අධිකරණ නියෝග අනුව අධිකරණයේ පෙනී නොසිටි ‘සිංහල රාවයයේ‘ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
අධිකරණ නියෝග අනුව අධිකරණයේ පෙනී නොසිටි ‘සිංහල රාවයයේ‘ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බුදු දහම රැක ගන්න අවශ්‍ය එකම දෙය සිල්වත් භික්ෂුන් වහන්සේලා. ලෝකයේ ඉතාමත් වේගයෙන් පැතිරෙන ආගම බුදු දහම බව අන්තර්ජාලයට ගියාම දැනගන්න පුළුවන්. ඇත්තටම අද පන්සලකට යන්නවත් හිතෙන්නේ නැහැ. (නි)
රොකි ල වගේ කඩේ යන අය නම් දන්නේ නැ මේ හාමුදුරුවෝ කරන හා කරලා තියන වැඩ කොටස. කොටි විසින් වහන ලද හොරෝව්ව අපි අරිනවා කොටින්ට ගහලා උන් පරාද කරන්න පුළුවන් කියලා කොලඹ ඉදලා වන්නියට පාගමනින් අපේ රණවිරුවෝ සමග වැඩම කල රතන හාමුදුරුවෝ,අක්මීමන දයාරතන හාමුදුරුවෝ ජිවිත දානය දුන්න අපවත් වී වදාළ බෝවතේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කරන වැඩ කොටස් බලන්න යාපනයේ නාවක්කුලි කුරගල වගේ තැන්වල ජීවත් වෙන ජනතාවගෙන් අහන්න.(නදී)
සමන් අපේකම අපිම තමා රැකගන්න ඕනෑ. අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න කව්රුහරි ඉදිරිපත් වෙන්න ඕනෑ.ඒ අයගේ අඩුපාඩුකම් හොයන්න එපා.ඒ දේවල් හදන්න පුළුවන් නම් ඒකට උදව් කරන්න. (නි)
නිර්මල බුද්ධ ධර්මයට නොයෙකුත් කටකතා පැතිරෙව්වත් ,ප්‍රවෘති පලකලත් හානියක් නොවේ .බුද්ධ ධර්මය අවබෝධ කරගත් තැනැත්තා කිසිවිටක වෙනස් නොවේ කලකිරීමකටද පත් වන්නේ ද නැත (දී)
ආදී මානවයන්ගේ වාසස්ථානය තියාගෙන මොනවා කරන්නද? දැන් ඉන්න මිනිස්සුන්ට වාසස්ථාන නැතුව කුරගල වැනි පුජනීය ස්ථාන විනාශ වෙලාද තියෙන්නේ? කසුන්, මොනවද මේ කියන්නේ (නි)
බලන්ගොඩ සිංහයෝ, මොනවද අප්පේ තමුන්නාසේලාට වන හිරිහැර. එකක් දෙකක් කියන්නකෝ. සුරේෂ්, බුද්ධාගම වෙනුවෙන් කවුරුවත් පෙනී සිටින්නේ නැහැ. එහෙම පෙනී සිටිනවා නම් කවරදාකවත් මේ ජාතිවාදී කල්ලි ඇති වෙන්නේ නැහැ. (නි)
හාමුදුරුවරුන්ට නඩු දානවා ,කොටි නිදහස් වෙනවා... සිංහලයෝ සිංහලකම ගැන කතාකරන හිමිවරුන්ට දොස් පවරනවා. නමුත් සිංහලකමට,බෞද්ධ අයිතියට වින කරන අයට දඬුවම් කරන්න කිසිම නීතියක් හෝ කෙනෙක් නැහැ. (නි)
අද සිංහල රාවය සමග ගොඩක් දෙනෙකුට ලොකු අමාරුවක් තිබෙනවා. අද අපේ බුද්ධ දර්ශනය ආරක්ෂා කරන්න රාවය , සේනාව වැනි ඒවා බිහිවූ එක ලොකු දෙයක්. (නි)
හාමුදුරුවන්ට එරෙහිව නඩු දාපු අයව හොයලා ඒ අයට දඩුවම් දෙන්න ඕනෑ. මෙහි අදහස් දක්වන අය ඔක්කොම සර්ව ආගම්කාරයො වගෙයි පෙනෙන්නේ. බෞද්ධ අපිට වෙන හිරිහැර හොයන්න ඒ ගැන කථා කරන අයනම් අඩුයි. (නි)
