ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කීවේ පෙළපාළිවල ගමන් කළ යුතු ආකාරයයි.
තමා දෙවුන්දර සිට කොළඹට පෙළපාළි ගොස් ඇතත් ඩොල්කි ගසමින් නටමින් කිසිම අවස්ථාවක ඊට සහභාගී නොවූ බවයි.
එහෙත් මැයි පෙළපාළියක දී (2014) ඔහු බෙරයක් ගසමින් නටමින් ගමන් කරමින් සිටි ආකාරය මේ වීඩියෝවෙන් දැකගත හැකිය.
‘මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ මෙවැනි පාගමනක් තිබුණානම් මොකද වෙන්නේ? හලාවත ධීවර ජනතාව එළියට බැහැලා ඩීසල් සහනාධාරය ඉල්ලුවහම වෙඩි තිබ්බා. ඇන්තනි ප්‍රනාන්දු මැරුණා. තව පස් දෙනෙක් සදාකාලික ආබාධිතයන් බවට පත්වුණා.‘ යැයි වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර අද (31) එම මාධ්‍ය හමුවේදී පැවසීය.
‘කටුනායක ආයෝජන කලාපයේ තරුණ තරුණියෝ තමන්ගේ ඊපීඑෆ් - ඊටීඑෆ් ආරක්ෂා කරගන්න සටනක යෙදුණා. මහින්ද බාලසූරිය හිටපු පොලිස්පතිගේ ආශිර්වාදයෙන් රොෂේන් චානකලා වගේ කට්ටිය වෙඩි තියලා ඝාතනය කළා විතරක් නෙමෙයි ඔහුගේ මරණයේ අවසන් කටයුතු වෙන දවසේ මුළු වැලිවේරියේම ආයුධ සන්නද්ධ හමුදා බට යෙදෙව්වා. රතුපස්වල වතුර ඉල්ලුවාම වෙඩි තිබ්බා. මෙහෙම තමයි එදා පාලනය කළේ‘ යැයි ද ඔහු කීය.
ඡායාරූපය - ලහිරු හර්ෂණ
ඡායාරූප හා වීඩියෝ - අන්තර්ජාලයෙනි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරි හැරෙන හැරෙන පැත්තට බොරු කිව්වත් ඒවා අසුවන බව නොදන්නා හැඩයි (නි)
මතක නැද්ද එදා හිටපු ජී. එල්.පිරිස් මහත්තයට පින්සිද්ධ වෙන්න කුරුණෑගල දිනාගත්ත. අද ඉපදිලා වගේ කතාකරන්නේ. කලගුණ අමතක කරන්න එපා .(රේ)
මේ පාද යාත්‍රාවක් නෙමෙයි නේද? (නි)
මේ මිනිසුන් කටේ දිවේ නොගෑවෙන බොරු කියනවට අපේ ලංකාදීපෙට ස්තුතියි මේ වීඩියෝ පටි ආරක්ෂා කරලා තබාගත්තට. මෙයාලා කොයි ආණ්ඩුව පැරදුනත් හැමදාම රජවෙනවා මහජනතාවට බොරු කියමින්. (නි)
ලැජ්ජාවක් තිබෙයි නම් දයාසිරිලා වගේ වෙන කව්රුවත් නැහැ. එදා දාපු රිලා ඩාන්ස් අපිට නම් මතකයි. (නි)
කොහොමත් එයාගේ හැටි ගොඩක් දෙනෙක් දන්නවා (නි)
කියලා වැඩක් නැහැ නිම්මි. පළාත් සභාවට ආවේ ගෝනියක් නැතුව මහින්දගේ පිටේ. දැන් නන් දොඩවනවා. (නි)
කලාකාමියකුගේ තියන අව්‍යාජ බව මොහුගේ නැහැ. (නි)
මේ රටේ ඡන්දදායකයන් කියන්නේ පුදුමාකාර මෝඩ පිරිසක් (නි)
ඩොල්කි ගහ ගහ ගියේ නැහැ කියන්නේ මේක දවුලක් නිසා වෙන්න ඇති සමහරවිට (නි)
අපේ පළාතටත් නින්දා කරනවා. කොහේ ඉඳලද ආවේ? ඉන්නේ කොහෙද? නැගිටින්න අතදුන්නේ කවුද? මේ කිසිදෙයක් මතක නැහැ. මොනවා වුණත් ඔය එක් කෙනෙක්වත් ළඟටවත් ගන්න එපා (නි)
