දැයට කිරුළෙන් රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී කාන්ති ගුණවර්ධන රහසිගත ප්‍රකාශයක් කිරීමට කොළඹ කෙටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගෙන් අද අවසර පැතුවාය.
ලබන 12වැනිදා එම ප්‍රකාශයට ඉඩ දුන් මහේස්ත්‍රාත් ඇය එදින තෙක් යළි රිමාන්ඩ් කළේය.
17 හැවිරිදි පුතා ද, දෙවැනි අයිතිකරු ලෙස නම් කර ඇති රන්සර ඉදිකිරීම් සමාගම නමින් ටෙන්ටර් පරිපාටියෙන් බැහැරව දැයට කිරුළේ වැසිකිළි කොන්ත්‍රාත් ලබා ගෙන ඇතැයි ද එහෙත් එකම වැසිකිළියක්වත් සාදා නැතැයි ද, ගිවිසුම අත්සන් කිරීමටත් පෙර එම සමාගමට රුපියල් ලක්ෂ 50ක් ගෙවා ඇතැයි ද, රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට සම්බන්ද කෙනෙක් ප්‍රාන්ස් වලත් ඉන්නවලු . දොස්තර කෙනෙක් කියලලු කියන්නේ . ලොක්කි මෙයා ගෙන කියාවිද දන්නේ නැහැ
ගැහැණු අය තමයි බය නැතුව වණ්ඩිකම් කරන්නේ. (නි)
රහස් කීයක් එළිවෙයිද? දැන් කී දෙනෙක් බයේ ඇද්ද? (නි)
දැයට කිරුළෙන් ලොකුවට ගහන ලොකු අයට මේ නීතිය නැද්ද ? ඒ සැමට දේව නීතිය ලැබේවා.(නදී)
දැන් 12 වැනිදා වනතුරු තවත් කට්ටියක් බයෙන් ඉන්නවලු (නි)
මිනිස්සුන්ව විශ්වාස කල හැකිද (දී)
මදැයි වෙච්ච දේ? කෙහෙල් ගහේ හොට පැටලිච්ච කොට්ටෝරුවා වගේ. (නි)
බළලා මල්ලෙන් එලියට පනින්නයි යන්නේ. මෙයාට දේවරහස් එළිකිරීමට ශක්තිය ලැබේවා! (නි)
මිනිස්සු ලාබ හොයන්නේ රට පාවලා දීලා (දී)
කිසි ප්‍රස්නයක් නැහැ නීති උපදෙස් මත තව ටික දවසකින් මෙයත් නිදහස් වෙනවා. (අ)
හිටුවා පස් ගහල, එල්ලලා, ප්‍රසිද්ධියේ මරන්න තියෙන්නේ, මේ වගේ වංචාකාරියෝ, පිරිමි මදිවට තව ගෑනුත් පටන් අරන් (අ)
අනේ ඇත්තට මේ වගේ වංචාකාරියෝ? පිරිමි මදිවට තව ගෑනුත් පටන් අරන් (නි)
දැන් වමාරයි හිටු කියල (අ)
නීතියෙන් වැරදිකරුවෙක් වන තුරු අහිංසක අයට බනින්න එපා. එයා තවම සැකකාරියක් පමණි. මෙයාව වෙන කවුරුන් හෝ රවටලා මේ දෙය කළාද දන්නේ නැහැ (නි)
තාම ඔසරි පොටෙන් මුණ වහගෙනද ඉන්නේ?(නදී)