IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දියවන්නා තරණයට ආබාධිතයෝත් එති

ශ්‍රී ලංකාවේ සිටින රටේ විශාලතම සුළුතරය වන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා මෙවර ස්වාධීන කණ්ඩායම් දෙකක් ලෙස ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට තමන් තරග කරන බව ආචාර්ය අජිත් සී.එස්.පෙරේරා මහතා අද (6) කොළඹ ගලධාරී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පුද්ගලයකු සතු හැකියාව කෙටි කාලීනව ගිලිහී ගිය දින ඒ අය සමාජයෙන් කොන්වී අනුන් මත යැපීමට සිදුවන බව පැවසූ ඔහු ආත්ම ගරුත්වයෙන් යුතුව සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට මෙතෙක් අවස්ථාව නොලැබීම ගැන ප්‍රධාන දේශපාලන පක්ෂවලට වසර 20ක පමණ කාලයක සිට කීවද තම අයිතිවාසිකම් මෙතෙක් නොලැබීම මත දේශපාලනයට පිවිසීමට සිදුව ඇති බවද කීවේය.

හැකියාව සීමිත ජන කොටස සතු අයිතිවාසිකම්, සමාජයෙන් කොන්වීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගිය බවත් මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු 8ක් රජකම් කළත් ආබාධිත පුද්ගලයන්ගේ හඬට සවන් නොදුන් නිසා මහින්ද සමග නැගිටින්න තමන්ට නොහැකි බවත් ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාද අගමැතිවී මාස 6කට වඩා ගතවුණද ඔහුටද ආබාධිතයන්ගේ හඬ නොඇසුණු බවත් තමන්ගේම පාර්ලිමේන්තුවේ නියෝජිතයකු පත්කරගෙන අයිතීන් ලබාගැනීමට ‘අපි වෙනුවෙන් නගන අපේම හඬ‘ ලෙස සංවිධානගතවී මෙම වැඩපිළිවෙළ ඇරඹූ බවත් ආචාර්ය අජිත්.සී.එස්.පෙරේරා මහතා සඳහන් කළේය.

_DSC1605

 

වීඩියෝ - ඉෂාන් සංජීව

 

වීඩියෝ - අතුල දේවප්‍රිය



අදහස් (0)

දියවන්නා තරණයට ආබාධිතයෝත් එති

චන්න බුවනක Thursday, 06 August 2015 01:28 PM

ප්‍රේමදාස මහත්තය "මාවතේ අපි " කියල සංගීත ප්‍රසංගයක් කළා. එ්කෙන් ලොකු සහනයක් උනා අහිංසක කල කරුවන්ට. ප්‍රේමදාස මහත්තය නැති උනත් එක්කම එ්ක නැති උනා. මේ අය කරන වැඩේ හොඳයි. සාර්ථක වේවා කියල කියනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5260 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 153 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 277 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 361 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2954 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2867 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16527 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site