එතකොට අර හම්බන්තොට වරායේ ගලට මොකද වෙලා තිබෙන්නේ? (නි)
ලංකාදීපයට ස්තුතියි යථාර්ථය පෙන්වා දුන්නාට. කොණ්ඩේ බැඳපු චීනාවත් විශ්වාස කරයිද මෙයාලා කියන බොරු? (නි)
මට අදහස ලියන්න බැරුව මොහොතක් ගොලුවුණා. මේ මොන වගේ මනුස්සයෙක්ද කියලා හිතුනා (නි)
මේ වගේ අයට මොනවගේ නමක් ගැළපෙයිද මන්දා? (නි)
මේ වගේ අය මුළු දේශපාලනයෙන්ම අතුගාලා දාන්න ඕනේ (බ)
වැරදිලා වගෙයි . මේ ගහන්නේ මාමාගෙන් ඉගෙනගත් බෙර පදයක්. (අ)
මහින්දගේ නම විකුණගෙන ඇවිත් ඒ මනුස්සයටම බනිනවා. අපි බලමුකෝ අනිත් සැරේ කාව විකුනගෙනද එන්නේ කියල. මුන්ට ගහල එලවන්නේ. (අ)
දයාසිරි කොහොමත් ප්‍රසිද්දියට අදික ආසාවක් තියෙන මිනිහෙක්,(අ)
තමන් කරපු කියපු දේවල් අමතක වීම යනු ඉතා බරපතල රෝගී තත්ත්වයකි. නමුත් රජයේ ඇමති වරයෙක් ලෙස රටට වග කියන තත්වයක් යටතේ එසේ අමතක වන්නේ නම් වහා එම රෝගයට ප්‍රතිකාර කල යුතු වේ. එය ජනතාව විසින් නුදුරු අනාගතයේදීම භාර ගනු ඇත. (ර)
කිසියම් විධිහකින් මහින්ද නැවත බලයට පැමිණියහොත් අද ආණ්ඩුවේ ඉන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන්ම ඔහු සමඟ එකතුවන බවනම් අනිවාර්යයයි. මොකද එහෙම වුනොත් මහින්දට එරෙහි වන එක ශරීර සනීපයට එතරම් සුබදායක නොවන නිසා....(බ)
ලොකු එකාගේ පටන් පොඩි එකා දක්වා ගල් පැලෙන බොරු කියනවා. ඒ දැන් කාලයේ වීඩියෝ තාක්ෂණය නොදන්නවා නිසාද??? වීඩියෝ වල පැහැදිලිව පෙනුනත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒ මෝඩකම මිසක් වෙන කිසිවක් නොවේ !!! (බ)
මහත්තයෝ එතකොට ඔයා රනිල් මහත්තය ඔයාට ඉන්නා දෙන්නේ නැහැ කියල මහින්ද මහත්තය පැත්තට පැනල මහා ඇමති කම් දරනකොට ඔය කියපුව මතක් වුනෙම නැත්ද .කන්න හිතෙනකොට කළු කබරයත් තලගොයා වෙනවනේ . නිකන් තියෙන දිවනේ . නවන්න නවන්න (බ)
වාසි පැත්තට හෝයියා. (ර)
දේශපාලනයට බොරුව කියන දේ නැතුවම බැරි දෙයක්. (ර)
මේවට කලබල වෙන්න ඕන නෑ. දේශපාලකයෝ ඔහොම තමයි. (ර)
දෙෂප්ලකයෝ ඉතින් කරන්නේ දිව හැරෙන හැරෙන පැත්තට බොරු කීම විතරයි. (ර)
මෙයාලා තමයි කබරගොයා තලගොයා කරන්නෙත් තලගොයා කබරගොයා කරන්නෙත්. (ර)
දයාසිරි උන්නැහේට දැන් ඔක්කොම පැටලිලානේ තියෙන්නේ . එජාපෙ ඉඳල මහින්ද උන්නැහේගේ ඔඩොක්කුවට පැනල හිටපු දයාසිරි දැන් ඉන්නේ සිරිසේන උන්නැහේගේ ඔඩොක්කුවේ . ඉතින් එක එක කාලවලදී ඒ ඒ තැන්වල ඉඳිද්දී කරපු කියපු දේවල් ඔක්කොම ටැපලිලා (බ)
දයාසිරි කවදද ඇත්ත කිව්වේ? (බ)