ග්‍රීසියේ රන් ආබරණ හලකින් කොල්ලකා පරිගණකයක සහ වාසැකැසුම් යන්ත්‍රයක සඟවා කන්ටේනරයෙන් ශ්‍රී ලංකාවට එවූ රුපියල් කෝටි තුනකට අධික වටිනා දියමන්ති සහ ස්වර්ණාබරණ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවල සුරක්ෂිතව තැන්පත් කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය. උපුල් පෙරේරා නොහොත් ජනක වීරසංහ, ප්‍රසාද් උදයංග සෙන්ඩිස්, රංගන පෙරේරා හා චමින්ද ජගත් වීරසිංහ යන සැකකරුවෝ ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ඇතැන්ස් පොලීසිය එවා තිබූ තොරතුරු සළකා බලා මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට අවනම්බුකර මේ හොරාට උපරිම දඩුවම් දෙන්න .. අපේ රේගුවට සුබ පැතුම් (ස)
නුවන්, ඔය මහා මොලකරයෝන්ගෙන් දැන් මේ වැටිච්ච ග්‍රීසියට වැඩක් නෑ. ඒ නිසා එයාල ලංකාවට යවන්න ඔය මොලවලිනුත් ''ආසියාවේ ආශ්චර්යය ගොඩනගන්න වැඩක් ගන්න.
වරදක් කළා කම් දඬුවම් ලැබිය යුතුයි
ඔය බඩු සේප්පුවෙදි අතුරුදහන් වේවිද දන්නේ නෑ, ෂුවර් නෑ කට්ටිය ගිලීවිද කියලා ? (ස)
මහ බැංකුවේ සේප්පුවල සුරක්ෂිතව තැන්පත් කල දියමන්ති විදුරුකැලි වෙයිද දන්නෑ.
දැන් ඉතින් පරිස්සම් කරගන්න මහ බැංකුවේ සේප්පු ටික. මතකනේ අපේ කෞතුකාගාරයට එහෙම වෙච්ච දේ .
මේවා ග්‍රීසියෙන් පැන්නුවා.. හැබැයි ලංකාවෙදි මාට්ටු.... ඒක අපිට නම්බුවක් නෙමෙයිද?
ඕක මහබැංකුවෙන් හොරකම් නොකරොත් තමයි පුදුමේ ..නැත්නම් කටුගෙට වෙච්ච දේ තමයි (ස)
යුරෝපයේ ලංකාවට තියෙන හොඳ නම එන්න එන්නම නැතිවෙනවා. මොකද අපේ මිනිස්සුන්ට මේ වෙලා තියෙන්නේ..මේකෙන් වෙන්නේ ලංකාවේ කෙනෙක්ට යුරෝපේ රැකියාවක් හොයාගන්න බැරිවෙන එකයි (ස)
මෙය මේ ග්‍රීසියෙහි දැනට සේවය කරන අයටත්, අපේ මාතෘ බුමියටත් මුළු මහත් ශ්‍රී ලංකා ජාතිකයන්ටත් කැළලක්. ග්‍රීක ජාතිකයාට නැති වෙන්න ගියේ දියමන්ති ඒත් අපට නැති වෙන්නෙ මුළු මහත් ජාතියක නාමය.විශ්වාසය. මේ සිද්දිය ග්‍රීසියේ සිටින අපි තරයේම හෙලා දකිමු
මෙවන් මිනිසුන් නිසා අපේ රටේ නාමයට අවමානයක් නොවන්නේද ? යමක් කරන්නට පෙර සිතන්න (ස)
ග්‍රීසියේ ඉන්න ශ්‍රී ලාංකික අපිට තියෙන නම කැත කරා මේ අය............(ස)
අවනම්බුවක තරම...
ඔහොමම බැංකුවේ තිබුණොත් හොඳයි...
මේක අල්ලා දුන්නාට ස්තුතියි ! .(ස)
ගිය තැන වනසන ශ්‍රී ලාංකා...
ඔන්න වෑඩ............
රට පෙරට
මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ කොල්ලකෑමි මගින් සිදුවන්නේ ලංකාවට අපකීර්තියක් ගෙනදෙනවා පමණක් නොව ලංකාවේ සිට විදේශගතවන ලාංකිකයන්ගේ විශ්වාසනීයභාවය මෙන්ම ආත්ම ගරැත්වයටද කැළලක් ඇතිවීමයි.
දැන් අපිට ග්‍රීසියේ හොඳ නමක් තියෙනවා....
දැන් අපේ මිනිස්සුන්ගේ තිබුණ ගතිගුණ නැතිවෙලා.මොනවාහරි කරලා ගතිගුණ අතින් පෝෂණය කරගන්න බලන්න (ස)
ඉන්දියන් සාගරයේ මුතු ඇටෙන් දැන් බිහිවෙන්නේ ජාත්‍යන්තර හොරු වීම මොන තරම් කණගාටුදායකද....
මහ මොළකාරයො දෙන්නෙක් තව ග්‍රීසියේ ඉන්නවා