IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දයාරත්නට අම්පාරේදී හූ කියයි

වසර 7 කට පසු එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දයාරත්න මහතාට අම්පාරේ එජාප රැලියකදී ඔහු කථා කරද්දී දෙවරක්ම හූ හඬ මතුවිය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ ඇරයුමින් ඔහු වේදිකාවට ආවේය. ඔහු වේදිකාවට ගොඩවෙද්දී පිරිසක් හූ කීහ.

එයින් නොසැලී දිගටම කථා කරගෙන ගිය දයාරත්න මහතා දිගාමඩුල්ලේ සංවර්ධනයට ඔහුගෙන් සිදුවූ සේවය විස්තර කළේය.

‘මෙතැන සිටින එවුන්ගෙන් දෙතුන් දෙනකු මා කළ වැඩ දන්නෙ නැතුව ඇති. ඒ අය විරුද්ධ වුණාට මං බය නෑ, මෝඩයන් වගේ කථා කරන්න එපා‘ යනුවෙන් ඔහු පවසද්දී යළිත් හූ හඬ ආවේය.

දයා ගමගේ මහතා ඒ අවස්ථාවේ නොසන්සුන්කාරී වූ පිරිස අමතමින් දයාරත්න මහතා අතින් යම්කිසි සිත් රිදීමේ වචනයක් කියවුණේ නම් තමා සමාව ඉල්ලා සිටින බවත් තමාගේ ඉල්ලීම වෙනුවෙන් දයාරත්න මහතා එහි පැමිණි බවත් කීවේය. අනතුරුව දයාරත්න මහතා යළි කථා කළේය.

පළාත් සභා මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු මහතා මුලින්ම කථා කරමින් තමන්ගේ හෘදය සාක්ෂිය අනුව ප්‍රකාශ කළ හැකි නම් පමණක් තම පිළිගැනීමේ කථාවට ඇතුළු කළ බව ඔහු කීවේය.

මේ සියල්ල සිදුවෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිත් නොකියා කිසිත් නොදන්නාක් මෙන් සිටියේය. වික්‍රමසිංහ මහතා සිය කථාවේදී සඳහන් කළේ ‘මට මන්ත්‍රීතුමාගේ නමත් කියන්න බයයි‘ යනුවෙනි.

දයාරත්න මහතා එජාපයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ රජයට එක්විය.

_DSC0274

_DSC0288 _DSC0289 _DSC0305 _DSC0314 _DSC0321 _DSC0332 _DSC0336 _DSC0341

 

 

 

 

 

හඬ පටය - නවරත්න සමරතුංග



අදහස් (0)

දයාරත්නට අම්පාරේදී හූ කියයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 233 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 541 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 399 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 311 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 211 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site