෙච්චර ලොකුවට කරපු වංචාවට තවත් කල් අරින එක හරියට වැඩේ ලිස්සල දාන්න හදනවා වගේ. පොල් ගෙඩි දෙකට පනස් දාහක් ගැහුවා නම් මේකට මොකද මෙච්චර ආදරේ? (අ)

:       0       0

ම.නිරෝදා Thursday, 18 July 2013 10:17 AM

ඇත්තටම ඔය දැයට කිරුලෙන් වෙච්ච සංවර්ධනය මොකක්ද? ඔය ණයට කිරුල වෙනුවෙන් කෝටි කීයක් නිකරුනේ නාස්ති කරනවාද ? ලොක්කන්ගෙ සාක්කු වලට නම් හොඳයි. පොඩ්ඩන්ගෙ බඩට තමයි හෙනහුරා වහලා තියෙන්නේ. බැරිද ඔය බොරුව නවත්වලා ඔය යන මුදලින් ජනතාවට සහන දෙන්න. (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 17 July 2013 10:35 PM

මේකෙන් මුදල් ගහපු කොටසක් දැන් පිට රට ඉන්නවා කියලා ආරංචියි. (නි)

:       0       0

ජානී Wednesday, 17 July 2013 10:42 PM

උපාධිධාරී පරිපාලන නිලධාරිනියක් වෙලත් බාල වයස්කාර පුත්‍රයාව දෙවැනි අයිතිකරුවෙකු ලෙස නම් කරන්න තරම් පෙළඹුනේ ඇයි? දැන් දරුවාගේ අධ්‍යාපනෙත් ඉවර ඇති. ගැහිල්ලක් නිසා "අහසින් පොළොවට". (නි)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 17 July 2013 10:49 PM

අපේ රටේ සිටින ගොඩක් අය රට විකුණලා හරි සල්ලි හොයා ගන්න බලන කොටසක්. බහුතරයක් රට වෙනුවෙන් එළිය කෑ ගසන හොරෙන් රට විකුණා කන කොටසක්ය. ගොඩක් අය උගත් කියා සමාජයේ පෙනී සිටියද ඔවුන්ගේ ළමයින් බිරින්දෑවරුන් ජිවත් වනුයේ වෙන රටවලය. අපේ දුප්පත් මිනිසා උපයන මුදලින් ඔවුන් සැප සම්පත් විඳිති. (නි)

:       0       0

වරුණ Thursday, 18 July 2013 11:18 AM

ම.නිරෝදා, අපේ අවිශ්ක ,ජගත්, ඕවා ගැන දන්න එකක් ද? අපිට ලොකු කතා කියනවා කියලා මොකක් හරි මෝඩ කතාවක් ලියයි. රටේ හිටියට අහවල් චැනල් දෙකේ නිවුස් ද කොහෙද අහන්නේ. අවිෂ්කලට ඒකනේ සාමාන්‍ය දැනීම නැත්තේ? (නි)

:       0       0

උපාලි Thursday, 18 July 2013 01:15 AM

රංජීත්, කෝටි 390 වැට් වංචාවට මාස 14 යි. මෙතන කෝටි 3.90 යි නේ. හරියටම අර ගානෙන් සීයෙන් එකයි. මාස 14 න් සීයෙන් එකයි කියන්නේ දවස් හතරයි. පොල්ගෙඩි දෙකට වැඩිනේ. ඒ හින්දා සන්තෝස වෙන්න.(නදී)

:       0       0

සරත් Thursday, 18 July 2013 11:25 AM

ලොකු අය ලොකුවට කද්දී ඔය පොඩි අය ටිකක් කෑවම මොකද කියලා හිතන්න ඇති. මෙහෙව් රටේ ඕකත් මොකක්ද? (නි)

:       0       0

සරෝජ් Thursday, 18 July 2013 02:04 AM

මේවට සම්බන්ද අය ගොඩක් ඉන්නවා. සමහරු වෙනත් රටවල නිවාඩු ගතකරනවා කියලත් ආරංචියි (නි)

:       0       0

ලලිත් Thursday, 18 July 2013 05:15 AM

අනේ අර කුඩ්ඩන්ට මිනීමරුවන්ට සමාව දුන්න වගේ ඕකත් අතෑරලා දාන්නකෝ? ඔය වගේ දේවල් කරපු අය ද ඔය ප්‍රාඩෝ වල යන්නේ? දැන් එලියට දැම්මොත් තොන් ලනුව අල්ලාගෙන වැඩ ගන්නත් පුළුවනි?(නදී)

:       0       0

දම් Thursday, 18 July 2013 05:38 AM

සංවිධානාත්මක හොර කල්ලියක කෙනෙක් විතරයිද අහු වෙලා තියෙන්නේ? (නි)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 18 July 2013 07:13 AM

බෙදා හදාගෙන කෑමේ චක්‍රය හරියට දැනගත්ත නම් ඔය වගෙ දෙයක් වෙන්නෙ නැහැනෙ. (අ)

:       0       0

වරුණ Thursday, 18 July 2013 07:33 AM

මේ අහුවෙලා ඉන්න කට්ටිය මේ හොරකමේ කොටස් කාරයෝ විතරයි. අනුග්‍රාකහයන් හොරකම් කරන්න උපදෙස් තිරේ පිටුපස ඉදන් දෙනවා. ඒ ඕඩර්ස් වලට වැඩ කරන්න ගිහින් මේගොල්ලෝ බොරුවට හිරවුණා. විවෘත ප්‍රකාශයක් කරලා මහා හොරු ටිකගේත් මූණු එලියට පෙන්නලා ඒ ගොල්ලන් එක්කම හිරේ යන එක හොදයි (නි)

:       0       0

සිල්වා Wednesday, 17 July 2013 07:11 PM

දැන්නම් සැකකරුවෝ ටික වැසිකිළියේමයි ඉන්නවා ඇත්තේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 72 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2406 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1306 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 532 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 867 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1502 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site