මහත්වරුනි, මේකේ දාලා තියෙන අදහස් බොහොමයක් උඩ බලාගෙන කෙළ ගැසීම් කියලා හිතෙන්නේ නැද්ද? භික්ෂුන් වහන්සේලාගේ චර්යාත්මක අඩුපාඩුකම් තිබෙන බව ඇත්ත. නමුත් අපි මේ විදිහට ප්‍රසිද්ධියේ කරන කර්කශ දෝෂාරෝපණ ඊටත් වඩා නරකයි කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? කවුරුහරි කෙනෙක් මට පෙන්නලා දෙන්න කතෝලික හෝ ඉස්ලාම් භක්තිකයෙක් තමන්ගේ ආගමික සංස්ථාවන් විවේචනය කරපු තැනක්. ඒ ආයතනවලත් අඩුපාඩුකම් ඇති. නමුත් උඩ බලාගෙන කෙළ ගහන්නේ නැහැ. (නි)
අනේ මන්දා! හාමුදුවරුවන්ට පන්සලට වෙලා බණක් දේශනා කරගෙන හිටියා නම් ඉවරයිනේ. එයාලා දේශපාලකයෝ වෙන්න ගියාම ඕක තමා වෙන්නෙ (නි)
හොදයි මහා පරිමාණයෙන් ආගමික අන්තවාදය පතුරන අයට , බොදු දහමට අපහාස කර කතා කරන අයට විරුද්ධව මොනවද ගත්ත ක්‍රියාමාර්ග? ආදී මානවයන්ගේ වාසස්ථානයක් වූ කුරගල වැනි පුජනීය ස්ථාන විනාශ කරපු අයට විරුද්ධවත් ඔය විදියට නීතිමය ක්‍රියාමාර්ග ගන්න (නි)
සසර කලකිරිලා මහන වුණා නම් මොකටද දේශපාලනයට එන්නේ? ඊට වැඩිය හොද නැද්ද සිවුරට අගෞරව කරන්නේ නැතුව සිවුරු ඇරලා දේශපාලනය කළා නම්. (නි)
මේ ලිපියට උත්තර දක්වන සිංහල බෞද්ධ හැමෝම සිතට ගත යුතු එක දෙයක් කියන්න ඕනෑ. අපේ සිංහල බෞද්ධ ආගම වෙනුවෙන් පෙනී සිටින කව්රු වුණත් අපි ආරක්ෂා කරන්න ඕනෑ. ඒ අයගේ පෙර වැරදි පෞද්ගලික අරමුණු තියෙන්න පුළුවන්,ඒත් අපේ බෞද්ධ ආගම රකින්න ඒ අය යමක් කරනවා, ඒ නිසා අපි සහයෝගය දෙන්න ඕනෑ ඒ අයට. (නි)
එළිවෙන ජාමෙට හොඳ ,හොඳ සෙල්ලම් කිව වගේ තව ,තව දේවල් එලියට ඒවි. කෝ අර සංවිධාන? මේවා විදේශීය කුමන්ත්‍රණ කියන බොරු ශෝබන කාරයින් කෝ?(නදී)
අනේ පව් (නි)
අද පන්සල් තියෙන්නේ ගමේ පන්සල විතරයි.කොළඹ තිබෙන ගොඩක් පන්සල් ඔක්කොම තරු පහේ හෝටල් වගේ (නි)
රටට ආදරේ කරන හොඳ ස්වාමින් වහන්සේ නමක්. නමුත් දැන් දැන් ඉවසීම අඩුවෙලා වගේ (නි)
හදලා වැඩ අවසන් කළ පන්සල් එකක්වත් මේ රටේ නැහැ. හැමදාම සම්මාදම් එකතු කරනවා. හැම පන්සලක්ම වගේ අද ව්‍යාපාර මධ්‍යස්ථාන බවට පත්වෙලා. පන්සලෙන් ජනතාවට කෙරෙන මොනම සේවයක් වත් නැහැ. පාංශුකූලේට දානෙකට වුණත් මේ ගොල්ලන්ව ගෙන්න ගන්න වාහනයක් යවන්නේ නැතුව පුලුවන්ද?මම් බෞද්ධයෙක්. එහෙම වුනත් දැන් නම් මට හාමුදුරු සංහතියම තිත්ත වෙලයි තියෙන්නේ. අපායේ ගියොත් ඔහේ ගියාවේ. ඒක අද මේ රටට වැඩිය හොඳ ඇති කියලා හිතෙනවා. (නි)
නීතිය වල් වැදී ඇති අතර, අපේ ආගම විකුණා කන සමහර හාමුදුරුවරු නිසා නිර්මල බුදු දහම පිරිහී ඇත. මේ හාමුදුරුවන් ගැන මගේ පුද්ගලික විවේචනයක් නොමැත. (නි)
නිතිය අතට ගන්න හදන හාමුදුරුවරු සියල්ලටම දඩුවම් දියයුතුයි (නි)
මේ හාමදුරුවෝ ගැන මම මොකුත් දන්නේ නෑ. හැබැයි ගොඩක් සිවුරු ඇදගත් උදවිය කරන වැඩ නිසා කල් යනකොට හාමුදුරු ගොල්ලන්ට කව්රුත් ගරු කරයි ද කියලා මට සැකයි. මේවා බටහිර කුමන්ත්‍රණ. අන්‍යාගමිකයන් ගේ වැරදි හොයන්න කලින් අපේ වැරදි හදා ගත්තොත් නරකද ?(නදී)